මැයි 20 සිට මැයි 26 දක්වා

මැයි 20, 2022

මේෂ

දරුවකුගේ විශේෂ හැකියාවක් ඉස්මතු කරයි

වෙනදාට වඩා පින් දහම් කටයුතු කෙරෙහි ගත සිත වෙහෙසා කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9 10 11 12 යන භාව ස්ථානවලයි. හදිස්සි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන් තාවයක් ඇති කරන සතියකි. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් කැපකිරීමට සිදු වන අන්දමේ කටයුතු කිහිපයක් යෙදේ. ණය ගනුදෙනුවක් හේතුවෙන් සිතේ ඇති වී තිබූ නොසන්සුන්තාවය මගහැරී යන බවක් පෙන්නුම් කරයි. හදිසි දේපළ ලාභයකට හිමිකම් ඇති කරන අතර පරම්පරාගත දේපළක් සම්බන්ධව මතුව තිබූ ගැටලුකාරී බවකින් නිදහස අත් කරයි. නොසිතූ ලෙස පවුලේ අය අතර විශ්වාසය බිඳ වැටීමක් සිදු වන අන්දමේ කටයුතු කිහිපයක් සිදු කරයි. දරුවකුගේ විශේෂ හැකියාවක් ඉස්මතු වන කාලයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදා කරයි.

අය 07 - වැය 03

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා


කටක

පවුලේ වගකීම් බහුලයි

යටපත් වූ අසනීපකාරී බවක් නැවත මතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාව ස්ථානවලයි. පවුලේ වැඩිහිටි ඥාතියකු නිසා ඇති වන ආරවුල්කාරී බවක් මගහැරී යන බවක් පෙන්වයි. තමා දැන හඳුනාගත් හිතවතෙකුගෙන් විවාහ යෝජනාවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරයි. තම සේවා ස්ථානයේ පුද්ගලයකු සම්බන්ධව ඇතිව තිබූ මතභේදයක් මඟහැරී යන බවක් පෙනේ. නිතර පවුලේ කටයුතු පිළිබඳ වගකීම් බහුල කරයි. වරින්වර යටි බඩ ආශ්‍රිත පීඩාකාරී බවක් ඇති කරන සතියකි. වැඩිපුර ජලය පානය කිරීම යහපත් වන සතියකි. මෙතෙක් හිමිවීමට තිබූ මුදලකට පැවති බාධාකාරී බව මඟහැරී යයි. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට සුබ දායක පුවතක් අසන්නට ලැබේ. දුර ගමන් වැඩිවන සතියක් වන අතර හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයකට ද මුහුණ පෑමට සිදුවෙයි. මවුපස ඥාතියකු වෙනුවෙන් ඇප උපස්ථාන කිරීමට කටයුතු සැලසෙන බවක් පෙනේ. විශේෂ සැලසුමකට අතගැසීමෙන් වාසි කීපයක් සැළසේ.

අය 07 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා


වෘෂභ

හිතුවක්කාර තීරණයක් ගනියි

අවිවේකී වුවත් සැලසුම් හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8,9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ වගකීම් පැහැර හැරීමක් සිදුවන අන්දමේ කටයුතු කිහිපයක් සිදු වෙයි. ළඟින් ඇසුරු කරන අය අතර මත ගැටුමක් දුරදිග යන කාලයකි. පවුලේ අය අතර පැවති බැඳීමකට බාධාගෙන දෙන අන්දමේ කටයුතු කිහිපයක් සිදු කරයි. ගෘහ ජීවිතයේ කටයුතුවලින් වෙනදාට වඩා සිත් වේදනා ඇතිකරයි. නිතර ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරන කාලයකි. වරින්වර හටගන්නා දතක වේදනාවට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සතිය මැද කාලයේ දී නොගැලපෙන ඇසුරක් හේතුවෙන් සහෝදර පක්ෂයේ දෝෂාරෝපණයට ලක් කරයි. හදිසි කේන්තිය මෙන්ම හිතුවක්කාර තීරණයක් හේතුවෙන් සිතේ ඇතිවන නොසන්සුන්තාවය දුරදිග යන ලකුණු පෙන්වයි. පැරණි හිතවත්කමක් අලුත් වීමෙන් පැවති ගැටලු කිහිපයකින් නිදහස්වීමට මඟ සැලසේ. සතිය ගෙවීයද්දී මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදු කරයි. පවුලේ සාමාජිකයින් අතර පවතින සහයෝගයට බාධා ගෙනදෙන සතියකි.

අය 06 - වැය 03

ජය අංකය - 09

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා


සිංහ

විශේෂ ලාභ හිමිකම්

සතියේ මුල් දින දෙක තුන තුළ එතරම් යහපත් නොවන කාලයක් වන අතර මේ සතියේ 5, 6, 7, 8 යන භාව ස්ථාන මතින් චන්ද්‍රයා ගමන් කරයි. නිතර ශාරීරික අපහසුතා මෙන්ම සිත් තැවුල් වලට ද මුහුණ දීමට සිදුවන බවක් පෙන්වයි. මුදල් සම්බන්ධ කටයුතුවලට අත ගැසීමට කටයුතු සැලසෙන අතර ඒ සම්බන්ධ කටයුත්තක දී විශේෂ ලාභ හිමිකම් කිහිපයක් ද ඇති කරයි. නිතර ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙහෙසීමට සිදුවෙයි. මවට ඒ තරම් සුවදායක සතියක් නොවනු ඇත. උදරාබාධයක් හෝ ශරීරයේ සිරී හෝ තැලීම්වලට ගොඳුරු වන අන්දමේ කටයුතුවලට සම්බන්ධ වීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. මෙතෙක් පැවති සතුරු කරදරයක් පහව යන කාලයක් වන අතර නඩු හබවලින් ජයග්‍රහණය හිමිවන සතියකි. කෑම බීම ගැනීමේ දී ඒ ගැන සැලකිලිමත් වන්න. නිතර රැකියා ස්ථානය සම්බන්ධව සිත් කලකිරීම් ඇති කරවයි. පවුලේ ළඟම ඥාතියකු සමඟ සිත් රිදවීමක් ඇති කරගන්නා කාලයකි. සති අන්තයේ දී ගේ දොර අලංකාරය පිළිබඳ වෙහෙසීමට සිදුවන බවක් පෙන්වයි.

අය 07 - වැය 05

ජය අංකය - 05

ජය වර්ූණය - කොළ

සුබ දවස - ඉරිදා


මිථුන

තනතුරු මාරුවක්

හදිසි යෝජනාවක් සාර්ථකත්වයට පත් කරමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරනුයේ 7,8,9, 10 යන භාවස්ථානවලයි. අවිවාහක අයට සුබදායක සතියක් වන අතර යෝජනා ස්ථිර වීමක් සාර්ථක වන ලකුණු ද පෙන්නුම් කරයි. හදිසි ගමනක් හේතුවෙන් ඇතිවන අවිවේකී බව මගහැරී යන කාලයකි. තනතුරු මාරුවකට හේතු එළඹෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වරින් වර මතු කරන සෙම රෝගයක් හේතුවෙන් ප්‍රතිකාර පතයි. වෙනදාට වඩා ආහාර පාන ගැනීම පිළිබඳ කල්පනාකාරී වන්න. හදිසි ගැටලුවකට මුහුණ පාන අතර නිතර නිවසට යන එන අය පිළිබඳ සැලකිලිමත් වන්න. නිතර නිවසින් පිට වාසයට හේතු ඇති කරයි. පවුලේ ආගමික කටයුත්තක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගනී. වරින් වර අසල්වැසියෙකු නිසා ඇතිවන ගැටලුකාරී බවක් දුරදිග යාමට ඉඩ ඇත. හිතුමතේට කටයුතු කිරීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. හදිසියේ සිදුවන ගනුදෙනුවකින් තමාට පාඩුවක් සිදු කරයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති සතියකි. පරම්පරාගත දේපළක් සම්බන්ධ පැවති නීතිමය ගැටලුවකින් නිදහස ඇති කරයි. උරහිසේ හටගන්නා වේදනාකාරී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වන සතියකි.

අය 08 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - සඳුදා


කන්‍යා

විභාග ජයග්‍රහණයක්

විශේෂ සැලසුමකට අත ගැසීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාව ස්ථානවලයි. දරුවකු සම්බන්ධව පැවැති සිත්තැවුලක් මඟහැරී යන කාලයකි. තමාට හිමි වන්නට තිබූ තනතුරක් වෙනත් කෙනෙකුට හිමිවන බවක් පෙන්වයි. කරන කියන කටයුතුවලින් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. අසල්වාසීන් සමඟ ඇති තිබූ විරසක බවක් මගහැරී යයි. පවුලේ දුර ඥාතියකු තම උපකාරයක් පතා තමා හමුවට පැමිණෙන බවක් පෙන්වයි. රැකියා අපේක්ෂකයින්ට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. ආර්ථික අතින් විවිධ බාධක වලට මුහුණදීමට සිදුවෙයි. ආබාධයක් හේතුවෙන් පීඩා ගෙන දෙන සතියකි. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. අලුත් ගේදොර ඉදිකිරීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් කල්දමයි. නිතර විරුද්ධ ලිංගිකයන්ගේ ඇසුරට කටයුතු සැලසෙන අතර ඔවුන්ගේ උපකාර හිමිවන බවක් ද පෙන්වයි. විභාගයකින් විශේෂ ජයග්‍රහණයක් බලාපොරොත්තු විය හැකි සතියකි. හදිස්සියේ හටගන්නා උරහිස් වේදනාවට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිය හැක.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා


තුලා

ප්‍රසිද්ධියට හේතු ඇති කරයි

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ විශේෂ පියවර කිහිපයක් ගැනීමට කටයුතු සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,4,5,6 යන භාවස්ථානවලයි. සතියේ මුල් කාලය වාසනාවන්ත ලෙස ගෙවීමට හැකි වන අතර රසවත් ආහාර මෙන්ම මුදල් ලාභයකට ද හිමිකම් ඇති කරයි. අලුත් රැකියා අපේක්ෂකයන්ට සුබදායක බවක් පෙන්වයි. ආහාරපාන ගැනීමේදී වෙනදාට වඩා සැලකිලිමත් වන්න. ඥාතියකුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් වෙහෙසක් ඇති කරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු එළඹෙන කාලයකි. නිතර තමා සොයාගෙන එන කෙනෙකු නිසා කරදර කාරී බවක් ඇති කරයි. විජයග්‍රහණයක් පතා විශේෂ කටයුත්තකට සම්බන්ධ වන කාලයක් වන අතර තමාට සිතූ තරම් වාසි අත් නොවන බවක්ද පෙන්වයි. අන්‍යයන්ට උදව් උපකාර කිරීමට පෙළඹෙන කාලයකි. පවුලේ අය අතර පමණක් නොව තමා පදිංචි ප්‍රදේශයේ ද ප්‍රසිද්ධියට පත් වීමට හේතු ඇති කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා


මකර

කලබලකාරී ගතිපැවතුම් ඇතිවේ

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ නොසිතූ ආරවුල්කාරී බවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවයන්වල ගමන් කරයි. සැලසුම් සහගත කටයුතු කීපයකට අතගැසීමට මාර්ගය පෑදුණාත් එය එතරම් දුරට සාර්ථක නොකරයි. ඉක්මනින් කලබලකාරී ගති පැවතුම් තමාට පාඩු කිහිපයක් සිදු කරයි. වරින්වර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි. රැකියා ස්ථානය සම්බන්ධ ඇතිව තිබූ අසහනකාරී බවක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි.

සතිය මැද කාලයේ දී විවාහ සහකරු හෝ සහකාරියගේ පාර්ශ්වයේ කෙනකු පිළිබඳ සිත් තැවුලක් ඇති කරයි. දරුවකුගේ මෙතෙක් මඟහැරී තිබූ කටයුතු කිහිපයක් සාර්ථක කරගැනීමට මඟ සැලසේ.

මෙතෙක් රැකියාවට අමතරව ලැබෙන්න තිබූ මුදලක් මඟහැරී යන කාලයකි. එහෙත් සුළු සුළු ලාභ හිමි කරන මාර්ග හැදෙයි. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ පරිස්සම් වන්න. සති අන්තයේ දී තැන්පත් ධනය වැය වන අන්දමේ කටයුත්තක් යෙදීමට ඉඩ ඇත.

අය 06 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා


වෘශ්චික

හිතවතුන් ඇසුරේදී කල්පනාකාරී වන්න

වෘශ්චික ලග්න හිමි ඔබට මේ සතිය ආරම්භයේ එතරම් සුබදායක බවක් නොපෙන්වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 2,3,4,5 යන භාව ස්ථානවල ගමන් කරයි. සහෝදර බැඳීමකට බාධාකාරී බවක් ගෙනදෙන සතියකි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නිරත වූවන්ට සිතූ තරම් වාසියක් නොකරයි. බලාපොරොත්තුවක් බිඳ වැටී යන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. එමෙන්ම වංචා ප්‍රයෝගයන්ට හසුවිය හැකි කාලයක් බැවින් හිතවතුන් ඇසුරේ දී කල්පනාකාරී වන්න. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක කාලයකි. තනතුරු ලාභයක් පිළිබඳ පැවැති බලාපොරොත්තුවක් ඉටු කරයි. පරම්පරාගත දේපළක් හිමිවන ලකුණු ද පෙන්නුම් කරයි. නිතර තම වාසිය වෙනුවෙන් කටයුතු කරන බවක් පෙනේ. අලුත් නිවසක පදිංචියට හේතු ඇති කරයි. දුර ඥාතියකු තමා සොයා ගෙන එන අතර ඥාතියෙකුගේ උදව් උපකාර ඇතිව කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකිවේ. නිතර විලාසිතා කෙරෙහි උනන්දුවක් දක්වන අතර සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - රතු

සුබ දවස - බදාදා


කුම්භ

දරුවකුගේ අනාගත සැලසුමක් සාර්ථක කරයි

තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවස්ථානවලයි. අමතර මුදල් ලැබෙන මාර්ග කිහිපයකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. එමෙන්ම හදිසි ලැබීමකට ද හිමිකම් ඇති අතර පැරණි ගනුදෙනුවක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවේ. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. පවුලේ කටයුතු පිළිබද මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදු වන සතියකි. සතිය මැද කාලයේ දී නිතර හට ගන්නා කොන්දේ වේදනාවක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදු කරයි. නොසිතූ ලෙස පවුලේ අයගෙන් දුරස්ථව කටයුතු කිරීමට සිදු වන කාලයකි. මෙතෙක් පැවති වගකීමකින් නිදහස සැලසේ. පවුලේ ආගමික වැඩ සටහනකට සැලසුමක් ඇති කරගනී. ගේදොර ඉදිකිරීමක් හෝ ගේදොර අලුත්වැඩියාවක් පිළිබඳ කටයුත්තක් කල් දැමීමට සිදුවේ. නිතර සිදුවන වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. දරුවකුගේ අනාගත සැලසුමක් වෙනුවෙන් ගන්නා තීරණයක් සාර්ථක වන බව පෙන්වයි. විදෙස් හිතවතකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්නට ලැබේ.

අය 08 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා


ධනු

බලාපොරොත්තුවක් ඉටු කරයි

අවිවේකී වුවත් සැලසුම් කිහිපයක් සාර්ථක කරගැනීමට හැකි වන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාවයන් වල ගමන් කරයි. පැවැති ගනුදෙනුවක් හේතුවෙන් මුදල් අඟ හිඟ තාවයක් මගහැරී යයි. මෙතෙක් පැවති සතුරු කරදරයක් මඟ හැරී යයි. පවුලේ කෙනෙකුගේ දෝෂාරෝපණයට ලක් වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. දරුවන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. රැකියාවේ කටයුතු සම්බන්ධ උදාසීන බවක් ඇති කරයි. සතිය මැද කාලයේ දී මෙතෙක් පීඩා ගෙන දුන් බලාපොරොත්තුවක් ඉටු වන ලකුණු පෙන්නුම්

කරයි. රාත්‍රී ගමන් බහුල කාලයකි. අවිවාහකයන්ට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. පෙම් සබඳතාවයක් කැඩීයාමෙන් සිතට අසහනය ඇති කරයි. සුළු සුළු මුදල් ලාභ හිමි කරන මාර්ග පෑදේ. නිතර ප්‍රභූ අය හා උරෙනුර ගැටී කටයුතු කිරීමට මාර්ගය පෑදෙයි. සති අන්තයේ දී තමා සතු දෙයක් නැති වීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න. පොත්පත් ලිපි ලේඛනවලින් විශේෂ වාසියක් සැලසෙන කාලයකි.

අය 07 - වැය 03

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා


මීන

හදිසි තීරණයක් හේතුවෙන් ඇතිවන ගැටලුකාරී බවක්

විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන් තාවයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10, 11, 12, 1 යන භාවස්ථානවලයි. ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ කරගෙන ආ වැඩ පිළිවෙළක් වෙනසකට ලක් කරයි. ළඟම හිතවතකු පිළිබඳ සිත් තැවුලක් අසන්නට ලැබෙන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අසහනකාරී බව මඟහැරී යන බවක් පෙන්වයි. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූවනට සුබදායක කාලයක් වන අතර විදෙස් අධ්‍යාපනයට වරම් ලැබූ අයගේ බලාපොරොත්තු ඉටු වන බවක් ද පෙන්නුම් කරයි. දරුවකුගේ හදිසි තීරණයක් හේතුවෙන් ඇතිවන ගැටලුකාරී බවක් පවුලේ අයගේ අසහනයට හේතු ඇති කරයි. දරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට එතරම් සුභදායක සතියක් නොපෙනෙන අතර නිතර වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීම වැදගත් වේ. සතිය මැද කාලයේ දී පරම්පරාගත දේපළක් සම්බන්ධයෙන් ඇතිවන ගැටලුවක් හේතුවෙන් නීතිමය පිහිට පැතීමට සිදුවේ. මෙතෙක් කරගෙන ආ අමතර ලැබීමක් සම්බන්ධ කටයුතු කීපයක් අතර මග නවතා දැමීමට හේතු වන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනා ගැනීමට හැකි වන සතියකි.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.