සතියේ පුවත්

ජුනි 30, 2023

පෝෂණ සෞඛ්‍ය රැක ගැනීමේ වැඩසටහනක්

දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය සේවාව මඟින් දෙහිඕවිට ප්‍රදේශයේ පෙර පාසල් දරු දැරියන් සඳහා පෝෂණය පිළිබඳව සහ සෞඛ්‍ය රැකගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අටුළුගම සිරිමෙත් පෙර පාසලේ දී පැවැත්විණි. එයට සහභාගි වූ සියලු දරු දැරියන් සඳහා ඖෂධීය සහ ආහාරමය වටිනාකමක් ඇති පැලය බැගින් ලබාදීමට ප්‍රජා සෞඛ්‍ය අංශය කටයුතු කර තිබිණි.

 

ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥාණ විද්‍යාර්ථි සංරක්‍ෂණ පදනමේ මාසික සභා රැස්වීම

2023 ක් වූ ජූලි මස 01 වෙනි ශනි දින ප:ව 02:00 ට මොරකැටිය, පන්නිපිටිය, පරම ධම්ම විහාරස්ථ දේශන ශාලාවේදී පැවැත්වේ. එදින ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී සුනිල් රන්ජන් ප්‍රනාන්දු මහතා විසින් “කලාකාමියකු බිහිවන යෝග” යන මැයෙන් දේශනයක් සහ ප්‍රවීණ ඡ්‍යොතිෂවේදිනී ලෝලනි රණසිංහ මහත්මිය විසින් විශේෂ කාලීන දේශනයක් ද පැවැත්වීමට නියමිතය.

මෙරට ප්‍රථම වෙදැදුරු අබිමන් ජනාධිපති වෛද්‍ය සූරී සම්මාන ප්‍රණාම උලෙළ

දේශීය වෛද්‍ය ක්‍රමය නංවාලීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ලංකාවේ ප්‍රථම වතාවට සිදු කෙරුණු දේශීය වෛද්‍යවරුන් සඳහා ජනාධිපති සම්මාන පිරිනැමීම වෙදැදුරු අභිමන් නමින් ජනාධිපති වෛද්‍ය සූරී සම්මාන ප්‍රණාම උලෙළ නමින් පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ප්‍රමුඛ මැති ඇමති තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, අමාත්‍යංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

මෙහිදී සුදුසුකම්ලත් ආයුර්වේද, සිද්ධි, යුනානි, හෝමියෝපති වෛද්‍ය ක්‍රම භාවිත කරන පාරම්පරික දේශීය වෛද්‍යවරුන් 62 දෙනෙකුට සහ ආයුර්වේද වෛද්‍යවරුන් 62 දෙනෙකු ට වෛද්‍යවරුන් සඳහා ජනාධිපති සම්මාන පිරිනැමිණි. වෛද්‍යවරුන් දොළොස් දෙනකු බැගින් වෛද්‍යවරුන් 24 දෙනෙකු සඳහා විශේෂ සම්මාන සහතික පත්‍ර හා තිළිණ ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

“සිසු නැණ දිරිය” අන්තර් පාසල් පැන විසඳුම් ජය බණ්ඩාරනායක විද්‍යාලයට

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ සිසු නැණ දිරිය අන්තර් පාසල් දීප ව්‍යාප්ත ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන 2023 ජුනි මස 20 වැනිදා බණ්ඩාරනායක විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ අතර එහි දී ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය පරදා බණ්ඩාරනායක විද්‍යාලය අවසන් වටයේ ජය තහවුරු කළේය. ජයග්‍රාහක පාසල් වෙත ඔසු උයන් පිහිටුවීම උදෙසා ඔසු පැළ ලබා දීම මෙන්ම ආයුර්වේද ග්‍රන්ථ ඇතුළත් පොත් කට්ටල සහ ත්‍යාග ප්‍රධානය කිරීම රාජ්‍ය අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

එහි සමාරම්භක අවස්ථාව සඳහා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්දන තිලකරත්න, ආයුර්වේද වෛද්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන්, පාසල් සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

කිරි අම්මාවරු 1000ක් වෙනුවෙන් දානමය පුණ්‍ය කර්මයක්

ලක්වාසී ජනතාවටත්, සකල ලෝකවාසී ජනතාවටත් සෙත් පතමින් උතුම් වූ කැලණි රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් කිරි අම්මාවරු දහසකගේ දානමය පුණ්‍ය කර්මයක් ජුලි මස 08 වන දින පෙරවරු 5 සිට පැවැත්වීමට නීතිඥ සිසිර ජයකොඩි සියපත පදනම කටයුතු සූදානම් කර තිබේ.

සටහන

ජයන්ති කුරේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.