2020 වසර සතුටින් නිරෝගීව ජීවත් වෙමු

ජනවාරි 3, 2020

ගෞතම බුදුරජුන් ධම්මපදයේ දෙසූ මේ ගුණදහම අපට නව අවුරුදු පණිවිඩයක් ගෙන එන්නේ ඒ තුළ වූ සාධනීය සාර්ථක ලක්ෂණයන්ගෙනි.

සාරංච සාරතො ඤත්වා - අසරං ච අසාරතො

තෙ සාරං අධි ගච්ඡන්ති - සම්මා සංකප්ප ගෝචරා

සරු දේ සරු හැටියටත්, නිසරු දේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනා ඇතිකරගන්නේ සරු දෙයම ලබන බවය.

ලෝකයම අසිරිමත් කරවනා ජනවාරියේ පළවන දිනට හිමිවනුයේ ප්‍රධාන තැනකි. එනම් මෙම මුල්ම දිනය ජේන්ස් දෙවිඳුන් උදෙසා කැප කර තිබීම නිසා ය. රෝම යුද්ධ සමයේ රෝමවරුන්ගේ ජයග්‍රහණය උදෙසා ඔවුන්ගේ මතය අනුව සුරලොව භාරකර ජේන්ස් දෙවිදුන් උදෙසා කැපකළ දිනය ජනේර ලෙස හැඳින්වේ.

තවද පසුකාලීනව එය ජනවාරි බවට පත්වන්නට ඇතැයි මතයක් පවතී. අපට මෙම ජනවාරි මාසය වැදගත් වනුයේ බුදුහිමිගේ ප්‍රථම ලංකාගමනය සිහිකරවන දුරුතු පෝය ඉතාමත් වැදගත් වන බැවිනුයි. බුදුරජුන් බුද්ධත්වයට පත්ව නවමාසයක් ගතවී යෙදුනු දුරුතු පුර පසළොස්වක පෝය දිනය අපට අතිශයින් වැදගත් වේ.

බෝධිතො නවමෙ මාසෙ - ඵුස්ස පුණ්ණමියං ජිතෝ

ලංකාදීපං විසෝධේතුං - ලංකාදීප මුපාගම්

(මහාවංශය)

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.