වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ජෝතිශයෙන් ඉදිරිය දෙස බලමු
නිකවැරටිය එච්. එම්.කේ. හේරත් -වයස 21 -විවාහය රැකියාව ඇතුළු අනාගතය කෙසේද?
පිළිතුර :– මිථුන ලග්න වෘෂභ නවාංශක හා දැනට දසාව ශනි. ඔබේ ගැටලු සියල්ලට විසඳුම් ජන්ම පත්‍රය පරීක්?ෂාකරවා බලාගන්නේ නම් මැනවි. ෙ?මම තීරුවෙන් කරනුයේ එක් ගැටලුවකට පිළිතුරු දීම පමණි. අප දී ඇති උපදෙස් හොඳීන් කියවා බලා එක් ගැටලුවක් පමනක් එවන්නට යොමුවන්න. විවාහ ස්ථාන අධිපති ගුරු 9 වැන්නේ ස්ථාපිත වීමෙන් ඔබම සොයාගත් ගුණගරුක සහකරුවෙකු හා විවාහ වීමේ වාසනාව ඇති බව පෙන්වයි. එහෙත් විවාහය පමා වීමට ඇති ඉඩ කඩද වැඩි බව පෙනේ. ඒ ඔබේ ලග්නාධිපති බුධ 22 වන දෙර්කාණාධිපති වී 10 වැන්නේ සිට ලග්නය දැකීම නිසයි. ඔබේ සියලු ගැටලු වලට විසඳුම්ද එහි ඇත. රැකියා ලාභයද පමා විය හැක. 10 වැන්නේ පිහිටි ර බු කු ශ යෝගය සුබදායක වුවත් බුධගෙන් එම යෝගයේ සුභවාදී තත්වයටද බාධා එල්ල වී ඇත. දියුණුවට බාධා ඇත. බුධ වෙනුවෙන් හැකි සෑම අවස්ථාවකම විහාරස්ථානයට ගිය විට බෝධිපූජාවක් පවත්වන්න.
තිස්ස විජේපාල - වයස 76 -දැනට ඇති අසනීප තත්වය සුව වේද?
පිළිතුර :– මකර ලග්න මේෂ නවාංශක මුවසිරස නැකත දැනට දසාව කේතු දසාධිපති කේතු උපතේදී සතුරුව දෙවැන්නේ සිටින අතර ලග්නාධිපති ශනි 5 වැන්නේ සිටී. ලග්නයේ කුජ උච්චව ස්ථාපිතව ඇත. තරුණ කාලයේ ඉතා ශක්තිමත් පුද්ගලයෙකු මෙන්ම සතුරන් මෙල්ල කිරීමේ හැකියාවෙන් යුතු නිර්භීත අයෙකු වන්නටද ඇත. ඔබ වැනි අය ආරක්?ෂක හමුදාවේ සේවය කළේ නම් ඉතා යහපත් සේවාවක් ලබා දෙන්නට තිබිණ. ඔබ දැනටමත් පූර්ණ ආයුෂ විඳ ඇති අයෙකු නේද? තරුණ කාලයේ ශක්ති සම්පන්නව ජවයෙන් යුක්තව ඉන්නට ඇති. එහෙත් සැමදා එසේ නොවන බව තේරුම් ගන්නේනම් ඔබට දුක් වන්නට හේතුවක් නොමැත. සොබාදහම එයයි. දැනට ඔබ ගත කරන කේතු මහ දසාව සුභවාදී යැයි කිව නොහැක. වෛද්‍යවරුන්ට පවා සොයාගත නොහැකි රෝග සාදන ග්‍රහයෙකි. කේතු විශේෂයෙන්ම කෙටි කාලීනව හෝ එක්තැන් කරවන රෝග වලට ගොදුරුවිය හැක. කේතු වෙනුවෙන් කළ යුතු සත්කාර නිසි ලෙස කිරීමෙන් මෙම තත්වය තරමක් හෝ යහපත් වේ. ඔබ වෙනුවෙන් කවුරුන් හෝ මෙම සත්කාර කරන්නේ නම් මැනවි.
ගොඩපිටිය එම්.අමරසිංහ වයස 16 උසස් පෙළ කුමන අංශයෙන් යා යුතුද?
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>