අගෝ. 19 සිට අගෝ. 25 දක්වා

අගෝස්තු 19, 2022

මේෂ

ණය ගනුදෙනුවකින් නිදහස්

අමතර වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3,4 යන භාවස්ථාන වලයි. හිතුවක්කාර තීරණයක් හේතුවෙන් මානසික අසහනකාරී බවක් ඇතිකරයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා ඇතිවන මතභේදයක් දුර දිග යාමට ඉඩ ඇත. ණය ගනුදෙනුවකින් නිදහස් වීමට අවස්ථාව උදාකරයි. සතිය මැද කාලය වන විටදී යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු වන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තය වන විටදී අලුත් ගේ දොර ඉදිකිරීමක් හෝ අලුත්වැඩියාවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. දරුවකු පිළිබඳ අලුත් බලාපොරොත්තුවක් ඇති කරන සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ

හදිසි මුදලක් වැය වේ

වෙනදා‌ට වඩා පින් දහම් කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් ඇති කරමින් සතිය ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 9,10,11,12 යන භාවස්ථාන වලයි. වෙනදාට වඩා ශාරීරික වෙහෙසීම් ඇති කරන සතියකි. මවගේ අසනීප තත්වයක් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවන සතියකි.

නිතර අන් අයගේ උපදෙස් පැතීමෙන් ගැටලුදායක බවකට මුහුණ පෑමට සිදුවෙයි. වෙනදාට වඩාවැඩි වෙහෙසක් ගෙන දෙන සතියකි. සතිය මැද කාලයේදී හදිසි මුදලක් වැය වන අන්දමේ කටයුත්තක් යෙදෙන බවක් පෙන්නුම් කරයි.

අය 05 - වැය 06

ජය අංකය - 07

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

ධනු

හදිසි ලැබීමකට ඉඩකඩ

මෙතෙක් ගෙන තිබූ වැඩ පිළිවෙළක් වෙනසකට ලක් කරමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5,6,7,8 යන භාවස්ථාන වලයි. වෙනදාට වඩා ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ කල්පනාකාරී විය යුතු බවක් පෙන්නුම් කරයි. අයුතු යෝජනාවලට ලක්විය හැකි කාලයක් බැවින් එකිනෙකා ඇසුරේදී කල්පනාකාරී වන්න. පවුලේ කෙනකුගේ උසස් ජයග්‍රහණයක් නිසා සතුටු වීමට අවස්ථාව උදාකරයි. අඹුසැමි ගැටලුවක් දුර දිග යාහැකි බවක් පෙන්නුම් කරයි. තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. හදිසි ලැබීමකට ද ඉඩ කඩ ඇති සතියකි.

අය 07 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ

නොකළ වරදකට අසහනය

අවිවේකී ලෙස උදාවන මේ සතියේ වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12,1,2,3 යන භාවස්ථාන වලයි. පවුලේ කෙනකු නිසා හදිසි වියදමක් දැරීම‌ට සිදුවන බවක් පෙනේ. වෙනදා‌ට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. එමෙන්ම තීන්දු තීරණ ගැනීමේදී වැඩිහි‌ටි උපදෙස් පැතීම වැදගත් වේ.

නොකළ වරදක් හේතුවෙන් මානසික අසහනය ඇති කරයි. අමතර ලැබීම් පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් මෙන්ම වෙහෙසීමක් ද ඇති කරන සතියකි. මවු පාර්ශ්වයේ ස‌හෝදරයකු පිළිබඳ ඇති කර ගත් සිත් නොහොඳකමක් දුර දිග යාමට ඉඩ ඇත.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - සිකුරාදා

 

කන්‍යා

රැකියාවේ ගැටලුවක් නිරවුල්

තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 8,9,10,11 යන භාවස්ථාන වලයි. හිතුමතයට ගන්නා තීරණයක් හේතුවෙන් පවුලේ අයගේ නොසන්සුන්තාවයක් ඇති කරන කාලයක් වන අතර නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරිමටද සිදුවන බවක් පෙන්නුම් කරයි.

රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති ගැටලුදායක බවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. සතිය මැද කාලයේදී දරුවකුගේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිගසිතා බලන්න.

 

අය 07 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - ඉරිදා

 

මකර

සහෝදර සිත් තැවුලක්

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 4,5,6,7 යන භාවස්ථාන වලයි. පවුලේ අයගේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුකරයි. වැඩිමහල් දරුවකු සම්බන්ධව විමසිල්ලෙන් පසුවන්න. සතිය මැද කාලයේදී වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට අමතර මුදලක් වැය කිරීමට සිදුවේ. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු බවක් පෙනේ. සහෝදරයකු සමඟ ඇතිවන වචන හුවමාරුවක් හේතුවෙන් සිත්තැවුලකට පත් වීමට සිදුවේ. හදිසි වැටීම් තැලීම් වල‌ට ඉඩ ඇති කාලයකි ඒ ගැන අව‌බෝධයෙන් කටයුතු කරන්න.

අය 07 - වැය 08

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

 

මිථුන

උරහිස ආශ්‍රිත ආබාධයක්

හදිසි ලැබීමකට මඟ සැලසෙමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11,12,1,2 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා අතමිට මුදල් හිමිවන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන සතියකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක වීමෙන් පැවැති ගැටලු කීපයකින් නිදහස් වීමට අවස්ථාව උදාකරයි. එහෙත් හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. සතිය මැද කාලයේදී නිතර ඇති කරන උරහිස ආශ්‍රිත ආබාධ තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. අලුත් බලාපොරොත්තු ඇති වුවත් ඒ්වා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙන්නුම් කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

තුලා

විවාහ යෝජනාවක්

පොරොන්දු ගිවිසුමකට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ගේ ගමන සිදුවන්නේ 7,8,9,10 යන භාවස්ථානවලයි. හදිසි තීරණයක් නිසා ඇතිව තිබූ මතභේදකාරී බවක් සමථයකට පත් වන ලකුණු පෙන්නුම් කරයි. නිතර නිවසින් පිට වාසයට කරුණු සැලසෙන බවක් පෙන්වයි. යටපත් වූ විවාහ යෝජනාවක් නැවත අලුත් වන කාලයකි. ගේ දොර කටයුතු සම්බන්ධ පැවැති සුළු සුළු අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට අවස්ථාව සැලසේ. එහෙත් ළඟින් ඇසුරු කරන අයකු සමඟ සිදුවන සිත් නොහොඳකමක් දුරදිග යන අන්දමේ කරුණු කීපයක් උදා කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කුම්භ

පවුලේ උත්සව අවස්ථාවක්

වෙනදාට වඩා ඇවිදිලි ඇති කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 3,4,5,6 යන භාවස්ථාන වලයි. යන එන ගමන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වෙමින් පවතින සතියක් වන අතර ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙහෙසීමක් කළ යුතු බවක් පෙනේ. නිතර ගේ දොර අලංකාරය පිළිබඳ කටයුතු වල නියැලෙස කාලයකි. එමෙන්ම පවුලේ උත්සව අවස්ථාවකට ද කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනා ගැනීමට මග සැලසෙන බවක් පෙනේ. අමතර මුදල් වියදම් යෙදෙන කාලයක් බැවින් ගනුදෙනු පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න.

අය 07 - වැය 08

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කටක

ගුප්ත කටයුතුවලින් පිහිට

රැකියාවේ කටයුතු සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිත‌ා බැලිය යුතු සතියක් වන අතර මේ සතියේ ‌ඔබේ ලග්නයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10,11,12,1 යන භාවස්ථාන වලයි. අලුත් රැකියා අපේක්ෂිතයන්ට යහපත් කාලයක් වන අතර තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට ද සුබදායක කාලයක් බව පෙන්නුම් කරයි. නිතර ආගමික සහන පතන කාලයක් වන අතර ගුප්ත කටයුතු වලින් ද පිහිට පතන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී සමාජයේ කැපීපෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇති අතර ප්‍රභූ අය හා ඇසුරට ද අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු සතියකි.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

වෘශ්චික

දරුවකුගේ ජයග්‍රහණයක්

වරින් වර ශාරීරික වෙහෙස මහන්සිය සිදු කරමින් සතිය ආරම්භවන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 6,7,8,9 යන භාවස්ථාන වලයි. පවුලේ වැඩිමහල් දරුවකු සම්බන්ධ ඇතිව තිබූ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟසැලසෙන සතියකි. සතිය මැද කාලය වන විටදී වරින් වර ඇතිවන උගුර ආශ්‍රිත අබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

වාහන ගමන් පිළිබඳ කල්පනාකාරී විය යුතු කාලයකි. සති අන්තය වන විටදී දරුවකුගේ උසස් ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත් විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - බදාදා

 

මීන

තැන්පත් ධනය වැය වීමක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4,5 යන භාවස්ථාන වලයි. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරන කාලයකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි.

සතිය මැද කාලය වන විටදී ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නොසිතූ ලෙස තැන්පත් ධනය වැය වන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ. සති අන්තයේදී දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වල සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. විදෙස් ගමනක් පිළිබඳ තීරණයකට මග සැලසේ.

අය 07 - වැය 06

ජය අංකය - 05

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - සිකුරාදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.