දන්න නොදන්න සිවු සැට කලා

සැප්තැම්බර් 8, 2023
 
1. අක්ෂරය 
 
කිසියම් අයකුගේ අදහසක් පළකිරීමට උපකාරවන සංකේත සලකුණ සමූහය අක්ෂරය නමින් විග්‍රහ කෙරෙයි. කිසියම් කෙනකු කොතෙක් ලීවත් ක්ෂය නොවන යන අරුත ඇති නිසා එය අකුරු ලෙස හඳුන්වයි. ඉන්දු ආර්ය පවුලේ භාෂාවන්වල හෝඩිය බොහෝදුරට නෑකම් කියයි. අකුරුවල රූපය වෙනස් වුව ද මූලය එකම සලකුණු සමූහයක්මය. ලාංකීය ශිලා ලේඛන අක්ෂර බ්‍රාහ්මී අක්ෂරයන්ය. එහි භාෂාව සිංහලය. 
 
2. ලිඛිතය 
 
එනම් ලිවීමයි. කිසියම් අක්ෂර මාලාවක් ප්‍රයෝජනය ගන්නේ ලිවීම මඟිනි. ලිවීම අක්ෂර විද්‍යාවයි. අක්ෂර නැතිව ලිවීමක් ද නැත. අදහස් ලියා තැබීම, මෙහිලා ශිලා ලේඛන (සෙල්ලිපි) සන්නස්, ඇතැම් බුදුරූවල කළ ලේඛන, මැටිබඳුන්, ගඩොල් සීට්ටු, (ගම්වර දීම්) මැටි තහඩු, තුඩපත්( රාජකීය ත්‍යාග) තල්පත් විත්ති, වට්ටෝරු (පොදු ලියකියවිලි) යනාදී විවිධ ලේඛනගත කිරීම් / පැවරීම් ලිඛිතයෙන් අදහස් කෙරෙයි. 
 
3. ගණිතය
 
ගණිතය විද්‍යාවක් ලෙස ද, කලාවක් සහ ශාස්ත්‍රයක් ලෙස ද සැලකිය හැකි විෂයකි. ගණිතය කලා අංශයෙන් “බුද්ධි විෂය කලා’ සංඛ්‍යාවට වැටෙයි. ගණිතඥයා ගණිතයේ ප්‍රත්‍යක්ෂය ලබා ගන්නේ ගණිත සූත්‍ර සහ අංකයන් භාවිතයෙනි. කවියක් හෝ කිසියම් පද සහිත ඡේදයක් දී විචාරයක් ලියන ලෙස දස දෙනකුට කිවහොත් එම දස දෙනාගේ පිළිතුර දසාකාරය. එසේ වුව ද ගණනක් දස දෙනකුට හදන්නට දුනහොත් කුමන සූත්‍රයක් උපයෝගී කොට හැදුවත් නිවැරැදි පිළිතුර එකක්මය. 
 
4. ගාන්ධර්ව 
 
ගාන්ධර්වය යනු සංගීතයයි. මෙහිදී වැයීම, කන පිනවීම, පරමාර්ථ කොටගත් කලාවක්මය. රාජ සභාවේ සංගීතය දෙව් මැදුරුවල දේවදාසියන් සංගීතයට අනුව රැඟුම් ද රාජසභාවේ” විරිදු කීම” කවි කීමද පැවතිනි. ඒ සඳහා වන්දිභට්ට යෝ ගම්වර පවා ලැබූහ. (හිමිදිරියේම රාජ සබයට පැමිණ රජුට ස්තුති ගීතිකා ගැයීම, හා වැයීම සිදු කළේ වන්දි භට්ටයෝය. 
 
5. තර්කය 
 
ඇතැම් විටෙක තර්කය තුළින් බුද්ධිමතුන් පවා මුළා කළ හැකිය. එයද එක්තරා ශාස්ත්‍රයක්මය. (ඒපබ ධට අඥචඵධදඪදඨ) තර්කය ප්‍රත්‍යක්ෂයෙන් ඒකාන්ත කළ දේ පවා තර්කය තුළින් එය අනේකාන්ත කළ හැකිය. තර්කය විටෙක බොරුවක් ද, ප්‍රලාපයක් ද වෙයි. ඉන්දියයන්ගේ තර්ක ශාස්ත්‍රය පෙරදිග අනුව දියුණු විය. ගී‍්‍රකයන්ගේ තර්ක ශාස්ත්‍රය බටහිරට ගැතිකම් කරයි. 
 
6. ව්‍යාකරණය 
 
භාෂාවක් නිවැරැදිව ලියන්ට කියවන්ට උගන්වන ශාස්ත්‍රය ව්‍යාකරණයයි. නැතහොත් යමක් කරණ කොට ගෙන ශබ්ද අර්ථවත් පරිද්දෙන් ප්‍රකාශ කරනු ලැබේ ද නිපදවනු ලැබේ ද, එළඹවනු ලැබේ ද ඒ වනාහි ව්‍යාකරණයමය. එමෙන්ම ව්‍යාකරණ පිළිබඳ දැනීමෙන් තොරව කෙටි උපායකින් ශබ්ද සම්බන්ධ අර්ථ අවබෝධය කළ නොහැකිය. යම් භාෂාවක් ඉගෙන ගන්නා විට ඒ භාෂාව පිළිබඳ ඇති නීති රීති මාලාවක්ද ඇත. එයින් භාෂාව ලියන කියන හැටි මනාව උගන්වයි. ව්‍යාකරණය නොදන්නා වදනක් පාසා බස මරා දමයි. ව්‍යාකරණය හොඳින් දත් තැනැත්තාට එයින් ලැබෙනුයේ මහත් ආස්වාදයක්මය. 
 
07. ඡන්දස් 
 
කන පිනවීමට කවිය උපයෝගී කරගත් ආදි මිනිසා කවියේ රස උත්පාදනය සඳහා උපක්‍රම කීපයක්ද උපයෝගී කර ගත්තේය. ඡන්දස්, අලංකාර , ප්‍රාණ, රස ඉන් සමහරකි. සංස්කෘත ඡන්දස් ශාස්ත්‍රයේ පරිදි 1. වෛදික ඡන්දස්, 2. ලෞකික ඡන්දස් ලෙස දක්වා ඇත. වෛදික ඡන්දස 1. ගයත්‍රී 2. උෂ්ණික් 3. අනුෂ්ට්‍රප් 4.වෘහති 5. පංක්ති 6. ජගනී 7. ත්‍රිෂ්ට්‍රප් යන හත් වැදෑරුම්ය. ලෞකික ඡන්දස 1. ගණඡන්දස 2. මාත්‍රාඡන්දස 3. අක්ෂර ඡන්දස වශයෙන් තෙවැදෑරුම්ය. බුදුන් වහන්සේ ගාථාවක නිධානය ඡන්දස යයි වදාළ බව සංයුක්ත නිකායෙහි දැක්වෙයි. බ්‍රාහ්මණ ග්‍රන්ථයන්හි දැක්වෙන පරිදි “යමෙක් ආත්මය පිරිසුදු කරමින් දෙවියන්ට පවා බිය උපදවනුයේ යමකින්ද ඒ ඡන්දස නම් වන බවයි. 
 
08. නිඝණ්ඩු
 
පරියාය වචන මාලාවක් දැක්වෙන ග්‍රන්ථයෝ නිඝණ්ඩු නම් වෙති. එක් එක් දෑ වර්ග වශයෙන් බෙදීම 
නිඝණ්ඩුවල විශේෂ ලක්ෂණයකි. නිදසුන් “අභිධානජ්‍ය දීපිකාව“ පාලි නිඝණ්ඩුවකි. “හෙළ දිව් අබිදානවත” පැරණි සිංහලයේ අති උසස්ම නිඝණ්ඩුය. 
 
09. අලංකාර 
 
කාව්‍ය ශරීරය රූමත් ලියකට උපමා කළ හොත් ඇය සරසන ආභරණයක් අලංකාර යයි කිව හැකිය. අලංකාරය කනකර ආභරණ වැනිය. ශබ්ද අර්ථ යන දෙකේ පැවැත්ම සඳහා මෙම අලංකාර ඉවහල් වෙයි. සංස්කෘත ඇදුරන් අලංකාර සංඛ්‍යාව 100 දක්වාම වැඩිකර ගත්හ. අලංකාරය වුවද භාවිත කළ යුත්තේ උචිත ස්ථානයේ පමණකි. අනුචිත ස්ථානයේ කරනු ලබන අලංකාරය සිනහ උපදවයි. සුබෝධාලංකාර සියබස්ලකර, කාව්‍යාලංකාර පෙරදිග බිහිවූ උසස් අලංකාර ග්‍රන්ථයක්ගෙන් කිහිපයකි. 
 
10. ශාලිහොත්‍ර 
 
වෛද්‍ය ශාස්ත්‍රය අශ්වයනට කරන වෙදකම් උගන්වන ග්‍රන්ථය ලියන ලද්දේ ශාලිහොත්‍ර නමැත්තෙකි. එසේ හෙයින් එම ශාස්ත්‍රයද ශාලිහොත්‍ර නම් විය. එමෙන්ම අශ්වයන්ගේ ශුභා ශුභ උගන්වන ශාස්ත්‍රය “අශ්ව වෙදකම” නැතහොත් ශාලි හොත්‍ර නම් විය. 
 
11. මන්ත්‍රය 
 
ශබ්ද විද්‍යාවේ හාස්කම් පෑමට ඉදිරිපත් කළ හැක්කේ මන්ත්‍රය යයි හැඳින්වේ. යක්ෂ, පේ‍්‍රත, කුම්භාණ්ඩ භය ආදියට මන්ත්‍ර උපයෝගී කරගැනීමෙන් සෙතක් ශාන්තියක් සිදුවේ යයි ආදිකාලීන මිනිසාද විශ්වාස කළ බව පෙනෙයි. තවද හදි හූනියම් සඳහාද මන්ත්‍ර ඉවහල් කරගනී. ලංකා ඉතිහාසයේ විජය රජතුමාට වැලඳුන “දිවිදෝෂ” දුරුලීම සඳහා මන්ත්‍රකිරීමට මලය රජුන් පැමිණි බව සටහන් වෙයි. එහි ශේෂයකි, කොහොඹා කංකාරිය, ලංකාවේ ආදීම රජු වන රාවණා ද දක්ෂ මන්ත්‍රකරුවෙකි. ආරක්ෂාව සහ ශාන්තිය උදෙසා මන්ත්‍ර ලියා යන්ත්‍ර ලෙසට බෙල්ලේ, අතේ හෝ ඉනේ බැදීම /පැලඳීම නූතනයේද දක්නට ලැබෙයි. 
“ඕං ගී‍්‍රන් දෙවාන් ශ්‍රීං බුද්ධරාජ ඒස්වාහඞ” යනුවෙන් ළදරුවන් හීනෙන් බිය වූ විට මතුරති. සමහර මන්ත්‍රවලින් වටිනා ඉතිහාස ප්‍රවෘත්ති රාශියක්ද මතුවෙයි. ඒවායේ ගැබ්වී ඇති ඓතිහාසික වටිනාකම මිල කළ නොහැකි තරම්ය. ථෙරවාදිකයන්ට මන්ත්‍රවලින් ආගමික විමුක්තියක් නොලැබේ. (ලෞකික සැනසීමක් පමණක් අපේක්ෂිතය) එහෙත් වජ්‍රයානිකයන්ට මන්ත්‍රවලින් ලෝකෝත්තර විමුක්තියක් පවා ලැබෙතැයි විශ්වාස කරති. 
 
12. තන්ත්‍ර
 
වජ්‍රයානිකයේ තන්ත්‍ර ගන්ථ ඇරඹුවේ හින්දුන්ගේ තන්ත්‍ර ග්‍රන්ථ වලින් ලත් ආලෝකය නිසාවෙනි. තන්ත්‍ර ග්‍රන්ථයන්ට හිමිවන්නේ උසස් ස්ථානයක්මය. ග්‍රන්ථ ප්‍රමාණයෙන්ද, ශ්‍රැති, සමෘති, පුරාණ හා තන්ත්‍ර විසින් සිවුවැනි තැන් ගනියි. තන්ත්‍ර ශාස්ත්‍රය 7 වැනි ශත වර්ෂයෙහි ප්‍රචලිත විය. එකල නාථ සම්ප්‍රදායයෙහි පහළ වූ විද්වතුන් අතර මීන නාථයන් හා ගොරක්ෂ නාථයන් දෙදෙනා බොහෝ තන්ත්‍ර ග්‍රන්ථ නිපදවිය. තන්ත්‍ර ග්‍රන්ථ බොහෝ ඈත කාලයේ සිටම පැවතීම යහපති. “හින්දු, ජෛන, බෞද්ධ ආගම්වල මුල් අවධියේ පටන් මන්ත්‍ර හා තන්ත්‍ර භාවිතා විය. හින්දු ආගමේ තන්ත්‍ර භාවිතය ඍග්වේද කාලයේම ඇරඹිණි. “තන්ත්‍ර” ශබ්දය “ආගම”, “වාදය”,“ක්‍රමය”, “විනය”, “සත්‍යය”, “ශක්තිය”, “අභේද්‍ය තත්ත්වය” යන නොයෙක් තැන්හි කුළුගැන්වී ඇත. මේවා සියල්ල එකට ගත්කල “තන්ත්‍රය” සේ සැලකනුයේ උත්තරීතර අධ්‍යාත්ම ශක්තිය ලැබීමේ ප්‍රතිපත්ති ක්‍රම ලෙසිනි. තවත් විද්වතුන්ගේ මතය නම් 1.පටල 2.පද්ධති 3.කවච, 4.සහස්‍රනාම 5.ස්තෝත්‍ර යන අංග පහෙන් සමන්විත වූ ග්‍රන්ථයන්ට තන්ත්‍ර යයි ව්‍යවහාර වී ඇති බවයි. 
 
13. යන්ත්‍ර 
 
යන්ත්‍ර යනු අක්ෂර විද්‍යාවේ හාස්කම් දැක්වීම සඳහා ශාස්ත්‍රානුකූල එකිනෙක නොකැපෙන පරිදි කොටු ඇඳ පිළියෙල කරගන්නා යන්ත්‍රයයි. යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේම උපකුලකයකි. මන්ත්‍රවලින් කරනුයේ මැතිරීමයි. නැතහොත් ජපකිරීමයි. එහෙත් යන්ත්‍ර ශාස්ත්‍රානුකූලව “තඹපත්” වල හෝ තල්පත්වල ලියා යම් යම් දෝෂයන්ගෙන් මිදීම සඳහා සුරවල අභ්‍යන්තරයේ අසුරා බෙල්ලේ, අතේ ඉහළ බාහුවේ, හෝ ඉනේ හෝ පලඳිති. කුඩා ළදරුවන්ගේ කොට්ට, මෙට්ට යට ඇතැම් විට සුරක්ෂිතව රඳවා තබයි. ඇතැම් යන්ත්‍රවල සටහන් වනුයේ බුදුගුණමය. යන්ත්‍රවලට බුදුගුණ ආරෝපණය කිරීම කෝට්ටේ සමයේදී ඇරඹිණි. පිරිත් නූල් සහ මැතිරූ නූල් බැදීම ද මෙහිම අංගයක්මය. එහි ඉතිහාසය වේද කාලය තෙක්ම දිව යයි. ඇතැම් යන්ත්‍ර බඳින නූල් ගැට 108ක්ද නවග්‍රහ දෝෂ මඟහැරීමට පලඳින නූලේ ගැට 9ක් ද වෙයි. අද මෙම යන්ත්‍ර රන්, රිදී, මුතු, මැණික් ද ඔබ්බවා අලංකාර කොට ඇතැමුන් ස්වර්ණාභරණයක් ලෙස යන්ත්‍ර පලඳින අවස්ථා දිස්වෙයි. 
 
14. ආත්මෝද 
 
ආත්මය යහපත්ව පවත්වා ගැනීමට උගන්වන ශාස්ත්‍රය ආත්මෝදයයි වෛදික ග්‍රන්ථවල සඳහන් වෙයි. ආත්ම +උදය = ආත්මෝදයයි. වෛදික ඉගැන්වීම් අනුව ආත්මය කිසිවකින් නූපදී. නොමියයි. ශරීරය විනාශ වුවද ආත්මය විනාශ නොවේ. සූක්ෂ්ම වූ දෙයට සූක්ෂම වූද, මහත් දෙයට මහත්වූද, එක් එක් වස්තු වෙයි. එසේම එක් එක් ස්වරූප වූ ආත්මයන්ද ඇත. ගංගා ජලය මුහුදු ජලයට එක් වූ පසු මේ ගංගා ජලයයි. මේ මුහුදු ජලයයි. වෙන් කළ නොහැක්කා සේ ආත්මයද බ්‍රහ්මයට පැමිණි පසු එකක්ම වේ. 
එහෙත් බෞද්ධ දර්ශනයෙහි “ආත්මයක්” ගැන සඳහන් නොවෙයි. ඒ නිසාම බෞද්ධ දර්ශනය භෞතික වාදයක්ද නොවෙයි. පුනරුත්පත්තියක්ද ඇති බව පිළිගැනේ. මෙලොව මිනිසකු වශයෙන් ජීවත්වීමට ඉගෙන ගැනීම ආත්මෝදයෙන් උගතයුතු පාඩමයි. ශ්‍රේෂ්ඨ මිනිසකු ජීවත්වීමේ කලාව ආත්මොදගෙන් ලැබිය හැකිය. 
 
15. ඡ්‍යොතිර් ඥානය
 
ඉන්ද්‍ර සංස්කෘතියේ යාග හෝම පැවැත්වීමට ඉතා සුදුසු කාලය සොයා ගැනීමට ඡ්‍යොතිර් ඥානය වැදගත් ලෙස සැලකිණි. අත් පිට පල දෙන කාලත්‍රය දැන ගැනීමට හේතු කාරක වන බැවින් ඡ්‍යොතිර් ඥානය ප්‍රත්‍යක්ෂ තලය ඉක්මවන දිව්‍යමය ඥානයක් ලෙස ද සැලකිනි. හිරු සඳු දෙදෙන ප්‍රධාන කර තාරකාවන් පිළිබඳව කෙරෙන ශාස්ත්‍රය හෝරා ශාස්ත්‍රයයි. එය 1. සිධාන්තය 2. සංහිතාය 3. හෝරා යනුවෙන් බෙදා දැක්වෙයි. රාශි 12කින්ද නැකත් 27කින්ද සමන්විත වන නක්ෂත්‍රය පිළිබඳ අති පැරණි ග්‍රන්ථ කිහිපයක්ද වෙයි. එයින් “බෘහත් පරාශර හෝරා” – හෝරා රත්න භෘගුසංහිතා” “ව්‍රහත් සංහිතා” - “සාරාවලී” යනාදී ප්‍රමුඛවෙයි. මේ නක්ෂත්‍ර ක්‍රමය (ඒඵබපධදධථර) සහ ඡ්‍යොතිෂ ශාස්ත්‍රය (ඒඵබපධතධඨර) මිසරය, අරාබි කාන්තාර ප්‍රදේශවල මුල්බැස ගෙන තිබූ බවට සාධක ඇත. 
 
16. ඉතිහාසය 
 
මෙය මෙසේ වී යැයි පැවසීම ඉතිහාසයයි. යමක ඇත්ත කතාව එහි ඉතිහාසයයි. එනම් යට ගියාවයි. ඉතිහාසය උත්පාදකයා වශයෙන් සලකනුයේ ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ විසූ ගී‍්‍රක ජාතික හැරඩොටස්ය. (ඩ්චපධඤධබභඵ) එහෙත් භාරතීය ඉතිහාසයන් හා පුරාණයන් පද්‍යයෙන් ලියන ලද රාමායණය හා මහා භාරතය ලියූ තිසිඩියොස්ට ඉතිහාසය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි විය යුතු බව තවත් විද්වතුන්ගේ අදහසයි. ලාංකීය ඉතිහාසය කියාපාන දීපවංසය හා මහාවංසයේද ලංකාවේ මුල් අවධිගත සටහන් වෙයි. 
 
17. පුරාණය 
 
පුරාණ යනුද ඉතිහාස විශේෂයක් ලෙසම ගැනෙයි. අනුෂ්ට්‍රප් නම් විද්වතකු විසින් විශේෂ ඡන්දසකින් රචිතය. පුරාණයන්හි ඉතිහාසය, සාහිත්‍ය යන ලක්ෂණ දෙකම ඇත. පුරාණය වර්ගී 5ක ලක්ෂණ ඇත. 1.සර්ග, 2.ප්‍රතිසගී 3.මන්චන්තර 4.වංශ 5.වංශානු චරිත ලෙසය. පුරාණ ග්‍රන්ථයන්ගේ නාමයන් අනුව බලන විට විෂ්ණුගේ දස අවතාරයේ විස්තර ඇතුළත් වෙයි. දාර්ශනික මත අනුව සූත්‍ර පිටකාගත ධර්ම කාරණා තෝරා දුන්නේ පොරණයෝ නම් ග්‍රන්ථ මඟිනි. “පොරාණ” යනුවෙන් හැඳින්වූයේ සිංහල අටුවාකරුවන් පමණක් නොව පෙර විසූ අටුවා, ටීකා, ප්‍රකරණයන් ග්‍රන්ථයන් කළ ඇදුන් විසින් රචිත ග්‍රන්ථයන් බවය. එහෙත් බෞද්ධ “පොරණ” නමින් හැඳින් වූයේ “පුරාණ” ග්‍රන්ථයක් නොවෙයි. 
 
18. අග්නි ස්ථම්භය 
 
ගිනි සිසිල් කිරීම අග්නිස්ථම්භයයි. ප්‍රධාන වශයෙන් ගිනි සිසිල් කිරීමේ ප්‍රධාන ක්‍රම දෙකකි. ඒ 1.ඖෂධ බලයෙන් 2. මන්ත්‍ර බලයෙන්ය. මෙයට අමතරව සත්‍ය ක්‍රියාවෙන්, දෘඨ භක්තියෙන්ද ගිනි සිසිල් කළ හැකිය. කතරගම සුප්‍රසිද්ධ ගිනි පෑගීම සිදු කරනුයේ දැඩි භක්තිය මතය. භාරතීය යෝගීන් ගිනි සිසිල පිළිබඳ විවිධ වූ හාස්කම් කරනු ලබයි. පැරණි කාන්තාවන් සිය කන්‍යාභාවය පිළිබඳ සත්‍ය ක්‍රියා කොට ගිනි සිසිල් කළ අවස්ථා රැසක් විවිධ තැන්වල සටහන් වී ඇත.
මතු සම්බන්ධයි. 


 

 හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) ඡ්‍යොතිෂ /වාස්තු පර්යේෂක  ඡ්‍යොතිෂ ඩිප්ලෝමා /ඡ්‍යොතිෂ උසස් ඩිප්ලෝමාධාරි ඉන්දීය චන්දිගාර් විශ්වවිද්‍යාලය 

අනුබද්ධ ශිරෝමනී උපාධි විද්‍යාර්ථි ඡ්‍යොතිෂවේදී ආචාර්ය විජය සමරසිංහ

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.