මේ සතියේ ලග්න පලාපල ( ජූනි 23 සිට 29 දක්වා )

ජුනි 23, 2023

 

මේෂ

හදිසි ගනුදෙනුවක්

 

එදිනෙදා කටයුතුවල වෙනස්කම් කීපයක් සිදු කරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අලුත් දැන හැඳුනුම්කම්වලට කටයුතු සැලසෙන සතියකි. නිතර ඇවිදිලි වැඩි කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරන අතර, හදිසි වියදමක් ද දැරීමට සිදුවනු ඇත.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. එමෙන්ම ශාරීරික වෙහෙසීම් ඇති කරන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. රැකියාවේ කටයුතුවලින් කීර්තිය, ප්‍රශංසා හිමිවන කාලයක් වන අතර, තනතුරු ලාභයකටද හේතු ඇති කරයි.

අධ්‍යාපනය

දරුවන්ගේ දක්ෂතා පිළිබඳ අසන්න ලැබෙන සතියකි. විදේශ අධ්‍යාපනයක් පිළිබඳ ලියකියවිලිවලට අත්සන් තැබීමට යහපත්ය. එමෙන්ම විභාගයක් වෙනුවෙන් වෙහෙසෙන දරුවකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

වරින්වර හට ගන්නා දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. සෙම් පීඩා බහුල කරන අතර, වෙනදාට වඩා කෑමෙන් බීමෙන් මෙන්ම ජලයෙන්ද පරිස්සම් විය යුතු බවක් පෙනේ.

 

අය 06 වැය 04

ජය අංකය – 09

ජය වර්ණය – දම්

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

 

 

වෘෂභ

මිතුරකුගෙන් උපකාරයක්

 

 

මෙතෙක් පැවැති වගකීමකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අතපසු වී තිබුණු හෝ අලුතින් ආරම්භ කළ කටයුතු කීපයක් සාර්ථක කරයි. ළඟම මිතුරකුගෙන් උපකාරයක් හිමිකරයි. පරම්පරා ගත දේපළ ගැටලුවක් විසඳී යන කාලයකි.

රැකියාව

ප්‍රසිද්ධ වැඩවලින්, ව්‍යාපාර කටයුතුවලින් ආදායම් ලැබෙන කාලයකි. අලුත් රැකියා මාර්ග හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. රැකී රක්ෂා කටයුතු හේතුවෙන් දුර ගමන් යෙදෙන සතියකි. රැකියාවේ තනතුරු මාරුවක් සිදු වීමෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි.

අධ්‍යාපනය

විශේෂ අධ්‍යාපනික ජයග්‍රහණවලට හිමිකම් ඇති කරයි. පවුලේ කෙනකුගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උදවු උපකාර කිරීමට අවස්ථාව සැලසෙන කාලයකි. නව දැනුම් මාර්ග සෙවීමට උත්සාහ දරන බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

මෙතෙක් පීඩාගෙන දෙමින් පැවැති උදරාබාධයකින් සුවය හිමිකරයි. වරින්වර ශරීරයට වෙහෙසක් ගෙනදෙන කාලයක් වන අතර, ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් වන්න. නින්දට බාධා වන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන සතියකි.

අය 07 වැය 04

ජය අංකය - 03

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

 

 

මිථුන

ප්‍රසිද්ධියට පත්වේ

 

සැලසුම්සහගත කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදු කරයි. වෙනදාට වඩා වගකීම් වැඩිකරන කාලයක් වන අතර හදිසි මුදල් වැයවීම්ද සිදුවන සතියකි. නිතර තමා ගැන ප්‍රශංසා අසන්න ලැබෙන කාලයකි. ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු වීමට ඉඩ ඇත.

 

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරයි. එමෙන්ම රැකියාවේ කටයුතුවල දියුණුවක්ද ඇති කරයි. වෙළහෙළඳාම් ව්‍යාපාර කටයුතුවලින් ලාභ හිමිකරයි.

 

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදු කරන කාලයකි. තරග විභාගවලින් ජය හිමිකරන කාලයක් වන අතර විශේෂ වැඩසටහන්වලට ද සම්බන්ධ වීමට මඟ සැලසේ. නිතර ගත සිත වෙහෙස කරන කටයුතු අධිකවන බවක් පෙන්නුම් කරයි.

 

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවන අතර, හිසේ බර ගතිය, උගුර ආශි‍්‍රත පීඩා අත්වීමට ඉඩ ඇති කාලයක් බැවින් නිතර කෑමෙන් බීමෙන් මෙන්ම ජලයෙන්ද පරිස්සම් විය යුතු බවක් පෙන්වයි.

 

 

අය 07 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

කටක

අඹුසැමි විශ්වාස බිඳවැටේ

 

අලුත් බලාපොරොත්තු ඇතිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

දේපළ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු සැලසෙන කාලයක් වන අතර, හිතුවක්කාර ගති පැවැතුම් ඉස්මතු වීමෙන් පාඩු කීපයක් විඳීමට සිදුවේ. අමතර ආදායම් මාර්ග යෙදෙන කාලයක් බැවින් ඒ පිළිබඳ උත්සාහවන්ත වන්න. අඹුසැමි විශ්වාසය බිඳවැටෙන කරුණු කීපයක් සිදු කරයි.

රැකියාව

සැනසිලිදායක ලෙස රැකියාවේ කටයුතු කරගෙන යෑමට හැකිවන සතියකි. එහෙත් වරින්වර දුර ගමන්ද යෙදෙන බවක් පෙනේ. අමතර ලාභ ලැබෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීමට අවස්ථාව උදා කරයි. එමෙන්ම විශේෂ අධ්‍යාපනික ජයග්‍රහණයක් හේතුවෙන් සතුටට පත්විය හැකි සතියකි.

සෞඛ්‍යය

වරින් වර ඇතිකරන උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. උෂ්ණාධික ආහාරපාන ගැනීමේ දී සැලකිලිමත් වන්න. රුධිරගත සීනි ප්‍රමාණය වැඩිවීමෙන් පීඩාකාරී බවක් ඇතිවන බවක් පෙන්නුම් කරයි.

 

 

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ

අලුත් හිතවත්කම් ඇති කරයි

 

 

විශේෂ වරප්‍රසාද කීපයක් හිමිකරමින් සතිය ආරම්භ වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ වීමට ඉඩ ඇති කාලයකි. නිතර අලංකාරයට සිටීමට කැමැති අතර ඇඳුම් පැලඳුම් වැනි බාහිර කටයුතුවලට අමතර මුදල් වැයවීමක් සිදු කරයි. අලුත් හිතවත්කම්වලට කටයුතු යෙදෙන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ තනතුරු මාරුවක් හෝ ස්ථාන වෙනසක් සිදු වීමෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. එමෙන්ම රූපලාවණ්‍ය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. අතමිට සරු කරන ආදායම් මාර්ගවලට හිමිකම් ඇති සතියකි.

අධ්‍යාපනය

අධ්‍යාපනික කටයුත්තක් සඳහා දුර පළාතකට යාමට සිදුවන කාලයක් වන අතර වෙනදාට වඩා උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු කරන බවක් ද පෙන්නුම් කරයි.

 

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට වරින්වර බාධා මතුකරන කාලයකි. නිදන් ගත රෝගයක් මතු කිරීමෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවේ. වෙනදාට වඩා කෑම බීම පිළිබඳ සැලකිලිමත් වන්න.

 

 

අය 06 වැය 04

ජය අංකය – 02

ජය වර්ණය – ළා දම්

සුබ දවස – බදාදා

 

 

කන්‍යා

දුර ගමන් යෙදේ

 

 

පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන සතියක් වන අතර, සඳුගේ ගමන මේ සතියේ 12, 1, 2 යන භාවස්ථානවල සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ නොසන්සුන්කාරී බවක් ඇතිකරන සතියකි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. දුර ගමන් යෙදෙන කාලයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ.

රැකියාව

කලා ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ වගකීම් වැඩිකරන කාලයකි. අණදෙන ක්ෂේත්‍රයේ, කණ්ඩායම් නායකත්වය ගෙන කරන රැකියා මාර්ගවලටද හිමිකම් ඇත.

අධ්‍යාපනය

පොත්පත් කටයුතු කෙරෙහි අමතර වෙහෙසීම් ඇති කරයි. එමෙන් අලුත් පොත්පත් මිලදී ගැනීමක්ද සිදු වීමට ඉඩ ඇත. අමතර භාෂාවක් ඉගනීමට අවස්ථාව උදා කරයි. අධ්‍යාපනික චාරිකාවකට ද සහභාගි වීමට අවස්ථාව යෙදෙන සතියකි.

සෞඛ්‍යය

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පවුලේ අයගෙන් දුරස්වී සිටීමට සිදු වන කාලයකි. තමා ගන්නා ආහාරපාන සීමා කළයුතු කාලයකි. වෙනදාට වඩා උදාසීන ගතිපැවැතුම් ඇතිකරයි.

 

අය 06 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - දම්

සුබ දවස - සඳුදා

 

 

තුලා

ප්‍රධානීන්ගේ ප්‍රශංසාවට ලක්වේ

 

 

වෙනදාට වඩා අතමිට සරුවන කාලයක් වන අතර, සඳු ග්‍රහයා මේ සතියේ 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු කරන සතියකි. පවුලේ කෙනකු වෙනුවෙන් උපකාරයක් කිරීමටද අවස්ථාව උදා කරයි. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙන්නුම් කරයි. සමාජ සේවා කටයුතුවලට යොමුවන කාලයකි.

රැකියාව

රැකියාවේ පැවැති ගැටලු කීපයක් විසඳා ගැනීමට හැකිවන සතියකි. මෙතෙක් පැවැති උදාසීන ගති මඟ හැරී යයි. ආයතන ප්‍රධානීන්ගේ ප්‍රශංසාවට ලක්වන කාලයකි. ජලය සම්බන්ධ රැකියා කටයුතුවලට යොමුවන කාලයක් වන අතර, ඒවායින් වාසිද අත් කරයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසෙන කාලයකි. තාක්ෂණික අංශයේ කටයුතුවල නියැළී සිටි අයට විවිධ පුහුණුවීම්වලට සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට යහපත් කාලයකි. මෙතෙක් පීඩා ගෙන දුන් අසනීපයකින් සුවය හිමිකරයි. එමෙන්ම දරු ලාභ අපේක්ෂාවෙන් සිටින අය වෙනදාට වඩා පරිස්සම් විය යුතු කාලයකි. දත් හා විදුරුමස් ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

 

 

අය 08 වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

 

 

වෘශ්චික

ආගමික කටයුතුවලින් සහන

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳුගේ ගමන 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් මතුවන ගැටලු කීපයක් දුරදිග යාමට ඉඩ ඇත. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන කාලයකි. එමෙන්ම ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට ද කටයුතු උදා කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙන්නුම් කරයි. නීති කටයුතුවලට සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇතිකරයි. රැකියාවේ ස්ථාන වෙනසකටද හේතු ඇති සතියකි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු යෙදෙන සතියකි. එහෙත් ධාරන ශක්තිය අඩුවන බවක් ද පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ ගැටලුවකටද මුහුණපෑමට සිදුවෙයි. නිතර ආගමික කටයුතුවලින් සහන පතන කාලයකි.

 

සෞඛ්‍යය

නිතර ඇතිවන අවිවේකය හේතුවෙන් විවිධ සෞඛ්‍යය ගැටලුවලට මුහුණ පෑමට සිදුවෙයි. කලට වේලාවට ආහාරපාන ගැනීම පිළිබඳ සැලකිලිමත් වන්න. බාහිර වැඩවලින් ඈත් වී විවේකයෙන් කල්ගත කිරීම වැදගත් වේ.

 

 

අය 06 වැය 06

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

 

 

ධනු

සෙම් රෝග බහුල කාලයක්

 

ගේ දොර කටයුතු අධික කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9, 10, 11 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

නිතර පදිංචිය සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරන අතර, මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනස් කිරීමටද සිදුවෙයි. පවුලේ කෙනකු නිසා ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක්ද පෙන්නුම් කරයි. දුරදිග බලා කටයුතු කළයුතු සතියකි.

රැකියාව

නව රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම අධ්‍යාපනික ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට ද හිමිකම් ඇත. නිතර අතමිට මුදල් ගැවසෙන අවස්ථා යෙදෙන කාලයකි. රැකියා ස්ථානයේ පැවැති ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ.

අධ්‍යාපනය

උත්සාහයෙන් කටයුතු කරන සතියකි. විභාග සමත්වීමට දැඩි කැපවීමෙන් කටයුතු කළ යුතු දිනයකි. අලුත් පාඨමාලාවක් හැදෑරීමට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට සිදුවන සතියකි. එමෙන්ම නිතර සෙම් රෝග බහුල කාලයක් වන අතර, නිතර යෙදෙන ගමන් බිමන් පිළිබඳ සැලකිලිමත් වන්න. අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

 

 

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – කොළ

සුබ දවස – සිකුරාදා

 

මකර

ලිපි ලේඛන ගැටලුවක්

 

අතමිට මුදල් ගැවසුණත් වැය පස අධික කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශේෂ ගනුදෙනුවකට මඟ සැලසෙන සතියකි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇත. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකයි. දේපළ හුවමාරුවකට හෝ මිලදී ගැනීමක් පිළිබඳ බලාපොරොත්තු ඉටුකරයි.

රැකියාව

අලුත් රැකියා මාර්ග හිමි වුවත්, ඒවාට අවහිරතා මතුවන බවක් ද පෙන්නුම් කරයි. සමූහයක් සමඟ එකතු වී කරන රැකියාවකට සම්බන්ධ වීමට කටයුතු යෙදෙන කාලයකි. රැකියාවේ කටයුතු අධික වීමෙන් ගේ දොර කටයුතුවලින් ඈත් වී සිටීමටද හේතු යෙදේ.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ අයට විශේෂ වාසි කීපයක් සැලසෙන සතියකි. අලුත් ගුරු භවතුන් දැන හඳුනාගැනීමට අවස්ථාව යෙදෙන සතියකි. ලිපි ලේඛන ගැටලුවකටද මුහුණපායි.

සෞඛ්‍යය

උෂ්ණාධික රෝගයක් හේතුවෙන් පීඩා ඇති කරන සතියකි. ශරීරයේ පලු දැමීමක් හෝ කැසීමක් සිදු වීමෙන් අසහනකාරී බවක් ඇති කරයි. නිතර උෂ්ණ කෑම ගැනීමෙන් වැළකී සිටින්න. නිසි ලෙස ප්‍රතිකාර ගැනීමෙන් රෝගය වළකාගත හැකි කාලයකි.

 

 

 

අය 05 වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

 

කුම්භ

විදෙස් හිතවතකුගෙන් පරිත්‍යාගයක්

 

 

යොදාගත් සැලසුම් කීපයක් ප්‍රමාද කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගේ දොර කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදු කරන කාලයකි. එමෙන්ම තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. විවාහ බලාපොරොත්තුවක් බොඳ වී යන කාලයකි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ නොසිතූ වෙනස්කම් කීපයක් සිදු කරයි. තමා මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනස්කිරීමට සිදුවන සතියකි. හදිසි තීරණයක් තමාට අවාසි ගෙන දෙයි. ආයතන ප්‍රධානීන් සමඟ ඇතිවන ගැටලුවක් දුරදිගයාමට ඉඩ ඇත.

අධ්‍යාපනය

මෙතෙක් ප්‍රමාදතා සිදුකළ විභාග කටයුත්තක් නැවත ආරම්භ කරයි. අමතර ඉගැනීමේ කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි. විදෙස්ගත හිතවතකු පොත්පත් පරිත්‍යාගයක් සිදු කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට අයහපත් බවක් පෙන්නුම් කරයි. නිතර ඇතිවන ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

 

 

මීන

අන්සතු වස්තු ලාබයක්

 

 

මානසික අසහනය ගෙනදෙන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නිතර තමාට දෝෂාරෝපණ එල්ලවිය හැකි කාලයකි. අන්සතු ලාභයක්ද හිමිවන කාලයක් වන අතර, නිතර ලොරැයි ජයග්‍රහණ ද හිමිවන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ වගකීම් වැඩිකරයි. දුර රැකියා කටයුතුවල නියුතු වූවන්ට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. අහිමි වී ගිය රැකියාවක් නැවත හිමිවන කාලයකි. රැකියාවේ කටයුතුවලට අන් අයගේ උදවු උපකාරද හිමිකරයි.

අධ්‍යාපනය

විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. නිතර තමාට වගකීම් වැඩිවන බවක් ද පෙන්නුම් කරයි. කලාකාමී කටයුතු කෙරෙහි යොමුවන කාලයක් වන අතර, ඒ සම්බන්ධ අමතර වියදමක් දැරීමටද සිදු වෙයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. පරම්පරාගත රෝගී තත්ත්වයක් ඉස්මතු වන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා කෑම බීම පිළිබඳව මෙන්ම එදිනෙදා කටයුතු පිළිබඳවද සැලකිලිමත් වීම වැදගත් වේ.

 

 

අය 08 වැය 03

ජය අංකය - 07

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.