කන්‍යා ලග්න හිමි ඔබගේ ගතිගුණ

සැප්තැම්බර් 30, 2022

කන්‍යා ලග්නය ඉතාම සුවිශේෂී ලග්නයකි. වයසට වඩා අඩු පෙනුමක් ඇති ප්‍රසන්න පුද්ගලයෙක් වන අතර ඇසුරු කරන්නන් අතර නොබිදෙන හිතවත්කමක් දක්වයි. විශ්වාස කටයුතු නිර්මාණශීලි ඉතාම දක්ෂ උගත් අයෙකි. අන්‍යයන් තමා වෙත ආකර්ෂණය කරගැනීමේ හරිම දක්ෂයි. දිවෙන් නොව මොළයෙන් කතා කරයි.

අතිදක්ෂ වෙළෙඳ ව්‍යාපාරිකයන්ද සිටී. නිර්මාණශීලීන්ය. කලාකරුවන් කන්‍යා ලග්නයෙන් උපත ලබයි. මනාව ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබේ. සරලව අදහස් ඉදිරිපත් කරමින් තර්කානුකූලව කතා කරයි. කතාවෙන් අන්‍යයන් වහාම වශී කර ගනී. බුධ පාලන ග්‍රහයායි. බුද්ධියට අධිපතිය. සමාජයේ විවිධ තරාතිරම්වල නියුක්ත අය ලෙස කැපී පෙනෙනුයේ කන්‍යා ලග්න කරුවන්ය. ආලය, ආදරය හා සෙනෙහස ගැන තද උනන්දුවක් දක්වති. ලග්නයේ රවි – ශුක්‍ර හෝ කුජ + ශුක්‍ර යෝගය පිහිටා ඇත්නම් අධික කාමුක චරිතයකි. කාමයේ රස තැන් සොයා යෑමට වැඩි උනන්දුවක් දක්වති. කාන්තාවක් කන්‍යා ලග්නයේ නම් සිරුර මනා හැඩැතිව කාමනිශ්ශි‍්‍රතව ඇත්තේය. ලොව අතිදක්ෂ කලාකරුවන් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති පිරිස අධිකයි. මුදල් පරිපාලනයට ද දක්ෂ වේ. දුර්වලකමකට ඇත්තේ ආත්ම විශ්වාසය අඩු ඉක්මන් තීරණ ගන්නා තරමක කලබල ගතියෙන් යුක්ත වීමයි. සමහර විට තද ආත්මාර්ථකාමියෙක් ලෙස වැඩ කරයි. ඕනෑවට වඩා අන්‍යයන් විවේචනය කරන්නට යෑමෙන් නැති ගැටලු ගොඩනඟා ගනී.

රවිගෙන් දක්ෂකමත්, සඳු හා ශුක්‍රගෙන් සෞන්දර්යත්, ලේඛන කලාවත්, ගුරුගෙන් ඡ්‍යෝතිෂ්‍ය, වාස්තු දර්ශනවාදය, තර්ක විද්‍යාවත් අතර දෝලනය වේ.

මේ සියලුම අංශයන්ට අති දක්ෂ වේ. ගුරු +බුධ දෙවැන්නේ නම් කතාකරන සෑම වචනයක් පාසාම විශාල ශබ්ද තරංග කිරණ බලවේගයක් ගොඩනැඟේ. කන්‍යා ලග්නකරුවන් ඇසෙන දෙයට වඩා අසන්නට, උත්සාහ දරන අතර පේනවාට වඩා බලන්නට උත්සාහ කරන චරිතයකි.

අති දක්ෂතම නිර්මාණකරුවන්ය. වයස 24න් පසු ජීවිතයේ විශාල ආර්ථිකමය දියුණුවක් ලබයි. විවාහ වන්නේ තමන් තෝරාගත් කාලයක්ම ඇසුරු කොට දැන හඳුනා ගැනීමෙන් පසුවය. විශේෂයෙන්ම රස තැන් සෙවීමට නැඹුරුවේ. යුගදිවියේ සාර්ථකත්වය හිමිකර ගැනීමට මනෝ විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරයි.

ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යා දේශබන්ධු ටී.හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.