ශ්‍රී ලංකන් ටොප් 100 සම්මානය සිළුමිණේ නිශානී බන්නැහැකට

සැප්තැම්බර් 2, 2022

දිරියෙන් ඉදිරියට යමින් ජීවිතය ජයගත් විශිෂ්ටතම පුද්ගලයන් ඇගැයීම සඳහා පිරිනමන ‘ශ්‍රී ලංකන් ටොප් 100’ සම්මානය මෙවර 2022 වසරේ හිමිකරගැනීමට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනී නිශානි බන්නැහැක සමත්විය. සිළුමිණ පුවත්පතේ කර්තෘ මාණ්ඩලික නිශානි මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ අහස මාධ්‍ය ජාලය මඟින් දෙවැනි වරටත් සංවිධානය කරන ලද උත්සවයේදීය. කොළඹ සරසවියේ ජනසන්නිවේදන උපාධිධාරිනියකි. 2002 වසරේ දී ජනාධිපති ශිෂ්‍යත්වයක් දිනා ගනිමින් බ්‍රිතාන්‍යයේ සංචාරය කරමින් පුවත්පත සඳහා ලිපි සපයන ලදී. නිශානි අධ්‍යාපනය ලැබුවේ කුලියාපිටිය සුරදූතිකා කන්‍යාරාමයෙන් හා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙනි. ලංකාදීප පුවත්පතින් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඇය ලක්බිම පුවත්පතේ අධිකරණ මාධ්‍යවේදිනියක් ද විය. ප්‍රකට සමාජ සේවිකාවක් වන ඇය රංගන ශිල්පිනියක් වශයෙන් ද ජුලියස් සීසර් ඇතුළු වේදිකා හා සිනමා නිර්මාණවලට දායක වී ඇත. මෙම සම්මාන උළෙලේදී නිශානි සමඟ නියෝජ්‍ය පොලිස්පතිනී බිම්ෂානි ජයසිංහආරච්චි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදන් වන හසන්ත හෙට්ටිආරච්චි, නලින්දා පෙරේරා,කැලුම් ශ්‍රීමාල් සහ වසන්ත රෝහණ ඇතුළු පිරිසක්ද සම්මාන ලැබූහ.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී හිටපු කථානායක දේශබන්දු කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මාන උළෙලට දෙස් විදෙස් අමුත්තෝ් රැසක් එක්ව සිටියහ. නිශානි බන්නැහැක තමාට හිමි සම්මානය කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති සනත් ජයලත් මහතා අතින් ලබා ගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූපය - උපුල් දේවප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.