රසකාමී සිකුරු සිංහයේ සතුරු වීමෙන් රටවැසියා තිගැස්සෙයි ද?

සැප්තැම්බර් 2, 2022
  • නළු නිළියන්ට ස්ත්‍රීන්ට අපලදායකයි
  • රටෙහි සහ ජනතාවගේ වියදම වැඩිවීමක්
  • වැසි තත්ත්වයේ වර්ධනයක්
  • අලංකාරය පිළිබඳවත් පිරිසුදුකම ගැනත් ජනතා සිත් යොමුවේ

මිථුන,කන්‍යා, ධනු, මීන භද්‍ර සහ හංස යෝග බල ද මේෂ, කටක, තුලා, මකර, සස යෝග බල ද සිංහ, වෘෂභ, කුම්භ, වෘශ්චික, මේෂ, ධනු රාශි සයට උපේන්ද්‍ර අධියෝග බලය ද ශනි,කේතු චතුර්කෝණ දෘෂ්ටිය චන්ද්‍ර -ශනි, ගුරු -ශනි, කුජ ශනි ත්‍රිකෝණ දෘෂ්ටිය මුලාශ්‍රිතව සිකුරු ග්‍රහයා සිංහ රාශි ගත විය.

දක්ෂිණායන සරත් සෘතුවෙහි සිංහ රවි 15 භාග බිනර මහේ පුර විසේනිය තිථිය මා එක දෙක තුන හතර පුවපල් එක දෙක තුන හතර උත්‍රපල් එක යන පාද නවයකින් කේතු සිකුරු රවි ග්‍රහ ගමන් මග සැප්තැම්බර් 24 පුරාවට පවතිද්දී රවි හිමි සිංහ රාශිය -මේෂ නවාංශකය -මා එක පාදය ආශ්‍රිතයෙන් අගෝස්තු මස 31 වැනි බුධ දින පස්වරු 4:19 ට සිකුරු ග්‍රහයා සතුරු වෙමින් රවී හා සුසංයෝගයකින් සිංහ රාශිගත විය.

මෙම ග්‍රහ සංක්‍රමණයට අනුව සිකුරු සිංහ රාශි ගත වීම පිළිබඳව වැඩි අවධානයකින් විමසා බැලිය යුතුය. මන්ද සිකුරු යනු නව ග්‍රහයන් අතරින් ගුරුට පසුව ඇති සුභම ස්ත්‍රී කාරක ග්‍රහයායි. සිකුරු සිංහයේ සතුරුවීම රටට සහ රටවැසියාට එතරම් සුබදායක තත්ත්වයක් නොවේ. රටෙහි සහ ජනතාවගේ වියදම වැඩි වේ. වියදමේ තරමට අයවීම් ඇති නොවේ. ආයෝජන දුර්වල වේ. මෙනිසාම මහජන සිත් තරමක කලබලකාරී තත්ත්වයකට පත්විය හැකිය. කාලගුණික විපර්යාස ඇතිවීමට ඇති ඉඩකඩ ද වැඩිය. එනම් පවත්නා වැසි සමයෙහි වැඩි වීමක් බලාපොරොත්තු විය හැකිය. එලෙසම සිකුරු සතුරු වීම කාන්තා පාර්ශ්වයට ද සුබදායක තත්ත්වයක් නොවේ. විශේෂයෙන් කලාකාමීන්ට, නළු නිළියන්ට තරමක අපල දායක තත්ත්වයක් ඇතිවේ. මේ සියල්ල මෙසේ වුවත් මේ කාලසීමාවේ තම අලංකාරය පිළිබඳවත් පිරිසුදුකම ගැනත් ජනතා සිත් යොමුවේ. ජනතාව තම උරුම හිමිකම් දිනා ගැනුමට පෙළ ගැහේ. මේ ග්‍රහ සංක්‍රමණය ඒ ඒ ලග්නවලට බලපාන්නේ කෙසේ දැයි බලමු.

මේෂ රාශිය –

සාමකාමීව දෛනික දිවිය ගත කිරීමට කෙතරම් උත්සහකළත් බාධක අවහිර දුෂ්කරතාවයන්ගෙන් දුරුවීමක් නොමැත. සබඳතා ,විවාහ, පවුල් ජීවිත කටයුතු ආකූල ව්‍යාකූල වනු ඇත.

වෘෂභ රාශිය

සැනසුම , සතුට සම්පත ආදී සිතැඟියාවන් ආශි‍්‍රත නව දිවි ගමන් මඟකට යොමුවූවද විවිධ බාධක අවහිර බලපානු ලබයි.

මිථුන රාශිය –

නිතරම ප්‍රාර්ථනා සුළඟට අසුවූ බවක් දැනෙන සුළුවෙයි. පදිංචි ස්ථානයෙහි නවතාවයක්ද අලංකාරත්වයක්ද දක්නට ලැබෙයි.

කටක රාශිය –

අරමුණුූ රැසක්ම ඇතත් ක්‍රියාත්මක කිරීමෙහි අපොහොසත් බවක් පෙනී යයි. උත්සහය, උනන්දුව ප්‍රබලව ඇත. රැකියා ආදායම් මාර්ග කෙරෙහි සතුරු බලවේග මතු කෙරෙයි. උත්සහය ජයගනී.

සිංහ රාශිය –

ආරම්භක ක්‍රියාකාරකම්හි සැනසීම සතුට බොදවී යයි. තැම්පත් දේපළ, වස්තුව රෝගාබාධක, දෛනික හදිසි අවශ්‍යතා වෙනුවෙන් වැයවෙයි. දියුණුව පිළිබඳ අවහිර බාධක අවුල් නිර්මාණය වෙයි.

කන්‍යා රාශිය –

යානවාහන . ගොඩමඩ ඉඩකඩම් දේපළ වස්තු කෙරෙහි නිතර සිත යොමු කෙරෙයි. සැලකිය යුතු රෝගාබාධක බලපානු ඇත. නිතර අභියෝගයන්ට මුහුණ දීමට සිදුවෙයි. තැම්පත් දේපළ වස්තු ආශි‍්‍රතව ආකූල ව්‍යාකූල බවක් පෙනේ.

තුලා රාශිය –

රැකියා ආදායම් ලාභ, සොර සතුරු බලවේග, දෛනික දිවිමඟෙහි බාධක කෙරෙහි නිතර සිත යොමුකරනු ලබන බැව් මනාව විද්‍යමාන කෙරෙයි.

වෘශ්චික රාශිය –

හිස, උරහිස් , උදරය, යටිබඩ, පාද ආශි‍්‍රතව රුදා වේදනා ගෙන දෙනු ලබයි. හදිසි තීරණ ඉක්මන් කෝප මතු කෙරෙයි. ගැටුම්කාරි බවක් පෙනෙයි.

ධනු රාශිය –

ලැබිම් කෙරෙහි නිතර සිත මෙහෙය වීමට සිදුවිය හැක. පදිංචිය අශි‍්‍රතව ආගමික පසුබිමක් නිර්මාණය විය හැක. රැකියාව ආශි‍්‍රතව යම් යම් ලැබිම් බලපානු ඇත. ඉදිරිය යහපත් වෙයි.

මකර රාශිය –

නිර්මාණශීලි කාර්යභාරයන් කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කෙරෙනු ඇත. ලැබිම් කෙරෙන් බාධක අවහිර නිර්මාණය විය හැක. උත්සාහය සහ උනන්දුව දෙගුණ තෙගුණ කෙරෙයි. ඉදිරිය ශුභයි.

කුම්භ රාශිය –

පදිංචිය ආශි‍්‍රතව හදිසි බාධක කෙරෙහි තුඩු දෙයි. දියුණුවට අදාළ සමාරම්භක කටයුතු බොහෝ දුරට සාර්ථක කෙරෙයි. ආගමික පුද පූජා කටයුතු බාධක දුරුවීමෙහිලා බොහෝ දුරට බලපායි.

මීන රාශිය –

සිතැඟියාවන් බොහෝදුරට සැඟවී යන බවක් පෙනෙයි. නිර්නාමික සොර සතුරන්ගේ බලවේග ඉස්මතු වෙයි. රෝගාබාධය ආශි‍්‍රත බලපෑම් ද යෙදිය හැකියි.

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.