පංච මහා පුරුෂ යෝගයන්ගේ රුචක, භද්‍ර ,හංස සහ මාලවී යෝග පිළිබඳව

අප්‍රේල් 23, 2021

පංච මහා පුරුෂ යෝග අතරින් සෙනසුරු ග්‍රහයාගෙන් ජනිත වූ සස යෝගය පිළිබඳ විග්‍රහයක් පසුගිය 2021.03.19 වන සිකුරාදා සත වෙත සිරිසෙත සලසන සතිපතා සුබසෙත ඡ්‍යොතිෂායුර්වේද පුවත්පත මඟින් ඉදිරිපත් කළෙමි.

 

අද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ පංච මහා පුරුෂ යෝග අතරේ කුජ ග්‍රහයාගෙන් ජනිත වන රුචක යෝගය, බුධ ග්‍රහයන්ගෙන් ජනිත වන භද්‍ර යෝගය, ගුරු ග්‍රහයාගෙන් ජනිත වන හංස යෝගය සහ සිකුරු ග්‍රහයාගෙන් ජනිත වන මාලවි යෝගය යනාදිය පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කිරීමටය.

රුචක යෝගය

කුජ ග්‍රහයා ස්වක්ෂේත්‍රව හෝ උච්චක්ෂේත්‍රව හෝ කේන්ද්‍රස්ථානයක යෙදීමෙන් රුචක යෝගය යෙදේ.

මිථුන, කන්‍යා, ධනු සහ මීන යන උභය රාශිවල බුධ ග්‍රහයා කේන්ද්‍රස්ථානයක උච්චක්ෂේත්‍රව හෝ ස්වක්ෂේත්‍රව හෝ නොයෙදෙන බැවින් එකී රාශි හිමියන්ට රුචක යෝගය නොයෙදේ.

මේෂ රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ පළමුවන භාවය නොහොත් ලග්නස්ථානය වන මේෂ රාශියේ කුජ ග්‍රහයා ස්වක්ෂේත්‍රව ද දහවන භාවය වන මකර රාශියේ උච්චක්ෂේත්‍රව ද යෙදීමෙන් රුචක යෝගය යෙදේ.

වෘෂභ රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හත්වන භාවය වන වෘශ්චික රාශියේ කුජ ග්‍රහයා ස්වක්ෂේත්‍රව යෙදීමෙන් රුචක යෝගය යෙදේ.

කටක රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ දහවන භාවය වන මේෂ රාශියේ කුජ ග්‍රහයා ස්වක්ෂේත්‍රව යෙදීමෙන් රුචක යෝගය යෙදේ.

සිංහ රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හතරවන භාවය වන වෘශ්චික රාශියේ කුජ ග්‍රහයා ස්වක්ෂේත්‍රව යෙදීමෙන් රුචක යෝගය යෙදේ.

තුලා රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හතරවන භාවය වන මකර රාශියේ කුජ ග්‍රහයා උච්චක්ෂේත්‍රව යෙදීමෙන් රුචක යෝගය යෙදේ.

වෘශ්චික රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ පළමුවන භාවය, නොහොත් ලග්නස්ථානය වන වෘශ්චික රාශියේ කුජ ග්‍රහයා ස්වක්ෂේත්‍රව යෙදීමෙන් රුචක යෝගය යෙදේ.

මකර රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ පළමුවන භාවය නොහොත් ලග්නස්ථානය වන මකර රාශියේ කුජ ග්‍රහයා ස්වක්ෂේත්‍රව ද සතරවන භාවය වන මේෂ රාශියේ ස්වක්ෂේත්‍රව ද යෙදීමෙන් රුචක යෝගය යෙදේ.

කුම්භ රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ දහවන භාවය වන වෘශ්චික රාශියේ කුජ ග්‍රහයා ස්වක්ෂේත්‍රව යෙදීමෙන් රුචක යෝගය යෙදේ.

රුචක යෝගයෙන් උපන්නෝ නීරෝගි ශක්ති සම්පන්න ශරීර ඇත්තෝ වෙති. ජන ප්‍රධානියෙක් වෙයි. රජෙක් හෝ ඒ හා සමාන කෙනෙක් වන බව සඳහන් ය. ඉතා පිනැති වේ. ධනවත් වේ. බොහෝ කල් ජීවත්වන්නෝ වෙති. යුද හමුදාව, පොලිසිය වැනි අංශවල ප්‍රධානියකු වීමට මෙය කදිම පිහිටීමකි.

භද්‍ර යෝගය

බුධ ග්‍රහයා උච්චක්ෂේත්‍රව හෝ ස්වක්ෂේත්‍රව හෝ කේන්ද්‍රස්ථානයක යෙදීමෙන් භද්‍ර යෝගය යෙදේ.

බුධ ග්‍රහයාගෙන් භද්‍ර යෝගය යෙදෙන්නේ උභය රාශින් වන මිථුන, කන්‍යා, ධනු සහ මීන යන රාශි වලදි පමණය. අනෙකුත් චර සහ තිර රාශි වලදී බුධ ග්‍රහයා කේන්ද්‍රස්ථානවලදී උච්චක්ෂේත්‍ර හෝ ස්වක්ෂේත්‍ර හෝ නොවන හෙයින් එකී රාශිවලදී භද්‍ර යෝගය නොයෙදේ.

මිථුන රාශිය හිමියාගේ කේන්ද්‍රයේ බුධ ග්‍රහයා පළමුවන භාවය නොහොත් ලග්නස්ථානය වූ මිථුනයේ ස්වක්ෂේත්‍රව ද සතර වැන්න වූ කන්‍යාවේ උච්චක්ෂේත්‍රව ද යෙදීමෙන් භද්‍ර යෝගය යෙදේ.

කන්‍යා රාශිය හිමියාගේ කේන්ද්‍රයේ බුධ ග්‍රහයා පළමුවන භාවය නොහොත් ලග්නස්ථානය වූ කන්‍යාවේ උච්චක්ෂේත්‍රව ද දසවැන්න වූ මිථුනයේ ස්වක්ෂේත්‍රව ද යෙදීමෙන් භද්‍ර යෝගය යෙදේ.

ධනු රාශිය හිමියාගේ කෙන්ද්‍රයේ බුධ ග්‍රහයා හත්වැනි රාශිය වූ මිථුනයේ ස්වක්ෂේත්‍රව ද දශවැනි රාශිය වූ කන්‍යාවේ උච්චක්ෂේත්‍රව ද යෙදීමෙන් භද්‍ර යෝගය යෙදේ.

මීන රාශිය හිමියාගේ කෙන්ද්‍රයේ බුධ ග්‍රහයා හතරවන භාවය වන මිථුන රාශියේ ස්වක්ෂේත්‍රව ද හත්වන භාවය වූ කන්‍යාවේ උච්චක්ෂේත්‍රව ද යෙදීමෙන් භද්‍ර යෝගය යෙදේ.

උභය රාශින්ගෙන් පමණක් ජනිත වන භද්‍ර යෝගයෙන් උපන් තැනැත්තෝ ශක්තිමත් ශරීරයක් ඇත්තෝ වෙති. මුහුණු සිංහයකුගේ හා සමානය. උඩුකය මනාව වැසී ඇත. ඥාතීන්ට සංග්‍රහ කිරීමට පි‍්‍රයමනාප වේ. දීර්ඝායුෂ ඇත්තෝය.

බුධ ග්‍රහයා ඥාන යෝග කාරක බැවින් ජන්මියා හසල බුද්ධිමතෙක් වෙයි.

හංස යෝගය

ගුරු ග්‍රහයා උච්චක්ෂේත්‍රව හෝ ස්වක්ෂේත්‍රව හෝ කේන්ද්‍රස්ථානයක යෙදීමෙන් හංස යෝගය යෙදේ.

වෘෂභ, සිංහ, වෘශ්චික සහ කුම්භ යන තිර රාශි හතරේ උපන් ජන්මීන්ගේ කේන්ද්‍රවල කේන්ද්‍රස්ථානයක ගුරු ග්‍රහයා උච්චක්ෂේත්‍රව හෝ ස්වක්ෂේත්‍රව හෝ නොවීමෙන් හංස යෝගය නොයෙදේ.

මේෂ රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ සිවුවන භාවය වන කටක රාශියට ගුරු ග්‍රහයා උච්චක්ෂේත්‍රව යෙදීමෙන් හංස යෝගය යෙදේ.

මිථුන රාශියේ උපන් ඔබට ඔබගේ කෙන්ද්‍රයේ හත්වන භාවය වන ධනු රාශියේ ගුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව ද දහවන භාවය වන මීන රාශියේ ගුර ග්‍රහයා ස්වක්ෂේත්‍රව ද යෙදීමෙන් හංස යෝගය යෙදේ.

කටක රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ පළමුවන භාවය නොහොත් ලග්නස්ථානය වන කටක රාශියට ගුරු ග්‍රහයා උච්චක්ෂේත්‍රව යෙදීමෙන් හංස යෝගය යෙදේ.

කන්‍යා රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හතරවන භාවය වන ධනු රාශියේ ගුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව ද හත්වන භාවය වන මීන රාශියට ගුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව ද යෙදීමෙන් හංස යෝගය යෙදේ.

තුලා රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ දසවන භාවය වන කටක රාශියේ ගුරු ග්‍රහයා උච්චක්ෂේත්‍රව යෙදීමෙන් හංස යෝගය යෙදේ.

ධනු රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ පළමුවන භාවය නොහොත් ලග්නස්ථානය වන ධනු රාශියේ ගුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව ද හතරවන භාවය වන මීන රාශියේ ගුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව ද යෙදීමෙන් හංස යෝගය යෙදේ.

මකර රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හත්වන භාවය වන කටක රාශියේ ගුරු ග්‍රහයා උච්චක්ෂේත්‍රව යෙදීමෙන් හංස යෝගය යෙදේ.

මීන රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ පළමුවන භාවය නොහොත් ලග්නස්ථානය වන මීන රාශියේ ගුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව දසවන භාවය වන ධනු රාශියේ ගුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව ද යෙදීමෙන් හංස යෝගය යෙදේ.

මිථුන, තුලා සහ මීන යන රාශි ත්‍රිත්වයේ ඉතාමත් ප්‍රබල කේන්ද්‍රස්ථානය වන දසවැනි භාවයේ හංස යෝගය යෙදී තිබීම ඉතා බලගතුය.

හංස යෝගයේ බලය ගෙන දෙන්නේ ඒ ඒ රාශිය අනුව හා ගුරු ග්‍රහයාගේ ශක්තිය අනුව බව විශේෂයෙන් සැලකිය යුතුය.

හංස යෝගය පංච මහා පුරුෂ යෝග අතරේ ශ්‍රේෂ්ඨතම යෝගයකි. ලබා දෙන ප්‍රතිඵල අතිමහත්ය.

මාලවී යෝගය

 

සිකුරු ග්‍රහයා උච්චක්ෂේත්‍රව හෝ ස්වක්ෂේත්‍රව හෝ කෙන්ද්‍රස්ථාන ගත වීමෙන් මාලවී යෝගය යෙදේ. සිකුරුගෙන් උදාවෙන මාලවී යෝගයේ තිබෙන විශේෂත්වය වන්නේ රාශි 12 ම හිමි ජන්මීන්ට මෙම යෝගයේ ශුභ ඵල ගෙනදීමය.

මේෂ රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හත්වන භාවය වන තුලා රාශියේ සිකුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව යෙදීමෙන් මාලවී යෝගය යෙදේ.

වෘෂභ රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ පළමුවන භාවය නොහොත් ලග්නස්ථානය වන වෘෂභ රාශියේ සිකුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව යෙදීමෙන් මාලවී යෝගය යෙදේ.

මිථුන රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ දහවන භාවය වන මීන රාශියේ සිකුරු ග්‍රහයා උච්චක්ෂේත්‍රව යෙදීමෙන් මාලවී යෝගය යෙදේ.

කටක රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හතරවන භාවය වන තුලා රාශියේ සිකුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව යෙදීමෙන් මාලවී යෝගය යෙදේ.

සිංහ රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ දහවන භාවය වන වෘෂභ රාශියේ සිකුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව යෙදීමෙන් මාලවී යෝගය යෙදේ.

කන්‍යා රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හත්වන භාවය වන මීන රාශියේදී සිකුරු ග්‍රහයා උච්චක්ෂේත්‍රව යෙදීමෙන් මාලවී යෝගය යෙදේ.

තුලා රාශියේ උපන් ඔබට ඔබගේ කෙන්ද්‍රයේ පළමුවන භාවය නොහොත් ලග්නස්ථානය වන තුලා රාශියේදී සිකුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව යෙදීමෙන් මාලවී යෝගය යෙදේ.

වෘශ්චික රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හත්වන භාවය වන වෘෂභ රාශියේදී සිකරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව යෙදීමෙන් මාලවී යෝගය යෙදේ.

ධනු රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හතරවන භාවය වන මීන රාශියේදී සිකුරු ග්‍රහයා උච්චක්ෂේත්‍රව යෙදීමෙන් මාලවී යෝගය යෙදේ.

මකර රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ දසවන භාවය වන තුලා රාශියේදී සිකුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව යෙදීමෙන් මාලවී යෝගය යෙදේ.

කුම්භ රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හතරවන භාවය වන වෘෂභ රාශියේ දී සිකුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව යෙදීමෙන් මාලවී යෝගය යෙදේ.

මීන රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ පලමුවන භාවය නොහොත් ලග්නස්ථානය වන මීන රාශියේදී සිකුරු ග්‍රහයා උච්චක්ෂේත්‍රව යෙදීමෙන් මාලවී යෝගය යෙදේ.

පංච මහා පුරුෂ යෝගවලින් එක් යෝගයක් වන මාලවී යෝගයෙන් උපන්නෝ මනාව වැඩුණු ශරීර ඇත්තෝ වෙති. ස්ථිර අදහස් ඇත්තෝ වෙති. ධනවත් අය වෙති. වාසනාවන්ත දරුවන් ලබති. පේ‍්‍රමනීය පෙම්වතකු හෝ පෙම්වතියක හා යුගදිවිය ඉතා සතුටින් ගෙවීමේ වාසනාවන්තයෝ වෙති. යාන වාහන හිමිකරුවෝ වෙති. බොහෝ කීර්ති, ප්‍රශංසා ලබන්නෝය. උගතුන්ය.

 

දේශමාන්‍ය, ඡ්‍යොතිර්විද්‍යා, විභූෂණ

සාමදාන විනිශ්චයකාර මු.දි.ඡ්‍යොතිෂවේදී

උපාලි ආරියරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.