කප් රුකක් බඳු පොල්

නොවැම්බර් 4, 2022

පොල් ශ්‍රී ලංකාවාසී අපට නැතුවම බැරි දෙයකි. පොල් ගසේ සියලුම කොටස් මිනිසාගේ විවිධ ප්‍රයෝජන සඳහා ගනු ලබන අතර එයින් ද පොල් ගෙඩියේ මදය ඉතා ප්‍රයෝජනවත් වෙයි. ආහාරමය වශයෙන් ඉතා වැදගත් වන පොල්වල ඖෂධීය වශයෙන් කිසියම් ගුණයක් අඩංගු බව වෛද්‍ය ග්‍රන්ථ පරිශීලනයෙන් අවබෝධ වේ. මෙම ගසේ විවිධ අංගවලින් මිනිසාට ලැබෙන සෙත නිසා මෙය කප්රුකක් ලෙස හඳුන්වයි.

 

 

පොල් වැවෙන ප්‍රදේශ පිළිබද සලකා බැලීමේදී

ඉන්දියාවේ සහ ලංකාවේ විශේෂයෙන් මුහුදුබඩ ද,පොදු වශයෙන් උෂ්ණාධික ප්‍රදේශවලද වැවෙයි. ලවණ මිශ්‍ර වැලි සහිත ප්‍රදේශවල ඉතා සරු ලෙස වැවෙන ශාකයක් වන මෙය,බුරුමය, නේපාලය, මදුරාසිය, බෙංගාලය ආදී රටවල ඉතා සාර්ථක ලෙස වැවෙන අතර,ශ්‍රී ලංකාව ගත් කළ පොල් ත්‍රිකෝණය ලෙස දක්වන ප්‍රදේශය තුළ පොල් වගාව ඉතා විශාල ලෙස පැතිරී ඇත.

එසේම පොල් යනු අප රටේ ප්‍රධාන අපනයන ද්‍රව්‍යයක් වන අතර, එමඟින් විදේශ විනිමය ද ඉතා විශාල ලෙස මෑතක් වන තුරු අපට ලැබුණ ද වර්තමානයේ පොල් ඉඩම් බොහෝ ලෙස නිවාස සෑදීම සඳහා යොදා ගන්නා නිසා දැනට එමඟින් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය අඩු වෙමින් පවතී.

පොල් සඳහා විවිධ භාෂාවලින් හඳුන්වන නාමයන් සැලකීමේදී,

සංස්කෘත භාෂාවෙන් - නාරිකේල, නාරිකේර, දෘඪඵල, ලාංගලී, කුර්චශීෂික, තුංග, සුතුංග, ස්කන්ධ ඵල, තෘණරාජ, රසඵල,සදාඵල,ක්‍රර්පශේඛර,දෘඪනීල,නීලතරු,මංගල්‍ය,උච්චතරු,දුරාරුහ, ස්කන්ධතරු, දක්ෂිණාත්‍ය,ත්‍රසම්බක ඵල,තාල වෘක්ෂ හා ශ්‍රීඵල වශයෙනි.

පොල් මංගල සම්මත ද්‍රව්‍යයක් ලෙස හින්දු ධර්ම ශාස්ත්‍රයන්හි හඳුන්වන නිසා පොල් ගෙඩිය සඳහා ශ්‍රීඵල යයි කියයි.

හින්දි භාෂාවෙන් පොල් සඳහා නාරියල් යයි හඳුන්වනු ලබන අතර,වංග බසින් හඳුන්වන්නේ නාරිකේල නමිනි. දෙමළ බසින් තෙන්නායි යයිද, තේන්නාමරම් යනුවෙන්ද හඳුන්වනු ලබයි. ඉංග්‍රීසි බසින් ඛ්ධජධදභබ ර්‍ථචතථ ලෙස පොල් හඳුන්වන අතර,එහි ප්‍රභේදයක් වන තැඹිලි ම්ඪදඨ ඛ්ධජධදභබ ලෙස හඳුන්වයි. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය ඛ්ධජධඵ ව්භජඪටඥපඥ ඹ්ඪදද වන අතර කුලය වනුයේ ර්‍ථචතථචජඥචඥ හෙවත් නාරිකේල කුලයයි.

මෙසේ විවිධ නාමවලින් හඳුන්වන පොල්වල ප්‍රභේද කිහිපයක් වේ.

1. පොල්

2. කුන්දිරා පොල්

3. නවසි

4. තැඹිලි

5. රන් තැඹිලි

6. සියම් පොල්

7. දීකිරි පොල්

ආදී ප්‍රභේද ප්‍රධාන වන අතර තවත් ප්‍රභේද විශාල සංඛ්‍යාවක් ඇත.

පොල්වල වර්ණය අනුව රතු පොල්, නිල් පොල් ආදී ප්‍රභේද වෙයි. ඖෂධ සංස්කරණයේදී නවසි, රන් තැඹිලි,තැඹිලි යනුවෙන් ප්‍රභේද වැදගත් වෙයි.

තැඹිලිවලද ගොං තැඹිලි හා තැඹිලි යනුවෙන් ප්‍රභේද දෙකක් වන අතර ගෙඩියේ පිටතින් තැඹිලි පාට වර්ගය තැඹිලි නමින්ද, පිටතින් නිල් (කොළ) පාට ලෙල්ල කැපූ විට රෝස පාට ලෙල්ල මෘදු වර්ගය රන් තැඹිලි යනුවෙන් ද තවත් බෙදීමකි. මෙම රන් තැඹිලි වලින් සංස්කරණය කරනු ලබන තෙල තෛල සංස්කරණයේදී ඉතා වැදගත් වන අතර එය ඉතා දුර්ලභ ද වෙයි. නවසි වර්ගයේ කහකඩය කසට රස හීන සහ මිහිරි රසයෙන් යුත්ත වන අතර නවසි වල පොල් කිරී බොහෝ යෝගවලදී යොදනු ලබයි. එසේම සමහර යෝගවලදී නවසි කුරුම්බා විශේෂයෙන් යොදනු ලබයි.

ඖෂධ සඳහා පොල්වල ගනු ලබන අංග පිළිබඳව සලකා බලන විට ගසේ කොටස් සියල්ලම පාහේ ප්‍රයෝජනයට ගන්නා බව පෙනී යයි. එනම් මුල්, කොළ, පිත්තේ පහත ඇති බූව, ගෙඩියේ ඇති වතුර, මීරා, රා, මදය, තෙල්, මල් හා කහකඩය ආදී සියලු කොටස්ම ඔසු සඳහා යොදයි. පොල්වල විවිධ අවස්ථාවල විවිධ යෝගයන් ඔසු සඳහා ගනු ලබයි.

පොල් ගෙඩිය සැලකීමේදී කුරුම්බා, කළටි, පැසුණු පොල්, වියළි පොල්, කොට්ට පොල් හා කොප්පරා වශයෙන් ඔසු පිණිස ගනු ලබයි.

පොල්වල සංස්කරණ සැලකීමේදී මීරා, රා, පොල් පැණි, පොල් හකුරු, පොල් තෙල්, පොල් විනාකිරි හා පොල් අරක්කු ආදිය ඖෂධ යෝගයන්හි හා කේතවල ඖෂධ සඳහා යොදනු ලබයි. මෙම සංස්කරණවල පොල්තෙල් පිළිබදව සැළකීමේදී අත්තෙල්, සෙක්කු තෙල්, පරණ පොල් තෙල් හා පොල්කටු තෙල් වශයෙන් ප්‍රභේද වේ. පොල්වල ඇති රසායනික සංඝටක පිළිබඳ සැළකීමේදී විවිධ රසායනික පදාර්ථවලින් සැදුම් ලත් ගුණයෙන් අධික ද්‍රව්‍යයක් ලෙස පෙනී යයි.

අමු පොල් මදයේ ප්‍රෝටීන් මේද ලිග්නිස පදාර්ථ ක්ෂාර භෂ්ම ශර්කරා නචතථ ඵභඨචප ඨතභඥජධඵඥ, ජචදඥ ඵභඨචප ආදිය ප්‍රධාන වේ.

පොල් කිරිවල, ශර්කරා, මැලියම්, ඇල්බ්‍යුමින්, ටාටරික් ඇසිඩ් ඛණිජ පදාර්ථ හා ජලය වෙයි. පොල්තෙල්වල,කප්‍රිලික් අම්ල, ග්ලිසරයිඩස්,මිරිස්ටික්,පාමටික්,හා ස්ටියරික් යන අම්ල ඇතුළත් වේ.

හොඳට පැසුණු පොල් මදයේ 60 – 71% පමණ තෙල් අඩංගු වේ.

පොල්වල ගුණකර්ම පිළිබද සැලකීමේදී

රසයෙන් මධුර ද ගුණයෙන් ගුරු හා ස්නිග්ධ වන අතර මධුර විපාකයෙන් ද ශීත වීර්යයෙන් ද යුක්ත වන අතර ප්‍රභාවය කේෂ්‍ය වෙයි. මෙහිදී ගුරු හා ස්නිග්ධ නිසා වාතය ද මධුර හා ශීත පිත ද සමනය වන බැවින් වාත පිත්තජ රෝගවලදී යොදනු ලබයි.

ව්‍යූහාගත රෝග සැලකීමේදී

බාහිර වශයෙන් මසුරිකාවල බිබිලි තෙමීමට කුරුම්බා වතුර සුදුසු වන අතර දැවිල්ල නසා කැළැල් මැකීම ද කරයි. එසේම තෙල්වල හිසකෙස් වඩන ගුණය ද වේ. තෙල කපුරු මිශ්‍ර කර ආලේපයෙන් චර්ම රෝග ව්‍රණවල ආලේපය සඳහා යොදන අතර පොල් කටු තෙල ව්‍රණ සහ කුෂ්ඨවලදී යොදයි.

අභ්‍යන්තර ක්‍රියා සැලකීමේදී

ආහාර පරිවහන ව්‍යූහාවේදී

පිත සමනය කරන ගුණ ඇති නිසා කුරුම්බා වතුර පිපාසා, දාහ ආදී පිත් රෝග සමනය කරන අතර කුරුම්බා මද මහා සෝත්‍රයේදී පිතේ විකෘති අම්ල අධික තත්ත්ව ආදියේදී බෙහෙවින් ගුණදායකය. අනුලෝම ගුණ ඇති නිසා අදිමාන ආදී වාත රෝග සමනය කරන අතර පිත්ත ශූලයට ප්‍රශස්ත වේ. තවද අම්ලපිත්ත රෝගයේදී ගුණදායක වේ. ක්ෂාර භේදන ගුණ නිසා නාර්කේල ශාරය ගුල්ම කඵජ ශූල ආදියේදී උපයෝගී කරගනු ලබන අතර පොල් වතුර අග්නි වඩන ගුණ යුත් නිසා අග්නි මාණ්දියට ගුණදායකය. එසේම තෙල කෘමි නසන ගුණ යුක්ත නිසා කෘමි රෝගයේදී මල් ස්ථම්භණ ගුණ නිසා රක්තාතීසාර රක්ත ප්‍රදර ආදියේදී යොදනු ලබයි.

රුධිර සංසරණ ව්‍යූහාවේදී - කුරුම්බා වතුර, පොල් මල් හා කුරුම්බා මද රත්පිත් සමන ගුණ යුක්තය.

ශ්වසන ව්‍යූහාවේදී - කුරුම්බා වතුර හික්කා නසන ගුණ යුතු නිසා හික්කා රෝගයේදී ඉතා ප්‍රශස්ත වෙයි. එසේම තෙල සෙම නසන ගුණ නිසා කාස ශ්වාස සඳහා යෙදේ.

මුත්‍රා ව්‍යූහාවේදී - කුරුම්බා මද ජලය සහ මුල් මුත්‍ර විරේචන ගුණ නිසා වස්ති ශෝධන ගුණ යුක්තය. මෙනිසා කුරුම්බා වතුර සහ පොල් මුල් කෂාය මුත්‍ර කාච්ජ්‍ර සහ මුත්‍රවල පැහැය වෙනස්වීම් සඳහා යෝග්‍යයි. එසේම මුල් වල මූත්‍ර ස්ථම්භන ගුණ ඇති නිසා බහු මුත්‍රාවයේ ප්‍රයෝග කරනු ලබයි.

ප්‍රජනන ව්‍යූහාවේ දී - පැසුණු පොල් මදය උෂ්ණ නසා වාජීකරණ සහ ආර්තව ජනන ගුණ ඇති බැවින් ලිංගික දුර්වලතා සහ කාච්ජ රජස් වලදී යොදනු ලබයි.

මෙසේ ව්‍යූහාගතව හොඳින් ක්‍රියා කරන පොල් සහ එහි විවිධ උපාධාන බොහෝ රෝග අවස්ථා සඳහා ඉතා හොඳින් ක්‍රියා කරයි.

ගර්භිණී සමයේදී - සෑම සතියකට වාර 3-4 පොල් මී රා පානය කිරීමෙන් ගැබේ සිටින දරුවා සුන්දර වෙයි.

සූතිකා රෝග වලදී - අලුත් පොල්මල්වල කොළපුව පළා මෙහි තුළ වූ ළා මල් ගෙන වංගෙඩියක කොටා ඖෂධ යෙදූ කල්කය බහා කොටා ගුළි සාදා ගුළි 1 බැගින් එළ කිරි සමඟ බීමෙන් ඉතා ගුණදායක වේ.

දුබලතා සහ කෘෂතාවට පොල් මද යෝග්‍යයි.

ක්ෂය රෝගයට - පොල් තෙල් හිතකරය.

විෂම ජ්වරයට - තැඹිලි හෝ කුරුම්ඹා වතුර යෝග්‍යය.

මෙවන් විශිෂ්ට ගුණයෙන් යුක්ත පොල්වල සංස්කාරික ඖෂධ යෝග රාශියක් විවිධ රෝග සඳහා යොදන බව විවිධ වෛද්‍ය ග්‍රන්ථවල පරිශීලනය තුළින් පැහැදිලි වේ.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ

කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.