ඇහැළේපොළ කුමාරිහාමි

සැප්තැම්බර් 10, 2021
උපන්නේ ක්‍රි.ව. 1780 ට පැමිණි පෙබරවාරි 03 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.15 ට ශක වර්ෂ 1701 ක් වූ නොහොත් බුද්ධ වර්ධ 2323 දුරුතු අව තෙළෙස්වක ලත් රාත්‍රී 28 පැය විනාඩි 23 පැමිණි වේලාවෙහි.

ඇහැළේ පොළ කුමාරි හාමිගේ කේන්දරේ කේතු හිමි මුල නැකැතේ දෙවැනි පාදයට කේතු මහ දශාව ඉදිරිය වර්ෂ 03 මාස 10 ක් විය.

මෙතුමිය දියේ ගිල්වා මරා දැමුවේ ක්‍රි.ව. 1814 ක් වූ මැයි මස 17 වෙනි එවිට වයස අවුරුදු 34 යි මාස 03 දින 14 යි. සඳු ධනුවේ නම් කඩිසරවේ. ලස්සන රුවකට හිමි කියන්නීය. ඉක්මන් ගමන් බිමන් යයි. ඇය ගුණවත්ය. දුර ගමන් යාමට ආශා වෙයි. ලස්සන ගමන් විලාශයකි. රන්වන් රත් කේෂ කල්‍යාණයක් ඇත. පියකරු පුන් පියයුරු රණතිසරු පරාදයි. නළලත් පළලය. නාසය ප්‍රමාණවත් දිගය. පුළුල් උකුල දෙපා වියකරු මකරයට රවි සතුරුයි. උසස් ගති ගුණ නැත. නුහුගුණ ඇත. විවාහයට යහපත් වේ. හදිසි රෝග අත්වේ. මරණය හදිසියේ සිදුවිය.

රවි, මකර බලය හා ප්‍රසිද්ධිය ලබයි. පෘථුල ඥාණයක් ඇත. හොඳ ඉගෙනීමක් ලබා ඇත. දරුණු විපත්වලට බඳුන්වේ. ඇගේ මරණයට රවිත් සම්බන්ධයි. රවි බලය සැපය ලබා දී අවසානයේ ඇගේ ජීවිතය පැහැර ගත්තේ ය.

ඇහැළේපොළ කුමාරි හාමිගේ ග්‍රහ බලය ප්‍රබලය. ඇගේ ජීවිතය ගුප්තයි. තම සැමියා දරුවන්ට ඉතාම ආදරය කරයි. ලස්සන රූසපුවකට ඇහැළේපොළ කුමාරිහාමි හිමිකම් කියන්නීය. චිත්තාකර්ශනයෙන් අගතැන්ය. ඇහැළේපොළ අධිකාරම් සමඟ ඉතා හොඳින් කාලය ගත කළා ය. තම පතිවත රැකගෙන ඇය කාලය ගෙව්වා ය.

පිරිමි දරුවන් දෙන්නෙකු හා ගැහැණු ළමයා බාලයාය. මද්දුම බණ්ඩාරගේ හිස ගසා දමා දියණිය වංගෙඩියේ ලා ඇහැළේ පොළ කුමාරි හාමි දුකිනි. කොච්චර වේදනාවක් දරුවා විඳින්න ඇද්ද. ඇය අතින් දරුවා කොටනවිට වංගෙඩිය රුධිරය පිරිණි. මෝල් ගහේ ලේ බේරිණ. දැරිය මිය ගියා ය. දෙවියන් කෝප වූහ.

(රජතුමාට) ශ්‍රී වික්‍රම රාජසිංහ නරීද්‍ර නොව නරිඳු කළ අපරාදය මහත. එදා සිහළ රටේ කාන්තාවන් මව්වරු හඬා වැළපිණි. අවසානයේ රජතුමා ඉංගී‍්‍රසීන් ශ්‍රී වික්‍රම රජතුමා අත්අඩංගුවට ගත් අතර ඉන්දියාවේදී රජතුමා මිය ගියේ ය.

 

ඡ්‍යොතීර්වේදී ගොඩගම

ජයසේන ජයසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.