ඔබේ විවාහය ප්‍රමාද ද?

දෙසැම්බර් 2, 2022
 
යමෙකුගේ විවාහය නිසි කලට නිසි වයසට සිදුවෙන්නත් තවෙකෙකුගේ විවාහය  නිසි කලට නිසි වයසට සිදු නොවන්නත් හේතුවක් තිබෙනවාද? මේ ගැන සොයා බැලීමට වැදගත් වන්නේ කේන්දරයයි. මිනිස් දිවියේ බොහෝ දේ මේ කේන්දරයේ කොටු 12 තුළ සැඟ වී පවතී.
 
විවාහ දෝෂ 20ක් තිබෙන අතර විවාහයට දෙදෙනෙකු ගැළපීම එතරම් පහසුම වැඩක් නොවේ. මේ සියලුම ග්‍රහදෝෂ බිඳෙන ක්‍රමවේදයන්ද තිබෙන බැව් සනිටුහන් කරමු. 
 
විවාහය වූ කලී ආත්මීය බැඳීමකි. ආත්ම හතක බැඳීමක් ලෙස හින්දුන් විවාහය අර්ථ දක්වයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විවාහය වූ කලී ගෞරවනීය බැඳීමක් ලෙස හැඳින්විය හැකි ය. 
 
යමෙකුගේ විවාහය නිසි කලට නිසි වයසට සිදුවෙන්නත් තවෙකෙකුගේ විවාහය  නිසි කලට නිසි වයසට සිදු නොවන්නත් හේතුවක් තිබෙනවාද? මේ ගැන සොයා බැලීමට වැදගත් වන්නේ කේන්දරයයි. මිනිස් දිවියේ බොහෝ දේ මේ කේන්දරයේ කොටු 12 තුළ සැඟ වී පවතී. එය පුදුමාකාරයි. ජීවිතයේ දෙවන උපත වන විවාහය ගැනත් මේ කොටුවලින් විග්‍රහවන්නේ පුදුමාකාර විදිහටයි. 
එනිසා විවාහ වී හොඳ නරක සොයනවාට වැඩිය හොඳ නැද්ද විවාහ වීමට පෙර කේන්දරයේ ග්‍රහ පිහිටීම හරහා සුබ අසුබ දැන ගැනීම වඩාත් සුදුසු ය. කේන්ද්‍රයේ කොටු 12න් හත වැටෙන්නේ විවාහයටයි. 8 අයත් වන්නේ විවාහය පවත්වාගෙන යාමටයි. මේ කොටු දෙක පරිවර්තන යෝගයක් සෑදෙන්නේ 7 වැන්නාධිපති 8 වැන්නේ සිටීමත් 8 වැන්නාධිපති 7 වැන්නේ සිටීම නිසාය. වැඩි දෙනෙක් අසන ප්‍රශ්නයක් තමයි 7ට කේතු හොඳ ද කියා කේතු 11ට නම් ඉතාම හොඳයි සල්ලි සෙවීමට ශුක්‍ර සිටියේ කේතු 7 නම් ලිංගිකමය ශක්තිය අඩුවිය හැක. පුරුෂයාගේ කේතු 7 සිට ස්ත්‍රියගේත් 7 නම් අනෙකා තෘප්තිමත් කිරීමට නොහැකි වේ. සඳු, ශුක්‍ර හරියට හරි සෙල්ලක්කාරයෝ ය. 
රවි හෝ කේතු 7 වැන්නේ සිටින කේන්ද්‍රයකට ශනි හෝ ශුක්‍ර 7 වැන්නේ සිටින කේන්ද්‍රයක් නොගැළපේ. රවි, සඳු, ශුක්‍ර ද නොගැළපේ. මේෂ ලග්න හිමියාට 7 වැන්නේ සඳු සිටීම යහපත් වේ. වෘෂභ ලග්න හිමියාට නරකයි. මිථුන, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, කුම්භ, මීන ලග්නවලට සඳු 7 ගේ පිහිටීම ඉතාම යහපත්ය. විවාහයට මකර ලග්න හිමියාගේ සඳු හතේ නම් ඉතාම ශුභයි. උච්ච නිසා තවද නැකත් අනුව බැලිය යුතුවේ. 
කුජ, ශුක්‍ර යෝගය අතිධාවනකාරී වේ. ප්‍රබලතම යෝගයකි. නමුත් 7 වැන්නට අයහපත්ය. දෙදෙනාගේම කුජ ශුක්‍රයෝගය පිහිටා තිබේ නම් වයස 90ක් ඉක්ම ගියත් කාමාශාවේ අඩුවක් නැත. රාහු 7 වැන්නේ සිටීමෙන් යුගදිවියේ ඇතුල් පැත්තේ රස වින්දනය ගොරෝසු වේ. සෞන්දර්යාත්මකකම අඩුය. වාදන භාණ්ඩයක් සුසර කිරීම අනිවාර්ය වන්නේ වාදනය කිරීමට අපහසු නිසාය. රාත්‍රියේ දී ද එවැන්නක් අවශ්‍යම වන්නේ ය. 
මේ අඩුපාඩුව නිසා විවාහය බිඳ වැටේ. පිරිමියා ඉක්මනින් තෘප්තිමත් වන අතර ගැහැනියට වින්දනයේ රස භාවය නැතිවේ. යුග දිවිය වහා කඩා වැටේ. 7 වැන්නේ ගුරු සිටීමෙන් කල්ගත වීමේ දී අධ්‍යාත්මික පැත්තට නැඹුරුවීම නිසා විවාහයට ගැටලුවක් පැන නගිනු ඇත. 
ගුරු ශුක්‍ර සිටීමෙන්ද එවන් ගැටලු කායිකව මානසිකව පැන නගිනු ඇත. 
මේ කරුණු අනුව බලන විට ඔබ විවාහවීමට සූදානම් වන්නේ නම් උඩින් පල්ලෙන් පොරොන්දම් පමණක් බලා ලකුණු හරහා විවාහ වීම නුවණට හුරු නොවේ. දැනටමත් ඔබේ විවාහය ප්‍රමාද වී ඇත්නම් කේන්ද්‍රය ගැඹුරින් පරීක්ෂා කර බලන්න. 
ඕනෑම කේන්ද්‍රයකට ගැළපෙන කේන්ද්‍ර තිබේ. අවශ්‍ය වන්නේ හරිහැටි ග්‍රහ හැසිරීම් රටාවේ ගැළපීම් ධනාත්මක ලෙස පිහිටා ඇද්ද යන්න පරීක්ෂාකර  බැලීමයි. ප්‍රමාදවන බොහෝ විවාහ ගුණ විද්‍යාත්මක ක්‍රමවේද හරහා සාර්ථක කර ගැනීමට හැකිවේ. 
විවාහ දෝෂ 20ක් තිබෙන අතර විවාහයට දෙදෙනකු ගැළපීම් එතරම් පහසුම වැඩක් නොවේ. මේ සියලුම ග්‍රහදෝෂ බිඳෙන ක්‍රමවේදයන්ද තිබෙන බැව් සනිටුහන් කරමු. මූලිකම කරුණ වන්නේ පිරිමි සංඛ්‍යාව අඩුකමයි. කාන්තා සංඛ්‍යාව වැඩිය. 
සාර්ථකම යුග දිවියක් ගත කිරීමට ඡ්‍යොතිෂමය මඟක් ඇති බැව් දක්වමු. 
 
ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු 
ටී. හෙන්රි බෙම්මුල්ල
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.