වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
දුවකට පෝරු මස්ථකය අවශ්‍යමද?
ඒක ප්‍රශ්නයක් කළොත් ඉතා සංකීර්ණ පිළිතුරු ලැබේවි. ඔව් කියන්නෙත් නැතිව නැහැ කියන්නෙත් නැතිව අපි කරුණු ඉදිරිපත් කරමු. එතකොට අපේ පාඨකයෝ නිවැරදිව තීරණය ගනීවි. දුවකට පෝරුව අවශ්‍යමද කිව්වට පුතෙකුට පෝරුව අවශ්‍යද කියල අහන ප්‍රශ්න හරි අඩුයි. පුතෙකුට රහසේ හෝ දෙවන වර තෙවන වර පෝරුවට නගින්න පුළුවන්. නීතිය හරස් නොවුවොත්. නමුත් නීතිය හරස් උනත් නැතත් සියයට එකක් පමණක් හැරෙන්න ගැහැනු දරුවෙකුට පෝරුවට නගින්න අවකාශ නැහැ.
දුවක් ජීවිතයේ එක් එක් කඩහන්දි වලදි වෙනස් වනවා.ව්‍යවහාරික නමින් පවා වෙනස් වනවා. ගැහැනු දරුවෙකුට රැකගන්න ගොඩක් දේවල් තිබෙනව කියන්නෙ ඒකයි. ගැහැනු දුවක් ඉපදුණාම ඇයට දුව, බබා, මැනික කුමරිය යන නම් පටබැඳෙනවා. වැඩිවිය පැමිණෙන තෙක්. එතෙක් ඇයට කිසි තහංචියක් නැහැ. හරියට සුදු සිහින් පුලුන් කැබැල්ලක් වගේ. වැඩිවිය පැමිණුන දිනයට ඇයට ප්‍රථම තහංචිය පැනවෙනව . ඇගේම අම්මගෙන්. එතැන් සිට ඈ කන්‍යාවියක් යන ප්‍රථම විරුදාවලිය ලබනවා. එදින සිට දින කීපයක් ඇගේ ගෙදරම එක් කාමරයකට හෝ පිරිමි ඇස නොගැවසෙන තැනකට තාවකාලික සිරකාරියක් වනවා. නැටුම් ගැයුම්, කෑම බීම, ගමන් බිමන් සෑම දෙයක්ම සීමාසහිත වනවා. සමහර දේ නැටුම්, ගැයුම්, බැදුම්, පිලිස්සුම් තහනම් තාවකාලිකව. පිරිමි තරුණයන්ට ඉලන්දාරින්ට ඇයව කොහොමටවත් බලන්න තහනම්.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>