ජූලි 15 සිට ජූලි 21 දක්වා

ජූලි 15, 2022

මේෂ

 

සැලසුමක් සාර්ථක වෙයි

 

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථානවල සිටිනු ලබයි. හදිසි ලැබීමකට බාධාගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. එමෙන්ම මනසට පීඩාගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන බවක් පෙන්නුම් කරයි. මවුපස ඥාාතියකු වෙනුවෙන් ඇප කැප වී කටයුතු කිරීමට සිදුවන සතියකි. පැරණි හිතවතකු තමා සොයාගෙන ඒමෙන් සැලසුමක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. අඹුසැමි විශ්වාසය බිඳ වැටීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

සිංහ

දේපළ ගැටලුවක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6,7,8,9 යන භාවස්ථානවලයි. රැකියාවේ මෙතෙක් ඇතිව තිබූ ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට මඟ සැලසෙන සතියකි. හදිසි දේපළ මිලදී ගැනීමක් සම්බන්ධ කටයුත්තකට මුහුණ පෑමට සිදු වෙයි. එමෙන්ම නීති පිහිට පැතීමට ද සිදුවන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත වීමක් සිදු කරයි. දණහිස් ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - ඉරිදා

 

ධනු

විදෙස් ලැබීමක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භවාස්ථානවල ගමන් කරයි. සහෝදර පක්ෂය සමඟ ඇති කරගත් මත භේදකාරී බවක් දුරදිග යාමට ඉඩ ඇත. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් විය යුතුª කාලයකි. එමෙන්ම මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක වෙනසක් සිදු කරන සතියකි. සෙම් රෝග බහුල කාලයක් වන බැවින් ඒ පිළිබඳ පරිස්සම් වීම වැදගත් වේ. වැඩිහිටි ඥාාතියකු නිසා ඇතිවන ගැටලුවක් දුර දිග යයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගි වීමට කටයුතු සැලසේ. සති අන්තයේදී විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි.

අය 08 - වැය 05

ජය අංකය - 05

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

වෘෂභ

දරුවකු පිළිබඳ සතුටක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9,10, 1, 12 යන භාවස්ථානවලයි. වෙහෙස ඇති ගමනක් හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. නිතර තමා සොයාගෙන එන හිතවත් කෙනකු නිසා පවුලේ ගැටලු කීපයක් පැන නැඟීමට ඉඩ ඇත. සමාජ සේවා කටයුතු කෙරෙහි දවසින් වැඩි කොටසක් යෙදවීමට සිදුවේ. පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. දේපළ හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - නිල්

සුබ දවස - බදාදා

 

කන්‍යා

වාහන ගනුදෙනුවක්

මෙතෙක් ඇතිව තිබූ ගැටලු කීපයකින් නිදහස සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5,6,7,8 යන භාවස්ථානවලයි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියක් වන අතර, අලුත් කටයුතු කීපයක් ඇරැඹීමට ද අවස්ථාව උදා කරයි. විභාග ගිවිසුමකට නොසිතූ ලෙස බාධාගෙන දෙන අන්දමේ ගැටලු කීපයක් මතු කරයි. දරු ලාබ හිමිකම් ඇති අය වෙනදාට වඩා පරිස්සම් විය යුතු බවක් පෙනේ. හැකි තරම් දුරට හදිසි තීරණ ගැනීමෙන් වැළැකී සිටින්න. ක්ෂණික කේන්තිය නිසා තමාට පාඩු සිදුවන කාලයකි. සති අන්තයේදී හදිසි වාහන ගනුදෙනුවකට සැලසුමක් ඇති කර ගනී.

අය 07 - වැය 03

ජය අංකය - 07

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

මකර

හදිසි වැටීම් තැළීම්

පවුලේ දියුණුව සම්බන්ධ මෙතෙක් ගෙන තිබූ පියවර කීපයක් වෙනස් කිරීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර මනසට පීඩාකාරී වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සහෝදරයන් අතර බහින් බස්වීමක් දුර දිග යාමට ඉඩ ඇත. හදිසි මුදලක් වැය වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. මවට හෝ මවුපස ඥාාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. හදිසි වැටීම් තැළීම්වලටද ඉඩකඩ ඇති බවක් පෙනේ. සති අන්තයේදී පවුලේ වැඩිමහල් දරුවකු නිසා නොසිතූ පාඩුවක් ඇතිවේ. විශ්වාසය බිඳ වැටීමක් ද සිදුවීමට ඉඩ ඇත.

අය 06 - වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - රතු

සුබ දවස - ඉරිදා

 

මිථුන

අධ්‍යාපන ජයග්‍රහණයක්

හදිසි වගකීම් කීපයක් තමා පිට පැවරෙමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි. තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට අවස්ථාව උදා කරයි. මවුපිය උරුමයක් පිළිබඳ මෙතෙක් පැවැති ගැටලුවකින් නිරවුල් වීමට අවස්ථාව උදා කරයි. සතිය මැද කාලය වන විටදී හදිස්සියේ ඇතිවන උගුර ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. උසස් අධ්‍යාපන ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි. සති අන්තයේදී නැති වූ දෙයක් නැවත හමුවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

අය 08 - වැය 04

ජය අංකය - 06

ජය වර්ණය - ලා දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා

පවුලේ අය අතර ගැටලුවක්

ගේදොර කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදු කරමින් සතිය ආරම්භ කරන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි.වෙනදාට වඩා ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කිහිපයක් යෙදේ. එමෙන්ම නිතර නිවසින් පිට වාසයට කරුණු සැලසෙන කාලයක් වන අතර පවුලේ අය අතර ගැටලු සහගත තත්ත්වයක්ද ඇති කරයි.

සතිය මැද භාගයේදී වරින් වර මතු කරන කොන්දේ අමාරුවකට ප්‍රතිකාර ලබා ගනී. අලුත් හිතවතකු දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන සතියකි.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කුම්භ

අසල්වැසි බහින් බස් වීමක්

විශේෂ ගනුදෙනුවකට අත ගැසීමට මාර්ගය පෑදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර කේන්ති යන ස්වභාවයකින් පසුවන සතියකි. අසල්වැසියකු සමඟ සිදුවන බහින් බස්වීමක් දුර දිග යාමට ඉඩ ඇත. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. නිතර නිවසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. ශාස්ත්‍රීය කටයුත්තකට අත ගැසීමට සිදුවන කාලයක් වන අතර, මෙතෙක් ප්‍රමාද වූ මුදලක් හිමිවන ලකුණුද පෙන්නුම් කරයි. සති අන්තය වන විටදී රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

අය 06 - වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - රෝස

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කටක

ආගමික වැඩසටහනක්

වෙනදාට යොදාගත් කටයුතු කීපයක් සාර්ථක වන බවක් පෙන්නුම් කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7,8,9,10 යන භාවස්ථානවලයි. නිතර නිවසින් පිට වාසයට කරුණු සැලසෙන කාලයකි. එමෙන්ම තම රූපලංකාරය පිළිබඳ වෙහෙසෙන බවක් ද පෙන්නුම් කරයි. පවුලේ ගැටලු කීපයක් දුර දිග යාමෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. නිවසේ ආගමික වැඩසටහනක් සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. නිතර ප්‍රභූ පක්ෂය හා ඇසුරට අවස්ථාව උදා කරයි. යොදා ගත් සැලසුමක් කල් යයි.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

 

වෘශ්චික

අඹුසැමි විශ්වාසයට බිඳ වැටීමක්

නීති ගැටලුවකට මැදි වෙමින් සතිය ආරම්භ වන වාශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 3,4,5,6 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂ ගනුදෙනුවකට අත ගැසීමට සිදුවන සතියකි. පවුලේ විශේෂ පිංකමක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. නිතර වයසසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදා කරයි. අඹුසැමි විශ්වාසය බිඳ වැටීමක් සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදු වෙයි. රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිවන මානසික අසහනකාරී බව හේතුවෙන් තීරණ කීපයක් වෙනස් කිරීමට සිදුවේ. දරුවකුගේ හිතුවක්කාර කමක් හේතුවෙන් ඇතිවන ගැටලුවක් දුර දිග යයි.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

මීන

තනතුරු මාරුවක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවාස්ථානවල ගමන් කරයි. මෙතෙක් තමා හට අහිමිව තිබූ දෙයක් නැවත හිමිවන ලකුණු පෙන්නුම් කරයි. එමෙන්ම තමා යන එන ගමන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. විදෙස් ගතවීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් කල් දැමීමට සිදුවේ. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරන සතියකි. හදිස්සියේ සිදුවන වාහන හුවමාරුවකින් වාසි කීපයක් සැලසේ. සති අන්තයේදී ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙන්නුම් කරයි. දරුවකු නිසා සිතේ සැනසිල්ල අඩු කරන කාලයකි.

අය 08 - වැය 06

ජය අංකය - 06

ජය වර්ණය - ලා කොළ

සුබ දවස - සඳුදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.