මේ සති‍ෙය් ලග්න පලාපල... (ජූලි 28 සිට අගෝ.03 දක්වා)

ජූලි 28, 2023

 

මේෂ

විශේෂ ජයග්‍රහණයක්

 

නොසැලකිලිමත්කම හේතුවෙන් පාඩු කීපයක් සිදුකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

යොදාගත් සැලසුමක් ප්‍රමාද කරන සතියකි. පියපස ඥාතියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට මඟ සැලසේ. පෙම් සබඳතාවයකට පැවැති අවහිරතා මඟහැරී යයි. තමා සතු දෙයක් නැති වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ විශේෂ වගකීම් කීපයක් තමා වෙත පැවරීමට ඉඩ ඇත. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති කාලයකි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. ශාස්ත්‍රීය කටයුතුවලට සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපන චාරිකාවක් වෙනුවෙන් අමතර කාලයක් වැය කරයි. තරග විභාගයකට සම්බන්ධ වීමෙන් විශේෂ ජයග්‍රහණයක් හිමි වන බවක් පෙනේ. කණ්ඩායමක් සමඟ එකතු වී කරන වැඩසටහනක මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවේ. නිතර ප්‍රශංසා හිමි කරන සතියකි.

සෞඛ්‍යය

වරින් වර ඇති කරන අසනීපකාරි බවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. නොසිතූ ලෙස සුළු සුළු අනතුරු, තුවාල, කැළැල් ආදිය ඇති විය හැකි බවක් පෙනේ.

 

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

 

වෘෂභ

දේපළ ගැටලුවක් නිරවුල්

 

මෙතෙක් පැවැති ගැටලුකාරි බවකින් නිදහස් වීමට මඟ සැලසෙන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. පවුලට අලුත් සාමාජිකයෙක් එක් කරයි. පරම්පරාගත දේපළක් සම්බන්ධ ගැටලුවකින් නිදහස්වීමට මඟ සැලසේ. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදු වෙයි. තනතුරු ස්ථිර කර ගැනීමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. නිතර ඇවිදිලි ඇති කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

අතපසු වූ විභාග කටයුත්තකට නැවත සම්බන්ධවීමට මඟ සැලසේ. හිතවතකු සමඟ පොත්පත් හුවමාරුවක් කර ගැනීමට කටයුතු උදාකරයි. උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් පදිංචියෙන් පිට වාසය කිරීමට සිදුවන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවන ලකුණුූ පෙන්නුම් කරයි. විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර පතන සතියකි.

 

අය 07 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

 

මිථුන

විවාහ ගිවිසුම්් සාර්ථකයි

 

පවුලේ අය අතර හොඳ හිත දිනා ගනිමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 6,7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

 

ගෘහ ජීවිතය

දුර ගමන් බහුල කරන කාලයකි. වෙනදාට වඩා දරුවකු පිළිබඳ වෙහෙසීමට සිදුවෙයි. හදිසි ආදායම් මාර්ග කීපයක් හිමිකරන සතියකි. ප්‍රමාද වූ විවාහ ගිවිසුමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. ගේදොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. නොසිතූ ලෙස අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති කරයි. උසස් තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. වෙළඳ ව්‍යාපාර කටයුතුවලින් විශේෂ වරප්‍රසාද හිමි කරයි.

අධ්‍යාපනය

අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට අවස්ථාව සැලසෙන සතියකි. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. අමතර භාෂාවක් ඉගෙනීමේ කටයුතු වෙනුවෙන් අමතර කාලයක් වෙහෙසක් දැරීමට සිදුවෙයි.

සෞඛ්‍යය

වරින්වර ශාරීරික පීඩාවලට හේතු යෙදේ. ඇසක ආබාධයක් වෙනුවෙන් රෝහල්ගතවී ප්‍රතිකාර ලබා ගනී. ඖෂධ පාවිච්චියේදී සැලකිලිමත්විය යුතු කාලයකි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවේ.

 

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

 

කටක

හදිසි ගනුදෙනුවක්

 

අමතර ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 5,6,7,8 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන කාලයකි. උස් ස්ථානවල කටයුතුවලින් වැළැකී සිටීම යහපත් වන බවක් පෙනේ. අලුත් ඥාති ඇසුරකට කටයුතු උදාකරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අලුත් බලාපොරොත්තු ඇති කරන කාලයකි. අමතර ලැබීම් හිමි කරන ව්‍යාපාර කටයුත්තකට අතගැසීමට මඟ සැලසේ. තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

ශාස්තී‍්‍රය කටයුතු සම්බන්ධ තරග විභාගයකට ඉදිරිපත්වීමට අවස්ථාව උදා කරයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදාකරයි. අමතර භාෂාවක් හැදෑරීමට කටයුතු සැලසෙන අතර උසස් අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් උපකාර හිමිකරන සතියකි.

සෞඛ්‍යය

වෙහෙසකාරි කටයුතු කීපයකට අත ගැසීමට කටයුතු යෙදේ. සෙම් රෝග බහුල කාලයක් බැවින් එදිනෙදා කටයුතුවලදී මෙන්ම කෑමෙන් බීමෙන් ද පරිස්සම් විය යුතුයි. වගකීම් බහුල වන කාලයකි.

 

අය 07 වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

 

 

සිංහ

අමතර ලැබීම්

 

ගතට සිතට සුවදායක ලෙස සතිය ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ පැවැති මතභේදකාරි බවක් මඟහැරී යන බවක් පෙනේ. කල්ගත වූ ණය මුදලක් හිමිවන ලකුණූු පෙන්නුම් කරයි. තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. විවාහ ගිවිසුමකට මවුපිය ආශිර්වාදය හිමි කරයි. පැරැණි හිතවත්කම් අලුත්වන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙහෙසකාරි බවක් ඇති කරයි. අමතර ලැබීම්වලට හිමිකම් ඇති කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරන අතර නොසිතූ පාඩුවකට මුහුණ පෑමට සිදුවෙයි. විදෙස් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි.

අධ්‍යාපනය

ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන සතියකි. සෞන්දර්යාත්මක කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව සැලසේ. ගණිත අංශයේ හෝ තාක්ෂණික අංශයෙන් අධ්‍යාපන කටයුතු හදාරන අයට සුබදායකයි.

සෞඛ්‍යය

පපුව ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. වෙනදාට වඩා ආහාරපාන ගැනීමේදී සැලකිලිමත්වන්න. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති බවක් පෙනේ. ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයකි.

 

 

අය 08 වැය 05

ජය අංකය – 06

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බදාදා

 

 

කන්‍යා

පවුලේ සුහදතාවය වැඩි කරයි

යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථානවල ගමන් කරයි.

 

ගෘහ ජීවිතය

වෙනදාට වඩා පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, ප්‍රමාද වූ ගනුදෙනුවක් සාර්ථක වන බවක් ද පෙන්නුම් කරයි. නිතර නිවෙසට යන එන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න.

රැකියාව

ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. නිතර රැකියාවේ කටයුතු වෙනුවෙන් ඇවිදිලි වැඩිකරන බවක් ද පෙන්නුම් කරයි. ආයතන ප්‍රධානීන් සමඟ ගැටලුකාරි බවක් ඇති කර ගන්නා කාලයකි.

අධ්‍යාපනය

අමතර දේවල් ඉගෙනීමට කටයුතු උදාකරයි. පදිංචි ස්ථානයෙන් බැහැරව සිදුකරන අධ්‍යාපන කටයුත්තකට සම්බන්ධවීමට අවස්ථාව සැලසේ. අලුත් පොත්පත් මිලදී ගැනීමක් හෝ හුවමාරු කර ගැනීමක් පිළිබඳ කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි.

සෞඛ්‍යය

වරින් වර ශාරීරික දුර්වලතා මෙන්ම නිතර කම්මැළිකම් ඇති කරන කාලයකි. පරම්පරාගත රෝගාබාධයකින් පීඩා විඳීමට සිදුවේ. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට මුහුණපෑමට සිදුවෙයි.

 

අය 07 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

 

තුලා

විශේෂ උත්සව අවස්ථාවක්

 

වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරමින් සතිය ආරම්භ කරන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 2,3,4,5 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික කරන බවක් පෙන්නුම් කරයි. වාහනයකට සිදුවන අලාභයක් හේතුවෙන් පාඩුවක් විඳීමට සිදුවේ. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. විශේෂ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තරගකාරි බවක් ඇති කරන සතියකි. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන බවක් පෙන්නුම් කරයි. ජලය සම්බන්ධ රැකියා කටයුතුවලින් වාසි සැලසෙන කාලයකි.

අධ්‍යාපනය

තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන කාලයකි. ලිපි ලේඛන ගැටලුවකට මුහුණ පෑමට සිදුවන අතර, උසස් අධ්‍යාපන කටයුතු සඳහා මුදල් වැයවීම් ද වැඩි කරයි. විදෙස් අධ්‍යාපන බලාපොරොත්තුවක් ඉටුකරන කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයකි. සෞඛ්‍ය පරීක්ෂණවලට භාජනය වීමට සිදුවේ. වෙනදාට වඩා කෑම බීම පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වේ. නිතර ඇතිවන නිදිමත ගතිය හේතුවෙන් කටයුතු කීපයක් ප්‍රමාද වන ලකුණු ූපෙන්නුම් කරයි.

 

අය 08 වැය 07

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

 

වෘශ්චික

අධ්‍යාපන ජයග්‍රහණ

 

අවිවේකී ලෙස සතිය උදා කරයි. මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 1,2,3,4 යන භාවයන් මතින් සිදුවනු ලබයි

ගෘහ ජීවිතය

තරමක් දුරට සැනසිලිදායක බව අඩු කරන කාලයකි. පවුලේ කෙනකුගේ හදිසි දුරස්වීමක් සිදු වීමට ඉඩ අත. අඹුසැමි අසමඟියට හේතු සැලසෙන බවක් පෙනේ. වගකීම් බහුල වන අතර, ඒවා නිසියාකාර ලෙස කරගෙන යෑමට නොහැකි සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධව විවිධ වෙනස්කම් කීපයක් සිදුකරයි. පිරිස් පාලනය අණ දෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇත. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධයෙන් දුර පළාතකට ද යාමට සිදුවන සතියකි.

අධ්‍යාපනය

නොසිතූ ලෙස අධ්‍යාපනික ජයග්‍රහණයකට හේතු සැලසේ. මෙතෙක් කම්මැළිකමින් කරගෙන ගිය පාඩම් මාලාවක් කෙරෙහි උද්‍යෝගය උනන්දුව ඇති වන කාලයකි. අලුත් වැඩ කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදාකරයි.

සෞඛ්‍යය

මානසික අසහනකාරි බවක් ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වරින්වර ඇති කරන යටිබඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩාගෙන දෙන කාලයකි.

 

අය 08 වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - ළා නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

ධනු

දුර ගමනකට සැලසුමක්

 

නිතර කලබලකාරි ගති පැවැතුම් ඇති කරන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 12,1,2,3 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

පවුලේ බැඳීම් වැඩි වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. නිතර හමුවන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. දුර ගමනක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගනී. දරුවන්ගේ දියුණුූව වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගන්නා කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ මෙතෙක් ඇතිව තිබූ අසහනකාරි බව මඟහැරී යන සතියකි. වෙනදාට වඩා තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. ස්ථාන වෙනසකට හිමිකම් ඇති කාලයකි. වෙනදාට වඩා වගකීම් වැඩිවන බවක් ද පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපනික ජයග්‍රහණයක් උදෙසා වෙහෙසන සතියකි. බාහිර ක්‍රියාකාරකම් අධික වීමෙන් ගැටලු රැසක් පැන නගී. එමෙන්ම සෞන්දර්යාත්මක කටයුතු කීපයකට ද සම්බන්ධ වීමට සිදුවේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් විවිධ දුර්වලතා පැන නඟින කාලයකි. අතේ පයේ හිරි ගතිය ඇතිවීමෙන් වැඩ කටයුතු කීපයක් ප්‍රමාද කරන අතර හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට ද සිදුවේ. ශරීරයේ සීනි මට්ටමේ වෙනසක් ද සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ.

 

අය 07 වැය 04

ජය අංකය – 02

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බදාදා

 

මකර

ගැටලු කීපයකින් නිදහස්

 

තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් වෙනදාට වඩා කල්පනාකාරි විය යුතු සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් ප්‍රමාදතා සිදු කළ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට කටයුතු උදා කරයි. පවුලේ අය අතර පැවැති නොසන්සුන්කාරි කටයුතු කීපයක් මඟහැරී යයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තරගකාරි බවක් ඇති කරයි. සෞන්දර්යාත්මක රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු විනෝදයෙන් කරගෙන යන බවක් පෙනේ. විදෙස් රැකියාවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

මෙතෙක් මානසික අසහනය ගෙන දුන් ගැටලු කීපයකින් නිදහස්වීමට කටයුතු උදාකරයි. ගණිත අංශයෙන් අධ්‍යාපන කටයුතුවල නියුතුවූවන්ට වාසිදායක ලෙස කටයුතු කීපයක් සිදුකරයි. ස්ථාන වෙනස්කම් සිදුවිය හැකි සතියකි.

සෞඛ්‍යය

වෙනදාට වඩා ශාරීරික වෙහෙසකාරි බවක් ඇති කරන සතියකි. ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ ගැටලුවකට මුහුණ පෑමට සිදුවන කාලයකි. ශරීරයේ උෂ්ණාධික බව වැඩිවීමෙන් ගැටලු කීපයකට මුහුණපායි.

 

අය 06 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කුම්භ

භාෂා දැනුමට අවධානය

වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු කළ යුතු සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

තමා සතු දෙයක් නැති වීමට ඉඩ ඇති බැවින් වෙනදාට වඩා දුර දිග බලා කටයුතු කරන්න. දේපළ ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇති කාලයකි. නිතර වෙහෙස ඇති ගමනකට සම්බන්ධවීමට සිදුවේ. ණය ගනුදෙනුවකින් නිදහස සැලසෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම මෙතෙක් අතරමඟ නවතා තිබූ ව්‍යාපාර කටයුත්තක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසේ.

අධ්‍යාපනය

ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ගේ ගැටලු කීපයක් විසඳා ගැනීමට කටයුතු උදාකරයි. එමෙන්ම විදෙස්ගත අධ්‍යාපනයකට හිමිකම් ඇති කරයි. අමතර භාෂාවක් ඉගෙනීමට සිත යොමු කරන සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. උරහිස ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. පරම්පරාගත රෝගාබාධයක් මතුවිය හැකි කාලයකි. නිතර ආහාරපාන ගැන සැලකිලිමත්වන්න.

 

අය 07 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - දම්

සුබ දවස - සඳුදා

 

 

මීන

සුබවාදී තනතුරු මාරුවක්

 

මනසට පීඩාකාරි සිතිවිලි ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9,10,11,12 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක් අතර මඟ නවතා තැබීමට සිදුවන සතියකි. පවුලේ කෙනකු සමඟ ගැටලු කීපයක් ඇතිකර ගනී. නිතර පවුලට යන එන අය පිළිබඳ සැලකිලිමත් වන්න. ළඟින් ඇසුරු කරන කෙනෙකුගේ දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සැලසුම් කීපයක් සාර්ථක කරයි. තනතුරු මාරුවක් බලාපොරොත්තුවක් සිටින අයට සුබදායක කාලයකි. එමෙන්ම ව්‍යාපාර කටයුත්තක් නැවත ආරම්භයට අවස්ථාව උදාකරන බවක් පෙනේ.

අධ්‍යාපනය

නිතර සිතට චංචල බවක් ඇති කරන කටයුතු කීපයක් යෙදේ. උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න.

කණ්ඩායම් වැඩසටහන් වෙනුවෙන් අමතර කාලයක් වැය කරන අතර, එහිදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමටද අවස්ථාව උදාකරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසක් ගෙන දෙන සතියකි. නිතර හටගන්නා අජීර්ණ ආබාධයකට පීඩාකාරි බවක් ඇති කරයි. චර්මගත ආබාධයක්, ලේ විෂවීමක් වැනි රෝගී තත්ත්වයකින් පීඩා අත්කරන සතියකි.

 

අය 07 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.