යන්ත්‍ර පැළැඳීම

නොවැම්බර් 29, 2019

ඡ්‍යොතිෂය හැදෑරීම ආරම්භ වන්නේ පංචාංගයෙන් කිව්වොත් නිවැරදි මුත් ග්‍රහයෝ, රාශි, රාශි අධිපතිත්වය දෘෂ්ඨි වැනිදෑ මේ අයුරින්ම දැනගෙන සිටීම ඡ්‍යොතිෂය නිවැරදිව හැදෑරුවා වනවා.

අද සමහර උදවිය ඔවුන්ටම ආවේනික වූ මෘදුකාංග පදනම් කරගෙන ඡ්‍යොතිෂය හදාරනවා. ඒ ඔවුන්ට ප්‍රායෝගිකව ඡ්‍යොතිෂය පිළිබඳ මනා අවබෝධයක් නැතිකම විය හැකියි. තවත් අය ගණිතමය ගැටලු නිරාකරණය කිරීමට එය භාවිත කරති. තවත් කොටසක් ඡ්‍යොතිෂය දැනුම ඇතිව ගණිතමය අයුරින් ජන්ම පත්‍ර සාදා ගණිතමය ගැටලු තව දුරටත් නිවැරදි කිරීම සඳහා කැල්කියුලේටර් පාවිච්චි කරති. එහෙව් ඡ්‍යොතිෂවේදින් නිවැරදි බව මගේ මතයයි. අදහසයි. තවත් සමහරු ඉපැරණි ක්‍රමයට නිවැරදිතාවය උරගා බැලීමට ස්ලෝක පාවිච්චි කිරීමෙන් නිවැරදිතාවය තවදුරටත් මැන බලති. එවැනි ඡ්‍යොතිෂවේදීන් දක්ෂයෝ යයි. එකහෙලා යෝජනා කරමි. ඡ්‍යොතිෂ පාඩම් මූලිකව ආරම්භ කර චූල නක්ෂත්‍රයෙන් අවසන් කරති. චූල නක්ෂත්‍රය යනු ජන්මියෙක් මෙලොව ඉපදී මිය යන දිනය ආකාරය, වැනි විස්තර හෙළිකරන තියුණු ශාස්ත්‍රයකි. ඉතා සූක්ෂම පාඩමක් වන මෙය රාශි චක්‍රයේ විශේෂයෙන් 6,8,12 යන රාශි මුළුමනින්ම අධ්‍යයන කරන ඉතා වැදගත් කොටස් හෙළිකරයි.


මෙම ශාස්ත්‍රය අධ්‍යයනය කලත් එය ප්‍රායෝගිකව පැවසීම තහනම් කිරීමක් පාරම්පරික ගුරුවරු දැනුම්දී ඇත. ඒ ඇයිද යත් එම චූල නක්ෂත්‍රය උපයෝගී කරගෙන කෙනෙක් මිය යන දිනය, ආකාරය අසන යම් කෙනෙක් ඇත්තේද එය කරන්නේ ඉතා සතුටින් වුවත් එය පැවසීමෙන් පසු ඉතා කනගාටුව සහිත මැරි මැරි උපදින ස්වභාවයකට පත්වීම නිසාමය. සියලුම විස්තර නාඩි ශාස්ත්‍රයෙන් පැවසුවද මරණය සම්බන්ධව නොපවසන්නේ ද ඒ නිසාමය. ඡ්‍යොතිෂය හැදෑරීමෙන් පසු ගුප්ත ශාස්ත්‍රයද ඉන්පසු යන්ත්‍ර ශාස්ත්‍රයද සමාන්තරව උගන්වනු ලැබේ. ගුප්ත විද්‍යාව හා යන්ත්‍රවිද්‍යාව ඡ්‍යොතිෂයට වඩා ඉතා සංකීර්ණ විද්‍යාවන් වන්නෙ ඉන් කිසියම් ප්‍රතිඵලයක් ලබන නිසාත්.ගුරුවරයෙකු යටතේ ඉගෙනුම් කළ යුතු නිසාත්ය.


ඡ්‍යොතිෂය මූලිකව හැදෑරීම කළ යුතුව ඇති බව සඳහන් කිරීම අත්‍යවශ්‍ය වේ. කුමක් හෙයින්ද යත් ඡ්‍යොතිෂ කරුණු උපයෝගී කර නොගෙන මේ ශාස්ත්‍රයන් දෙකම නිවැරදිව කළ නොහැකි බැවිනි. යන්ත්‍ර සකස්කිරීම හා පැළැඳීම ගැන පුළුල් දැනුමක් අවබෝධයක් තිබිය යුතුමය. ඊට ප්‍රමාණවත් හේතු සාධක රාශියකි. යම් අවශ්‍යතාවයකට යන්ත්‍රයක් නොපැලඳවීමෙන් එම ගුණය නොලැබේ. නමුත් නිවැරදි යන්ත්‍රයක් නිවැරදිව නොපැළඳවීමෙන් ආතුරයා නොසිතූ විරූ කරදර රාශියකට මුහුණ පාන්නට සිදුවන නිසාය. එම නිසා යන්ත්‍රපැළැඳීම ඉතාමත් කල්පනාකාරිව නිවැරදිව කළයුතු කාර්යයකි. ඒ බව ඉතා වුවමනාවෙන් සඳහන් කරමි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.