පත්තර මහ ගෙදර පියා පියසේන නිශ්ශංක ශූරීන්

ඔක්තෝබර් 8, 2021

නියම සිංහල මහ කළු සිංහලයෙක් වූ මෙතුමා අළුපැහැති කලිසමකින් සහ කෝට් එකකින් සැරසී සිටියේ ය. තරුණ වියට පා තබත්ම හෙළයේ පමණක් නොව ආසියාකරයේ දීප්තිමත් මහා පුවත්පත් ආයතනයක් වූ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හෙවත් ලේක්හවුසියේ පත්‍ර මහගෙදර දිනමිණ පත්‍රයේ කතුවරයා වූ මෙතුමා පියසේන නිශ්ශංක ශූරීන්ය. දිනමිණ පත්‍රයේ ප්‍රධාන කතුවරයා ලෙස සේවය කරන අතරතුරේ දී බුදුසරණ පත්‍රයත් සුබසෙත පත්‍රයත් මෙතුමා විසින් ආරම්භ කරන ලදී.

ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල කැන්දලියද්ද සුන්දර ගැමි පරිසරයක 1890 සැප්තැම්බර් මස 26 වැනි දින අනාගතයේ හෙළයේ මහා පුවත්පත් කලාවේදියකු වීමේ ජන්ම වාසනාව සුරතේ ඇඟිලි තුඩු අතර නොපෙනුණ පන්හිඳක් තිබෙන බැව් තෙවැනි ඇසින් දැකිය හැකි විශ්ව ශක්තිය කැටිකොට ගත් දරුවකු ගැමි මහගෙදරක උපත ලැබුවේ ය.

බත බුලතින් සරුසාර ගේදොර ඉඩකඩම් වපසරිය තුළින් පෝෂණය ලැබීමේ මහා වාසනා ගුණය හිමිකරගත් මේ දරුවා කුඩා අවදියේ ගම්පහ පාඨශාලාවකින් ශිල්ප හදාරා පසුව අගනුවර උසස් විදුහලක් ඇසුරු කොට සිය උසස් අධ්‍යාපන කටයුතු කරන ලදී. රවිගේ රාශියක් වූ සිංහ ලග්නයෙන් ඉපිද කේන්ද්‍ර කුණ්ඩලියෙ දෙවැන්නේ රවි සමව බුධ ස්වක්ෂේත්‍රවද තුලාවේ අධිපති සිකුරු මූල ත්‍රිකෝණ ස්වක්ෂේත්‍රවද 4 වැන්නේ කේතු උච්චවද 5 වැන්නේ කුජ මිත්‍රවද හය වැන්නේ ගුරුද හත් වැන්නේ සඳු වෘෂභ රාශියේ රාහුද පිහිටා තිබේ. සමස්ත ග්‍රහ හැසිරීම් රටාව අනුව බලනවිට ලග්න ගත සෙනසුරු ග්‍රහ වර්ණ සැලසුම අනුව තේජවන්ත තියුණු දෙනෙතින් සහ ප්‍රතාපවත් පෙනුමක් එතුමාගේ මුහුණ තුළින් දිස්විය. පළල් උරහිස් පිරිපුන් වැඩුණ ආරෝහ පරිනාහ දේහයකින් යුක්ත විය. කන්‍යාව අධිපති දෙවැන්නේ බුධ සමග රාහු යෝග වීමෙන් උගත්කම මෙන්ම බුද්ධිමත් බවේ ඉහළම තැන වැජඹුණි. අතිදක්ෂ කථිකත්වයක් තිබිණ. ප්‍රකාශන ශක්තිය කැපී පෙනිණ. තවද නායකත්වයේ ප්‍රතිමූර්තියක් විය. කේතුගේ උච්චවීම හරහා ඉඩකඩම් භූමි ලාභ අත්වී තිබිණ.

නියම සිංහල මහ කළු සංහලයෙක් වූ මෙතුමා අළුපැහැති කලිසමකින් සහ කෝට් එකකින් සැරසී සිටියේ ය. තරුණ වියට පා තබත්ම හෙළයේ පමණක් නොව ආසියාකරයේ දීප්තිමත් මහා පුවත්පත් ආයතනයක් වූ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හෙවත් ලේක්හවුසියේ පත්‍ර මහගෙදර දිනමිණ පත්‍රයේ කතුවරයා වූ මෙතුමා පියසේන නිශ්ශංක ශූරීන්ය. දිනමිණ පත්‍රයේ ප්‍රධාන කතුවරයා ලෙස සේවය කරන අතරතුරේ දී බුදුසරණ පත්‍රයත් සුබසෙත පත්‍රයත් මෙතුමා විසින් ආරම්භ කරන ලදී.

පාඨක රුචි අරුචිකම් මැනවින් හඳුනාගෙන සිටි මෙතුමා පත්‍රවලට නවාංග එක් කරමින් පාඨක හදවත් දිනා ගැනීමට සමතත් විය. බාසුරු යන අන්වර්ථ නාමයෙන් අගනා ලිපි එවකට සිළුමිණ පත්‍රයේ පලකරන ලදී.

පත්‍ර කලාවට අත්පොත් තැබූ ගෝලයින් විශාල පිරිසක් එතුමා වටා එදා සිටිහ. සමාජයේ උස් පහත් භේදයක් නැතිව කා සමඟ වුවත් සංග්‍රහ ශීලීව ඇසුරු කිරීමේ සහජ දක්ෂතාවයක් මෙතුමාට පිහිටා තිබීමට මූලිකම හේතුව ශනි සහ කේතු දෘෂ්ටිය හරහාය.

බාහිර පෙනුමෙන් හැඩි දැඩිකම කැපී පෙනුණත් කතාබහෙන් පොඩි ළමයකුසේ ය. එතුමා සමඟ පැයකාලක් කතාබහ කළොත් පැය විසිහතරකටත් වඩා දැනුම් පරාසයක් ලබාගත හැකි වේ.

තුන් වැන්න වූ තුලා රාශියේ සිකුරු උච්ච වී සිටීම නිසා බාහිර හා අභ්‍යන්තරික සම්පත්වලින් පෝෂණය වී තිබිණ. එඩිතර නායකත්වයත් නීතිමය දැනුමත් නීතියට අනුව ක්‍රියාකිරීමේ පූර්ණ බලශක්තිය එතුමාට ආරෝපණය වී තිබුණේ යුරේනස්ගේ බලය මතය. නැප්චූන් 10 වැනි කර්මස්ථාන ගතව උච්ච වූ රාහු සමඟ එක්වීමෙන් මෙතුමාට පත්‍ර කලාවේ ඉහළ තලයට පිවිසීමට භාග්‍යයක් ලැබිණ.

පියසේන නිශ්ශංක මහා පත්‍ර කලාගුරුතුමා සිටින තැන රසගුලාවකි. විහිළු තහළු කරමින් හාස්‍ය ජපකව මෙතුමා නිරන්තරයෙන්ම හැසිරෙන අන්දම හරිම සුන්දරයි.

ගුරුගේ ගුරු මකර රාශිය වූ හය වැන්නේ නීච වීමත් කුජගේ පස්වැන්නේ හැසිරීමත් අනුව ශරීර සෞඛ්‍යය තදින් පිරිහීම හේතුවෙන් කලක් රෝගාගුරව සිටියේ ය. එදා ලේක්හවුසියේ සිටි කාර්යාල කාර්ය සහයකයාගේ සිට සභාපතිතුමා ඇතුළු මුළු ලේක්හවුස්හි සේවක කරන ලද සියලු කාර්ය මණ්ඩලයේ සිත් දිනා ගත් එකම පත්‍ර කරුවා වූයේද මෙතුමා ය.

මීමන ප්‍රේමතිලක, එඩ්වින් ආරියදාස, සිබිල් වෙත්තසිංහ, සුමනා සපරමාදු, ශ්‍රී ලාල් ලියනගේ වැනි පත්‍ර කලා කරුවන් මෙතුමාගේ සමකාලීනයන් ය.

පියසේන නිශ්ශංක මහා පත්‍ර කලාවේදියාගේ නාමය අමරණීයයි. සුබසෙත ඡ්‍යොතිෂායුර්වේද පත්‍රයේ ආරම්භක කතුතුමා වූ මෙතුමාට නිවන් සුව පතමු.

 

දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.