වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ඡ්‍යොතිෂය අනුව කෙනකුගේ විවාහය පිළිබඳව සොයා බලනුයේ කේන්ද්‍රයේ හත්වෙනි භාවයෙනි. හත්වැන්න අධිපතියා හා ඔහු සමඟ යෝගව සිටින ග්‍රහයින් හා සඳුගෙන් හත්වැන්නේ...
2021-04-29 18:30:00
සිතට ශෝකේ ජය පරාජය, අපටමයි මේ ලෝකයේ. මේ සෑම අවස්ථාවකදීම අපට කඳුළ සමීපවනු ඇත. ඔබගේ නෙතින් කවදා හෝ කඳුළක් පිට නෙනාවුවා නම් එය පුදුම සහගතය. අප මෙලොවට...
2021-04-22 18:30:00
පංච මහා පුරුෂ යෝග අතරින් සෙනසුරු ග්‍රහයාගෙන් ජනිත වූ සස යෝගය පිළිබඳ විග්‍රහයක් පසුගිය 2021.03.19 වන සිකුරාදා සත වෙත සිරිසෙත සලසන සතිපතා සුබසෙත ඡ්...
2021-04-22 18:30:00
රටක් ජාතියක් දියුණු වෙන්නෙ දූ පුතුන් නිසා. එවගේම රටක් ජාතියක් වැනසෙන්නෙත් ඒ අය නිසාමයි. පුංචි කාලේ ඉඳලම කිසිම දෙමව්පියෙක් තම දූ දරුවන් ලොකු දුවක් හෝ...
2021-04-22 18:30:00
ඡ්‍යොතිෂය ගැන මනා දැනුමක් ලබා සිටි ගුරුන්නාන්සේ කෙනෙකු විසින් අවුරුදු කුමාරයාගේ චිත්‍රයත් සමඟ සකස් කරනු ලද අවුරුදු සීට්ටුව නමින් ප්‍රකට සියලු නැකත්...
2021-04-08 18:30:00
සූර්යයා වසරක් පුරා සිය රාශි වළල්ලේ අවසන් රාශිය වන මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම නිමිති කරගෙන ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ජනතාව දුරාතීතයේ සිටම...
2021-04-08 18:30:00
“ක්‍රීඩාව” පුද්ගලයෙකුගේ සෞඛ්‍යය වර්ධනයට මෙන්ම සියලු මිනිස් වර්ගයාගේම චර්යා සංවර්ධනයට ද වැදගත් වේ. එපමණක් නොව “ක්‍රීඩාව” අපගේ ආධ්‍යාත්මික සුවයටත්...
2021-04-08 18:30:00
වේදනාවෙන් තොර ජීවිතයක් කියන්නෙම නිවනක්. වේදනාව සත්වයා උපන් මොහොතේ සිට පසුපස එන්නේ සෙවණැල්ල සේය. සත්වයා උපත්ති අවස්ථාවේ විඳීන වේදනාවට නොදෙවෙනි...
2021-04-01 18:30:00
කාන්තාවකගේ මුහුණේ අලංකාරය වැඩිවන්නේ ඇයගේ නළලේ පිහිටීම අනුවය. උස් වූ නළලක් කෙනෙකුට පිහිටියේ නම් ඇයට සියලු සැප සම්පත් ලැබීමේ වාසනාව ඇති බවද නළල මැද...
2021-03-25 18:30:00
අද බරපතල සමාජීය ව්‍යසනයක් බවට පත්ව තිබෙන අධිරුධිර පීඩනය, ස්ථූලතාවය, කොලෙස්ටරෝල්, දියවැඩියාව, ආතරයිටිස් වැනි බෝ නොවන රෝග වලින් පීඩා විඳීන පිරිස අතර,...
2021-03-25 18:30:00
සමබල ආහාර වේල් දෛනිකව නිසි ලෙස ගැනීම ගැබිනියකට අනිවාර්යයි. විශේෂයෙන් නිර්මාංශ ගැබිනිය සමබල ආහාර වේලකින් ලැබෙන පෝෂණය කෙරෙහි වඩාත් සැලකිලිමත් විය...
2021-03-18 18:30:00
අඟහරුගෙන් කතරගම දෙවියන් පිළිබඳවද කියවේ. දෙවියන් පිළිබඳව විශ්වාසයද උන්වහන්සේගේ ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂණයක් විය. කතරගම පුදබිමේ අලුයම ගිනි පෑගීම කරන...
2021-03-11 18:30:00
උපදින හැම සත්වයකුම මරණයට පත්වීම ස්වභාවිකය. එය කෙසේ කවදා කොහොම සිදු වේද යන්න නියත වශයෙන්ම කිව හැකි අයෙක් මෙලොව නොමැත. එහෙත් එය ඡ්‍යොතිෂයට අනුව අනුමාන...
2021-03-11 18:30:00
ලක්දිව නිදහස් සමරුවත්, ලේක් හවුස් නිර්මාතෘ ඩී. ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ උපන් දින සමරුවත් යෙදී තිබුණේ පෙබරවාරි මාසයටය. මෙරට නිදහස වෙනුවෙන් සටන්...
2021-03-04 18:30:00
තම දුවගේ හෝ පුතාගේ අධ්‍යාපනය ගැන දෙමව්පියෝ විශාල බලාපොරොත්තු තබති. දරුවාට ඉතා හොඳ නැකතකින් අකුරු කියවති. දරුවා ජනපි‍්‍රය පාසලකට ඇතුළත් කිරීමට බොහෝ...
2021-03-04 18:30:00
ඔබ ඔබේ රූ සපුව ගැන කෙතරම් සොයා බලනවාද? ඇත්තෙන්ම ඔබ ඔබගේ රූප සොබාව වැඩි කරගැනීමට කෙතරම් උත්සාහ ගන්නවාද? ඔබේ හැඩරුව කෙනකු වර්ණනා කරයි නම් එය ඔබට කෙතරම්...
2021-02-11 18:30:00