වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
අර්ධ සූර්යග්‍රහණය අප රටට කෙසේ බලපාවිද?
ඔක්තෝබර් 21, 2022
සූර්ය ග්‍රහණයක දී තත්කාල කේන්ද්‍රය යොදා ගත යුතු වන්නේ අමාවක පොහොය ලබන වෙලාවටයි. මේ අනුව 24 දින සවස් යාමයේ එකී වේලාවට මීන ලග්නයත්, වර්ගෝත්තම මීන නවාංශකයක් උදාව පවතී. තත්කාල කේන්ද්‍රයේ ගුරු ලග්නගතව යුරේනස් දෙවැන්නේ ද කුජ හතර වැන්නේ ද සත් වැන්නේ බුධ ද අටවැන්නේ රවි, චන්ද්‍ර, සිකුරු ද එකොළොස් වැන්නේ සෙනසුරු සහ දොළොස්වැන්නේ නෙප්චූන් ද සිටියි. මෙහි ග්‍රහ පිහිටීම් සැලකිල්ලට ගත් කළ රටට සහ රට කරවන අයට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ. විරුද්ධ පාර්ශ්වයන් ගේ වාද විවාදවලට ලක් වේ. විදේශ මැදිහත්වීමෙන් මූල්‍යමය තත්ත්වයන් ඉහළ නැංවී අපේක්ෂිත ආර්ථික කළමනාකරණය සමඟින්ම මුදල් හා සම්බන්ධ ගිවිසුම් ඇතිකර ගනී. විවිධ අංශ මඟින් මහ බැංකුව පොහොසත් වෙයි. රජය විවේචනය කිරීම අඩුවක් නොවන නමුත් පරිසර විපත් වැඩිවේ. මාර්ග අනතුරු හේතුවෙන් මගී ජීවිතවලට හානි. මුදල් අවභාවිතා කරන අයට නීතිමය පියවර. සොර සතුරු උපද්‍රව වැඩි වෙන අතරම එවැනි අය නීතියේ රැහැනට. ප්‍රභූ මරණ ගැන අසන්නට ලැබේ. නාවික හා පතල් ආශ්රිත සේවා නියුක්ත අයට විපත්. කාර්මික ජීවන තත්වයන්ට පැමිණීමෙන් විපත් අවම කරගන්න.
-----------------
මහරගම ‘අපේක්ෂා රෝහලේ’ ළමා වාට්ටුවට වටිනා ඖෂධ සහ ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාගයක්
‘ලෝක ළමා දිනය’ වෙනුවෙන් ‘කලම්බු රෝයල්ටි සිංහ සමාජය’ මඟින් පසුගිය දින දිස්ත්‍රික්ක 306 සී 1 ජාත්‍යන්තර සිංහ සමාජයේ හිටපු සිංහාධිපති සිංහ මහින්ද පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වටිනා ඖෂධ තොගයක් සහ ක්‍රීඩා භාණ්ඩ රැසක් මහරගම ‘අපේක්ෂා රෝහලේ’ අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මැතිතුමා වෙත භාර දුන් අවස්ථාවයි මේ.
සත්වන වරටත් ‘ලෝක ළමා දිනයේදී’ මහරගම ‘අපේක්ෂා රෝහලේ’ පැවති මෙම උත්සවය සඳහා සිංහ සමාජයේ සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ මහත්ම මහත්මීහු සහ සිසුහු රැසක් සහභාගි වූහ. මෙහි වමේ සිට දකුණට, කර්නල් සිංහ ප්‍රදීප් සේරසිංහ, රෝහල් ලේකම් ප්‍රදීප් රසාංග, සිංහ සමාජ සංවර්ධන සහ කලාපීය සභාපති සිංහ ඇන්ටන් ජයමාන්න, ‘කලම්බු රෝයල්ටි සිංහ සමාජයේ’ සභාපති සිංහ ධම්මික ගුණසේකර, විශේෂ ආරාධිත හිටපු සිංහාධිපති සිංහ මහින්ද පෙරේරා, ‘අපේක්ෂා රෝහලේ’ අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර, ඖෂධ ව්‍යාපෘතියේ සභාපතිනි සිංහ යමුනා සෙනෙවිරත්න, සිංහ ඩියානි ප්‍රනාන්දු, භාණ්ඩාගාරිකා සිංහ ෂෙරීන් ෆොන්සේකා, ප්‍රවීණ විද්‍යා ලේඛක සහ තාරකා විද්‍යාඥ සිංහ අනුර සී. පෙරේරා සහ සිංහ රනුක දිසානායක යන මහත්ම මහත්මීහු වෙති.
෴ සබැඳි ලිපි ෴
විස්මය සහ සුන්දරත්වයෙන් ලෝකයේ අග්‍රගණ්‍ය මිහිතලය අලංකාර කළ අපූර්ව නිර්මාණයෙහිලා ජෝර්දානයේ පෙට්රා පැරණි නගරය විස්මිත වාස්තු නිර්මාණයේ අති සුන්දරත්වය...
2023-12-21 18:30:00
දිගුකලකට පසුව බටහිර අහස සිසාරා ආලෝකය පතුරවමින් අරුමැති තාරකාවක් පායා ඇති බව අහස දෙස බලමින් විපරමින් සිටි තාරකා නිරීක්ෂකයෝ තිදෙනකු දුටුවහ. අපූර්ව...
2023-12-21 18:30:00
පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ ඡ්‍යොතිෂ ශාස්ත්රයත්, ලේඛනයත් ඔහුගේ ජීවිතය හා බද්ධ වී ඇත්තේ ගසට පොත්ත මෙනි. තම දිවියෙන් වැඩි කාලයක් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය...
2023-12-21 18:30:00
ඔබ, මම ආවා තමයි කොහේ සිට ආවාද? කොහාට යනවද? කවදද යන්නෙ? කියන මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න අපේ මනස ගොඩක් දියුණු කරන්න වේවි. මේ ටික පැහැදිලි කරන්නේ බුදු...
2023-12-21 18:30:00
මාර්තු මාසයේ 7, 16, 25, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 7 වන අතර එය නෙප්චූන් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා...
2023-12-21 18:30:00
2024ට එළැඹි නව වසර ඒ ඒ රටවලට ආවේණික වූ සිරිත් විරිත් හා වත් පිළිවෙත් අනුගමනය කරමින් ලෝක ජනතාව සමරනු ලබන්නේ සාමය සතුට සමගිය හා සෞභාග්‍යය ප්‍රාර්ථනා...
2023-12-14 18:30:00
- ලග්න දොළහටම සුබපල මේෂ ලග්න හිමියන්ට ධන වාසනා- කටක රාශි හිමියන්ට නව ආදායම් මාර්ග- මිථුන ලග්න හිමියන්ට ප්‍රබල බැඳීම්- වෘෂභ...
2023-12-14 18:30:00
ඡ්‍යොතිෂයේ ‘වාස්ත’ නියමයන්ට අනුව යම් භූමියක හෝ නිර්මාණයක මධ්‍යයෙහි උස්ව පිහිටීම එහි වෙසෙන්නන්ගේ උත්සාහවන්තබවත්, නීරෝගිබවත්, සැප සම්පත් සහ ධනය...
2023-12-07 18:30:00
හෙළයේ පිනට උපන් දක්ෂතම ගත්කතුවරුන් බිහිවීම මහත්වූ භාග්‍යයකි. අද අපි කතාබහ කරන්නට යන්නේ සුප්‍රකට ගත්කතුවරෙයක් වූ ඩබ්ලිව්.ඒ.සිල්වා මහත්මා ගැනයි. ධනු...
2023-12-07 18:30:00
මන්ත්‍ර ශාස්ත්‍රය යනු ප්‍රබල ගුප්ත විද්‍යාවකි. විධිමත් අක්ෂර සංයෝගයක් මත ගොඩනැඟුණු මෙම බලගතු ශාස්ත්‍ර ක්‍රමය මඟින් සිදුකරනු ලැබූ විශ්මය ජනක බොහෝ දේ...
2023-12-07 18:30:00
ඡ්‍යොතිෂ ශාස්ත්‍රයටත් සාහිත්‍ය කලාවටත් ඒ ඔස්සේ සමාජයටත් සිදු කළ සේවය නිසාම කලාභූෂණ, කාව්‍ය ශිරෝමනී, සබරගමු වංශාභිමානි, කිවිපති යනාදී ගෞරව...
2023-12-07 18:30:00
මාස දොළහක් ගෙවී තවත් මාස දොළහක් උදාවන නව වසරේ ජනවාරි පළමුවැනිදා සියලු ලෝකවාසී ජනතාවගේ මංගල සම්මත දිනයකි. මෙදිනට එළැඹෙන දෙසැම්බර් තිස්එක්වැනිදා...
2023-12-07 18:30:00
පෙබරවාරි 28, මාර්තු මාසයේ 1, 10, 19, දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 1 වන අතර එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වුයේ මාර්තු මාසයේ...
2023-12-07 18:30:00
ඔහු හෙළයේ මහා පඬිරුවනකි. ශ්‍රී ලංකා මාතා නාමය සේම තම නාමයද දසත පැතිර වූ දුර්ලභ ගණයේ මිනිසෙකි. ඡ්‍යොතිෂ ශාස්ත්රයේ ද පරතෙරට ගිය නැකැත් ශාස්ත්...
2023-11-30 18:30:00
අප එළැඹෙමින් සිටින්නේ 2024 වසරටයි. එය තවත් එක් පරම්පරාවක නාමකරණය නිමාවන වසර බව අපි දනිමු. ඒ 2010 වසරේ සිට මෙලොව එළිය දුටු ඇල්ෆා පරපුරේ අවසන් පුරුක්...
2023-11-30 18:30:00