සඳ සහ ඔබ

අගෝස්තු 18, 2023

“මනෝ පුබ්බං ගමා ධම්මා මමෝ සෙට්ඨා මමෝමයා” ධම්ම පදයෙහි එන මේ ගාථා පාඨය බොහෝ දෙනාගේ මුවග රැඳී ඇති එකකි. මනස සහ සිත දෙකක් හෝ එකක් හෝ වේවා එය ඡ්‍යොතිෂය තුළ නියෝජනය වනුයේ චන්ද්‍රයාගෙනි. වරෙක නැඟෙමින් ක්‍රමයෙන් පූර්ණත්වයට පත්වෙමින් ඉක්බිති ක්‍රමයෙන් හීනව ගොස් අතුරුදන්වන අපූර්ව වස්තුව දුටු පැරැන්නන්ගේ හද තුළ ඇති කළ කුකුස නිසාවෙන් එය ‘සඳ’ නම් වූ බව පැවසේ. හද හා බැඳි නිසා සඳ නම් වන්නේ යැයිද කියනු ලැබේ.

නූතන මනෝ විද්‍යාව තුළ මෙන්ම පුරාණයේ ද මානසික හේතු සඳහා චන්ද්‍රයාගේ දින දර්ශනයෙහි බලපෑමක් ඇති බව පිළිගැනේ. සඳ මෝරන කාල සීමාවෙහි මනුෂ්‍යයාගේ හැඟීම් උද්දීපනය වන බව බොහෝ විටෙක නිරීක්ෂණය කිරීමට මෙය කියවන ඔබටද හැකිවනු ඇතැයි සිතමි. පිරිමියෙකුගේ වම් ඇස ද ස්ත්‍රියගේ දකුණු ඇස ද පියයුරු, බඩ, ගර්භාෂය, ඩිම්බකෝෂ, මුත්‍රාශය, වසා නාල සහ ස්වයං සාධක ස්නායු පද්ධතිය සමඟ සඳුගේ විසල් බැඳීමක් ඇති බව ඡ්‍යොතිෂය තුළ පිළිගැනේ.

සඳු දවස (සඳුදා) රෙහෙණ, හත, සුවණ යන සඳුට හිමි නැකැත් මෙන්ම කටක රාශිය ද පුද්ගල ශරීරයේ නාඩිවහනයද, විශේෂයෙන් කුණ්ඩිලිනි යෝගාශ්‍රය කරන වාම නාඩියද සඳු ග්‍රහයා සමඟ බැඳී පවතී. ලෞකික සම්පත් සඳහා උපකාර කෙරෙන ස්වාධිෂ්ඨාන චක්‍රය චන්ද්‍රයා සමඟ සබැඳෙන අතර විමුක්තිය ලබාදෙන මාර්ගය ප්‍රඥාව වන්නේ නමුදු විමුක්තිය සඳු විසින්ම නිවේදනය කරනු ලබන බව සමහරවිටක මේ ලියැවිල්ල කියවන ඔබ නොපිළිගැනීමටද ඉඩ ඇත. කෙසේ නමුත් අනන්ත මේ සසරෙහි ගමන් කරන අපගේ ඊළඟ භවය සහ පෙර භවය පිළිබඳවද වඩාත් නිවැරැදි ඉඟි සපයනුයේ චන්ද්‍රයාගේ හැසිරීමයි.

චන්ද්‍ර දින දර්ශනය ඔබට මට අලුත් එකක් නොවේ. විශේෂයෙන්ම කෘෂි කර්මාන්තයේ නියැළෙන්නන්ට රහසක්ම නොවේ. ඉදින් චන්ද්‍ර දින දර්ශනය උපකාර කර ගැනීමෙන් ඔබට වන වාසියක් වේ දැයි සිතා බැලිය යුතුය.

1. චන්ද්‍ර දින දර්ශනය අනුව වගා කටයුතු සිදු කිරීම තුළින් වඩාත් සාර්ථක ප්‍රතිඵල අපට වඩා බටහිර ජාතිකයන් ලබාගන්නේදැයි යන සැකය මතුවේ. ට්පඥඥද ට්චපඤඥද සංකල්පය අන්තර් කාලය තුළ විමසා බලන්න. චන්ද්‍ර දින දර්ශනය සහ කෘෂිකර්මාන්තයේ දියුණුව අතර පැහැදිලි සම්බන්ධතාවයක් ඇති බව පෙනී යනු ඇත.

ආයුර්වේදය හා හෙළ වෙදකම හෝ අන් වෛද්‍ය ක්‍රමයක් හෝ වේවා ඉන් ලබාගන්නා උපකාරය මහෝපකාරී වීමට චන්ද්‍ර දින දර්ශනය උපකාර වන්නේමය. “අෂ්්ටමී ව්‍යාධි නාශිනී” ඕනෑම චන්ද්‍ර මාසයක අටවන දිනය බොහෝ ව්‍යාධි නසයි. එහෙත් එය දෝෂ සහගත තිථියක් වශයෙන්ද සැලකේ. මෙය රහසක්මය. හුරු පුරුදු නිශ්චිත තීරණ මත එළඹුණු ප්‍රතිකර්ම සඳහා අටවැනි දවස මහත් ඵල ගෙනේ. එහෙත් දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග යන කියමන ද මෙහිදී විශේෂයෙන් සිහි තබාගත යුතුම ය.

ඒ ඒ තිථිවලදී ප්‍රතිකාර කළයුතු රෝග, ප්‍රතිකාර නොකළ යුතු තිථි ආදී බොහොමයක් කරුණු චන්ද්‍ර දින දර්ශනය අපට පැහැදිලි කර දෙනු ඇත.

නූතන මනෝ විද්‍යාව තුළ සාකච්ඡා කෙරෙන සුවිශේෂී වූ ඛ්ඕඊ න්‍යාය සාන්දෘෂ්ටික වාදය, ඇතුළු බොහෝ ක්‍රමවලදී චන්ද්‍ර දින දර්ශනය ගැන කතා නොකළත් ඒවා අධ්‍යයනය කරන්නෙකුට ‘සඳ’ ගමන සහ ඒවා අතර මනා සම්බන්ධතාවයක් පවතින බව පෙනේ. මල් වැවීම, කලා ප්‍රතිකාර, ශබ්ද ප්‍රතිකාර, ඛ්ඹ්ඒක බඩඥපචනර ආදී බොහෝ ක්‍රම චන්ද්‍ර දින දර්ශනය යොදා ගනිමින් වඩාත් ඵලදායක කරගත හැකිවනු ඇත.

එදිනෙදා ප්‍රශ්න, ගැටලු විසඳා ගැනීම බොහෝ දෙනෙකුට අවශ්‍ය වේ. ග්‍රහ අපලවලින් මිදීම, ගෙදර දොර සමඟිය උදාකර ගැනීම, දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම ආදී දහසකුත් එකක් ප්‍රශ්නවලට චන්ද්‍ර දින දර්ශනය උපකාර වන්නේමය. විශේෂයෙන් මේ පිළිබඳ උමා ඡ්‍යොතිෂ විෂය ඇසුරින් ඔබටම යම් දුරකට සහනයක් ලබාගත හැකි ප්‍රතිකර්ම සහ පිළියම් කිහිපයක් ගෙන එන්නට අදහස් කරමු.

යෝග දර්ශනය හදාරණ අයට ශක්ති ශරීර ප්‍රාණවත් කර ගැනීම සඳහා චන්ද්‍ර දින දර්ශනය මහෝපකාරී වේ. ප්‍රාණයාම වාර ගණන පවා චන්ද්‍ර දින දර්ශනය අනුව වෙනස් කිරීමෙන් මාහැඟි ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයෙහි නියැළෙන්නන්ට මෙන්ම මෙකී නොකී කවර විෂය ක්ෂේත්‍රයක වූවෙකුට වුවත් චන්ද්‍ර දින දර්ශනය ඵලදායක වන බව වටහා ගැනීම දුෂ්කර නොවේ.

චන්ද්‍ර දින දර්ශනය පළමුව බැඳෙන්නේ මහ ඡ්‍යොතිෂය සමගය. එහෙත් ‘යමකාල’ සංකල්පය සමඟ මුසුව එය උමා ඡ්‍යොතිෂය ඇසුරින් වඩා ඵලදායකව යොදාගත හැකිය. සිංහල අපට වඩා භාරතීයන් මෙන්ම අපරදිගුවන්ද චන්ද්‍ර දින දර්ශනයේ පොදු භාවිතය තුළින්ම ප්‍රයෝජන ලබන බව මේ පිළිබඳ තව තවත් තොරතුරු විමසා බැලීමෙන් ඔබට පසක්කරගත හැකිවනු ඇත.

සූර්ය දින දර්ශනය තුළ චන්ද්‍රයාට හිමි දවසකි. එය සඳු දවස නමින් නැතහොත් ‘සඳුදා’ සේ හඳුන්වමු. සඳුදා දවස යැයි වහරෙහි බෝවූයේ නමුත් සඳු + දා සඳුදා වේ. මෙහි ‘ද්‍ර’ යන්නෙන් දවස අරුත් ගැන්වේ. චන්ද්‍ර දින දර්ශනය තුළ රවිට අයිති කලාවකි. නැතහොත් කොටසකි. එකකි නැතහොත් තිථියකි. ඒ චන්ද්‍ර දින දර්ශනයේ පළමු සහ නවවන දවසයි. (තිථියයි)

සඳුදා දවස්වල බෝධි පූජා කරන්න, පත්තිනි මෑණියන්ට බාර වන්න, දියෙහි පිපෙන මල් අරගෙන පූජා කරන්න, කිරිපිඬු පූජා කරන්න, සුදු කොඩි පූජා කරන්න. රතන සූත්‍රය සජ්ඣායනය කරන්න. මුතුකුඩ පූජා කරන්න. මේ ආදී වශයෙන් පින්කම් ඔබ සිදුකර ඇත්නම් ඒ සඳුගේ අපල සඳහාම ප්‍රධාන වේ. ඉතින් ඔබ සඳුගේ අපල සඳහා පොදුවේ විශේෂ කාල නිර්ණයකින් තොරව ඒවා සිදු කළා නම් සඳුගේ අපල දුරුවීමේ, ඔබේ පැතුම් ඉටුවීමේ වේගය ද මන්දගාමී වනු ඇති අතර විශේෂ කාල නිර්ණය සහිතව කළේ නම් ප්‍රතිඵල වේගවත් වනු ඇත . සමහර විටක ඔබට සඳුදා හෝ සඳුදා රාත්‍රියෙහි සිදු කිරීමට යම් උපදෙසක් ලැබී තිබුණේ නම් එය අගය කළ යුතුව ඇත.

සිංහල උමා ඡ්‍යොතිෂයෙහි උපකාරය එහිදී මහත් වේ. චන්ද්‍රයා මෝදු වෙමින් එන කාලයේ නම් එනම් පුරපස නම් රාත්‍රී 7 - 8 අතර ඇති කාල පරාසයේ එවැනි පූජා කටයුතු සිදු කිරීම ඵලදායක වේ. මහ ඡ්‍යොතිෂය තුළ භාවිතයේදී රාත්‍රී 7 - 8 අතර බුධ හෝරාව උදාවන්නේ යැයි පිළිගැනීම වේ. එහෙත් අප මෙහි කී රාත්‍රී 7 - 8 කාල සීමාව තුළ උදාවනුයේ චන්ද්‍රයාගේම සුවිශේෂී කාලයකි. එය ශාස්ත්‍රීය කාරණාවක් වන අතර මෙහිදී ප්‍රතිඵලය පිළිබඳව පමණක් අවධානය යොමු කිරීම වටී. ශාස්ත්‍ර දත් අය රාත්‍රී 7 - 8 අතර කාලය ඉර උදාව අස්තය, ඉර බැසීම අනුව වෙනස් කරගැනීම අයහපත් නොවේ. අන් අය සඳහා මෙම කාලසීමාව පොදුවේ ඒ සඳහා යොදා ගැනීම වැඩදායක වනු ඇත.

මෙහි තවත් රහසක් වේ. සඳුගේ අපල උපද්‍රව දුරුකර ගැනීම සඳහා සිදු කරනු ලබන මේ පින්කම්, පිළිවෙත් සිදුකරන විට ඔබේ චේතනාව ඒ වෙනුවෙන් යොමුවිය යුතුය. මෙහිදී නවග්‍රහයන් වෙනුවෙන්ම දෝෂ දුරුකර ගැනීම සඳහා මෙම මොහොත ඵලදායක වනු ඇත. භාරතීයන් සඳුදා ඊශ්වර දෙවියන්ගේ දවස වශයෙන් සලකනු ලැබේ. අපේ ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥයන් බොහෝ දෙනෙක් ඊශ්වර දෙවියන්ගේ දවස සේ ගනු ලබන්නේ ඉරිදාය. කෙසේ නමුත් මේ දෙක සංකල්ප දෙකකි. අරමුණ අනුව භාවිත කළයුතු අමුද්‍රව්‍ය වර්ණ, ගන්ධ ආදිය වෙනස් වේ.

සුබසෙත කියවන පොදු පාඨකයා හට අප මෙහි සඳහන් කරන ලද සඳුදා රාත්‍රී 7 - 8 අතර කාලසීමව යොදා ගනිමින් ඔබේ ආගම දහම සංස්කෘතිය අනුව යමින් මිනිසාට, සත්වයාට හිත සුව සැලසෙන පුණ්‍යකර්ම සිදුකිරීමට හැකිය. මා එසේ පවසන්නේ මිනිසා, සත්ත්වයාගේ හිත සුව පිණිස යැයි සිතා සිදුකරන අධර්ම කරුණුද ඇති බැවිණි. මේ මොහොතේ කාලසීමාවෙහි වන්දනා කිරීමෙන් එම ප්‍රතිඵල වඩ වඩාත් සාර්ථක කරගත හැකි විශේෂ යෝග, ප්‍රයෝග කිහිපයක් ලබන සුබසෙතින් හෝ ඉක්මනින්ම හෝ රැගෙන එන්නෙමු. මෙහි ප්‍රයෝග යන වදන දුටු පමණින්ම “මුලාව“ නැමැති අදහසම ඔබ සිතට නැඟෙන්නේ නම් එය ඔබේ සිතේ ස්වභාවයම පෙන්වනු ඇත. ප්‍ර+ යෝග - ප්‍රයෝග යනු සුවිශේෂ යෝගය. ‘ප්‍ර’ යන්න ඥානය සඳහා ද යෙදෙන තැන් තිබේ. අප ඒ ගැන අර්ථාන්විතව සාකච්ඡා කරන තුරා පෙර කී තොරතුරුවලින් ඔබේ ජීවිතයෙහි කිසියම් හෝ වෙනසක් සිදුකර ගැනීමට ඔබ යොමුවේ නම් එය අපේ සතුට වේ.

 

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ

හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.