කෝවිඩ් වසංගතය නිසා මරු තුරුලට යාම

ජූලි 16, 2021

අපේ මොළයේ නාසයේ පෙණහළු වල පවත්නා විෂ බීජ සෙම පළවා හැරීමට ‘වේදූ පෑම් ඉතාම වැදගත්. අපේ හෙළ බිමේ වැවෙන යකිනාරං, දෙහි පඳුරු වැනි පැළෑටිවල කොළ හෝ පංචාංගය ගෙන තම්බා දුම් ඇල්ලීමෙන් සෙම ඉවත් වෙනවා. එසේම කළුදුරු ගිනි අඟුරු මත දමා පුච්චා දුම ඇල්ලීම තවත් ප්‍රතිකරයකි.

 

අපේ රටේ හෙළ වෙදකම පාරම්පරික වෙදකම යනුවෙන් පවත්වාගෙන ආ ඉතා පැරණි වෛද්‍ය ක්‍රමයක් තිබුණ බවත් එයින් අපේ සිංහල ජාතීන් ඉහළින්ම ප්‍රයෝජන ගත් බවත්, කවුරුත් දනිති.

 

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට පෙර අපට උරුම වූ අපේම මුතුන් මිත්තෝ භාවිතා කළ මේ පොළෝ තලයේ බිහි වූ පැළෑටි ගස් වැල් ආදියෙන්ද, පොළොවෙන් ලබා ගන්නා රසදිය ගෙන්දගම් ආදියෙන්ද, සත්වයන්ගෙන් ලබා ගන්නා ක්ෂීර අෂ්ඨකයෙන්ද ප්‍රයෝජනය ගනිමින් අපට උරුම වූ හෙළ වෙදකම සාර්ථකව කරගෙන ගිය ප්‍රවෘත්තිය ඉතිහාසයෙන් මනාව පැහැදිලි වේ. ඕනෑම අසාධ්‍ය රෝගයන් පවා අප රටේ සිටි පරම්පරාගත වෛද්‍යවරුන් ඉතාම කරුණාවෙන් කිසිම වාසියක් මුදලක් ලබා ගැනීමෙන් තොරව එලොව මෙලොව ශුභ ශාන්තිය උදෙසා රෝගීන් සුවපත් කළ බව කවුරුත් දනිති. එසේම රෝගියාගේ මනස නිරවුල් කර උපක්‍රම මඟින් බිය සැක තුරන් කර ශාන්ති කර්ම බලි තොවිල් වැනි භූත විද්‍යා ශාස්ත්‍රය උපකාර කර ගනිමින් දෝෂ අමනුෂ්‍ය භය තුරන් කොට සෙත් ශාන්තිය උදාකර දී ඇත.එදා පැවැති අපේ හෙළ වෙදකමට කණ කොකා හැඩුවේ 1815 දී අපේ මේ දිවයින පරදේශක්කාරයින් නිසා ය.

අද මුළු ලෝකයම ගිල ගනිමින් පැතිර යන මේ මහා වසංගතය අනට උරුම කර දී ඇත්තේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිසා ය. වායුගෝලය දූෂණය කරන මිනිසාගේ ජීවන රටාව වෙනස් කරන අකට යුතුකම් නිසා සොබා ධර්මය මිනිසාට එරෙහි වී සිදු වන්නා වූ මේ මහා ව්‍යසනය කොතනින් කෙළවර වේදැයි සිතා ගැනීමට පවා අපහසු ය. ස්වාභාවිකව වැවෙන ගහ කොළ කපා බිම හෙළමින් නා නා විධි කර්මාන්ත ඇති කරමින් යාන වාහන නිෂ්පාදනය, න්‍යෂ්ටික අවි මේවා අපේ රටේ පමණක් නොව එංගලන්තය, ඕස්ට්‍රේලියාව වැනි බලගතු රටවල් පවා අද මේ වසංගත උවදුරට ගොදුරු වී මැරි මැරී වැටෙන අයුරු ඉතාම ශෝචනීයයි. ඉන්දියාවේ තත්ත්වයද බොහෝ පහත් මට්ටමක බව පෙනී යයි.

විශ්වයේ මහා විනාශය අත ළඟ බව විද්වත්තු ප්‍රකාශ කර තිබේ. මේක ලෝක විනාශයකි. මෙයින් බේරීම මිනිසාට ඉතාම අමාරු ය. මෙයින් බේරීම සඳහ මුඛ වාඩම් වැද්ද ගන්නාට බේරීමට හැකි වේද? මිනිසාගේ මරණය කරවන්නා ‘මාරක’ වන අතර ජීවිතය රැක දෙන්නා ජීවක නමින්ද අපේ හෙළ ශාස්ත්‍රයේ සඳහන් ය. අද මුළු ලොවම සටන් වදින්නේ මරුවා සමඟය. දෙමාපිය ගුරු දෙවියන් නොසලකන ලෝකයද විශ්වයේ අරක් ගෙන සිටින ඉර හඳ දෙවියන්ද ශිල්ප කියා දුන් දෙගුරුන් ද ලෝකය මැවූ මහ බබුද අද මිනිසාට එරෙහිව කරන සටනකි මේ රෝගය.

ඒ නිසා පොළොවේ පය තබා ජීවත් වෙන මිනිසුන් හැටියට සොබා ධර්මයට අවනත වීම වැදගත්. වාතය, ජලය, ගහ කොළ ඔස්සේ ජීවත් වන අපි ඒවාට ආදරය කළ යුතු ය. එබැවින් මෙම ‘කොවිඩ් වසංගතය’ මිනිස් සිරුරේ හදවත පෙණහළු ආශ්‍රය කරගෙන මිනිස් සිරුර විනාශයට පත් කරන මෙවැනි අවස්ථාවක මර්දනය යොදන බටහිර ඖෂධ ගැන විශ්වාසයක් නො තබන මෙවන් අවස්ථාවක අපේ හෙළ වෙදකමෙන් සුවයක් ලබා ගන්නට හැකිවනු ඇතැයි වෛද්‍යවරියක වශයෙන් මම ප්‍රකාශ කරමි. එය කොතෙක් දුරට සාර්ථක ද යන්න අතහදා බැලීම කාලීන වශයෙන් වැදගත්.

අපේ මොළයේ නාසයේ පෙණහළු වල පවත්නා විෂ බීජ සෙම පළවා හැරීමට ‘වේදූ පෑම් ඉතාම වැදගත්. අපේ හෙළ බිමේ වැවෙන යකිනාරං, දෙහි පඳුරු වැනි පැළෑටිවල කොළ හෝ පංචාංගය ගෙන තම්බා දුම් ඇල්ලීමෙන් සෙම ඉවත් වෙනවා. එසේම කළු දුරු ගිනි අඟුරු මත දමා පුච්චා දුම ඇල්ලීම තවත් ප්‍රතිකාරයකි.

එසේම ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල් එකට දමා තම්බා බීම, ඇඹුල් දොඩම් යුෂ, මී පැණි, ඉඟුරු ඉස්ම, සීනි දමා ටික ටික ලේහ කිරීමද එයටම බුද්ධරාජ කල්ක මදටිය 2 ක් පමණ දිය කර බීමද, පෙණහළු ගත සෙම දුරු වීමට සුදුසු ය.

ඕනෑම විෂ බීජයක් මරා දැමීමේ ශක්තිය අප ශරීරයේ පවතිනවා. එම ප්‍රතිශක්තිය වැඩිදියුණු කර ගැනීමෙන් රෝග මර්දනය කර ගැනීම පහසුය. ශක්ති ජනක ආහාර කැඳ වර්ග දෙළුම් , දොඩම්, දෙහි වැනි දේවල් යොදා සකස් කර ගන්නා පාන වර්ගද නිෂ්පාදිත කළුහර, අර්ජුන, නාගර පානය ගැනීම විශේෂය. කෝලශ්ලේෂ්මා තෛලය නාශයට ඉරීම, නාලිසාදි චූර්ණය මී පැණි අනා දිවේ ගා ලේහ කිරීමෙන්ද පෙණහළු මොළයේ පවතින විෂ බීජ (සෙම) ඉවත් වී සහනයක් ලැබේ.

ආරක්ෂක නීති පිළිපැදීමත් තමාගේ අවට පරිසරය පිරිසුදුව තබා ගැනීමද ඇඳුම් පැළඳුම් පිරිසුදුව තබා ගැනීමත් රංචු වශයෙන් ගැවසෙන ස්ථානවලට යාමෙන් වැළකී සිටීමත් වැදගත් වේ. කුඩා ළමුන්ට මෙම රෝගය බලපැවැත්වීම වැඩි නිසා ළමුන් ප්‍රවේසම් කර ගැනීම ඉතාම වැදගත්. එසේම උතුරුවා නිවා ගත් ජලය පානය කිරීමට සැලැස්වීම, වෙළඳ පොළවල් සකස් කළ බීම වර්ග, අයිස් ක්‍රීම්, යෝගට්, ජෙලි වර්ගද වෙළඳ පොළවල තබා ඇති පලා වර්ගද ගැනීම ප්‍රවේසම් සහිතව භාවිතා කළ යුතු ය.

 

ආයුර්වේද වෛද්‍ය

එන්.කේ.එස්. කුලසූරිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.