වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ශිෂ්‍යත්ව විභාගයට යන දරුවන් වෙනුවෙන් විශේෂ පූජාවන්
ඈත අතීතයේ සිටම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්, තරග විභාග වෙනුවෙන් විවිධ පූජාවන් පවත්වයි. බෝධි පූජා තැබීම, සෙත් කවි කීම, ගණ දෙවි පූජාව පැවැත්වීම, සරස්වතී යන්ත්‍රය පැළැඳීම මේ අතර ප්‍රධාන තැනක් ගනී. 2022 දෙසැම්බර් 18 වැනි දිනට යෙදී තිබෙන ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පහත පූජාවන් තැබීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගත හැකියි.
සෙනසුරු, රාහු අපල තිබෙන දරුවන් සඳහා බෝධි පූජා පැවැත්වීම, පූජාවන් සඳහා නිල් පාට මල් හා මල් මාලා නිල් කොඩි පූජා කර එළඟිතෙල්, අබ තෙල් හා තලතෙල් පහන් 7 බැගින් පත්තු කර බෝධි පූජාව පවත්වා ඔබ කරන ලද පින් විෂ්ණු දෙවියන් ප්රමුඛ දේව සමූහයාට අනුමෝදන් කර ඉෂ්ඨ දේවතා වහන්සේට පින් අනුමෝදන් කර තම දරුවාගේ සිත පිරිසුදු කර මතක ශක්තිය ලබා දී කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවී ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්න.
දුප්පත් දරුවන්ට හැකි පමණින් උදව් කරන්න. පොත්, පෑන්, පැන්සල් වැනි දේ දරුවා අතින් දන් දෙන්න. මෙවැනි දේවල් කිරීමෙනුත් දරුවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට මහඟු පිහිටක් ලැබේ.
සෑම දරුවෙක්ම බුදුන් වැද ගණ දෙවි පහන තියා ඔබ ලබාගත් පින් ගණ දෙවියන්ට අනුමෝදන් කරන්න. එවිට ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ගණ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගත හැක.
2022 දෙසැම්බර් මස 18 වෙනි දින ශිෂ්‍යත්ව විභාගයට යන දූ දරුවන් විභාගයට පිටත්වීමට පෙර බුදුන් වහන්සේට මල් පහන් සුවඳ දුම් පූජා කර තෙරුවන් වඳින්න. ඉන් අනතුරුව ගණ දෙවියන්ගේ පිහිට පතා ගණ දෙවි පූජාසනය මත බඳුනක මල් තබා පූජා කරන්න. පෙරා ගත් පැන් වීදුරුවක් තියන්න. පහනක් දල්වන්න. හඳුන්කූරු දල්වන්න. ගණ දෙවි රූපය දෙස බලා “ඔම් ශී‍්‍ර ගනේෂාය නමහා” යන පාඨය තුන්වරක් කියා ගණ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න. ඉන් අනතුරුව මවුපියන් නමැද මෙම ගාථාව සිහිපත් කරන්න.
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ඝෝසයුං දේව ගණා පසන්නා
ඒතේන සච්ඡේන ජයස්සු මස්හං
මෙම ගාථාව සිහිපත් කර උදේ 7.22 දකුණ බලා යෙදී ඇති ශුභ මොහොතින් සුදු පාට මල් දමන ලද පිරිසුදු වතුරු වීදුරුවක් රැගෙන එන මව පෙර මගට හමුවන ලෙස පිටත්ව යන්න. ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සියලු දූ දරුවන්ට ගණදෙවි නුවණ පහළ වේවා! සියලු දූ දරුවන්ට විභාගයෙන් ජය ලැබේවා!
චතුරිකා දිල්හානි ගමආරිය