පැනයට විසඳුම්

නොවැම්බර් 10, 2023

 

ගාල්ලේ කුමාරි

මගේ පුතාට වයස අවුරුදු තුනක් වෙනවා. නමුත් ඔහුට තවම හරියට වචන උච්චාරනය කරන්න බෑ. කතාව ප්‍රමාදයි. වෛද්‍ය වාර්තානම් හොඳයි. කේන්ද්‍ර පරීක්ෂාවෙන්වත් අපිට පිහිටක් ලබාගත හැකිද ?

 

ඔබගේ දරුවාගේ කේන්ද්‍රයේ දෙවැන්න තුළින් ඔහුගේ සන්නිවේදන කෞශල්‍යය ,කතාව නියෝජනය වේ. මේ කේන්ද්‍රයේ කේතු දෙවැන්නේ සතුරුව බල රහිත ව සිටීම දරුවාගේ මෙම කථා කිරීමේ හැකියාවන් මන්දගාමී කිරීමට බලපානවා. දෙවැන්නාධිපති ද බල රහිතව සිටිනවා. සුබ දෘෂ්ටි නොමැතිවීම මෙන්ම ශනිගේ දෘෂ්ටි වැටීම ද එයට තවත්  බලපානවා. අෂ්ටක වර්ග අනුවත් දෙවැන්නාධිපති දුර්වලයි. දරුවා ගත කරන කේතුගේ අතුරු දශාව තවත් මෙය වර්ධනය කරනවා. කේතු ග්‍රහයාගෙන් සිදුවන ගැටලුවලදී ගණ දෙවියන්ගෙන් පිහිට පැතීම තුළ අදාළ ගැටලු යම් ප්‍රමාණයකට හෝ සමනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබ දරුවා සමග සුදුසු පූජනීය ස්ථානයකට  ගොස්  ගණදෙවියන්ට අවම දින 7 ක් හෝ නොකඩවා පුද පූජා සිදුකරන්න. එසේම කෙසෙල් පැල කිහිපයක් සිටුවා සාත්තු කරන්න.  ඉන්පසු නැවත වෛද්‍ය පර්යේෂණ වෙත යොමු වන්න. ඔබට යම් සහනයක් ලැබෙනු ඇත.

 

පානදුර ඇල්බට් මහතා

මගේ කේන්ද්‍රයේ ධන යෝග තිබේන බව පෙර කේන්ද්‍ර පරීක්ෂා කිරීමෙන් කියා තිබේ. එත් මා ඉතා දිළිඳු ජිවිතයක් ගත කරමි. මා කුමක් කළ යුතු ද?

 

කේන්ද්‍රයේ ධන යෝග තිබු පමණින්ම ධනවත් වු අයෙක් වසර 20කට වැඩි  කාලයක සිට සිදු කරන කේන්ද්‍ර පරීක්ෂා කිරීමෙන් මා වෙත තවම නම් ලැබී නැත. පාලකයෙකුට වුවත් යම් දියුණුවක් ලබා ගැනීමට නම් මහන්සි වීමටම සිදු වේ. එය ඒ කායිකව පමණක් නොව මානසිකව ද සිදුකරන්නකි. පළමුව ඔබගේ හැකියාවන්ට අදාළ  ක්ෂේත්‍රය තෝරාගෙන එම ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යන්න.

එසේම ඔබ මේ වන විට ගත කරන්නේ විසි දෙවැනි දෙර්කාණාධිපතිගේ දසාව බවද අමතක නොකළ යුතුයි.

එම දශා කාලය තුළ ද කේන්ද්‍රයේ  සුබපල පැවතියත් ඒවා අක්‍රීය වන බව පෙනෙයි. මීට පසුව එළඹෙන්නේ ඔබගේ යෝගකාරක ගෙ දසාවයි. යෝගකාරක ගේ දසාව තුළ ඔබගේ දියුණුව සැලසෙයි.

නමුත් ඒ සඳහා ඔබ උත්සාහ කළ යුතුය. එසේම තමන්ගේ කේන්ද්‍රය ඇති සුබ යෝග ක්‍රියාත්මක වීම සඳහා තමන්ගේ කලත්‍රයාගේ කේන්ද්‍රය ද බලපාන බව අමතක නොකළ යුතුයි.

ඔබ සිටින දිළිදු මානසිකත්වය අයින් කර ධනාත්මකව සිතන්න.

ඔබට පුළුවන් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න.

 

දෙල්කද අමිත් පුස්සැල්ල

මාගේ නැගණියට විවාහ සහකරුවෙක් හරි යන්නේ නෑ. බලන්න එන බොහෝ විවාහ යෝජනා  කල්ගත වීමෙන් කැඩෙනවා. නැගනියට විවාහයක් හරියන්නේ කොයි කාලයේද?

 

ඔබගේ නැගණියගේ කේන්ද්‍රයේ කුජ දෝෂය හා විෂ කන්‍යා යෝගය ඇත. ඒ පිළිබඳව ඔබ දැනුවත් වන්නට ද ඇත.

මෙවැනි තත්ත්වයන් සඳහා හොඳීන් කේන්ද්‍ර පරික්ෂා කිරීම කළ යුතුය.

පොරොන්දම් පරීක්ෂාව  පමණක් ප්‍රමාණවත් නැත . නමුත් දිගින් දිගටම මංගල යෝජනා  කැඩී යන හෙයින් ඔබ හා නැගණිය නවගමුව පත්තිනි දේවාලයට ගොස් බාරහාර වන්න. එසේම එම ස්ථානයේ බෝධි වන්දනා සිදුකරන්න. එසේම ඔබගේ නැගණියගේ යෝගකාරක ග්‍රහයාට අදාළ ශාන්තිකර්ම ද සිදු කර ගන්න.

 

මිරීගම උදේශ සංජීව

මම විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. නමුත් එය තවම හරි ගියේ නැහැ. ඒ කොයි කාලයේ හරි යයිද?

 

ඔබ මේ වන විට සිකුරු මහ දසාව පසු කරමින් සිටිනවා.

සිකුරු යනු ඔබගේ විසිදෙවන දෙර්කානාධිපති. නමුත් ලබන මස විසි දෙවන දා ඔබගේ යෝගකාරක රවි ගේ මහා දසාව ලබනවා. රවි ගේ මහා දසා කාලය තුළ ඔබ විදේශගත වෙනවා.

මොකද ඔබගේ කේන්දරේ දොළොස්වැන්නේ රාහු, ගුරු සමඟ සිටිනවා.  මේ තත්ත්වය ඔබට විදේශගත වීමට පමණක් නොව විදේශයක පදිංචි වීමට පවා භාග්‍යය උදාකර දෙනවා. ඔබගේ සුබ කාලය ළඟදීම එනවා. දැන් ඔබ එය දෙස බලා නොසිට ඔබගේ හැකියාවන් වර්ධනය කර ගන්න. විදේශගත වූ විටක ධාර්මිකව ධනය ඉපැයිය හැකි දේවල් පිළිබඳව හොඳීන් අධ්‍යයනය කරන්න. ඔබට නියත ජය ලැබේ.

 

ශාස්ත්‍රපති, මනෝ විද්‍යා උපදේශක, ඡ්‍යොතිෂවේදී

චසිත නුවන්තික බුලත්සිංහල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.