මාර්තු 04 සිට මාර්තු 10 දක්වා

මාර්තු 4, 2022
මේෂ
 
දානමය පින්කමක් 
 
මුදල් අගහිඟතාවයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර පවුලේ අයගේ උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කරගන්නා කාලයකි. අසරණවූ කෙනකු වෙනුවෙන් ඇප උපස්ථාන කිරීමට කටයුතු සැලසෙන අතර දානමය කටයුත්තකට ද සහභාගිවීමට අවස්ථාව සැලසේ. වෙනදාට වඩා ශාරිරික වෙහෙස ගෙන දෙන කාලයකි. 
සතිය මැද කාලයේදී පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇතිකරයි. අමතර ලැබීම්වලට හිමිකම් ඇති කාලයක් වුවත් වැය පස අධික වන බවක් පෙන්නුම් කරයි. 
 
අය 06 - වැය 04
ජය අංකය - 02
ජය වර්ණය - නිල්
සුබ දවස - බදාදා
 

සිංහ 
 
වියදම් පක්ෂය වැඩිකරයි 
 
එදිනෙදා ජීවිතය කාර්ය බහුල වුවද ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මඟසැලසෙන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවස්ථානවල සිටිනු ලබයි. නොසිතූ ලෙස අසල්වැසියකුගෙන් චෝදනාවක් එල්ල විය හැකි කාලයකි. තමාට සහකරු හෝ සහකාරියගේ පාර්ශ්වයෙන් උපකාරයක් හිමිකරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතු පිළිබඳ වගකීම් ඇතිකරන අතර, පදිංචියෙන් පිට වාසයට ද කරුණු ඇති කරයි. නිතර හටගන්නා මවගේ අසනීපකාරි බවක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට රෝහල් ගතවීමක් සිදුකරයි. වියදම් පක්ෂය වැඩිකරන සතියක් වන අතර පවුලේ අයගෙන් වෙන්ව කටයුතු කිරීමට ද සිදුවනු ලබයි. 
 
අය 08 - වැය 07
ජය අංකය - 09
ජය වර්ණය - තැඹිලි
සුබ දවස - ඉරිදා
 

 
ධනු 
 
ගනුදෙනු වාසියක්
 
ධනු ලග්න ඔබට මේ සතිය උදාවන්නේ ගේ දොර කටයුතු පිළිබඳ අලුත් බලාපොරොත්තු ඇති කරමින් ය. සඳු ග්‍රහයා මේ සතියේ 4,5,6 යන භාවස්ථානවල ගමන් කරයි. රාත්‍රී ගමන් බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. මෙතෙක් අතපසුවෙමින් පැවැති ගේ දොර කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරයි. 
සතිය මැද කාලය වනවිටදී අවිවාහක අයට ඉතා සුබදායක පුවතක් අසන්න ලැබේ. මුදල් ගනුදෙනුවලදී තමාට වාසි සහගත ලෙස කටයුතු කීපයක් සිදුකරයි. පවුලේ අය සමඟ දුරගමනකට කටයුතු සූදානම් වන සතියකි. කොන්දේ හෝ යටිබඩේ ඇතිවන ආබාධකාරි තත්ත්වයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇතිකරයි. 
 
අය 07 - වැය 04
ජය අංකය - 09
ජය වර්ණය - තැඹිලි
සුබ දවස - බ්‍රහස්පතින්දා
 

වෘෂභ
 
වියදම් වැඩිකරයි
 
හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. මෙතෙක් අවහිරතා ගෙන දුන් රැකියා ස්ථිරවීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. එමෙන්ම නව සැලසුම් කීපයක් ක්‍රියාත්මක කිරීමට ද මඟ සැලසේ. දැඩි ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන කාලයකි. 
නිතර පවුලේ අයගෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. වරින්වර වියදම් පක්ෂය වැඩිකරන සතියකි. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන සතියක් වන අතර වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වීමද වැදගත් වේ. 
 
අය 07- වැය - 05
ජය අංකය - 04
ජය වර්ණය - දම්
සුබ දවස - බ්‍රහස්පතින්දා
 

 
කන්‍යා 
 
ශාස්ත්‍රීය කටයුත්තකට අතගසයි
 
 
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ කරන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9 යන භාවස්ථානවල සිදුවනු ලබයි. මෙතෙක් වැඩිහිටි විරෝධතා ගෙන දුන් පෙම් සබඳතාවයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. දුරස් වූ කෙනකුගේ නැවත පැමිණීමක් සිදුවන ලකුණු පෙන්නුම් කරයි. 
හදිසි ගනුදෙනුවකට අත ගසන සතියකි. වෙනදාට වඩා ඇඳුම් පැළඳුම් පිළිබඳ වෙහෙසෙන සතියකි. රැකියා ස්ථානයේ ගැටලුකාරි බවක් ඇතිකරන සතියක් වන අතර, ඒ සම්බන්ධ කටයුතු පිළිබඳ, සැලකිලිමත් විය යුතු බවක්ද පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට අත ගසන කාලයකි. 
 
අය - 08 - වැය - 05
ජය අංකය - 07
ජය වර්ණය - ලා දම්
සුබ දවස - බදාදා 
 

 
මකර 
 
සහෝදර මත ගැටුමක් 
 
වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,4,5 යන භාවස්ථාන වලයි. සහෝදර මත ගැටුමක් දුරදිග යන අන්දමේ කටයුතු කීපයක් සිදුකරන සතියකි. වෙනදාට වඩා කේන්තියන ස්වභාවයකින් කටයුතු කරන කාලයක් බැවින් ඉවසීමෙන් කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් ජයගත හැකිය. එහෙත් සතිය මැද කාලය වන විටදී සහකරු හෝ සහකාරියගේ පාර්ශ්වයේ ඥාතියෙකුගෙන් දේපල ලැබීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුකරයි.
තීරණ ගැනීමේදි දුරදිග සිතා බැලිය යුතු කාලයකි. පදිංචිය පිළිබඳ මතුවන ගැටලු කීපයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි.
 
අය 07 - වැය 04
ජය අංකය - 03
ජය වර්ණය - නිල්
සුබ දවස - බදාදා 
 

 
මිථුන
 
අවහිරතාවයකින් නිදහස් 
 
මිථුන ලග්න හිමි ඔබට උදාවන මේ සතියේ දැඩි අවිවේකයක් ඇති කරන අතර සඳු ග්‍රහයා 10,11,12 යන භාවස්ථාන වල ගමන් කරන බවක් ද පෙන්නුම් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති බාධාකාරි බව මඟහැරී යන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ වැඩිහිටියකු සම්බන්ධ සිත්තැවුලක් අසන්න ලැබේ. නිතර තම රූප අලංකාරය පිළිබඳ වෙහෙසෙන කාලයකි. 
මෙතෙක් තමාට සිදුවු කරදර අවහිරතාවයකින් නිදහස සැලසෙයි. විවාහ සහකරු හෝ සහකාරිය සමඟ මතභේදකාරි බවක් ඇතිකරයි. වෙනදාට වඩා සකසුරුවමින් කටයුතු කළත් දරුවකු වෙනුවෙන් හදිසි මුදලක් වැය කිරීමට සිදු
 
අය 08 - වැය 07
ජය අංකය - 09
ජය වර්ණය - දම්
සුබ දවස - සඳුදා
 

තුලා 
 
 දරුසම්පත් පිළිබඳ බලාපොරොත්තුවක්
 
තුලා ලග්න හිමි ඔබට ඉදිරි කාලයේ වෙනස්කම් රැසක් සිදුකරන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6,7,8 යන භාවස්ථානවලයි. 
යටපත් වෙමින් පැවැති අසනීපකාරි බවක් නැවත මතුකරන සතියක් වන අතර ශාරිරික වෙහෙස මහන්සිය ද ගෙන දෙන බවක් පෙන්නුම් කරයි කලක සිට දුරස්ව සිටි අයකුගේ හමුවීමක් සිදුවීමෙන් ගතට සිතට සැනසීමක් හිමිකරයි. විවාහක අයට දරු සම්පත් පිළිබඳ බලාපොරොත්තුවක් තබාගත හැකි සතියක් වන අතර ඒ පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වේ. 
නොසිතූ ලෙස තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි වන්න. 
 
අය 07 - වැය 06
ජය අංකය - 07
ජය වර්ණය - කොළ
සුබ දවස - ඉරිදා
 

කුම්භ 
 
හදිසි වැටීම් තැලීම් 
 
එදිනෙදා කටයුතු අධික කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 2,3,4 යන භාවස්ථානවලට අත මිට මුදල් ගැවසුනත් වෙනදාට වඩා වැයපස අධික කරන කාලයකි. ගේ දොර කටයුතු සම්බන්ධ ඇතිවන අවිවේකී බව හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරයි. 
සතිය මැද කාලය වන විටදී හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්වයකට මුහුණදීමට සිදුවිය හැකි බැවින් උස් ස්ථාන සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරිවන්න. සහෝදරයකු සමඟ ඇතිවන සිත් නොහඳකමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. රැකියාවට අමතර ආදායම් මාර්ග ඇතිකරන නමුත් ඒවාට අවහිරතාද මතුවන බවක් පෙන්නුම් කරයි. 
 
අය 07 - වැය 04
ජය අංකය - 02
ජය වර්ණය - කහ
සුබ දවස - බ්‍රහස්පතින්දා
 

 කටක 
 
උගුරේ ආසාදනයක් 
 
වගකීම් බහුල කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ සැලකිලිමත්විය යුතු කාලයකි. ආගමික සැලසුමක් වෙනුවෙන් මුල්තැනක් ගන්නා බවක් පෙන්නුම් කරයි. නොසිතූ ලෙස නීති ගැටලුවක් මතු කරයි. ප්‍රභූ ඇසුරකටද අවස්ථාව සැලසෙන බවක් පෙනේ.
සතිය මැද කාලයේදී රාත්‍රී ගමන් බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. වරින්වර හට ගන්නා උගුරේ ආසාදනයකට ප්‍රතිකාර පතයි. දරුවන් පිළිබඳ මීට වඩා සැලකිලිමත්විය යුතු අතර වගකීම් පැහැර හැරීමක් ද සිදුකරයි. 
 
අය 06 - වැය 07
ජය අංකය - 02
ජය වර්ණය - කහ
සුබ දවස - සිකුරාදා
 

වෘශ්චික
 
වාහන ගනුදෙනුවක් 
 
උසස් අධ්‍යාපන කටයුතු වලින් විශේෂ ජයග්‍රහණ හිමිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. තමා ළඟින් ඇසුරු කරන අයකුගෙන් උපකාරයක් හිමිවන බවක් පෙන්නුම් කරයි. වාහන ගනුදෙනුවක් පිළිබඳ වෙහෙසෙන සතියකි. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. 
රැකියාවේ උසස්වීම් පිළිබඳ බලාපොරොත්තුවක් තබාගත හැකි කාලයකි. සති අන්තය වන විටදී නොසිතූ වැටීම් තැලීම් මෙන්ම ගින්දරෙන් විදුලියෙන්ද පරිස්සම් විය යුතු බවක් පෙන්නුම් කරයි. 
 
අය 08 - වැය 07
ජය අංකය - 04
ජය වර්ණය -තැඹිලි
සුබ දවස - සිකුරාදා
 

මීන
 
හිසේ ආබාධයක් 
 
යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ ඥාතියෙකුගේ උපදෙස් මත කටයුතු කිරීමට සිදුවන සතියක් වන අතර, දේපල ගැටලුවක් වෙනුවෙන් වෙහෙසීමට ද සිදුවෙයි. 
නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන කාලයකි. සතිය මැද කාලය වන විටදී තදබල ලෙස ඇතිවන හිසේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි. නැතිවූ දෙයක් නැවත හිමිවන කාලයකි. පවුලේ අය සමඟ දුර ගමනකට සැලසුමක් ඇති කර ගනී. 
 
අය 06 - වැය 04
ජය අංකය - 09
ජය වර්ණය - නිල්
සුබ දවස - සඳුදා
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.