ජනවාරි 21 සිට ජනවාරි 27 දක්වා

ජනවාරි 21, 2022

මේෂ- හදිසි දේපළ ගනුදෙනුවක්

යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාවස්ථානවල ගමන් කරයි. දරු ඵල බලාපොරොත්තු වන අයට සුබදායක කාලයක් වන අතර වෙනදාට වඩා එදිනෙදා කටයුතු සම්බන්ධ පරිස්සම් විය යුතු කාලයකි. එමෙන්ම පවුලේ පැවැති මත ගැටුමක් සමතයකට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. රැකියා ස්ථානයේ පැවැති අවිවේකී බව මඟහැරී යයි. සතිය මැද කාලයේ දී නිතර හට ගන්නා දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගනි. මව්පස ඥාතියකු පිළිබඳ සිත් කලකිරීමක් ඇති කරයි. හදිසි දේපළ ගනුදෙනුවකට කටයුතු සැලසේ.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ -දානමය කටයුත්තක්

පැරණි හිතවත්කම් අලුත් කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් පැවැති වැරදි වැටහීමක් හේතුවෙන් මතුව තිබූ ගැටලුකාරී බවක් මඟ හැරී යන සතියකි. පවුලේ වගකීම් වැඩි කොටසක් තමාවෙත පැවරෙන බවක් පෙන්නුම් කරයි.

පවුලේ දානමය කටයුත්තක් පිළිබඳ සැලසුමක් ඇති කර ගන්නා බවක් පෙන්වයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන කාලයකි. ගේ දොර අලුත්වැඩියාවක් පිළිබඳ කටයුතු කීපයක් ආරම්භ කිරීමට කටයුතු සැලසේ. සතිය මැද කාලයේ දී පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - රතු

සුබ දවස - සඳුදා

 

ධනු - ගේ දොර අලුත්වැඩියාවක්

නොසැලකිලිමත් ලෙස කටයුතු කීපයක් සිදුකරගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන අතර සඳු ග්‍රහයා මේ සතියේ 9, 10, 11, 12 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. මව්පස ඥාතියකුගේ සහය ඇතිව මෙතෙක් අතපසු වූ සැලසුමක් සාර්ථක කර ගැනීමට අවස්ථාව සැලසෙන බවක් පෙන්වයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන කාලයකි. සතිය මැද කාලයේ දී රැකියාවේ තනතුරු වෙනසකට හෝ වේතනයේ වෙනසකට හිමිකම් ඇති කරයි. ගේ දොර අලුත්වැඩියා කටයුතු කීපයකට අත ගැසීමට අවස්ථාව සැලසෙන කාලයකි. දුර ගමන් යෙදෙන සතියක් වන අතර මේ සතියේ ආගමික කටයුතු කීපයක් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කිරීමට අවස්ථාව සැලසේ.

අය 07 - වැය 03

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

 

වෘෂභ- දරුවකු පිළිබඳ සතුටක්

අලුත් හිතවත්කම් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාවස්ථානවල ගමන් කරයි. ගේ දොර අලුත්වැඩියාවක් පිළිබඳ අදහස් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. නිතර තමා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

දරුවකුගේ කටයුතු හේතුවෙන් සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති සතියක් වන අතර, දුර ගමන්වලින් වැළැකී සිටීම යහපත් කරයි. සති අන්තයේ දී රැකියාවේ ගැටලුකාරී බවක් හේතුවෙන් සිත්කලකිරීමක් ඇති කරයි. නිතර වෙහෙසකාරී බවක් ඇති කරන සතියකි.

අය 08 - වැය 06

ජය අංකය - 07

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

කන්‍යා -අමතර වියදම් වැඩිකරයි

හිතවතෙකු සමඟ කර ගන්නා අතමාරුවක් හේතුවෙන් ගැටලුකාරී බවක් ඇති කරන සතියක් වනඅතර මේ සතියේ සඳුගේ ගමන සිදුවන්නේ 12, 1, 2, 3 යන භාවස්ථානවලයි. තීරණ ගැනීමේ දී වැඩිහිටි උපදෙස් පැතීම වැදගත් වන සතියක් වන අතර, වෙනදාට වඩා දුරදිග සිතාබලා කටයුතු කළ යුතු බවක් ද පෙන්නුම් කරයි. නිතර ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි සිත යොමුකරන බවක් පෙන්වයි. විදෙස් ගමනක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. වෙනදාට වඩා අමතර වියදම් වැඩිවන බවක් පෙන්නුම් කරයි. සති අන්තයේ දී පවුලේ වැඩිමහල් සහෝදරයෙකුගෙන් ලැබෙන උපකාරයක් හේතුවෙන් ගැටලුවකින් මිදීමට මඟ සැලසේ.

අය 07 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

මකර -පාදයේ ආබාධයක්

සැලසුමක් සාර්ථක කර ගැනීමට වෙහෙසක් දැරිය යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි. බොහෝ අයගේ ප්‍රශංසා හිමිකර ගැනීමට අවස්ථාව සැලසෙන කාලයකි. හදිස්සියේ හට ගන්නා පාදයේ වළලුකර ආශි‍්‍රත අසනීපයකින් පීඩා අත්කරයි. දරුවකුගේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට වෙහෙසෙන සතියකි. මඟ තොටදී හමුවන පුද්්ගලයෙකු නිසා නොසිතූ අලාභයක් සිදු කරයි. එදිනෙදා ජීවිතයෙ කටයුතු නිසා කාර්ය බහුල කාලයක් වන අතර, නිතර අරපිරිමැස්ම පිළිබඳ වෙහෙසෙන බවක්ද පෙන්වයි. හදිසිවී තීරණ ගැනීමෙන් වැළකී සිටින්න. දරුවකුගේ කටයුත්තක් හේතුවෙන් අප්‍රසාදය ඇතිකරයි.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

මිථුන- අලුත් දේපළ මිලදී ගැනීමක්

සහෝදර බැඳීම් අලුත් කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර නිවසට යන එන කෙනකු පිළිබඳ වෙනදාට වඩා කල්පනාකාරීවීම වැදගත් වේ. අලුත් දේපළ මිලදී ගැනීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධව පැවැති අවිවේකී බව මඟ හැරී යයි.

සතිය මැද කාලයේදී හදිස්සියේ ඇතිවන අජීර්ණ ආබාධයකින් පීඩා ඇති කරන අතර නිතර කෑමෙන් බීමෙන් පරිස්සම් වියයුතු බවක් පෙන්වයි. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන කාලයකි.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - සඳුදා

 

තුලා -වාහන සම්බන්ධ ගනුදෙනු

තුලා ලග්න ඔබට සතිය ආරම්භයේදී යම් දේපළක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. චන්ද්‍රයාගේ ගමන මේ සතියේ 11, 12, 1, 2 යන භාවස්ථානවල සිදුවෙයි. නොසිතූ චෝදනාවකට ලක්වීමට ඉඩ ඇති බවක් පෙන්වයි. එමෙන්ම හදිසි මුදල් නාස්තියක් ද සිදුකරයි.

සතිය මැද කාලයේ දී තුනටියේ අමාරුවක් හේතුවෙන් ප්‍රතිකාර ලබයි. වෙනදාට වඩා කාර්යය බහුල සතියක් වන අතර හදිසි වාහන හුවමාරුවකට හෝ වාහනයක් මිලදී ගැනීමක් සම්බන්ධ කටයුත්තකට අත ගසයි. සති අන්තය වන විටදී නිතර කලාකාමී කටයුතුවලට සිත යොමුවන බවක් පෙන්නුම් කරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් පරිස්සම් වන්න.

අය 07 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - බදාදා

 

කුම්භ -දරුවකුගේ දියුණුවට පියවරක්

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් රැසක් සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරයි. තමාට ප්‍රභූ අය හා ඇසුරට අවස්ථාව හිමිකරන සතියකි. තම ඥාති පාර්ශවයේ කෙනකු වෙනුවෙන් උපකාරයක් කිරීමට මඟ සැලසේ. නොසිතූ ලෙස මුදල් නාස්තියක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙන්වයි. විදෙස්ගතවීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් කල්දැමීමට සිදුවන සතියකි. දරුවකුගේ දියුණුව වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට අවස්ථාව උදාකරයි. සෙම් රෝග බහුල කාලයක් වේ. ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. අමතර ආදායම් මාර්ග කීපයකම අවහිරතා මතු කරයි. වෙනදාට වඩා වැයපස අධික කරන කාලයකි.

අය 06 - වැය 07

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කටක -ප්‍රභූ අය හා ඇසුරක්

වෙනදාට වඩා අතමිට සරුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරයි. තීරණ ගැනීමේ දී වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු සතියකි. හදිස්සි වී කරන ගනුදෙනුවක් හේතුවෙන් නීතියේ පිහිට පැතීමට සිදුවේ. වෙනදාට වඩා ඇවිදිලි ඇතිකරන සතියක් වන අතර, වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙන්වයි.

පවුලේ අය අතර සිදුවන බහින් බස්වීමක් දුරදිග යන බවක් පෙන්වයි. නිතර නිවසින් පිට වාසයට කරුණු සැලසෙන සතියකි. සති අන්තයේ දී සමාජ සේවා කටයුතු හේතුවෙන් නිතර නිවසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන අතර ප්‍රභූ අය හා ඇසුරට ද කරුණු ඇති කරයි.

අය 08 - වැය 07

ජය අංකය - 02

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘශ්චික-නැති වූ දෙයක් නැවත හිමිකරයි

සතිය ආරම්භයත් සමඟ වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු අතර සඳුගේ ගමන මේ සතියේ 10, 11, 12, 1 යන භාවස්ථානවල සිදුවනු ලබයි. හදිස්සියෙ සිදුවන ගනුදෙනුවක් හේතුවෙන් වංචාවකට හසුවීමට ඉඩ ඇති බවක් පෙනේ. නිතර සහෝදර පක්ෂය සමඟ ගැටුම් ඇති කර ගන්නා බවක් පෙන්වයි. මේ සතිය මැද කාලයේ දී පුණ්‍ය කටයුතු කීපයක් කරගැනීමට මඟ සැලසේ. නිතර දරුවකු පිළිබඳ සැලකිලිමත් විය යුතු සතියකි. නැති වූ දෙයක් නැවත හිමිවන කාලයක් වන අතර තමා සතු දේ කල්පනාකාරී ලෙස රැක ගැනීම වැදගත් වේ. වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට වෙහෙසීමට සිදුවන සතියකි.

අය 08 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - ලා කහ

සුබ දවස - ඉරිදා

 

මීන-විවාහය පිළිබඳ බලාපොරොත්තුවක්

උදාවන මේ සතියේ වරින් වර ශාරීරික අපහසුකම්වලට මුහුණපාමින් ආරම්භවන අතර සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික වන බවක් පෙන්නුම් කරයි. විවාහ අපේක්ෂිතයන්ට සුබදායක කාලයක් වන අතර ප්‍රමාද වූ විවාහ බලාපොරොත්තුවක් ඉටුවන බවක් ද පෙන්වයි.

සතිය මැද කාලයේ දී පවුලේ වැඩිහිටියකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. නිතර හට ගන්නා අතක වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සති අන්තයේ දී පවුලේ ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු කාලයකි.

අය 07 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - ඉරිදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.