යුගදිවිය සාර්ථක කරගන්නේ කෙසේද?

ජනවාරි 27, 2023

 

මේ වන විට සමාජයේ විශාල ප්‍රශ්නයක් වී ඇත්තේ විවාහයයි. අප වෙත එන අතිවිශාල පිරිසක් පොරොන්දම් ගැළපීම් ගැන කතා බහ කරති. සමහරු පොතේ දැක්වෙන පොරොන්දම්වලට වහල් වී යුගදිවිය ගත කිරීමට ගොස් අතරමං වන අය ද එන්න එන්නම වැඩිය. ඡ්‍යෝතිෂය මහා ගැඹුරු විද්‍යාවකි. උඩින් පල්ලෙන් ඡ්‍යෝතිෂය ගැන ඉව අල්ලා බලා ඒ ගැන යම් යම් ප්‍රකාශ කිරීමට යෑමෙන් වන්නේ කුමක්ද කියා අටුවා ටීකා අවශ්‍ය නැත.

 

පොරොන්දම් ගැළපීම්වලදී ලකුණු මට්ටම ගැන පමණක් සලකා බලා තීරණය කර විවාහ වීමේදී අන්තිමට වන්නේ දෙපැත්තකට වීමකි. ග්‍රහ ගැළපීම් ගැන අල්ප මාත්‍රයක් වත් නොසලකයි.

පොරොන්දම් 20ට පමණක් මුල්තැන දෙන්නේ නම් ඕනෑම පිස්සකුගේ කේන්ද්‍රයකට රජ කුමාරිකාවියකගේ පොරොන්දම් ගළපා ගත හැකිවේ. (රතුවිතාන ශූරින්ගේ අදහසකි)

පළමුවෙන් කායික පැත්ත ගැන විමසිලිමත්විම අනිවාර්ය වේ. මානසික හා කායික ගැළපීම් ගැන විමසිය යුතුයි.

පූර්ව නාඩි, මධ්‍ය හා අනන්‍ය නාඩි නොගැළපේ නම් රජ්ජු පොරොන්දම් සුබ විය යුතු යි සැලකීම හරියට දුම්මැල්ල වෙනුවට පතෝල ගත්තා වැනිය.

පොරොන්දම් ක්‍රමයේ අයිතිකරු වන්නේ ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ අයයි. ගැහැනියට සමාජයේ දෙවැනි තැන දෙන ක්‍රමවේදයක් මේ තුළ පවතී.

අපේ රටට මෙවන් 20 පොරොන්දම් ගැළපේ ද යන්න ප්‍රශ්නයකි.

වෘක්ෂ ගස් පොරොන්දමෙන් දරු ඵල කිව හැකි ද පිරිමියාගේ ශුක්‍රාණු හා ගැහැනියගේ ආර්තවානු එකතුවෙන් ලක්ෂ ගණනක අනුව ලිත් එක් අනූවක් බීජයක් වී මවගේ ගැබ් ගැනීම සිදුවේ. දරුවන් දරා ගැනීමේ ශක්තිය පමණක් ඔබ වෙත දායාද වී තිබේ. දෙදෙනාගේම ශාරිරික හා මානසික තත්ත්වයන් ආර්ථිකමය පසුබිමත්, ශාරිරික සෞඛ්‍යයත් ලිංගිකමය ශක්තියත් විවාහයේ මූලිකම අංගයන් වේ.

රාහු – අඟහරු ශනි වැනි ග්‍රහයකු සත්වැන්න නියෝජනය කිරීම නිසා ඇතිවන කුරිරු විපාක වේදැයි නොවිමසා පොරොන්දම් බැලීමට ඡ්‍යොතිෂවේදීන් ඉදිරිපත් නොවේ.

ගුරු ,බුධ, සඳු වැන්නන් විවාහයට බලවත් බැව්ද පෙනේ. උඩින් පල්ලෙන් විවාහයට ලකුණු ලැබුණ පලියට විවාහ වීමට ගොස් අන්තිමට සිදුවන්නේ විශාල අපහසුතාවයක්. හත අධිපතිත් විවාහ කාරක සිකුරුත් සිටින රාශිය අනුව විවාහයක් බිඳ වැටේ දැයි පහසුවෙන් තීරණය කළ හැක. හත් වැන්න පාපීන්ට දෘෂ්ටිගත වන අයුරින් ද විවාහයට යහපතක් නොවේ.

ශනි ,රාහු 7 වැන්නේ සහ 8වැන්නේ අධිපති ග්‍රහයින් ද කේන්ද්‍රයේ රාශිවල ගමන අනුව විවාහය බිඳ වැටේ.

සිත,කය ආත්මය යන ත්‍රිත්වයට එකට නොගැළපෙන විවාහය සාර්ථක නැත. ආත්ම ගැළපීම සංසාරික සබඳතාවයකි. පොරොන්දම් ගැළපීමේදී විමසිය යුත්තේ අංග ලක්ෂණයයි. රූප ස්වභාවය අඟපසඟවල රිද්ම හැඩතල රටාව පි‍්‍රය වචන මධුර කටහඬ මනවඩන ඉරියව්, සැමියා සනසවන ලිංගික හැසිරීම (ස්ත්‍රී ශයනෙ වෛශෘනාම් ප්‍රත්‍යශකය) වැදගත් අංගයන්ය.

වසො දුස්සරියලෝකේ ඉස්ත්‍රී භාණ්ඩාන මුත්තමං ලොව ඇති සියලුම භාණ්ඩ අතුරෙන් ස්ත්‍රී සංඛ්‍යාත භාණ්ඩය උතුම්ය. (සංයුක්ත නිකාය) ඉස්සරිය සූත්‍රය

විවාහයක් වීමේදී මේ සියලු ලක්ෂණ ගැන පොරොන්දම් හරහා ගළපාගෙන සාර්ථක යුගදිවියකට මඟ පාදා ගැනීම වැදගත් වේ යැයි ඍෂි මතයයි.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.