වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
දකිනා සිහිනේ ගෙනෙනා සුබඵල
අනාවැකි පැවසීමේ ගුප්ත බලයක් සිහිනවලට ඇතිබව අනාධිමත් කාලයක සිට මිනිසා විශ්වාස කරනු ලබයි. දහවල් දකින සිහිනවල ප්‍රතිඵල ශූන්‍ය බව පැරණි පඬිවරුන් මෙන්ම අපි ද පිළිගන්නෙමු. රාත්‍රියේ සිහින දකින වේලාවල් අනුව කොටස් තුනකට බෙදෙයි.
රාත්‍රී 9-12 අතරත්, 12-3 ත් අතරත් අලුයම 3-6 ත් අතරත් වශයෙනි. අලුයම දකින සිහිනවල ප්‍රතිඵල ඉක්මන වන අතර මැදියම් රැයේදී දකින සිහිනවල ප්‍රතිඵල පමාවෙන බවත්, නිදිගත් වෙලාවට ආසන්නව දකින සිහිනවල ප්‍රතිඵල රහිත බවද පැවසේ. දැන් බලන්න මේ සහින ඔබ සිහිනෙන් දුටුවාද කියා සුබ සිහිනයක් නම් අන් අයට කීමෙන් වැළකීම යහපත් වන අතර අසුබ සිහිනයක් පිළිබඳව අන් අයට කීමෙන් ලැබෙන අසුභ ප්‍රතිඵල අවම වෙන බවද පැවසේ.
නිවසක් සෑදීම
සිහිනෙන් නිවසක් ගොඩ නගනවා දැකීම ඉතා යහපත් වේ. විවාහ වූ අයෙක් මෙබඳු සිහිනයක් දුටුවේ නම් තම භාර්යාව ඔහුට බොහෝසේ ඇලුම් කරයි. විවාහ නොවූ අයෙක් එවැනි සිහිනයක් දකීනම් ඔහුට හෝ ඇයට ආදරණීය යහපත් භාර්යාවක් හෝ යහපත් පුරුෂයෙකු හිමිවෙයි.
නිවෙස ගිනිගැනීම
යමෙකුගේ නිවසක් ගිනි ඇවිලීම, සිය ශරීරයේ අවයව සහ අන්‍ය දෙයක් හෝ ඥාතීන් යන සියලු දේ ගිනිගැනීම දැකීම රන් ආභරණ හිමිවීමේ පූර්ව නිමිත්තක් වෙයි.
කුඩා ළමයෙකු මිය යනවා දුටුවොත්
ඔබේ සියලුම සැලසුම් හා ක්‍රියාකාරකම් ව්‍යාර්ථ වී පරාජයට පත්වෙන බවට පෙර ලකුණකි. අසනීපයෙන් පෙළෙන ළදරුවකු දුටුවොත් පවුලේ ඥාතියෙකුගේ දුක්ඛිත මරණයක් සිදුවෙන බවට සලකුණකි.
ලස්සන පියාපත් සහිත කුරුල්ලෙක් දුටුවොත්
ඉතාමත් යහපත් පෙර නිමිත්තකි. අවිවාහක තරුණයෙක් හෝ තරුණියක් එවැනි සිහිනයක් දුටුවේ නම් ඔහුට හෝ ඇයට ධනවත් තරුණියක් හෝ තරුණයෙක් සමඟ යුගදිවියට පත්වීමට ඉඩ ලැබෙනු ඇත.
දත් වැටීම හෝ දිව වැටීම
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
හිඹුටානේ
පියතිලක ද අල්විස්