කතරගම කරඬුව සරසන මල්මාලාවල අනුහස්

ජුනි 30, 2023

කතරගම දේවාල අවසන් මහ පෙරහරේ ඇතුපිට දෙවියන් වඩමවන කරඬුව ඇතුළු මාලිගයට වැඩම කළ පසු කරඬුව සරසන මල්මාලා නිවසේ බුදු පහන හෝ දෙවියන්ට පහන් තබන ස්ථානයේ තබා වැදුම් පිදුම් කිරීමෙන් තමන්ගේ රැකියා හා ව්‍යාපාර දියුණුව, රෝගාබාධවලින් ආරක්ෂාවීම ඇතුළු ඉමහත් සෙත සැලසෙන බව දුරාතීතයේ සිටම පිළිගැනීමට ලක්ව තිබේ.

මෙම මල් මාලයක කොටසක් හෝ තම ව්‍යාපාර ස්ථානයේ තැන්පත් කර තැබීමෙන් එහි ඒකාන්ත දියුණුව ඇතිවන බව මෙන්ම නිවෙස්වල ඇති අමනුෂ්‍ය දෝෂ දුරු තිරීමෙන් එය ඉවහල් වන බවද පැවසේ.

කරඬුව සරසා ඇති 50ක් පමණ වන මල් මාලා අයිති කර ගැනීමට බැතිමතුන් ඉතා උනන්දුවෙන් කටයුතු කරන අතර මෙවරද කතරගම අවසන් මහ පෙරහර පැවැත්වෙන ජූලි 03 වැනිදා කණ්ඩුල හස්තියා මත වැඩම කරවන කරඬුව සරසන මල්මාලා ලබා ගැනීමටද බැතිමත්හු සූදානම් වී සිටින බව ද වාර්තා වේ.

සේයාරූ - සුලෝචන ගමගේ

කතරගම කේ.ඩී. දේවප්‍රිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.