ලග්න කේන්දරයෙන් හෙළිදරව් වන ඇස් රෝග

අගෝස්තු 26, 2022

2 කොටස

කුජ, ශනි,රාහු, කේතු යන ග්‍රහයන් දෙවැන්නේ හෝ දොළොස් වැන්නේ පිහිටා ඇති විටදී හෝ එකී ග්‍රහයන් ගේ දෘෂ්ටියක් දෙවැන්නේ 12වැන්න යන භාවයන්ගේ එකකට වැටී ඇති විටදී රවි, සඳු, සිකුරු යන ග්‍රහයන්ගෙන් වැඩි දෙනෙක් නම් පීඩිතව ඇතිවිටදී යටකී සහජ පාපීන්ගෙන් පීඩා වූ දෙක හෝ දොළොස්වැන්නට 6,8 අධිපති ගේ දෘෂ්ටියක් වැටී ඇත්නම් කෙනෙකුගේ පහර දීම නිසා හෝ හදිසි අනතුරක් නිසා, එක් ඇසක් අන්ධ වන්නේ විශේෂයෙන් ම, යටකී සහජ පාප ග්‍රහයෙක්ම අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඒරාෂ්ටක අපලයක් ලැබූ කාලයට විග්‍රහ කළ පිරිමි ජන්මියා ගේ එක් ඇසක් අන්ධ වන්නේය.

මෙහිදී පුරාණ ඡ්‍යොතිෂ්‍ය ග්‍රන්ථ වල සඳහන් ඇස් රෝග ඇති වූවන් ජනිත වන ග්‍රහයෝග කිහිපයක් සඳහන් කිරීම උචිත යැයි හැඟී ගිය හෙයින් සාරාවලිය නම් පැරණි ඡ්‍යොතිෂ්‍ය ග්‍රන්ථයෙහි සඳහන් නේත්‍ර හීන යෝග කිහිපයක් ඇතුළු කරමි.

1.අඟහරුවා හා සෙනසුරු 12 වැන්නෙහි සිටියදී ඇස් අන්ධ වේ. සෙනසුරා දකුණු ඇසත් අඟහරුවා වම් ඇසත් කණ කරයි.

2.සඳ හිරු 12 සිටියදී පාපයන් 6,8 යන රැසක සිටියි නම් අන්ධ වේ.

3.හිරු 12 හි වූ විට දකුණු ඇසද සඳු 12 හි වූ විට වමැසැ කණ කෙරේ.

4.රාහු ලග්නයෙහි ද හිරු සත් වැන්නෙහි ද සිටින කල උපන් තැනැත්තා නිසැකවම අන්ධ වේ.

5. 2/12 යන රාශිවල සඳු හා හිරු ද 8,6 රාශිවල පාපයෝ ද වෙත්, නම් අන්ධයෙක් වේ.

6.හයෙහි සඳුද අටෙහි හිරු ද නවයෙහි ශනි ද, කුජ දෙකෙහිද වුවහොත් අන්ධයෙක් වේ.

එමෙන්ම ජෛමිනි සූත්‍රයෙහි නේත්‍ර හානි යෝග ගැන සඳහන් වේ. ඒ අනුව ජෛමිනී සූත්‍ර පොතෙහි 74 වෙනි පිටුවේ 44 වෙනි පරිච්ඡේදයේ නේත්‍ර හානි යෝග ගැන මෙසේ සඳහන්ව ඇත. සිකුරු ලග්න යෙන් රාහු පස් වැනි භාවයෙන් සිටියද එකී රාහු එනම් 5 වැනි භාවයේ සිටින රාහු රවි විසින් දකියි ද ඇස් හානි කෙරේ යනුවෙන් සඳහන්ව ඇත.

සර්වාර්ථ චින්තාවෙහි නම් ඡ්‍යොතිෂ්‍ය ග්‍රන්ථයෙහි ඇස් රෝග පිළිබඳව මෙසේ සඳහන්ව ඇත.

දෙවැන්නාධිපති සිකුරු හා සඳු සමඟ ලග්නයෙහි සිටීනම් ජන්මියා රාත්‍රි අන්ධයෙකු වේ. කෙසේ වුවද දෙවැන්නාධිපති ශුභ ග්‍රහයෙක් සමඟ හෝ ඔහුගේ උච්ච රාශියෙහි සිටී නම් රෑ අන්ධ බව ඇති නොවේ.

2.දෙවැන්නාධිපති රවි හට සිකුරු සමඟ 6,8 හෝ 12 සිටී නම් ජන්මියා ජනිත වී ඇත්තේ අන්ධවය.

3.කුජ හා ශනි වික්ෂණය ලැබූ රවි හා සඳු සිංහ ලග්නයෙහි සිටීනම් ඇස් හානි වීම පැවසිය යුතුව ඇත. එහෙත් මෙම යෝගයෙහිදී දෘෂ්ටි ලබන රවි හා සඳු ද දෘෂ්ටි විහිඳුවන ශනි හට කුජද, ස්වභාවික ශුභ ග්‍රහයන් සමඟ සිටීනම් අඳ බව ඇති නොවේ.

4.ලග්නාධිපති සෙනසුරු බැල්ම ලැබ පාපීන්, බොහෝ ගණනක් සමඟ සිටී නම් ජන්මියාට ඇස් රෝග පවතී. දැන් අපි මෙකී කරුණු පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා ගැනීම පිණිස අපි අපගේ අවධානය උදාහරණ කේන්දර කිහිපයක් වෙත යොමු කරමු.

උපත 1976/01/10 දින උදේ 8.22 කොළඹදී සිදුවී ඇත. බුධට හිමි අස්ලිස නැකතේ 1 වෙනි පාදයේ උපත ලබා ඇති හෙයින් බුධ මහ දශාව ඉදිරියට වර්ෂ 14 යි, මාස 11 යි. දින 00 ශේෂව තිබුණි.

1 සටහන ඉහත කේන්දරය අයත් වන්නේ ඇස් පෙනීම දුර්වල හෙයින් උපැස් යුවළක් භාවිතා කරමින් පරිගණක සම්බන්ධ සුළු රැකියාවක් කළ පුද්ගලයකුටය. මෙම පුද්ගලයාට පසු කලෙකදී දෑස් නොපෙනී ගොස් අසරණ විය. ඒ පිළිබඳව ඔහු උපන් මකර ලග්න කේන්දරයට අනුව ඔහුගේ ඇස් පෙනීම අහිමි වීමට හේතුවූ ග්‍රහ බල ගැන ඉහත කේන්දරයට අනුව කරුණු විමසා බැලීමේදී දකුණු ඇස ගැන කියැවෙන භාවයක් වන දෙවැන්නට මෙන්ම මුළු මහත් ශරීරය නිවේදනය කරන ලග්නයට අධිපති සෙනසුරු රෝග ස්ථානය වන 6 වැන්නේ කේතු, රවි, රාහු යන ග්‍රහයන් ගෙන් පීඩා වීමක් දෙවැන්නට කාරක රවි 12 වැන්නේ රාහු / කේතු සහ පාප පීඩිත 6 අධිපති බුධගෙන් පීඩා වීමත් එසේම වම් ඇස ගැන කියැවෙන 12 වැන්නේ 6 අධිපති බුධ රාහු /කේතු යන ග්‍රහයන් ගෙන් පීඩා වීමක් 12 වැන්නාධිපති ගුරු 22 වෙනි දෙර්කාණාධිපති වි ලග්නයේ පාප කර්හරිත යෝගයකට මැදිව සිටීමත් 12 වැන්නට කාරක සඳු 7 වැන්නේ කුලීර යෝග උදා කරමින් සිටියත් පාප කර්හරිත යෝගයක මැදිව 22 වැනි දෙර්කාණාධිපති ගුරු ගේ සප්තම දෘෂ්ටියෙන් පීඩා වීම නිසා පසු කලෙකදී දෙනෙත් නොපෙනී යාමට හේතු විය.

ඒ අනුව 2017 ලැබූ 12 වැන්නේ පතිත රවි ග්‍රහයාගේ මහ දශවේ දි ලැබූ, ලග්න, ජන්ම, සූර්ය ඒරාෂ්ටක අපල කාලයේදී දෙනෙත් අන්ධ විය.

දැන් අපි අපගේ අවධානය තවත් උදාහරණ කේන්දරයක් වෙත යොමු කරමු. දෙවෙනි උදාහරණ කේන්දරය අයත් වන්නේ ඉංජිනේරුවෙක්ට ය. ඔහු සැමවිටම උපැස් යුවළක් පලදියි. උපැස් යුවළක් නොමැතිව ඔහුට එදිනෙදා වැඩ කටයුතුවල යෙදීමට නොහැකිය. එහෙයින් ඔහු උදේ අවදි වූ වේලාවේ පටන් රාත්‍රී නින්දට යන තෙක් උපැස් යුවළක් පළඳියි. ඒ අනුව ඔහු ගේ පෙනීම දුර්වලතාවයක් ඇතිවීමට හේතු භූත වූ කරුණු පහත දැක්වෙන සිංහ ලග්න කේන්දරයට අනුව විමසා බලන කල දෙවැන්නාධිපති බුධ එනම් දකුණු ඇස ගැන කරුණු හෙළිදරව් කරන භවාධිපති බුධ 10 වැන්නේ ලග්න කේන්දරයට පාපියන් වැනි සිකුරු සහ දුෂ්ට ස්ථානාධිපතියෙක් වන සෙනසුරු සමඟ යෝගව සිටියදී රෝග ස්ථානයේ සිටින සතුරු කේතුගේ පූර්ණ දෘෂ්ටියට සහ 7 වැන්නේ මළ ග්‍රහයෙක් බවට පත්වූ අඟහරුගේ පූර්ණ දෘෂ්ටියට ලක්වීම දකුණු ඇසෙහි පෙනීම දුර්වල වීමට හේතු විය. වම් ඇස නිවේදනය කරන 12 වැන්නෙහි සතුරු රාහු වීම වම් ඇස නිවේදනය කරන 12 වැන්නෙහි අධිපති සඳු සතුරු රාහු රාහු /කේතු ගෙන් පාප කර්තරීහ යෝගයකට මැදිව සිටීම, සිංහ ලග්නයට පාපීන් වූ සිකුරු / ශනි ගෙන් පීඩා වූ බුධගේ පූර්ණ දෘෂ්ටිය සඳුට වැටීම වම් ඇසේ පෙනීම දුර්වල වීමට හේතු විය. එනමුත් ලග්නාධිපති රවි භාග්‍ය ස්ථානයේ උච්ච වෙමින් මයුරපාල යෝගය උදා කර තිබීම. සඳු ත්‍රිකෝණගතව රවි උච්චම සිටීම යෝගකාරක අඟහරු ලග්න දැකීම සඳුට කේන්ද්‍රගතව ගුරු සිටිමින් ගුරු හංස යෝගය උදා කිරීම යන ශුභ ග්‍රහ බලපෑම් හේතුකොට ගෙන උපැස් යුවළක් භාවිත කරමින් එදිනෙදා වැඩ කටයුතු කිසිඳු බාධාවකින් අවහිරයකින් තොරව කර ගෙන යෑමට ඔහුට හැකිවිය.

ඡ්‍යොතිෂවේදී උදම් පෙරේරා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.