වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ධර්මයට හා ඡ්‍යොතිෂයට අනුව විවාහයට අවශ්‍යම පොරොන්දම් කුමක් දැයි විමසා බැලීම මේ ලිපියේ අරමුණයි. විවාහය කියනවිට අපේ සිතට එන්නේ කාන්තාව ගැන නිසා ඒ...
2021-01-07 18:30:00
2021 ජනවාරි පළමුවනදාට එළැඹි මධ්‍යම රාත්‍රී දොළහෙන් පසු ලෝක ජනතාව නව වසර උදාවිය. ඒ අනුව නව වසරේ ලිත ඇරඹෙන්නේ ජනවාරි පළමුවනදාට වුවත් සමහර රටවල නව වසරේ...
2021-01-07 18:30:00
සර්ප විෂ වෙද සංග්රහයකර්තෘ – ආයුර්වේද ආචාර්ය ප්‍රභාත් සී.ඒ.ගමගේ 2.වාස්තු විද්‍යාව – සිරිකත රැන්දූ සුන්දර නිවසක් (වාස්තු විද්‍යාත්මක උපදෙස් සංග්‍රහය...
2020-12-31 18:30:00
ශ්‍රී දළදා මාලිගාවට හා සතර දේවාලයන්ට සම්බන්ධ සතර මංගල්‍යයන්ගෙන් එකක්වන අලුත් සහල් මංගල්‍යය ආගමික මෙන්ම සංස්කෘතික අතින්ද වැදගත් කමක් උසුලන ප්‍රධානතම...
2020-12-31 18:30:00
බුද්ධවර්ෂ 2564 ක්වූ ශතවර්ෂ 1942න් 2021 වසර එළඹීම තුළ මුළුලෝකයටම නව වසරක අසිරිමත්භාවය විදීමට හැකියාව ලැබේ. සෑම වසරකම මෙම ජනවාරි මස 1 වන දිනය අපට...
2020-12-31 18:30:00
වසරක් ගෙවී තවත් වසරක් උදාවන සෑම අවස්ථාවකදීම අපගේ මතකයට නැගෙන්නේ දින දර්ශනය නැතහොත් කැලැන්ඩරය ගැනයි. ඒ මොනයම් කටයුත්තකදී වුවත් දිනය බලා ගැනීමට ඇත්තේ...
2020-12-31 18:30:00
බෞද්ධයන් විෂ්ණු දෙවියන් සලකන්නේ බෞද්ධ දේවාත්මයක් සේය. ඇතැම් දේව කන්නලව් වලදී මතු බුදුවන විෂ්ණු දේවෝත්තමයාණන් වහන්සේ යනුවෙන් කියවේ. දේශය රකින සතර වරම්...
2020-12-31 18:30:00
පවතින අඳුරට සාප කිරීමෙන් ලැබෙන සෙතක් නොමැත. මඳ එළියක් ලබාදීමට පහනක් දැල්වීම ඉතාමත් අගේය. බස්නාහිර පළාතේ වන අසිරියෙන් අණුවන “කොඩිගහකන්ද”ස්වභාව ධර්මයේ...
2020-12-24 18:30:00
මෙලොව උපදින දරුවා දෙවියෙක් කරන්නේත් යක්ෂයෙකු කරන්නේත් ඔබයි. දරුවා ඔබේ කුසේ සිටින අවදියේ ක්‍රමවත්ව හදන්න. ඔබයි දරුවාගේ එකම නිර්මාණකරුවා. සියලුම ගැබිනි...
2020-12-24 18:30:00
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහිපත් කරනු ලබන නත්තල ආගමික උත්සවයකි. ලොව පුරා කිතුනු බැතිමතුන් නත්තල සමරනු ලබනනේ මහත් ආගමික භක්තියකිනි....
2020-12-24 18:30:00
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහිපත් කරනු ලබන නත්තල ආගමික උත්සවයකි. ලොව පුරා කිතුනු බැතිමතුන් නත්තල සමරනු ලබනනේ මහත් ආගමික භක්තියකිනි....
2020-12-24 18:30:00
සාමය ගොඩනැඟීම සඳහා මූලික වන්නේත් මානව, දයාව දැක්වීමට හැකි වන්නේත් තම අසල්වැසියාගේ වේදනාව තේරුම් ගැනීමට හැකි වූ විටය. අද අප සමාජයේ විවිධ දුක් වේදනා...
2020-12-24 18:30:00
වල්ගාතරුවකට සමාන දස දෙස ආලෝකය විහිදුවාලු අසිරිමත් තාරකාවක් බෙත්ලෙහෙමේ ගවලෙන ඉහළින් ඈත අහසේ බැබළෙමින් පවතී. අතිශයින්ම ශීතල වූ එම රාත්‍රී දොළහට දෙවියන්...
2020-12-24 18:30:00
විවාහක යුවළකට හැමදාම ආදරෙන් සතුටෙන් ඉන්න බැරිද? වර්තමානයේදී මෙය ඉතාමත් ආන්දෝලනාත්මක තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. බොහෝ අඹුසැමියන් අද විවාහයට...
2020-12-17 18:30:00
ගෙදර අයට කම්මැලිකමට කඩේ කෑම කවන්නේ නැතුව අද ඉඳන්වත් පිරිසිදුවට රසට ගෙදර කෑම ටික හදන්න. මහත්තයයි, දරුවොයි නීරෝගි වෙන්න ගෘහණියන්(අම්මලා) කම්මැලි වෙලා...
2020-12-17 18:30:00
මිනිස් ශරීරය තුළ මතකයට හිමිවන්නෙ අද්විතීය ස්ථානයකි. ඊට හේතුව මානව ජෛව ක්රියාකාරකමවලදී මෙන්ම යහපත් දිවි පැවැත්මකට මතකය යන්න නැතුවම බැරි දෙයක් වන...
2020-12-17 18:30:00