වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඔබේ සහකරුවාත් මේ වගේද
නොවැම්බර් 26, 2021
හතර වරිගයටම වග කියන හතර වර්ගයක පිරිමි ගති ලක්ෂණ
පිරිමියා සහ කාන්තාව අතරින් කායික ශක්තියෙන් ඉහළ තැනැත්තා පිරිමියා වුවද වත්මන් කාන්තාව තම බුද්ධි මහිමයෙන් කැපවීමෙන් අධ්‍යාපනයෙන් ලබා ඇති තත්ත්වය පිරිමියා අතික්‍රමණය කරන (ඉක්මවා යන) බව පැහැදිලි සත්‍යයකි.පිරිමි මූලික සමාජය තුළ කාන්තාව ප්‍රබල වී සිටියද ඇතැම් කටයුතු වලදී පිරිමියාගේ දායකත්වය ඉහළින්ම කැපී පෙනෙයි.
මේ විමසුම ඡ්‍යොතිෂයට අනූව පිරිමින්ගේ ගති ලක්ෂණ පිළිබඳයම් අවබෝධයක් ඔබට ලබාදීම පිණිසයි.
ඡ්‍යොතිෂයට අනූව ලෝකයේ වෙසෙන පිරිමි ඔවුන්ගේ දේහ ලක්ෂණයන් අනූව වර්ග හතරකට බෙදනු ලැබෙයි.හැඩරුව, ගතිගුණ දෙස ඉතා වුවමනාවෙන් ඔබ විමසා බැලුවහොත් ඔබ විමසන පුරුෂයා කෙබඳු අයුරක පුරුෂයෙක්ද යන්න මේ අනුව වටහා ගත හැකිය.
“ශෂ” වර්ගයේ පිරිමි
ඡ්‍යොතිෂයට අනූව පිරිමින් වර්ග කිරීමේදී මුල්ම කොටසට අයත් වන්නේ “ශෂ”පුරුෂයාය.මේ “ශෂ” පුරුෂයාගේ මුහුණ රවුම් වටකුරු හැඩයක් ගනියි.උස මධ්‍යම ප්‍රමාණයකින් යුක්තය.දෑත් වල ඇඟිළි අතර ඉතා විශාල හිඩැස් දැකිය හැකිය.දෑස් රතුපැහැයෙන් යුක්තය.පපුවේ සහ පිටේ පවා රෝම සහිත සිරුරක් හිමි “ශෂ” වර්ගයේ පුරුෂයා ඉතාම යුක්තිගරුකය.මානව දයාවෙන් යුක්තය.අන්‍යයන්ගේ සැපය වෙනුවෙන් තමන්ගේ බොහෝ දේ කැප කරනු ලබයි.එසේම ශෂ වර්ගයේ පුරුෂයාට කරදර කම්කටොලු ගෙනදීමට පියවර ගන්නා අන්‍යයන් බුද්ධියෙන් මට්ටු කරන්නට තරම් මානසික තත්වයක් හා ශක්තියක් ශෂ වර්ගයේ පුරුෂයා සතුය.
එකවිට කාර්යයන් කීපයක් කිරීමට දක්ෂ “ශෂ”වර්ගයේ පුරුෂයා තමා අතින් අතපසු වීමකින් හෝ සිදුවූ වරදක් වුවද වගකීමෙන් බාරගනියි.තමා නොකළ වරදක් තමන් වෙත පටවන්නේ නම් තදින් කිපෙයි.ජීවිතයේ සියලුම කටයුතු පිළිවෙලකට කරන මේ “ශෂ” වර්ගයේ පිරිමියා ඡ්‍යොතිෂයේදී ඉතා සාර්ථක දැහැමි,පරාර්ථකාමී යහපත් පුද්ගලයකු ලෙස අර්ථ දක්වන අතර ඒවැනි පුරුෂයකු තම විවාහක බිරිඳට සහ දරුවන්ට බොහෝ සේ ආදරය කරයි.තම බිරිඳට අවශ්‍ය සියලු සැප සම්පත් තමාට හැකි ආකාරයෙන් උපරිම ලෙස ලබාදීමටද “ශෂ” වර්ගයේ පිරිමියා කිසිවිටෙකත් පසුබට නොවෙයි.ඒමෙන්ම “ශෂ” වර්ගයේ පිරිමින් විවිධ කලා කටයුතු වල නිරත වන අතර ඔහු අන්‍යයන්ගේ පීඩිත බව කෙරෙහි දැඩි ලෙස කම්පා වන්නෙකි.අන්‍යයන්ට කිසියම් විපතක් වී නම් නොපැකිළවම උපකාර කිරීමට දෙවරක් නොසිතයි.
“මෘග” වර්ගයේ පිරිමි
දෙවැනි වර්ගයේ පිරිමියා හඳුන්වනු ලබන්නේ “මෘග”පුරුෂයා වශයෙනි.වචනයේ හැඩය, උච්චාරණය, පරිහරණය අනූව මෘග යන වචනය තුළ තිරිසන් බවක් පෙන්නුම් කළත් ජ්‍යොතිෂයට අනූව “මෘග” පුරුෂයා හොඳ පුරුෂයෙකි.ඔහුගේ ගතිගුණ බොහෝ දුරට “ශෂ” වර්ගයේ පිරිමියාට සමානය.
“මෘග” වර්ගයේ පිරිමියාද බිරිඳට සහ දරුවන්ට පණ සමව ආදරේ කරයි. අන් දරුවන්ද තම දරුවන් සේ සලකයි.වංචාකාරී නැත.බිරිඳගේ හා පවුලේ ගරුත්වය සුරකින විශ්වාසවන්තයෙකි. මොහුගේ ස්වරූපය වන්නේ නිතර නිතර වටපිට බැලීමය. සිත එක අරමුණක නතරව පවතින්නේ නැත. එහෙත් සැක උපදවාගතයුතු නැත. කාය බලයෙන් ශක්තිමත් මේ පුරුෂයාගේ අතපය ඉතා හොඳීන් පූර්ණව පැහැපත්ව වැඩී තිබේ.සිනහවකින් පිරුණු මුව මඬලක් “මෘග” වර්ගයේ පිරිමියාට ඇති අතර නිතර නිතර ආහාර ගැනීමට ප්‍රියතාවයක් දක්වයි.ආහාර ගන්නා විට එකවර විශාල ආහාර ප්‍රමාණයක් ගැනීමද “මෘග” පුරුෂයාගේ ලක්ෂණයකි. මේ නිසාම ලෙඩ රෝග වලට බහුලව ලක්වේ. කරුණාවන්තව පැහැදිලි කිරීම් මඟින් එම තත්ත්වය වලකා ගත හැකිය.
“වෘෂභ” වර්ගයේ පිරිමියා
“වෘෂභ” වර්ගයේ පිරිමියා ලෙස හඳුන්වන තුන්වන වර්ගයේ පිරිමියා එතරම් විශ්වාසවන්ත පුද්ගලයකු නොවේ.නමුත් “වෘෂභ” යන වචනය යෙදුණද මේ “වෘෂභ” පිරිමියා අණුවණ අයකු නොවේ.නමුත් අලසය.ශරීර සෞඛ්‍ය පිළිබඳව එතරම් සැලකීමක් දක්වන්නට “වෘෂභ” පිරිමියා කටයුතු නොකරන නිසා ඔහු නිතරම රෝගියකු බවට පත්වේ.ඡ්‍යොතිෂය නියමයන්ට අනූව මොහු හොඳ වර්ගයේ පිරිමියකු ලෙස සලකන්නේ නැත.වෘෂභ වර්ගයේ සමග විවාහ වන කාන්තාව ඉතා කෙටි කාලයකදී ඔහුව ප්‍රතික්ශේප කිරීම සාමාන්‍ය තත්ත්වයකි. විශාල හිසක්ද, රවුම් මුහුණක්ද, ඇති “වෘෂභ” පිරිමියාගේ දත් ඉතා කෙටිය.ඇඟිලි මහත්ය.උදරය රවුම්ය.රතුපාට අල්ලක් ඇති “වෘෂභ” පුරුෂයා ලෝකයට පෙනෙන්නට සිල් ගන්නෙක් පමණි.මොවුන්ගෙන් ප්‍රවේශම් වන්න ,කාන්තාවනි එවැන්නෙක් විවාහය සඳහා තෝරා ගන්නවාට වඩා අවිවාහකව සිටීම මැනවි.
“අශ්ව” වර්ගයේ පිරිමියා
ජ්‍යොතිෂයට අනූව හතරවෙනුව වර්ග කරන්නේ “අශ්ව” පුරුෂයාය.මොහුද ඡ්‍යොතිෂයට අනූව ඉතා හොඳ පුරුෂයකු ලෙස වර්ග නොකරයි.බිරිඳට දසවධ දෙන පුද්ගලයෙකි.ජීවිතයේ වගකීම් යුතුකම් කිසිවක් මනා ලෙස ඉටු කිරීමට කටයුතු නොකරන “අශ්ව” පුරුෂයාව විශ්වාස කිරීමද අසීරුය.අනුන්ගේ දොස්ම පමණක් දැක තමන් ගැන උසස් ලෙස කතාකරයි.නමුත් “අශ්ව” වර්ගයේ පිරිමින් කඩවසම්ය,පියකරුය.
මොහුගේ අතපය දිගටිය.මුහුණද දිගටිය.දත්ද දිගු හැඩයක් ගනී.හිසකෙස් ඝනව වැඩී ඉලිප්පී පවතී.මහපට ඇඟිල්ල කැපී පෙනෙන ලෙස දිගය.සිරුරේ රෝම නැත.රෝම ඇත්නම් එම රෝම කවදාවත් කළුපාට නැත. තඔ වැනි වර්ණයක් ගනී.
විශේෂ අවධානයට
ඡ්‍යොතිෂයට අනූව පිරිමින් මෙසේ වර්ග හතරකට බෙදා වෙන් කළත් මූලික වශයෙන් පිරිමින් ගැන මෙම සැලකිල්ල යොමු කරනු ලබන්නේ විවාහයේදී පමණක් වන බවද මතක තබාගත යුතුය.
ඡ්‍යොතිෂයේදී පිරිමින් පමණක් මෙසේ වර්ග කළත් ලෝකයේ සිටින පිරිමින් කෝටි ප්‍රමාණයක් ගොඩවල් හතරකට වෙන්කිරීම පිළිබඳව බමුණන් දක්වන්නේ දැඩි විරෝධතාවකි.පිරිමින් මෙසේ ගොඩවල් හතරකට වර්ග කිරීම ගැන ඉපැරැණි ඍෂිවරුන්ද විවිධ මතිමතාන්තර ඉදිරිපත් කොට ඇත්තේ පක්ෂ හා විපක්ෂ වශයෙනි.
මේ කුමන ආකාරයකට පිරිමියා වර්ග කළත් මඟුල් තුලා, සුබ කටයුතු, ව්‍යාපාර ඇරඹීම, යාන වාහන ගේ දොර කටයුතු ඇරඹීම, මිලදී ගැනීම, ආදී කටයුතුවලදී “ඔහු” ගේ ජන්ම පත්‍රය නිවැරදි ලෙස ඡ්‍යොතිෂවේදියකු ලවා පරීක්ෂා කරවා ගැනීම සිදුකළ යුතුය.
ඒ.සී.එස් නවීලා
෴ සබැඳි ලිපි ෴
වසර 54ක අඛණ්ඩ ඉතිහාසයක් සහිත එකම ඡ්‍යොතිෂ පුවත්පත වන ‘සුබසෙත‘ ලේක්හවුස් ආයතනයේ සාඩම්බර ප්රකාශනයකි. සුබ යන්නෙන් සියලු යහපත් කටයුතු ද සෙත යන්නෙන්...
2023-11-23 18:30:00
ප්‍රවාහන අමාත්‍යාංශයේ එවකට ලේකම්ව සිටි ජී.ඒස්. විතානගේ මහතා සහ දුම්රිය සාමාන්‍යාධිකාරීතුමාගේ නිර්දේශ පරිදි මැදපෙරදිග ඩුබායි රටෙහි පැවැති ජාත්‍යන්තර...
2023-11-16 18:30:00
සබරගමු පළාතේ කෑගල්ල මාකෙහෙල්වල ගම්මානයේ පල්ලේවත්තේගෙදර ජීවත් වූ පාරම්පරික වෛද්‍යවරයාගේ කුඩා මුනුපුරා වශයෙන් උපත ලබන්නට ඔහු සැබැවින් වාසනාවන්ත විය. ඡ්...
2023-11-16 18:30:00
අප ජීවත් වන්නේ විවිධ විෂම ලෝකයක් තුළ බව නැවත නොකිව්වට ඔබත් මමත් දන්නවා. කී දෙනෙකුගෙන් කී දෙනාද එකිනෙකාට උදව් කරන්නේ. මනුෂ්‍යයා මනුෂ්‍යයාට නිතරම...
2023-11-16 18:30:00
පෙබරවාරි මාසයේ 4, 13 22 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර මොවුන් යුරේනස් රවි සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ. එම...
2023-11-16 18:30:00
වාස්තු විද්‍යානුකූලව බැලූ කල ඉංජිනේරු තාක්ෂණයේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස පුරාතන ලෝකයේ පුදුම හතෙන් එකක් වන බැබිලෝනියාවේ එල්ලෙන උයන හඳුන්වාදිය හැකිය....
2023-11-09 18:30:00
ගාල්ලේ කුමාරි මගේ පුතාට වයස අවුරුදු තුනක් වෙනවා. නමුත් ඔහුට තවම හරියට වචන උච්චාරනය කරන්න බෑ. කතාව ප්‍රමාදයි. වෛද්‍ය වාර්තානම් හොඳයි. කේන්ද්‍ර...
2023-11-09 18:30:00
“දක්ෂ විචක්ෂණ ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥයකුගේ දසනතුරින් පිටවන සාරවත් කියමන් නිසා මහජනයා වශී වන්නේ දිව්‍ය මන්ත්රයටත් වඩා බලවත් ලෙසය. කොතරම් පාප ග්...
2023-11-09 18:30:00
විවාහයක් සඳහා කේන්ද්‍ර දෙකක් පරීක්ෂා කිරීමේ දී පොරොන්දම්වලට අමතරව බැලිය යුතු ග්‍රහ දෝෂ අති විශාලයි. වැඩි දෝෂ තිබේ නම් පොරොන්දම් ගැළපුණත් විවාහයට...
2023-11-09 18:30:00
දුක් දොම්නසින් පිරුණු අඳුර ඉවත් කර සතුට සම්පත් හා කරුණාව උදාකොට ආලෝකමත් කරන දීපාවලිය අඥානය දුරුකොට ප්‍රඥාව පහළ කරනු ලබන අතිවිශිෂ්ට වූ පූජා උත්සවයකි....
2023-11-09 18:30:00
ජනවාරි මාසයේ 28 සහ පෙබරවාරි මාසයේ 01, 10, 19 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 1 වන අතර මොවුන් රවි යුරේනස් සහ මාසයේ බලයෙන් ශනි යන ග්...
2023-11-09 18:30:00
සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායකගෙන් -පොත් ත්රිත්වයක්සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක විසින් රචිත කන්නකී හෙවත් පත්තිනි සහ කෝවලන් හෙවත්...
2023-11-02 18:30:00
විවාහයකට කේන්දර දෙකක් පරීක්ෂා කිරීමට අමතරව පරීක්ෂා කර බැලිය යුතු දෝෂ ගණනාවකි. දෝෂ වැඩි නම් පොරොන්දම් ගැළපී ඇතත් විවාහයට හිතකර නැත. සෑම විවාහ දෝෂයක්ම...
2023-11-02 18:30:00
මිරිහාන - සුමනා තලගලප්රශ්නයඅප කසාද බැඳලා වසර තුනකටත් වැඩි කාලයක් ගෙවුණත් තවම දරුවන් නැහැ. කේන්ද්‍රය අනුව මට දරුපල නැද්ද? පිළිතුරඔබේ...
2023-11-02 18:30:00
හරියටම මෙයට වසර 500කට පෙර ප්‍රංශ ජාතික ඡ්‍යොතිෂ්‍ය විද්‍යාඥයකු හා ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රධරයකු වූ “නෝස්ත්‍රදාමස්”ගේ ලොව මවිත කළ අනාවැකි අතර ඉන්දීය උප...
2023-10-26 18:30:00
හෙන්රි බේම්මුල්ල යන නාමය මෙරට වැසියාට හුරුපුරුදුය. ළෙන්ගතුය. ශ්‍රී ලංකාවේ කීර්තිමත් චිත්රශිල්පියකු එමතුනොව ඡ්‍යොතිෂ ශාස්ත්රඥයකු, මාධ්‍යවේදියකු යනා...
2023-10-26 18:30:00