සුබසෙතට වසර 53ක් සපිරුණූ දා

ඡ්‍යොතිෂයට හා ආයුර්වේදයට සුබසෙත විශ්වකෝෂයක්
- පූජ්‍ය මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමි
ජුනි 3, 2022

 

සුබසෙත පුවත්පතට වසර 53ක් සපිරීම නිමිත්තෙන් පසුගිය දා කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ දී පූජ්‍ය මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමියන්ගේ ධර්මානුශාසනාවෙන් යුතුව බෝධිපූජාමය පින්කමක් පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවේ දී පූජ්‍ය ඉන්දසර හිමියන් පවසා සිටියේ, දශක ගණනාවක් තිස්සේ සුබසෙත පුවත්පත ඔස්සේ මෙරට ජනතාවට අවශ්‍ය කරනු ලබන නක්ෂත්‍රය හා ආයුර්වේදය පිළිබඳ ලබා දෙන දැනුම් සම්භාරය නිසාම සුබසෙත පුවත්පත ඒ පිළිබඳ විශ්වකෝෂයක් ලෙස හැඳීන්විය හැකි බවයි. වැඩිදුරටත් ඒ පිළිබඳ අදහස් දක්වමින් නාහිමියන් මෙලෙස පවැසුවේ ය. ‘‘ සුබසෙත පුවත්පත ජ්‍යොතිෂය හා ආයුර්වේදය සම්බන්ධකර ගනිමින් පළවන සතිපතා පුවත්පතක්. සෑම සිකුරාදා දිනකම පළවන මේ පුවත්පතින් රටට විශේෂ සේවාවක් ඉටුවුණා. අපි සාම්ප්‍රධායික සිරිත්විරිත් සංකෘතියක් අනුගමනය කරන පිරිසක් ලෙස එදා සිටම ජ්‍යොතිෂය පිළිබඳ ආයුර්වේදය පිළිබඳ ඉමහත් වූ විශ්වාසයක් ඇතිව කටයුතු කරපු ජාතියක්. ජ්‍යොතිෂය, ආයුර්වේදය පිළිබඳ පළමුවෙනි අධ්‍යයනය ලංකාවේ ආරම්භ වන්නේ අනුරාධපුර යුගයේදීයි. මහාවිහාර පිරිවෙ‍නේ පවා ජ්‍යොතිෂය සම්බන්ධව ආයුර්වේදය සම්බන්ධව පාඨමාලා පැවැතුණු බවත් ඒ විෂයයන් උගන්වපු බවටත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ නිසා අපේ සිංහල ජාතිය ඈත ඉතිහාසයේ සිට පරම්පරාවෙන් පරම්පරාවට ජ්‍යොතිෂයෙන් හා ආයුර්වේදයෙන් විශාල ප්‍රයෝජන ලබාගත් පිරිසක් වෙනවා. අපේ ජීවිතයේ සෑම වැඩකටම පාහේ නැකැතක් අනුව වැඩ කිරිම සිදු වෙනවා. ඉපදෙන සෑම මනුෂ්‍යයකුටම කේන්දරයක් සකස් වෙනවා. ඒ සකස් වෙන කේන්දරයට අනුව පුද්ගල ජීවිතයේ වැදගත් සිදුවීම් සෑම දෙයක්ම නැකතක් අනුව සිදුකිරීම රටේ චාරිත්‍රයක් බවට පත්ව තිබෙනවා. සුබසෙත පුවත්පත මඟින් එම වටිනා ශාස්ත්‍රය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සිද්ධ කරනු ලබනවා. මෙය ජනතාවට විශාල සහනයක් ලෙස සලකන්නට පුළුවන්.‘‘ යනුවෙනි.

මෙම පින්කම කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම් මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත ලේක්හවුස් සේවක සේවිකාවන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙයට සමගාමීව සුබසෙත කර්තෘ මණ්ඩල පරිශ්‍රයේ දී කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් හා ලේක්හවුස් සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් බෙලිමල් දන්සලක් ද පවතවනු ලැබිණි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.