පෙබරවාරි මාසයේ උපන් පෞද්ගලික අංක 1,2,3 හිමි ඔබ ගැනයි...

නොවැම්බර් 10, 2023

 

ජනවාරි මාසයේ 28 සහ පෙබරවාරි මාසයේ 01, 10, 19 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 1 වන අතර මොවුන් රවි යුරේනස් සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ.

ශනි ඍණාත්මක මාසයක් බැවින් ජනවාරි මාසයේ තරම් ගැටලුවලට මුහුණ දෙන්නේ නැත. තනිව නැඟිටීමට පුළුවන. ඔවුනට දෙයක් කිරීමට මවුපියන්ගේ මැදිහත්වීමක් අවශ්‍ය නොවේ. දැඩි අධිෂ්ඨාන ශක්තියක් සහ ආත්ම විශ්වාසයක් ඇති නිසා සර්ථකත්වයේ මාවත් කිහිපයක ගමන් කිරිමට වාසනාව හිමිවේ. එහෙත් මේ මාසයේ අය අසුරු කරන පුද්ගලයන්ගේ ස්වභාවයට අනුගත වන බැවින් ඒ කෙරෙහි අවබෝධයෙන් කටයුතු කළ යුතුය. එසේ නොවුණහොත් වැරැදි මඟක ගමන් කිරිම සිදුවිය හැකිය.

මුදල් ඉක්මනින් ඉපයීමේ අවශ්‍යතාවය මත සූදුව ඔට්ටු ඇල්ලීම ආදිය නොකළ යුතුය. එවැනි මුදල් ඉපැයීම් මොවුනට සර්ථක වන්නේ නැත.

එම නිසා ඒ ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතු වේ. විශේෂයෙන් වෛද්‍යවරුන් නිතිඥයන් වැනි වෘත්තිමය තත්වයන් තුළ මුදල් ඒකරාශි කිරිම දුෂ්කර වේ. මේ දිනවල උපන් අය ශාරීරිකව දුර්වල වුවද මානසික ශක්තිය ඉහළ අය වේ.ආහාර ජීර්ණ පද්ධතියේ රෝග තත්ත්වවලට මොවුන් භාජනය වේ. නින්ද මොවුනට ඉතා අවශ්‍ය වේ.

මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සදහාම අංක 1ට යෙදෙන දින එනම් 1,10, 19, 28 යන දිනයන් යොදා ගැනිම කටයුතු සාර්ථක කරගැනිමට උපකාරී වේ. රන්වන්, කහ, තඹ සහ රන් දුඹුරු පැහැයේ වර්ණයන් සුබ වර්ණ වේ.

ජනවාරි 29 සහ පෙබරවාරි මාසයේ 2, 11, 20, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 2 වන අතර එය සදු ග්‍රහයාට අයිති අංකයකි.එසේම උපත සිදුවුයේ පෙබරවාරි මාසයේ නිසා පුද්ගලයා සදු නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම ශනි ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.

හෘදයාංගම භාවය ඉතා අධික පුද්ගලයන් මේ දිනවල උත්පත්තිය ලබති. ආත්ම විශ්වාසය අඩුය. එමනිසා ආත්ම විශ්වාසය වැඩි කර ගැනිමට කටයුතු කළ යුතුය. ප්‍රේම සම්බන්ධතා කිහිපයක් පවත්වාගෙන යන අතර ඒවා තමාට නොගැළපෙන සම්බන්ධතා වේ. ජිවිත කාලය තුළමුදල් ඉපැයීමේ මාර්ගයන් කිහිපවතාවක්ම වෙනස් කරනු ඇත. ස්ථාවර මුදල් ඉපයීමේ ක්‍රම වේදයක් ඇතිකර ගැනිම සාර්ථකත්වය සදහා සුදුසුය. විදෙස් සංචාරයන් සඳහා ඔබ තුළ බලවත් ආශාවක් ඇති අතර එසේම කලාව සාහිත්‍ය සංගීතය නාට්‍ය නිර්මාණය ආදි හැකියාවන් ඔබ තුළ ගැබ් වී ඇති දක්ෂතා බැවින් එම දක්ෂතා දියුණු කර ගැනිම ඔබේ සාර්ථකත්වයට හේතුවේ. ජිවිතයේ මුල් භාගයේ ගෘහ ජිවිතයේ වෙනස්කම්වලට භාජනය වන අතර ජිවිතයේ දෙවැනි භාගය සාර්ථක වේ. ධනවත් වේ. ගරු නාම ත්‍යාගයන් ලැබීමට මේ දිනවල උත්පත්තීන් වාසනාවන්ත වේ. යහපත් සෞඛ්‍යමය තත්ත්වයකට උරුමකම් කියන බැවින් බොහෝ අසනීප මගහැර යයි. මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 2 ට යෙදෙන දින එනම් 2, 11, 20, 29 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනිමට උපකාරි වේ.

කොබෙයියාගේ අළු පැහැය ළා පැහැයේ සිට තද පැහැය තෙක් සුබ වර්ණ වේ.

පෙබරවාරි මාසයේ 3, 12, 21, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 3 වන

අතර එය ගුරු ග්‍රහයාට අයිති අංකයකි.එසේම උපත සිදුවුයේ පෙබරවාරි මාසයේ නිසා පුද්ගලයා ගුරු ග්‍රහයාගේ මෙන්ම ශනි ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.

මේ දිනවල උපන් අයවලුන්ට සාර්ථක විය නොහැකි කිසිම ක්ෂේත්‍රයක් නොමැත. ඒ සඳහා

ස්වකීය උනන්දුව ඇති කරගත යුතුය. ජනතා සංවිධාන ගොඩනැඟීම කළ හැකිය. ඒ සදහා

අවශ්‍ය දැඩි අධිෂ්ඨානය ආත්ම විශ්වාසය කථිකත්වය ඔවුන් සතුය. ශනි ඍණාත්මක මාසයක ගුරුගේ බලයත් සම්බන්ධ වන බැවින් ඒ දිනවල පුද්ගලයන්ට ඉතා හොඳ තත්ත්වයක් නිරර්මාණය කර දෙන්නේය. මොවුනට දෙපාර්තමේන්තු ප්‍රධාන තනතුරු සහ දේශපාලනය වැනි ක්ෂේත්‍රවල ඉහළ තනතුරුවලට උපතින්ම හිමිකමක් ඇත. වඩාත්ම ක්‍රියාකාරිවන්නේ මානසික හා බුද්ධිමය සැලසුම් වලදිය. හැගිම් විග්‍රහ කිරිමට ප්‍රියකරනු බැවින් ලේඛන දේශක හා රගපෑම් ආදියෙහිද කැපී පෙනේ. මොවුන් ඉතාම අවංකය. සතුටින් කල් ගෙවන අතර ඉතා පහසුවෙන් මිතුරන් ඇති කර ගනී. එයට අමතරව බුද්ධිමය කියවීම්වලට බොහෝ ප්‍රිය කරයි. අධික ලෙස වැඩකිරිම මේ දිනවල උත්පත්තීන් සදහා ස්නායු පද්ධතිය සම්බන්ධ රෝගාබාධයන් ඇතිවිය හැකිය. එමෙන්ම අධි රුධිර පීඩනය අක්මා රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය. එම නිසා සරල ආහාර වේලක් ලබා ගැනිම ප්‍රමාණවත් තරම් නින්දක් ලබා ගැනිමත් සිදුකළ යුතුය.

මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 3 ට යෙදෙන දින එනම් 3,12, 21,30 යන දිනයන් යොදා ගැනිම කටයුතු සාර්ථක කරගැනිමට උපකාරි වේ. සුබ වර්ණයන් වන්නේ වයලට්,නිල් රතු ,වයලට් දම් යන වර්ණයන්ය.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.