පෙබරවාරි 18 සිට පෙබරවාරි 24 දක්වා

පෙබරවාරි 18, 2022

මේෂ

ගනුදෙනු ගැටලුවක් විසඳේ

දරුවකු සම්බන්ධ ඉතා සුබදායක පුවතක් අසන්න ලැබෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවස්ථාන වලයි. මංගල යෝජනා සාර්ථක කරන සතියක් වන අතර තරුණ තරුණියන්ගේ අදහස් සඵල වන බවක් පෙන්වයි. සිතේ සතුට ඇතිකරන කාලයකි. මෙතෙක් මඟහැරෙමින් තිබූ ගනුදෙනුවක් සම්බන්ධ ගැටලුවක් නිමාවන කාලයකි. සතිය මැද කාලයේ දී නිතර විදුලියෙන් මෙන්ම ජලාශි‍්‍රත කටයුතුවලින්ද පරිස්සම් විය යුතු බවක් පෙන්වයි. ආගමික සහන පතා දුර පළාතකට යාමට කටයුතු සැලසෙන කාලයකි. සතිය ගෙවී යද්දී දණහිස ආශි‍්‍රත පීඩාවක් ඇති වන බවක් පෙන්වයි.

අය 07 වැය 05

ජය අංකය – 07

ජය වර්ණය – කොළ

සුබ දවස -බදාදා


සිංහ

අමතර ආදායම්

වෙනදාට වඩා කාර්යබහුල සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාවස්ථානවල ගමන් කරයි. ආර්ථික ලාභ මෙන්ම ඉඩම් ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම්ද ඇති කරන සතියකි. අසල්වාසියකුගේ උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදාකරයි. ගෘහ ජීවිතයේ කටයුතු කෙරෙහි වෙනදාට වඩා සැළකිලිමත් බවක් ඇති කර ගත යුතු අතර, නිතර මවගේ කටයුතු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. සති අන්තය වන විටදී අමතර ආදායම් මාර්ග කීපයකට මඟ සැලසෙන කාලයක් වන අතර මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වන්න.

අය 08 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා


ධනු

රැකියාවේ වගකීම් වැඩිකරයි

අවිවේකී ලෙස උදාවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවස්ථානවල ගමන් කරන අතර පවුලේ කටයුත්තක් වෙනුවෙන් ඇප කැපවී කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්වයි. පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ සිත්කලකිරීමක් ඇති වන ලෙස හැසිරීම් රටාවක් සිදුකරයි. දරුවකුගේ කටයුතු වෙනුවෙන් දවසින් වැඩි කාලයක් යෙදවීමට සිදුවන සතියකි. වාහන ගමන් පිළිබඳ කල්පනාකාරී වන්න. සතිය මැද කාලයේ දී අමතර ලැබීම් හිමිවන කාලයක් වන අතර, තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන බවක් පෙන්නුම් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරන කාලයකි. තමා සතු දේපලක් සම්බන්ධ මතුවන ගැටලුදායක තත්ත්වයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි.

අය 07 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා


වෘෂභ

ව්‍යාපාරයක් සාර්ථකයි

සතිය ආරම්භය වෙනදාට වඩා සැනසිලිදායක බවක් පෙන්නුම් කරන අතර, ව්‍යාපාර කටයුත්තක් සාර්ථකව කරගෙන යෑමට මඟ සැලසේ. මේ සතියේ සඳු ගමන් කරන්නේ 4, 5, 6, 7 භවස්ථානවලයි. නිතර නිවසට යන එන හිතවතෙකු නිසා මෙතෙක් මඟ හැරෙමින් තිබූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසෙන බවක් පෙන්වයි. අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට සුබදායක කාලයකි. සතිය මැද කාලයේ දී ආහාර විෂවීමක් හෝ අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා විඳීමට සිදුවේ. මෙතෙක් අසල්වැසියකු නිසා ඇති වූ ගැටලුවක් නිරවුල් කර ගැනීමට අවස්ථාව උදාකරයි. හදිසි තීරණ ගැනීමෙන් වැළැකී සිටීම යහපත් සතියකි.

අය 08 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය – දම්

සුබ දවස - සඳුදා


කන්‍යා

රැකියා ලාබ

දේපල හිමිකමක් සම්බන්ධ ගැටලුවකින් නිදහස්වීමට මඟ සැලසෙන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි. හදිස්සියේ සිදුවන දැන හැදුනුම්කමක් හේතුවෙන් නෑදෑකම් අලුත්වන කාලයකි. තම දරුවකුගේ අනාගතය වෙනුවෙන් තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අලුත් රැකියා හිමිකම් ඇති කරන කාලයක් බැවින් ඒ සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වීම වැදගත් වේ.

රැකියාවේ කටයුතු සම්බන්ධ උනන්දුව වැඩිකරන කාලයක් වන අතර තනතුරු ලාබයකටද හිමිකම් ඇතිකරයි. සති අන්තයේ දී පවුලේ අය සමග දුරගමනකට කටයුතු සැලසෙන බවක් පෙන්වයි.

අය 07- වැය 03

ජය අංකය - 04

ජය වර්ූණය -කොළ

සුබ දවස - සඳුදා


මකර

හදිසි දේපළ ලැබීමක්

කලක සිට පවත්වාගෙන ගිය කටයුතු කීපයක් අතරමග නවතා දැමීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි. හදිසි දේපල ලැබීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි සතියකි. දුර ගමනක් වෙනුවෙන් කටයුත්තක් සංවිධානය කිරීමට අවස්ථාව සැලසේ. වාහන ගනුදෙනුවක් සම්බන්ධ පැවැති ගැටලුවක් සමතයකට පත්කර ගැනීමට හැකිවෙයි. අලුත් ව්‍යාපාරයකට අත ගැසීමට කටයුතු සැලසෙන කාලයකි.

අසල්වාසියකු නිසා ඇතිවන සිත් රිදවීමක් දුරදිග යාමට ඉඩ ඇත. අතක වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.

අය 06 - වැය 03

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා


මිථුන

වාහන අලුත්වැඩියාවක්

අවිවේකී ලෙස උදාවන මේ සතියේ මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවස්ථාන වල ගමන් කරයි. මෙතෙක් පැවැති සහෝදර මත ගැටුමක් සමතයට පත්වන අන්දමේ කටයුත්තක් සිදුකරයි. එමෙන්ම විශ්වාසවන්ත හිතවතකුගේ ඇසුරකට මඟ සැලසෙන කාලයකි. සෙම් රෝග බහුල කාලයක් බැවින් එදිනෙදා කටයුතුවලින් පරිස්සම් වන්න. සතිය මැද කාලයේ දී තමාට හිමිවන්න තිබූ දේපලක් සම්බන්ධ ගැටලුවකට මුහුණ පෑමට සිදුවෙයි.

සති අන්තයේ දී වාහනයක අලුත්වැඩියාවක් හේතුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවේ. හදිසි හිමිකම්වලට ඉඩ ඇති සතියකි.

අය 08 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - නිල්

සුබ දවස -බ්‍රහස්පතින්දා


තුලා

ප්‍රභූ ඇසුරක්

ලැබීම් අතින් යහපත් කාලයක් වන අතර වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් ද පෙන්නුම් කරයි. මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරයි. හදිසි තීරණයක් හේතුවෙන් තමා කරගෙන ආ වැඩපිළිවෙලක් වෙනස් කිරීමට සිදුවේ. නිතර තම පවුලේ වැඩිහිටියකු පිළිබඳ වෙහෙසීමට මෙන්ම සොයා බැලීමක්ද කළ යුතු කාලයකි. සතිය මැද කාලයේ දී යටිබඩ ආශි‍්‍රත ඇතිවන ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. දුර ඥාතියෙකු තමා සොයාගෙන එන කාලයක් වන අතර, උසස් අධ්‍යාපන කටයුතු වල නියුතු වූවන්ට යහපත් බවක් පෙන්වයි. පැවැති ගැටලුවකින් නිදහස්වීමට අවස්ථාව සැලසෙන කාලයකි. නිතර ප්‍රභූ අය හා ඇසුරට කටයුතු සැලසෙන අතර වැඩිහිටියකුගෙන් ආධාර උපකාරයක් ද හිමිකරයි.

අය 08 - වැය 02

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - ඉරිදා


කුම්භ

නොසිතූ චෝදනාවක්

පවුලේ කටයුතු සම්බන්ධ පැවැති අවිවේකී බව මඟ හැරී යමින් පවතින කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවස්ථානවලයි. විවාහය සම්බන්ධ පැවැති ගැටලුවක් සමතයකට පත්වන සතියක් වන අතර විවාහ අපේක්ෂිතයන්ට සුබදායක කාලයක් බවද පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට අත ගැසීමට අවස්ථාව සැලසෙන බවක් පෙන්නුම් කරයි. නිතර වාහන ගමන් යෙදෙන කාලයක් වන අතර, ඒවා පිළිබඳ සැලකිලිමත් වීමද වැදගත් වේ. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ කෙනෙකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසී කටයුතු කිරීමට සිදුවේ. චෝදනා අපවාද අසන්න ලැබෙන කාලයකි.

අය 07 - වැය 06

ජය අංකය - 07

ජය වර්ූණය - දම්

සුබ දවස - සඳුදා


කටක

තමා සතු දෙයක් නැතිවේ

වැය පස අධික කරමින් සතිය ආරම්භවන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2, 3,4, 5 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කටයුතු සම්බන්ධ වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇති සතියකි. නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු සැලසේ. දරුවකුගේ හිතුවක්කාර කටයුත්තක් හේතුවෙන් මානසික සිත්තැවුල් ඇති කරයි. සතිය මැද කාලයේදී හටගන්නා උදරාබාධයක් හේතුවෙන් රෝහල්ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. තම රූප අලංකාරය වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් මෙන්ම අමතර මුදල් ද වැය කරන සතියකි. මෙතෙක් තමා සතුව තිබූ දෙයක් නැතිවීම් ඉඩ ඇති බැවින් වෙනදාට වඩා එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී වන්න.

අය 07 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා


වෘශ්චික

තැන්පත් ධනය වැයවීමක්

යොදාගත් සැලසුමක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවස්ථාන වන ගමන් කරයි. අනාගත සැලසුමක් වෙනුවෙන් නව ආයෝජනයක් කිරීමට මඟ සැලසෙන කාලයකි. අලුත් හිතමිතුරන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙන්වයි. පවුලේ වැඩිහිටියකු නිසා ජීවිතය කාර්යබහුල වන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී අලුත් රැකියා ලාභ හිමිකම් ඇති කරන කාලයක් වන අතර තනතුරු ලාභයකට ද හිමිකම් අති කරයි. නිතර නිවසින් පිට වාසයට කරුණු සැලසෙන කාලයකි. සති අන්තයේ දී තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

අය 07 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - සඳුදා


මීන

ආගමික වැඩසටහනක්

අලුත් හිතමිතුරන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරයි. නොදැන කරන වරදක් හේතුවෙන් නොසිතූ පාඩුවක් සිදුකරන කාලයකි. යටපත් වූ උරහිසේ ආබාධයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් එදිනෙදා කටයුතු වලදී කල්පනාකාරී වන්න. සතිය මැද කාලයේ දී පවුලේ ආගමික වැඩසටහනක් වෙනුවෙන් කටයුතු සූදානමක් සිදුකරයි.

දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරන කාලයකි. රැකියාවේ කටයුතුවලට අමතර ලැබීම් මෙන්ම හිමිකම් ද ඇති කරයි. ශාරීරික වෙහෙස ගෙනදෙන සතියකි.

අය 06 - වැය 03

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.