විභාග ජය ගෙනෙන මහා බල සම්පන්න සෙත්කවියක් හා ගණ දෙවි පූජාවක් මෙන්න....

සැප්තැම්බර් 18, 2020

මහා බලසම්පන්න සෙත්කවි රත්නය 

හිමව ඇති බල තෙදිනි මනුසත වෙතට යහපත නිතර සදමින 

පිනැති සිරිවස් - දෙව් සෙනෙවි - ගණ දෙවිද නිති ගැති වඳිමි බැතියෙන 

නිකිණි මස තුළ සියලු දින වල මුහුණ දෙන තරඟයට කුළුනින 

දුරැර දොස නැණ බලය දෙවනු මැන විභහගයෙ ජය සතිරවන මෙන. 

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2020 ඔක්තෝම්බර් මස 12 වන සඳුදා දින ආරම්භ වන අතර, එසේම මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය එළඹෙන ඔක්තෝම්බර් මස 11 ඉරිදා දිනයේදී යෙදී ඇත. 

2020 වර්ෂයේ මෙවර ශිෂ්‍යත්ව විභාගය දැයේ දුවා දරුවන්ගේ ජීවිතයේ පළමු ජාතික විභාග කඩඉම වන මෙම එළඹෙන ශිෂ්‍යත්ව විභාගය හා අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා දරු දැරියන් මේ වන විටත් ලහි ලහියේ සූදානම් වේ. ඒ අනුව මෙම විභාගයට පෙනී සිටින සියලු දරුවන්ට එම විභාගයට සාර්ථකව මුහුණ දීමටත් සිය මතක ශක්තිය හා ධාරණ ශක්තිය වැඩිදියුණු වීමටත් නීරෝගී සම්පන්නව යහපත් මනසකින් යුතුව යන එන ගමන බිමනේ ආරක්ෂාවත්, රැකවරණයත් අරබයා මෙන්ම අති සාර්ථකව මෙම තරග විභාගයන් ජය ගැනීමට මෙහි පහත සඳහන් ග්‍රහ ශාන්ති කර්ම හා මහා බලගතු සෙත්කවිය  ගායනා කිරීම තුළින් දරුවාට සාර්ථක ලෙස මෙම විභාග කඩඉම ජයගත හැකි ය. 

මෙවර අප ඔබට ඉතා බලසම්පන්න සෙත් කවි රත්නයක්ද ඉදිරිපත් කරන අතර එය නිවරදිව භාවිතය තුළින් මහඟු ප්‍රතිඵල උදාකරගත හැකි ය. 

මෙම විභාග ද්විත්වයටම පෙනී සිටින සියලු දුවා දරුවන් වෙනුවෙන් ඉතාමත් නිවැරැදිව ගණ පිහිටුවා බල සම්පන්නව හා සරලව විෂ්ණු, කතරගම, හා ගණ දෙවියන් යන දෙවියන් වහන්සේලා උදෙසා රචනා කර ඇති මෙම විශේෂ සෙත්කවිය එළඹෙන 2020 සැප්තැම්බර් මස 22 වන දින සිට පහත සඳහන් ආකාරයට ගායනා කිරීම තුළින් ඉතාමත් ම යහපත් සුබ ප්‍රතිඵල උදාකර ගත හැකි ය. 

විභාගයට පෙර එම ඉහත සඳහන් දිනවල ස්නානය කර පිරිසුදු වී සුදු ඇඳුමින් සැරසී ළඟම ඇති විහාරස්ථානයට ගොස් බෝ මළුව ඇමද මල් අසුන පිරිසුදු කර ගන්න. ඉන් පසු සුවඳින් රුවින් යුත් මල් පුදා සුවඳ කූරු දල්වා තෙරුවන් නැමද ආගමික වතාවත් කිරීමෙන් අනතුරුව තමන් කල පින් ගණ දෙවියන්, විෂ්ණු කතරගම හා සරස්වතී මෑණියන් හා තම ඉෂ්ට දේවතාවන්ට අනුමෝදන් කර විභාග ජය ප්‍රාර්ථනා කරන්න. ඉන් අනතුරුව පහත සඳහන් මහා බලසම්පන්න සෙත්කවිරත්නය බෝධීන් වහන්සේ ඉදිරිපිට සිට උදෑසන හෝ සවස 6.00 ත් රාත්‍රී 10.48 ත් කාලය තුළ නිවැරැදිව 7 වරක් ගායනා කොට විභාග නිමාවනතුරු මතක ශක්තිය වර්ධනය, නිරෝගී භාවය හා යන එන ගමනේ බිමනේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරන්න. සෙත්කවිය ගායනා කිරීම අදාළ දරුවාගේ මව හෝ පියා විසින් සිදු කිරීම ඉතා හොඳයි. 

අදාළ විභාග දිනයේ විභාගයට පිටත්වීමට පෙර සුදු මල්වට්ටියක් බුදුරජාණන් වහන්සේට පූජා කර පහන් දල්වා තෙරුවන් නැමද, දෙමාපියන් නැමද  දකුණු පය පෙරට තබා පහත සඳහන් ගාථා රත්නය තෙවරක් සිහිපත් කර අදාළ දිනයේ සුබ නැකත හා දිශාව අනුව පිටත්ව යන්න. 

“ජයෝ මුණින්දස්ස සුබෝධි මූලේ 

අහෝසි මාරස්ස පරාජයෝ හි 

උද්ඝෝසයුං දේව ගනා පසන්නා 

ඒතේන සච්චේන ජයස්තු මය්හං” 

සුදු මලක් දමන ලද පිරිසුදු වතුර වීදුරුවක් රැගෙන එන මව පෙරමගට හමුවන ලෙස පිටත්ව යන්න. 

විභාග ජය ගෙනෙන මහා බල සම්පන්න ගණ දෙවි පූජාව...... 

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය යනු දැයේ දරුවන් ගේ ජීවිතයේ කඩඉමයි. ඒ අනුව ඔවුන්ගේ ජීවිත කඩඉමක් බඳු වූ මෙම අති සුවිශේෂ විභාගයන් වෙනුවෙන් ඉදිරිපත්වන දරුවන් වෙනුවෙන්  ඔවුන්ගේ මතක ශක්තිය හා ධාරණ ශක්තිය වැඩිකර ගැනීමටත් සිය අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගනිමින් මනා ශාරීරික ශක්තියකින් හා නිරවුල් මනසකින් යුතුව විභාගයන්ට මුහුණ දීම සඳහා ප්‍රයෝජනවත් වන ගණ දෙවියන් උදෙසා පවත්වන ග්‍රහ ශාන්ති කර්මයක් අප මෙවර ඔබ වෙත ගෙන එනු ලබනවා. ඒ අනුව මෙහි පහත සඳහන් ගණ දෙවි පූජාව නිවැරදිව පැවැත්වීම තුළින් ඔබටත් අති සාර්ථක ප්‍රතිඵල උදාකර ගත හැකි ය. ඒ අනුව මෙහි පහත සඳහන් ගණ දෙවි පූජාව නිවැරදිව පවත්වා ඔබත් යහපත් ප්‍රතිඵල උදාකර ගන්න. 

ගණ දෙවි පූජාව නිවැරදිව පැවැත්වීම. 

ගණ දෙවි පූජාව පැවැත්වීම සඳහා සාලය හෝ කාමරයක් තෝරා ගන්න. එය නිසි පරිදි පිරිසුදු කර එහි කුඩා මේසයක් තබා ගණ දෙවියන් ගේ රූපයක් හෝ පිළිමයක් තබන්න. 

පහත සඳහන් දෑ සකස් කරගන්න. 

මල්වට්ටියක් නෙළුම් මල් සමඟ 

පලතුරු වට්ටියක් (පලතුරු 5 පමණ) 

කැවිලි වට්ටියක් (කැවිලි 5 පමණ) 

හඳුන්කූරු 

පහනක් 

සම්බ්‍රානි සුවඳ දුම් සූදානම් කර ගන්න. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.