වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
මල්වරය හා වත් පිළිවෙත්
මැයි 3, 2019
දැරියකට උදාවෙන මංගල්‍ය අතරින් රැකගත යුතු නාවා නැකතට ගෙටගතයුතු මංගල්‍යයකි කොටහළු හෙවත් මල්වර මංගල්‍යයය.
මෙය දැරියගේ ජීවිතයේ ඉදිරිඅනාගතය සැපවත් කරන නිරෝගී කරවන මහඟු අවස්ථාවකි. එබැවින් මල්වරයේ දී ඉටු කළ යුතු වත් පිළිවෙත් ගැන දෙමව්පිය වැඩිහිටියන් මනා අවබෝධකින් කටයුතු කළයුතු අතර දැරියට යම් අවබෝධයක් ලබාදිය යුතු ය.
අපේ ජනසමාජයේ බොහෝ විට ගෙටවීමේ නැතහොත් මල්වරවීම පිළිබඳ කටයුතු එදා සිට පැවත ආ වත්පිළිවෙත් අනුගමනය කරමින් සිදු කරනු ලැබීය. මේ නිසා ඔවුන්ට නිරෝගීතාවය මෙන්ම සැපවත් ජීවිතයකට අවස්ථාව ලැබිණ. එදා මල්වරවීමට ආසන්න දැරිය ගැන දෛවඥවරයකුට ජන්ම පත පෙන්වා දිනවකවානු දැනගත්හ. ඒ අනුව දැරියට ලබා දිය යුතු උපදෙස් මෙන්ම ආරක්ෂාවද ලබාදුන්හ.
මල්වරයේ දී පළමුව සිදුවන රජස් වීම කිල්ලක් ඇතිවන බවත් එම මල්වර කිල්ල දින පහළොවක් පමණ පවතින බැවින් ඉන් පසු මාසික රජස්වීම ස්නානය කරන තෙක් පවතින බැවින් දැරිය හොඳින් රැක බලාගත්තාය. මල්වර කාලසීමාවේ දී විශේෂයෙන් දැරිය තනිනොකොට තෙල්කෑම, පුළුටුකෑම, මස් මාංශ, බිත්තර, කිළිමාළු නොදීමෙන් රැක බලාගත්තේ බෙහෙවින් දැරියට අමනුෂ්‍ය දෝෂ, යක්ෂ භූත, ප්‍රේත, පිසාදීන්ගේ ඇල්ම බැල්ම ඇතිවේ යැයි කියන හේතුවෙනි. ජීවිතයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස සලකන මල්වරවීමේ අවස්ථාව එදා ජන සමාජය බෙහෙවින්ම ආරක්ෂා කරගත්හ. මල්වරවීම නැතහොත් කොටහළු වීමේ දී කිලි තහංචියක් ලෙස සලකා නොයෙකුත් ආහාර වර්ග නුදුන්හ. ඒ අනුව තෙලෙන් බදින ලද ආහාර පුළුස්සන ලද ආහාර, මස්, මාළු වර්ග මෙන්ම කිලියැයි සලකන සියලුම ආහාරවර්ගද ගෙදරට පවා නොගත්හ. එළවළු අතර අළුකෙසෙල්, අළු පුහුල්, ද නුදුන් අතර මෝර මාළු, තෝර මාළු, මගුරු මාළු මෙන්ම මස්, ඌරු මස් ද කිළි ආහාර ලෙස දැරියන්ට නුදුන්හ. එමෙන්ම කිරිවර්ග, බිත්තර, මිටිකිරි යෙදූ ආහාර ද නුදුන් අතර දියකිරි යොදා පිසූ පතෝල වැටකොළු ආදී එළවළු සහිත බත් කෑමට සූදානම් කළ අතර කායම් හොද්ද මිරිස් අඩුවෙන් යෙදූ මිරිස් හොදි ලබාදුනි. මෙසේ කෑම වර්ගවලින් දැරිය ආරක්ෂා කළේ යම් යම් ශාරීරික ආබාධවලින් වළක්වා ගැනීමට හා පළමු රුධිරය වහනය හේතුකොට යම් නොසලකා හැරීමක් වුවහොත් අමනුෂ්‍ය උපද්‍රවලට හේතුවක් වන නිසාත් ය.
ප්‍රවේසම් වියයුතු ප්‍රවේසම් කළයුතු මල්වර දැරිය යම් හෙයකින් ඒ දිනයන්හිදී තෙල්කෑම තෙල් බැදුම් කෑම මෙන්ම කිළියැයි සඳහන් කෑම තහංචියකින් තොරව කෑමෙන් යම් අමනුෂ්‍ය දෝෂ කළුකුමාර දිෂ්ටිය හේතුවෙන් ඔසප් කාලයේ දී අධික උදර වේදනාව, යටි බඩේ වේදනාව, ක්ලාන්ත ගතිය, වරින්වර ඇතිවන හිසකැක්කුම මෙන්ම කෑම අපි්රයතාවයද ඇතිවිය හැකිය. මල්වරයේ දී සිදුවන යම් දෝෂ හේතුවෙන් මතුකාලයේ දී ශරීරය වැහැරී රූප ශෝභාවද අඩුවේ. තෙල් බැදුම් කෑමට නිතර නිතර පි‍්‍රය වේ. අවේලාවන්හිදී සක්මන් කිරීමටත් වැඩිහිටි අවවාද නුුරස්සන ගතියකුත් පිළිබිඹු වේ. එවැනි අසාමාන්‍ය තත්ත්වයන් ඇතිවිට සිහිනෙන් බියවීම්, සුළු දෙයකට පවා තැති ගැනීම් ආදියද දැකගත හැකිය. මෙවැනි දැරියන්ට ඇඹුල් පහ මතුරාදීම සුළු ශාන්තිකර්මයක් කිරීම ආරක්ෂා කිරීම් තුළින්ද දෝෂ මග හරවා ගත හැකි ය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
පාරම්පරික ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥ
ඡ්‍යොතිර් විද්‍යාවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි මොරටුවේ
තිස්ස මහානාම
සටහන
එස්.එස්. ප්‍රනාන්දු
෴ සබැඳි ලිපි ෴
මෙතෙක් කතාවප්රකට ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත පැමිණෙන එක්තරා පුද්ගලයකු තමාගේ අතෙහි බරපතළ වේදනාවක් ගෙන දෙන තුවාලයක් ඇති බව පවසා සැත්කමකින් සුවපත් කරදෙන...
2024-08-15 18:30:00
අගෝස්තු 10(පෞද්ගලික අංකය 1)පෞද්ගලික අංකය දෙවැන පෙළින් 1 වීම නිසා ඔබේ ගති පැවතුම් අගෝස්තු 1 හා 19 යන දිනයන්ටත් දිගුවක් පවතිනවා. එමෙන්ම ඔබටම ආවේණික...
2024-08-08 18:30:00
බහිරව පූජාව කියූ පමණින් ඔබගේ සිතට එන්නේ පොළොවට කරන පූජාවයි. එනම් පාතාල පූජාවයි. එහෙත් බහිරවයෝ දස දෙනකු සිටින බව ගුප්ත විද්‍යාවේ පැහැදිලි වනවා.එනම්...
2024-08-08 18:30:00
නිකිණි මස සති අන්තයක ශනිදා හිමිදිරි පාන්දර කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් බ්‍රහ්ම හෝරාවෙන් අවදිව පුරා හෝරාවක් පමණ භාවනානුයෝගීව සිට ඉන් මිදී බෝධි...
2024-08-08 18:30:00
අද දිනයේදී කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිරූපයට නවමු වටිනාකමක් දුන් ගුවන් විදුලි සජීව විස්තර ප්‍රචාරය ඔස්සේ අමිල...
2024-08-08 18:30:00
මෙතෙක් කතාවප්රකට ශල්‍ය වෛද්‍යවරයකු වෙත පැමිණෙන එක්තරා පුද්ගලයකු තමාගේ අතෙහි බරපතළ වේදනාවක් ගෙන දෙන තුවාලයක් ඇති බව පවසා සැත්කමකින් සුවපත්...
2024-08-08 18:30:00
පසුගිය ලිපිවලින් අපි ඔබට ඔබේ නමේ අංකය සොයා ගන්නා ආකාරය දැක්වූයෙමු. අද එහි අවසන් අංක ත්‍රිත්වය ගෙන එන්නෙමු. නමෙහි අකුරුවල අගය ඉංග්‍රීසි අකුරුවලට අදාළ...
2024-08-08 18:30:00
අගෝස්තු 3(පෞද්ගලික අංකය 3)සෑම දෙයක්ම මහා පරිමාණයෙන් සැලසුම් කරන ස්වභාවයක් නිතරම ඔබ පිළිඹිබු කරන්නේ. හැම දෙයක්ම ක්රමාණුකූලවත් පිළිවෙලටත්...
2024-08-01 18:30:00
බොහෝ දෙනා සිතන්නේ හා පිළිගන්නේ නවීන විද්‍යාව බටහිර රටවල්වලින් ලොවට ලැබුණු දායාදයක් බවයි. එහෙත් නවීන විද්‍යාව බිහිවීමට තැනූ අඩිතාලමේ මුල් පඩිය...
2024-08-01 18:30:00
ඇසළ සමයේ එක් සති අන්තයක හිමිදිරියෙන් අවදි වූ කොණ්ඩදෙණිය සීලරතන නායක හිමියන් බෝමළුව සහ පන්සල් භූමිය ඇමද සියලු වත්පිළිවෙත් අවසන් කර හීල්දානය ද...
2024-08-01 18:30:00
එක් රෝගියකු සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයකුගේ සායනය වෙත පැමිණ සිටියේ ඔහු නින්දෙන් අවදි වීමට හෝරාවකටත් පෙරය.“මට තව එක මිනිත්තුවක්වත් පරක්කු වෙන්න බැහැ කියල...
2024-08-01 18:30:00
පහන දල්වා අතේ තබාගෙන පහත සඳහන් ගාථා තුන්වර බැගින් පහනට පිරිත් කරන්න. දිනපතා දල්වන බුදු පහනට අමතරව මේ පහනත් පූජා කරන්න.1. සබ්බේ සත්තා සුඛප්පත්තාඅවේරා...
2024-08-01 18:30:00
කාන්තාව යනු ඕනෑම ජන සමාජයක එහි පැවැත්ම හා අභිවෘද්ධිය උදෙසා අනගි මෙහෙවරක් ඉටු කරන්නාවූ අයෙකි. අපේ පැරණි සිංහල සාහිත්‍ය ග්‍රන්ථවල මෙන්ම බෞද්ධ...
2024-07-25 18:30:00
“සුබසෙත” පාඨක පින්වත් ඔබ වෙත මෙවර මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ සැබෑම “ජයපිරිත” පිළිබදවයි....
2024-07-25 18:30:00
රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ජූලි මස 06 වැනිදා ආරම්භ විය. ඇසළ මංගල්‍යය ආරම්භ කරනු ලබන්නේ කප් සිටුවීමෙනි. පෙරහර පැවැත්වීමට දින හතළිස්...
2024-07-18 18:30:00
වෙසක්, පොසොන් මාස දෙකට ඉක්බිතිව එළැඹෙන ඇසළ මාසය දෙව් සැණකෙළි මාසය ලෙසින් ප්‍රචලිතය. බෞද්ධ පුද පූජා, වත්පිළිවෙත් පැවැත්වෙන අතර දෙවියන්...
2024-07-18 18:30:00