නවාංශක පිහිටීම් හා බැදුණු ප්‍රතිඵල

ඔක්තෝබර් 4, 2019

ලෝක ගෝලයේ අංශක 360 කි. මෙම අංශක 360 ප්‍රමාණය 108 ක කොටස්වලට බෙදූ විට ලැබෙන ප්‍රමාණය 3 20 (අංශක 3 කලා 20) කි. මෙම ප්‍රමාණය නවාංශකයක් ලෙස ඔබ බොහෝවිට දන්නවා ඇත.

තවද ලෝක ගෝලය අහසේ තරු රටා අනුව කොටස් 12 කට බෙදා එය රාශියක් ලෙස අංශක 30 ක ප්‍රමාණයක් ගෙන ඇත. මෙම අංශක 30 ක රාශියක් ගෙවී යාමට (පෘථිවි භ්‍රමණය අනුව) දළ වශයෙන් පැය දෙකකක පමණ කාලයක් ගතවේ. රාශියක නවාංශක ප්‍රමාණ 09 ක් ඇති බැවින් නවාංශකයක් ගෙවීමට විනාඩි 13 කට තරමක් වැඩි ප්‍රමාණයක් ගත වෙනු ඇත. සාමාන්‍යයෙන් ලග්න රාශි දක්වා ඇති දළ කේන්ද්‍රයක එක් රාශියක පිහිටි ග්‍රහයින් හෝ ග්‍රහයාගේ පිහිටීම ගැන සඳහන් හැක්කේ අංශක 30 ක පරාසයක් තුළයි. එබැවින් දළ කේන්ද්‍රය තුළ යම් පලාපලයක් පැවසීමේ දී එය බොහෝ දුරට කේන්ද්‍ර හිමියාගේ භෞතික තත්ත්වයන් හා පොදුවේ ගත හැකි හෝ විස්තර කළ හැකි කරුණු පමණක්ම වේ.

මෙවැනි අවස්ථාවක යම් කරුණක් පිළිබඳව දීර්ඝව කරුණු සොයා බැලීමට අවශ්‍ය වූ විට ග්‍රහ ස්ඵුට සහිත භාව කේන්ද්‍රයක් සකස් කර භාවිතා කළ යුතු ය. එහෙත් භාව කේන්ද්‍රයක් සකස් නොකර එවැනිම සුවිශේෂී කරුණු පිළිබඳ වැඩිපුර විමර්ශනාත්මක සොයා බැලීමක් කළ හැක්කේ නවාංශක කේන්ද්‍රයකිනි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.