ලක්දිව සංස්කෘතික ප්‍රබෝධය ඇති කළ පොසොන් පොහොය

ජුනි 10, 2022

 

 

ලක්දිව බුදු දහම ප්‍රචලිත කරවීමට රාජ්‍ය අනුග්‍රහය ලැබිණ. තරුණයෝ මහණකර ශාසනයට ඇතුළත් කර ගත්හ. මෙහෙණි සස්න ඇති කරවීමෙහි අවස්ථාව දුටු මිහිඳු හිමියෝ ඒ සඳහා තම නැගණිය සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කළහ.

 

ශ්‍රී ලංකාවාසීන්ට වෙසක් පෝය යම්සේ වැදගත් වී ද එසේම පොසොන් පෝය ද ඉතා වැදගත් වෙයි. ඒ දෙවන බුදුන් ලෙස සැලකෙන මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමන සිහිකරවන බැවිනි. මේ නිසාම බෞද්ධ ජනතාව පොසොන් පෝයට අනුරාධපුර වන්දනාවේ යාමට අමතක නොකරති.

 

මෙරට ප්‍රථම රජු ලෙස විජය රජු අපි පිළිගනිමු. එතුමාගේ ඇමැතිවරයකු වූ ‘අනුරාධ’ අනුරාධ ග්‍රාමය මුලින්ම නිර්මාණය කළේ ය. රාජ්‍යය පාලනය කළ පණ්ඩුකාභය රජතුමා අගනුවරකට අවශ්‍ය අංගෝපාංග එකතු කර අනුරාධපුරය තම රාජධානිය කර ගත්තේ ය. ඔහු පඬුවස් දෙව් රජුගේ දියණියගේ පුත්‍රයා විය. අනුරාධපුර ඉතිහාසය එසේ විය.

බෞද්ධ ප්‍රබෝධය සඳහා වැදගත් වන්නේ ක්‍රි.පූ. 307 රජ පැමිණි දේවානම් පියතිස්ස රජ සමයයි. මොහුගේ නුදුටු මිතුරකු වූ ධර්මාශෝක රජු තමා බුදුදහම වැළඳගත් බවත් එය ඔබටත් ධර්ම පඬුරක් කොට එවමියි දන්වා තිබිණ. ඒ සඳහා තම පුත් මිහිඳු මහ රහතන් වහන්සේම යැවිය යුතු යැයි තීරණය කළේ ය. පොසොන් පුර පසළොස්වක දා මිහින්තලා කඳු මුදුනට වැඩියේ භණ්ඩුක උපාසක ඇතුළු පිරිසක් සමඟයි. මේ මොහොතේ දේවානම් පියතිස්ස රජු ඇතුළු පිරිසක් මුව දඩයමේ යෙදී සිටියහ.

මිහිඳු මහරහතන් වහන්සේ අවස්ථාව බලා තිස්ස තිස්ස යනුවෙන් කථා කළ සේක. ඒ හඬින් තිගැස්සුණ දේවානම් පියතිස්ස රජු නැවතී වටපිට බැලුවේ ය. ඊටපසු මිහිඳු හිමියෝ තමා කවරෙක්දැයි හඳුන්වා දී රජුගේ බුද්ධිමත්භාවය අඹ ගසක් මුල්කර ඇති කර ගත් සංවාදය තුªළින් අවබෝධ කර ගත් සේක. අනතුරුව රජු ඇතුළු පිරිස පංච ශීලයෙහි පිහිටුවා චුල්ල හත්ති පදෝපම සූත්‍රයෙන් දහම් දෙසා ධර්මාවබෝධය ලබාදුන් සේක. ලක්දිව බුදු දහම ප්‍රචලිත කරවීමට රාජ්‍ය අනුග්‍රහය ලැබිණ. තරුණයෝ මහණකර ශාසනයට ඇතුළත් කර ගත්හ. මෙහෙණි සස්න ඇති කරවීමෙහි අවස්ථාව දුටු මිහිඳු හිමියෝ ඒ සඳහා තම නැගණිය සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කළහ. ඒ සමඟ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ඛිණ ශාඛාවද ගෙන්වා ගත්හ. මහමෙවුනා උයනේ අඩි 21ක් උස භූමි ප්‍රදේශයක බෝධි ශාඛාව රෝපණය කර ඇත.

සඟමිත් තෙරණින් සමඟ දහ අට කුලයකට අයත් විවිධ කර්මාන්ත කෙරෙහි දක්ෂතා ඇති පිරිස් විශාල සංඛ්‍යාවක් ලංකාවට පැමිණ ඇත. මේ නිසා දඹදිව සංස්කෘතිය ලංකාවට හිමි වී ඇත. සර්වඥ ධාතූන් තැන්පත් කර මුලින්ම සාදන ලද චෛත්‍ය කර්මාන්තය ථූපාරාමය වෙයි. යොදුනක් පාසා සර්වඥ ධාතුන් තැන්පත් කරමින් චෛතීය ආරාම පිහිට වූහ. ථූපාරාම සංඝායනාවක් විනය මූලික කොට පැවැත් වූහ.

මිහින්තලා පර්වතය අවට ලෙන් රාශියක් සංඝාවාස බවට පත්කර තිබූ බව එහි වන්දනාවේ යන අය දැක ගත්හ. පොසොන් පෝයට ජනතාව වන්දනාවේ යන්නේ අනුරාධපුර අටමස්ථානය හා මිහින්තලාව හා අවට සිද්ධස්ථාන වැඳ පුදා දැක බලා ගැනීමටයි. වසර තුනක පමණ කාලයක් ගෙතුළ සිරවී සිටි ජනතාව මිහින්තලා වන්දනාවේ යන්නේ දෙවන බුදුන් වූ මිහිඳු මහරහතන් වහන්සේ සිහිකර කළගුණ සැලකීමට හා එදින පවත්වන සීල ව්‍යාපාර බුද්ධ පූජාවලට සහභාගි වී කුසල් සිත් වඩා ගැනීමටයි. බුද්ධාලම්භන පී‍්‍රතිය නිසා දන්සැල්, තොරණ, සවණක්රැස් විදහා දක්වන කොඩි, අලංකාර කූඩු දිස්වුවද ඒ සියල්ලට වඩා අධ්‍යාත්මික ගුණ වගාවට විශේෂ තැනක් දී කටයුතු කිරීම බෞද්ධයාගේ පරම අධිෂ්ඨානය විය යුතු ය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.