විවාහයට අකුල් හෙළන ග්‍රහයෝග

ඔක්තෝබර් 11, 2019

“අපේ දුව විවාහ වුණේ උඩරට පළාතේ වැදගත් පවුලකින් දරුවෙකුත් ලැබුණා. හරි පින්වත්ත දරුවා .දරුවා ලැබිලා මාස දෙකයි බෑනා බීමට ඇබ්බැහි වුණානේ. නොගිය දේවාලයක් නැහැ. නොකළ දෙයකුත් නැහැ. බැරිම තැන දරුවා අරගෙන දුව ගෙදර ආවා.

මටත් ඇහැ වගේ හිටිය එකම දරුවා” මේ එක මවකගේ අදෝනාවක්. “ඒත් එකටම අපේ දුව දකුණු පළාතේ පොල් අක්කර 50 ක්ම තියෙනවා. ඊට අමතරව තේ දලු නෙළන අක්කර 25 ක්ම තිබෙන පවුලේ බාලයාට තමයි දුන්නේ. හොඳට කලක් හිටියා.හිටපු ගමන් කිසිම වරදක් නැතුව දැන් එකට ඉන්න බැහැ කියල ඔන්න ගෙදර ඇවිල්ලා. මේවා ගැන හිතල අපේ එක්කෙනා අසනීපත් වෙලා. මේවා සමහර නිවැස් වලින් ඇහෙන දුක් අඳෙීනා . අපේ දුව නම් කරදරයක් නැහැ. ඒත් පුතා කියන්නේ එයා ගෙදරට වඩා යාලුවො සමඟයි වැඩි ඇසුර.ඒ යාළුවො එච්චර හොඳ අය නොවේ. මේව අහල මට හිතේ කිසිම සැනසීමක් නැහැ අනේ. මේ වගේ කතා ඔබ කොච්චර වත් අසා ඇති. මේ හැමදෙනාම විවාහ වුණේ පෝරුවේ තියල, අෂ්ඨක කියලා සුබ වෙලාවට .පොරොන්දම් බැලූ තැනින් කිව්වේ හරියට ගැළපෙන කේන්දර කියලා. ඕනෑම මව්පියෙක් විවාහය සිදුකරන්න ප්‍රථම ජන්ම පත්‍ර දෙක රැගෙන ඡ්‍යොතිර්වේදි මහතෙකු කරා යන එක සිරිතක්.

ග්‍රහ පොරොන්දම – විසිපොරොන්දම තවත් ඕන නම් අෂ්ඨ නාඩි කූඨය පරීක්ෂා කරනවා. ඒවා බලල පරීක්ෂා කරල වැඩි ලකුණු ගණනක් සුබ පැත්තට ඇත්නම් විවාහයට සුදුසුයි කියල වාර්තාව දෙනවා. එහෙනම් කලින් කිව් දේවල් සිදු වුණේ කෙසේද? පෙර පාප කර්ම නිසාද නැත්නම් ඡ්‍යොතිර්වේදියට වැරදුණා වත්ද? පෙරභවයේ කිසියම් ප්‍රශ්නයක් නම් 9.10 ධර්ම – කර්ම රාශිවලින් පෙන්නුවේ නැද්ද? මොකද වුණේ? පාසල් යන දුවෙකුට පුතෙකුට ඒ ඒ කාලයට එයාගේ ඒ ඒ කාලවලදී වැඩ ගැන පරික්ෂාවෙන් බලන ගුරුවරයට දරුවගේ අනාගතය ගැන වැටහීමක් ඇතිවනවා. ඒ ගුරුවරයාගේ දැනීම අනුව වටහා ගැනීමේ ශක්තිය අනුව, 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.