වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
විශ්වාසයෙන් සිටින්න හාස්කම් සිදුවිය හැකිය
අපි හැමෝටම කුමක් හෝ ප්‍රශ්නයකි. එසේ ප්‍රශ්න හෝ ගැටලුවක් නැති මිනිසකු සත්ත්වයකු මේ මිහිපිට සිටීදැයි නොදනිමි. දන්නා සත්‍ය ඇසුරින් නොදන්නා සත්‍ය විමසිය යුතුය. එහෙත් එය නුවණින් විමසිය යුතුය. මේ ලිපිය ලියන්නේ “සමාජ මාධ්‍ය ජාලයෙහි එක් අයෙකු විසින් යොමුකර තිබූ පැණයක් අනුවය. “අවුරුදු 20 ක් කිසිම දෙයක් සාර්ථක නොවීමට හේතුවක් තිබේද ඒ ඔහුගේ පැනයයි. මේ ප්‍රශ්නය සඳහා විවිධ පුද්ගලයන් විවිධ පිළිතුරු ලබා දී තිබුණි. එහෙත් ඔහුගේ ගැටලුවට ප්‍රමාණවත් පිළිතුරක් ලැබුණාද නැද්ද යන්න නොදනිමි.
බොහෝ අය ප්‍රශ්නය සහ ගැටලුව අතර වෙනස හඳුනන්නේද නැත. ප්‍රශ්නය විසැඳීමට පහසුය. අමාරුම ප්‍රශ්නයක් වුවත් එයට පිළිතුරක් තිබේ. ගැටලුව සංකීර්ණය. විඳීම සඳහා විමර්ශනශීලී බුද්ධියක්, විශ්ලේෂණාත්මක ඥානයක් තිබිය යුතුය. ලංකාවේ අග නුවර කුමක්ද? හෙට මගේ දවස කෙසේ වේවිද, මගේ විවාහය යෝජනාවකින් සිදුවේද මේවා ප්‍රශ්නය. මගේ දරුවා නිතරම මා සමඟ ගැටුම් ඇති කරගනී. මා ඉන් මිදෙන්නේ කෙසේද? මෙය ගැටලුවකි. ගැටලුවක් තුළ ප්‍රශ්නද ගණනාවක් තිබිය හැකිය. ගැටලුවක් විසඳාලීමේදී හෝ ඊට උපදෙස් දීමේ දී ‘ගැටලු’ පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් තිබිය යුතුයැයි හැඟේ.
ඉහත මුලින්ම යොමුකළ ප්‍රශ්නය නිදසුනකට ගනිමු. එය සැබැවින්ම විමසන්නේ නම් ඔහුගේ පෞද්ගලික තොරතුරු බොහොමයක් පාදක කරගත යුතු වේ. දත යුතු වේ. ඔහුගේ අධ්‍යාපනය වෘත්තීය සුදුසුකම, සෞඛ්‍ය තත්ත්වය, විවාහක අවිවාහක බව, දැන් වයස, පාරිසරික මට්ටම, කුසලතා ආදී බොහොමයක් දැන ගත යුතුය. මේ සඳහා නූතන මනෝවිද්‍යාව අනුව “මකුළු සටහන” ඉඑර්‍ණඊ රූපය භාවිත කෙරේ. තවත් ශිල්ප ක්‍රම බොහෝ වේ. ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥයෙක් වෙත ඒ ප්‍රශ්නය යොමු කළේ නම් ඉනඪඤඥප හෝ ඉඑර්‍ණඊ ශිල්ප ක්‍රම තුළින් ගොඩනඟනා දත්ත ඡ්‍යොතිර්වේදියා ස්වකීය දැනුමෙන් යම් ප්‍රමාණයකට මැන බලනු ඇත.
කෙසේ වෙතත් මේ පිළිතුර ලියැවෙනුයේ පොදුවේය. ගැටලුවට මුහුණ දෙන කෙනා පිළිබඳව පූර්ව දත්තයන් රහිතවය. ඒ අනුව කිසියම් ප්‍රශ්නයක්, ගැටලුවක් මතුවීමට හේතුව සෘජුවම ප්‍රකාශ කළ නොහැකි නමුත් ඒවා විසඳා ගැනීමේදී අවධානය යොමු කළ යුතු පැතිකඩ මෙන්ම “සිදුකළේ නම් හොඳය” කියා මා විසින් යෝජනා කරන අදහස් උදහස්වලින් මේ ලිපියේ ඉතිරිය පෝෂණය වනු ඇත.
බෞද්ධ දර්ශනයට සිත යොමු කළහොත් “මනෝ පුබ්බංගමා ධම්මා මනො සෙට්ඨා මනොමයා.....” ආදී වශයෙන් ධම්ම පදයෙහි එන ඉගැන්වීම අනුව සියල්ල මනස අනුවම සිදුවන බව පෙනේ. ඒ අනුව අසාර්ථකත්වයද මනස අනුවම සිදුවිය යුතුය. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” මේ ඉගැන්වීමද අපගේ සිහියට නැඟිය යුතුය. දියුණුව, සාර්ථකත්වය සඳහා වැර දරන විටත් එය අසාර්ථකවීමට ඇති හේතු ගණනාවෙන් ප්‍රධානතම හේතුව “කර්මය” ම වේ. කර්මය ප්‍රධාන වශයෙන් “ජනක කර්ම” සහ “ප්‍රවෘත්ති කර්ම” වශයෙන් ප්‍රභේද දෙකකි. මේ භවයෙහි, ආත්මයෙහි ඉපදීමට හේතුවූ පූර්ව සාධකය, කර්මය ජනක නම් වේ. පෙර අනන්ත සසරේ සිදු කරන ලද කුසල - අකුසල විපාක ධර්ම ප්‍රවෘත්ති විපාක වශයෙන් ලැබෙනු ඇත. ජනක කර්ම හේතු කොටගෙන කන බිහිරිව උපන්නේ නම් ප්‍රවෘත්ති විපාක වශයෙන් මියුරු ගීතාස්වාද කොතෙක් ලැබුණත් පලක් නැත. කර්මය හරි අපූරුය.
වරෙක පුද්ගලයකු දෙවියන්ගෙන් ධනය අයැදීය. මැණිකක් හෝ අයැදීය. දිගින් දිගටම දෙවියන් අයැදීය. එහි ප්‍රතිඵලයක් නොවන්නේ යැයි හැඟුණු ඔහු ඇස්වසාගෙන අන්ධයකු මෙන් යමින් සිඟමන් යදින්නට තීරණය කළේ ය. දෙවියන් ඔහුට මැණිකක් ද පා ඉදිරියේ තැබූ නමුත් ඔහු ඇස්වසා යන බැවින් එය නොදිටීය. ඔහුට මැණික ලැබීමට සැලසුම්ව තිබූ දවස එයවිය. එදාම ඔහු ඔහුගේ යැදීම නවතාලීම පුදුම සහගතය.
කෙසේ වෙතත් සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට හේතුව ‘කර්මයමය යැයි පැවසීමට අපට හැකියාව නැත. එහෙත් බොහෝ විට ඊට හේතුව ‘කර්මය’ මැදැයි විමසා බැලීමට තරම් ගැටලුවට මුහුණ දෙන්නා හෝ ඊට හේතු විමසන්නා බුද්ධිමත් විය යුතුය.
කර්මය පිළිබඳව, පුද්ගලයා, ආත්මය පිළිබඳ ඉගැන්වෙන ආගම් හෝ ඉගැන්වීම් අති විශාල වූයේ නමුදු ඒ සියල්ල ෂඩ් දර්ශන ඇසුරෙහි උපදින බැවින් ප්‍රධාන ඉගැන්වීම් හයක් මුල්කොටගෙන පුද්ගලයා, සත්වයා පිළිබඳ විමසා බලා තිබේ. ප්‍රාරම්භය, ආගාමීය, සංචිතය යනාදී වශයෙන් කර්මය විභජනය කරමින් ඒවා එහි ඉගැන්වේ. මේ සියල්ල සලකා බැලීමෙන් පුද්ගලයාගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කර්මය නිසාම සිදුවිය හැකිය යන උපකල්පනය සිදු කළ හැකිය.
කර්මය නම් වෙනස් කළ නොහැකි, එකකි. යන අන්තවාදී සිතිවිල්ල බුදු දහමින්ද බැහැර කරනු ලැබේ. වේදාන්ත දර්ශන අනුවද බැහැර කෙරේ. බොහෝ දෙනෙකු “ශිවාගම” අදහනු ලබයි. ප්‍රධාන ශිවාගම් 28ක් පිළිබඳව මූලාශ්‍රවල සටහන් වේ. මේ සියල්ල අනුවද කර්මය වෙනස් කළ නොහැකි යැයි නොපිළිගැනේ. අප මෙහිදී හේතු විමසා බැලීම සිදුකරනු ලබන බැවින් වෙනස් කිරීම ගැන සාකච්ඡා නොකෙරෙනු ඇත.
බුදු දහම අනුව කර්මය වෙනස් කිරීම මුළාවකි. එසේ පවසන අය මා දැක ඇත. සූත්‍ර ධර්ම අනුව ධනාංජනී සිටු පුත්‍රයාගේ අවසානය, මරණ මංචකයේදී ඔහුව මෛත්‍රී ධ්‍යානයෙහි පිහිටුවා සිදු කළේ කර්මය වෙනස් කිරීමක් නොවේදැයි සිතා බැලිය යුතුය. එසේම දිගායු කුªමරාගේ කතාවෙහි බුදුන් වහන්සේ ද ඔහුට ආශිර්වාද නොකළේ ඔහුගේ ආයුෂ ඉදිරියට නොපවත්වන බව දැනගෙනය. එහෙත් එය වැළකිය හැකි එකක් බව දැන ඒ සඳහා අවශ්‍ය උපදෙස් ද ලබා දුන් බව අමතක නොකළ යුතු ය. මෙහිදී විසඳුම් විමසීම පිළිබඳව යථාර්ථයද අවබෝධ කරගැනීමට පාඨකයා සමත්වනු ඇතැයි සිතමි. මහා ධන සිටු පුත්‍රයා ජීවිතයේ මුල, මැද, අග ලෞකික දියුණුවට සිත යොමු කළේ නම් ඔහු සතු ධනය වර්ධනය කරගත හැකි ආකාරයද ඔහු ලෝකෝත්තර මඟට සිත යොමු කළේ නම් ඔහුට සසරින් මිදීමේ හැකියාවද තිබූ බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් වදාරා ඇත. ඉතින් චේතනාව, මනස, කර්මය ආදී සියල්ල මේ උදාහරණ ඇසුරින් අවබෝධ කටයුතුය. මේ කර්මය ඡ්‍යොතිෂය අනුව හඳුනාගත හැකි බවත් ඒ සඳහා තවත් විෂය ක්ෂේත්‍ර පවතින බවත් දැනට ගැටලු ඇත්තන් සිහි තබා ගැනීම මැනවි.
යම් හෙයකින් අදාළ ගැටලුවට සෘජු හේතු සාධකය කර්මය නොවේ නම් එයට හේතුව ඕචතචජ ර්චඨඪජ විය හැකිය. වහරේදී අණවින, කොඩිවින යනුවෙන් හඳුන්වනුයේ එයයි. එහි ශාස්ත්‍රීය වදන “කලු අභිචාර” ය. එය දීර්ඝ මාතෘකාවකි. සාර්ථකත්වය කරා යන පුද්ගලයකු දකින ඊර්ෂ්‍යා ආදී දුර්ගුණවලින් යුතු පුද්ගලයෙකු ඔහුගේ දුර්ගුණයම මුල් කරගෙන අනෙකාගේ අසාර්ථකත්වය වෙනුවෙන් නොපෙනෙන ලෝකයේ පිහිට පතනු ඇත. ලොව සැම තැනම හොඳ නරක බලවේග ඇත. ඒවායෙහි ක්‍රියාකාරීත්වයක්ද ඇත. ඒ පිළිබඳ ඉගැන්වීම්ද ඇත. දෙවියන් සහ යක්ෂයා පිළිබඳ සංකල්පය ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම සාකච්ඡාවට බඳුන් වේ. ඉදින් යක්ෂයාගේ බලපෑමක් නිසා අසාර්ථකත්වයට මඟ විවර වීදැයි සිහි බුද්ධියෙන් විමසා බැලිය යුතු ය.
දැන් අපි ප්‍රධාන සාධක දෙකක් පිළිබඳව අවධානය යොමු කර ඇත්තෙමු. තවත් කරුණු කිහිපයකටම අවධානය යොමුකළ යුතුව ඇත. දැනට ඔබට විසඳුමක් වශයෙන් මෙසේ පවසමි. “විශ්වාසයෙන් සිටින්න හාස්කම් සිදුවිය හැකිය” අවම වශයෙන් ඒ සිතිවිල්ල හෝ ඔබව ඉදිරියට ගෙන යනු ඇත.
මනෝවිද්‍යා උපදේශක,
පාරම්පරික ශාස්ත්‍රඥ
හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු