වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඔබේ සහකරුවාත් මේ වගේද
නොවැම්බර් 26, 2021
හතර වරිගයටම වග කියන හතර වර්ගයක පිරිමි ගති ලක්ෂණ
පිරිමියා සහ කාන්තාව අතරින් කායික ශක්තියෙන් ඉහළ තැනැත්තා පිරිමියා වුවද වත්මන් කාන්තාව තම බුද්ධි මහිමයෙන් කැපවීමෙන් අධ්‍යාපනයෙන් ලබා ඇති තත්ත්වය පිරිමියා අතික්‍රමණය කරන (ඉක්මවා යන) බව පැහැදිලි සත්‍යයකි.පිරිමි මූලික සමාජය තුළ කාන්තාව ප්‍රබල වී සිටියද ඇතැම් කටයුතු වලදී පිරිමියාගේ දායකත්වය ඉහළින්ම කැපී පෙනෙයි.
මේ විමසුම ඡ්‍යොතිෂයට අනූව පිරිමින්ගේ ගති ලක්ෂණ පිළිබඳයම් අවබෝධයක් ඔබට ලබාදීම පිණිසයි.
ඡ්‍යොතිෂයට අනූව ලෝකයේ වෙසෙන පිරිමි ඔවුන්ගේ දේහ ලක්ෂණයන් අනූව වර්ග හතරකට බෙදනු ලැබෙයි.හැඩරුව, ගතිගුණ දෙස ඉතා වුවමනාවෙන් ඔබ විමසා බැලුවහොත් ඔබ විමසන පුරුෂයා කෙබඳු අයුරක පුරුෂයෙක්ද යන්න මේ අනුව වටහා ගත හැකිය.
“ශෂ” වර්ගයේ පිරිමි
ඡ්‍යොතිෂයට අනූව පිරිමින් වර්ග කිරීමේදී මුල්ම කොටසට අයත් වන්නේ “ශෂ”පුරුෂයාය.මේ “ශෂ” පුරුෂයාගේ මුහුණ රවුම් වටකුරු හැඩයක් ගනියි.උස මධ්‍යම ප්‍රමාණයකින් යුක්තය.දෑත් වල ඇඟිළි අතර ඉතා විශාල හිඩැස් දැකිය හැකිය.දෑස් රතුපැහැයෙන් යුක්තය.පපුවේ සහ පිටේ පවා රෝම සහිත සිරුරක් හිමි “ශෂ” වර්ගයේ පුරුෂයා ඉතාම යුක්තිගරුකය.මානව දයාවෙන් යුක්තය.අන්‍යයන්ගේ සැපය වෙනුවෙන් තමන්ගේ බොහෝ දේ කැප කරනු ලබයි.එසේම ශෂ වර්ගයේ පුරුෂයාට කරදර කම්කටොලු ගෙනදීමට පියවර ගන්නා අන්‍යයන් බුද්ධියෙන් මට්ටු කරන්නට තරම් මානසික තත්වයක් හා ශක්තියක් ශෂ වර්ගයේ පුරුෂයා සතුය.
එකවිට කාර්යයන් කීපයක් කිරීමට දක්ෂ “ශෂ”වර්ගයේ පුරුෂයා තමා අතින් අතපසු වීමකින් හෝ සිදුවූ වරදක් වුවද වගකීමෙන් බාරගනියි.තමා නොකළ වරදක් තමන් වෙත පටවන්නේ නම් තදින් කිපෙයි.ජීවිතයේ සියලුම කටයුතු පිළිවෙලකට කරන මේ “ශෂ” වර්ගයේ පිරිමියා ඡ්‍යොතිෂයේදී ඉතා සාර්ථක දැහැමි,පරාර්ථකාමී යහපත් පුද්ගලයකු ලෙස අර්ථ දක්වන අතර ඒවැනි පුරුෂයකු තම විවාහක බිරිඳට සහ දරුවන්ට බොහෝ සේ ආදරය කරයි.තම බිරිඳට අවශ්‍ය සියලු සැප සම්පත් තමාට හැකි ආකාරයෙන් උපරිම ලෙස ලබාදීමටද “ශෂ” වර්ගයේ පිරිමියා කිසිවිටෙකත් පසුබට නොවෙයි.ඒමෙන්ම “ශෂ” වර්ගයේ පිරිමින් විවිධ කලා කටයුතු වල නිරත වන අතර ඔහු අන්‍යයන්ගේ පීඩිත බව කෙරෙහි දැඩි ලෙස කම්පා වන්නෙකි.අන්‍යයන්ට කිසියම් විපතක් වී නම් නොපැකිළවම උපකාර කිරීමට දෙවරක් නොසිතයි.
“මෘග” වර්ගයේ පිරිමි
දෙවැනි වර්ගයේ පිරිමියා හඳුන්වනු ලබන්නේ “මෘග”පුරුෂයා වශයෙනි.වචනයේ හැඩය, උච්චාරණය, පරිහරණය අනූව මෘග යන වචනය තුළ තිරිසන් බවක් පෙන්නුම් කළත් ජ්‍යොතිෂයට අනූව “මෘග” පුරුෂයා හොඳ පුරුෂයෙකි.ඔහුගේ ගතිගුණ බොහෝ දුරට “ශෂ” වර්ගයේ පිරිමියාට සමානය.
“මෘග” වර්ගයේ පිරිමියාද බිරිඳට සහ දරුවන්ට පණ සමව ආදරේ කරයි. අන් දරුවන්ද තම දරුවන් සේ සලකයි.වංචාකාරී නැත.බිරිඳගේ හා පවුලේ ගරුත්වය සුරකින විශ්වාසවන්තයෙකි. මොහුගේ ස්වරූපය වන්නේ නිතර නිතර වටපිට බැලීමය. සිත එක අරමුණක නතරව පවතින්නේ නැත. එහෙත් සැක උපදවාගතයුතු නැත. කාය බලයෙන් ශක්තිමත් මේ පුරුෂයාගේ අතපය ඉතා හොඳීන් පූර්ණව පැහැපත්ව වැඩී තිබේ.සිනහවකින් පිරුණු මුව මඬලක් “මෘග” වර්ගයේ පිරිමියාට ඇති අතර නිතර නිතර ආහාර ගැනීමට ප්‍රියතාවයක් දක්වයි.ආහාර ගන්නා විට එකවර විශාල ආහාර ප්‍රමාණයක් ගැනීමද “මෘග” පුරුෂයාගේ ලක්ෂණයකි. මේ නිසාම ලෙඩ රෝග වලට බහුලව ලක්වේ. කරුණාවන්තව පැහැදිලි කිරීම් මඟින් එම තත්ත්වය වලකා ගත හැකිය.
“වෘෂභ” වර්ගයේ පිරිමියා
“වෘෂභ” වර්ගයේ පිරිමියා ලෙස හඳුන්වන තුන්වන වර්ගයේ පිරිමියා එතරම් විශ්වාසවන්ත පුද්ගලයකු නොවේ.නමුත් “වෘෂභ” යන වචනය යෙදුණද මේ “වෘෂභ” පිරිමියා අණුවණ අයකු නොවේ.නමුත් අලසය.ශරීර සෞඛ්‍ය පිළිබඳව එතරම් සැලකීමක් දක්වන්නට “වෘෂභ” පිරිමියා කටයුතු නොකරන නිසා ඔහු නිතරම රෝගියකු බවට පත්වේ.ඡ්‍යොතිෂය නියමයන්ට අනූව මොහු හොඳ වර්ගයේ පිරිමියකු ලෙස සලකන්නේ නැත.වෘෂභ වර්ගයේ සමග විවාහ වන කාන්තාව ඉතා කෙටි කාලයකදී ඔහුව ප්‍රතික්ශේප කිරීම සාමාන්‍ය තත්ත්වයකි. විශාල හිසක්ද, රවුම් මුහුණක්ද, ඇති “වෘෂභ” පිරිමියාගේ දත් ඉතා කෙටිය.ඇඟිලි මහත්ය.උදරය රවුම්ය.රතුපාට අල්ලක් ඇති “වෘෂභ” පුරුෂයා ලෝකයට පෙනෙන්නට සිල් ගන්නෙක් පමණි.මොවුන්ගෙන් ප්‍රවේශම් වන්න ,කාන්තාවනි එවැන්නෙක් විවාහය සඳහා තෝරා ගන්නවාට වඩා අවිවාහකව සිටීම මැනවි.
“අශ්ව” වර්ගයේ පිරිමියා
ජ්‍යොතිෂයට අනූව හතරවෙනුව වර්ග කරන්නේ “අශ්ව” පුරුෂයාය.මොහුද ඡ්‍යොතිෂයට අනූව ඉතා හොඳ පුරුෂයකු ලෙස වර්ග නොකරයි.බිරිඳට දසවධ දෙන පුද්ගලයෙකි.ජීවිතයේ වගකීම් යුතුකම් කිසිවක් මනා ලෙස ඉටු කිරීමට කටයුතු නොකරන “අශ්ව” පුරුෂයාව විශ්වාස කිරීමද අසීරුය.අනුන්ගේ දොස්ම පමණක් දැක තමන් ගැන උසස් ලෙස කතාකරයි.නමුත් “අශ්ව” වර්ගයේ පිරිමින් කඩවසම්ය,පියකරුය.
මොහුගේ අතපය දිගටිය.මුහුණද දිගටිය.දත්ද දිගු හැඩයක් ගනී.හිසකෙස් ඝනව වැඩී ඉලිප්පී පවතී.මහපට ඇඟිල්ල කැපී පෙනෙන ලෙස දිගය.සිරුරේ රෝම නැත.රෝම ඇත්නම් එම රෝම කවදාවත් කළුපාට නැත. තඔ වැනි වර්ණයක් ගනී.
විශේෂ අවධානයට
ඡ්‍යොතිෂයට අනූව පිරිමින් මෙසේ වර්ග හතරකට බෙදා වෙන් කළත් මූලික වශයෙන් පිරිමින් ගැන මෙම සැලකිල්ල යොමු කරනු ලබන්නේ විවාහයේදී පමණක් වන බවද මතක තබාගත යුතුය.
ඡ්‍යොතිෂයේදී පිරිමින් පමණක් මෙසේ වර්ග කළත් ලෝකයේ සිටින පිරිමින් කෝටි ප්‍රමාණයක් ගොඩවල් හතරකට වෙන්කිරීම පිළිබඳව බමුණන් දක්වන්නේ දැඩි විරෝධතාවකි.පිරිමින් මෙසේ ගොඩවල් හතරකට වර්ග කිරීම ගැන ඉපැරැණි ඍෂිවරුන්ද විවිධ මතිමතාන්තර ඉදිරිපත් කොට ඇත්තේ පක්ෂ හා විපක්ෂ වශයෙනි.
මේ කුමන ආකාරයකට පිරිමියා වර්ග කළත් මඟුල් තුලා, සුබ කටයුතු, ව්‍යාපාර ඇරඹීම, යාන වාහන ගේ දොර කටයුතු ඇරඹීම, මිලදී ගැනීම, ආදී කටයුතුවලදී “ඔහු” ගේ ජන්ම පත්‍රය නිවැරදි ලෙස ඡ්‍යොතිෂවේදියකු ලවා පරීක්ෂා කරවා ගැනීම සිදුකළ යුතුය.
ඒ.සී.එස් නවීලා
෴ සබැඳි ලිපි ෴
ශ්‍රී ලංකා ජනරජ සිංහ රාශි ග්‍රහ සටහනේ තුන් වැන්නත් විශ්ව මේෂ රාශි ග්‍රහ සටහනේ හත් වැන්නත් ආශ්‍රිතව යෙදුණු නීච භංග රාජ යෝග බලැතිව, ගුරු ශනි...
2022-10-20 18:30:00
යම් අයකුගේ කේන්දරයේ සත්වැන්නේ ගුරු ග්‍රහයා උච්චව බලවත්ව පිහිටියේ නම් එම අයගේ විවාහ ජීවිතය ඉතාම වාසනාවන්ත වෙයි. කාන්තාවක් නම් ඇය සෑහෙන තරම් මිල මුදල්...
2022-10-13 18:30:00
කෙනකු නිවෙසක් ඉදිකරන්නේ දුකක් කරදරයක් නැතිව දිගුකාලයක් ජීවත්වීම සඳහාය. එසේ ප්‍රාර්ථනා පොදි බැඳගෙන හදාගත් නිවෙසේ පදිංචි වූ දා සිට කරදර නිමාවක්...
2022-10-06 18:30:00
අදවන් දිනෙක ජීවිතයෙන් සමුගත් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ජන්ම පත්‍රයෙන් බිඳක් මෙන්න.සිංහල සිනමාවේ පතාක යෝධයා වූයේ ඔහුය. කොටින්ම සිනමා සක්විති...
2022-09-29 18:30:00
කන්‍යා ලග්නය ඉතාම සුවිශේෂී ලග්නයකි. වයසට වඩා අඩු පෙනුමක් ඇති ප්‍රසන්න පුද්ගලයෙක් වන අතර ඇසුරු කරන්නන් අතර නොබිදෙන හිතවත්කමක් දක්වයි. විශ්වාස කටයුතු...
2022-09-29 18:30:00
ස්ත්‍රි පුරුෂ දෙදෙනකු ප්‍රේමනීය හෝ යෝජිත විවාහයකින් එක් වහලක් වෙත සම්ප්‍රාප්ත වන්නේ දහසකුත් එකක් බලාපොරොත්තු පෙරදැරි කරගෙනය. ප්‍රජාවගේ පැවැත්ම වන්නේ...
2022-09-29 18:30:00
මෙම ලිපිය ගිනි පෑගීමේ ඇරැඹුම සීනිගම දේවාලයෙන් දැයි විමසීමයි. දේවාලයේ වාර්ෂික ඇසළ මහා පුණ්‍යෙීත්සවයේ අවසන් රාත්‍රි පෙරහර නිමවා අලුයම ගිනිපෑගීම දක්නට...
2022-09-22 18:30:00
* රවි-බුධ-සිකුරු කන්‍යාවේ සංයෝගවීමෙන් නීචභංග රාජයෝග බලයක්* කාන්තා පරපුර ළමා පරපුර ආරක්ෂා කරගත යුතු කාලයක්* පෙම්වතුන්ට අපලදායක...
2022-09-22 18:30:00
විවාහයෙන් වසරක් තුළ සාමාන්‍යයෙන් කාන්තාවක් ස්වභාවිකව ගැබ් ගැනීමේ ප්‍රතිශතය 80%ක් තරම් ඉහළයි. විවාහයෙන් පළමු වසර තුළ ගැබ් නොගන්නා කාන්තාවන්ගෙන් අඩක්...
2022-09-15 18:30:00
නක්ෂත්ර විද්‍යාවේ දී කේන්දරයක හත්වැන්නට ඉතා වැදගත් ස්ථානයක් හිමි වෙයි. මෙම ස්ථානය කලත්‍රස්ථානය වශයෙන් හඳුන්වා තිබේ. හත්වෙනි භාවය අධිපති ග්‍රහයා හෝ...
2022-09-15 18:30:00
ඕනෑම කෙනකුට ජීවත්වීමට රැකියාවක් අවශ්‍ය වේ. විවිධ රැකියා තිබුණත් කෙනකුගේ අනාගත රැකියාව ගැන ද එම රැකියාව උසස් එකක් ද පහත් එකක් ද යන වග ඡ්...
2022-09-15 18:30:00
ඉපැරණි පොරොන්දම් ගැළපීම් ක්‍රමය හරිද භාරතීය සමාජයට ගැළපෙන සේ සැකසුණු ඒ පදනමට ඔරොත්තු දෙන විවාහ ක්‍රමය අද වනවිට සාර්ථක වේද යන්න විමසීම ජ්...
2022-09-08 18:30:00
නිවෙසක මුළුතැන්ගෙය පිළිබඳ කතාබහට ලක් කළ යුතුම යුගයකි මේ. මන්ද මුළුතැන්ගෙයි නිරන්තරව සිදුවන කටයුතු එම නිවෙසේ දියුණුවට මෙන්ම නිවැසියන්ගේ අභිවෘද්ධියට,...
2022-09-08 18:30:00
දිරියෙන් ඉදිරියට යමින් ජීවිතය ජයගත් විශිෂ්ටතම පුද්ගලයන් ඇගැයීම සඳහා පිරිනමන ‘ශ්‍රී ලංකන් ටොප් 100’ සම්මානය මෙවර 2022 වසරේ හිමිකරගැනීමට ජ්‍යෙෂ්ඨ මාධ්...
2022-09-01 18:30:00
ශ්‍රී ලංකාව වූ කලී සිංහල බෞද්ධ ජන පදනම මූලික කොටගත් ඉතාමත් සාරවත් දියණු සංස්කෘතියකට උරුමකම් කියන රටකි. ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ජනතාව ඈත අතීතතයේ සිටම...
2022-09-01 18:30:00
නළු නිළියන්ට ස්ත්රීන්ට අපලදායකයිරටෙහි සහ ජනතාවගේ වියදම වැඩිවීමක්වැසි තත්ත්වයේ වර්ධනයක්අලංකාරය පිළිබඳවත් පිරිසුදුකම ගැනත් ජනතා සිත් යොමුවේමිථුන,කන්...
2022-09-01 18:30:00