සුරැක ගත යුතු සියපත් හෝරාව

සැප්තැම්බර් 22, 2023

සියපත් හෝරාව යනු සුබ මුහුර්ථයකි. ඕනෑම සුබ කටයුත්තක් සඳහා යොදා ගැනීමට හැකි ප්‍රභල නැකැතක් ලෙස මෙය සඳහන් කළ හැකිය. “මය” සෘෂිතුමන් විසින් සූර්ය සිද්ධාන්ත මඟින් ලොවට හඳුන්වා දුන්නකැයි සැලකේ. පැරැණි පත පොතක මේ පිළිබඳව සඳහන් වීමක් සොයාගැනීම අපහසුය. නමුත් පැරැණි ශාස්ත්‍රඥයින් ගුරු මුෂ්ටි ලෙස, ඡ්‍යොතිෂය රහස් ලෙස මෙම සියපත් හෝරාව නම් වූ සිද්ධාන්තය පවත්වාගෙන පැමිණ ඇති බව පෙනේ. මෑත කාලීන සමහර ඡ්‍යොතිෂ්‍ය ගුරු භවතුන් විසින් මෙම මුහුර්ථයන් ගණනය කිරිම ශිෂ්‍යන් හට ලබාදීම නිසා එමඟින් එය පත පොතේ සඳහන්ව ඇත. මා හට සොයාගැනීමට නොහැකි වුවද පැරැණි පොතක සඳහන් වී තිබෙන්නටත් හැකිය.

කෙසේ නමුත් වැදගත් වන්නේ මෙම වටිනා ඡ්‍යොතිෂය රහස් විනාශ වී යන්නට නොදී පවත්වාගෙන යාමට හා නොදන්නා අයට ලබාදීමට කටයුතු කිරීමයි.පහත දැක්වෙන වගු භාවිතා කර සිව්මල, පස්මල, සියපත මුහුර්ථ ගණනය කරන ආකාරය සොයා ගනිමු.

“මය” සෘෂීන් සූර්‍ය සිද්ධාන්තයේ විශ්වයේ පිහිටීම දක්වන ආකාරය අනුව සියපත් හෝරාව ගොඩනැගී ඇත.

සුබ කටයුත්තක් ඉටු කර ගැනීමට, සාර්ථක කර ගැනීමට මෙය ඉතා අගනා වූ මුහුර්තයකි. මෙතෙක් මෙය නැසෙන්නට නොදී පවත්වාගෙන ආ ආදි ශාස්ත්‍රඥයින්ට ප්‍රණාමය පුද කළ යුතුය. මෑත කාලීනව පත පොතක මෙය සටහන් තැබීම නිසා අද අපි භාවිත කරමු. අංක 1 රූප සටහන අනුව 4 වන තැනට පත් වන ග්‍රහයා දිනඅධිපති වේ. මෙහි දින සම්බන්ධ මතවාද ඇත. එය දුරු කිරීමට ශ්ලෝක ඇත. හෝරාව ගැනීමේදී රවි සිකුරු බුධ චන්ද්‍ර ශනි ගුරු කුජ ආදී වශයෙන් හෝරා දෙකහමාරක් එක් හෝරාවක් ලෙස ගෙන ගැන ගෙන සකසා ගත යුතු බව දක්වා ඇත. රවි, කිවි, බුධ, සඳු, ශනි, ගුරු, කුජ යන පිළිවෙළින් පවතින ආකාර‍ය සලකා හෝරාව සකස් කරගත යුතු වේ. සියපත් හෝරාව අංක 3 රූප සටහන අවබෝධයට ගන්න. පංචම කාල හෝරාව සකස් කර ගැනීමේදී විශ්වයේ පිහිටි සටහන අංක 3 රවි ගෙන් පටන් ගෙන හතර වන ස්ථානයේ පිහිටි ග්‍රහයාගේ පිළිවෙළට රවි සඳු, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි යන හෝරා පංචම කාලය සකස් කර ගතයුතු වේ. එය මහා පස්මල් හෝරාව නම්වේ. පස්මල් හෝරාවේදී රවි ගෙන් පටන් ගෙන තුන්වන තැනට හිමි ග්‍රහයාගේ නාමය අනුව පස් මල් හෝරාව සකස් කරගත යුතුය. රවි බුධ ශනි කුජ ශුක්‍ර චන්ද්‍ර ගුරු යන පිළිවළින් පස්මල් හෝරාවේ මහ පස්මල් හෙවත් පංචම කාලයත් පහකට බෙදා දක්වා ඇත. මෙහි එක් කොටසක් සම්මත විනාඩි 2 යි තත්පර 24 ලෙස ගත යුතුයි. දෙවන සටහන අනුව දෙවැනි කොටසින් මෙය අවබෝධ කර ගන්න. අනතුරුව පස්මල් හෝරාවක කාලය කොටස් 4කට බෙදා සිව් මල් හෝරාවක කාලය සම්මත තත්පර 36 ලෙස ගන්න. රවිගෙන් පටන්ගෙන පස්වන තැන හිමිවන ආකාරයෙන් රවි ශනි ශුක්‍ර ගුරු බුධ කුජ ග්‍රහයන්ට වෙන්කර ඇත. සිව්මල ලිවීමේදී ග්‍රහයින් 4 දෙනෙක් පමණක් අධිපති බව ලබයි. පළමුවන සටහන තුන්වැනි කොටස දෙස බලා එය තේරුම් ගැනීමට හැකිය. රවි හෝරාව මහා පස්මලට කොටස් පහකි. එම විනාඩි 12ක කාලය නැවත පහට බෙදා විනාඩි දෙකයි තත්පර 24 ලෙස ගනී. 5ය5=25

මෙය සිව් මල් හෝරාවෙන් ගුණ කරන විට 25ය4=100.

සියයකි. ඒනිසා සියපත් හෝරාව නම් වේ. පෙති සීයේ මල සියපත ලෙස කියයි.

සූර්ය උදාව අනුව සකසා ගන්නා මෙය 24 පැය ලෙස ගෙන සකසා ගැනීමට. පැරන්නන් වෙනත් කාල මානයන් භාවිතා කර ඇති බව සඳහන්‍ ය.

ඡ්‍යොතිෂවේදී පී.ඩී.දිශාන්ත අජිත් ලත්පඳුර,අගලවත්ත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.