දෙසැම්බර් 24 සිට දෙසැම්බර් 30 දක්වා

දෙසැම්බර් 24, 2021

මේෂ

සහෝදර උපකාර

පවුලේ සතුට සමාදානය වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට කටයුතු සැලසෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. දරුලාබ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කිරීම වැදගත් වේ. නිතර කලාකාමී කටයුතු වලට සිත යොදවන බවක් පෙන්නුම් කරයි. සහෝදරයකුගෙන් ලැබෙන ඇප උපකාර හේතුවෙන් කටයුතු කීපයක් සාර්ථක කරගැනීමට හැකිවේ. ප්‍රමාද වූ විවාහ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. සති අන්තයේදී දේපල ආරවුලක් සම්බන්ධ පැවැති ගැටලුවක් නිරවුල් කර ගැනීමට මග සැලසේ.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා


සිංහ

තැන්පත් ධනය වැයවීමක්

හදිසි ආදායම් මාර්ග කීපයක් මඟහැරී යන සතියක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා ගත සිත වෙහෙසවා කරන කටයුතු අධික කරයි. වරින් වර ඇතිකරන උගුරේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි ආගමික වැඩසටහනක් වෙනුවෙන් ඇප කැපවී කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. සතිය මැද කාලයේදී තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. විවාහ ගිවිස ගැනීමක් සාර්ථක වීමෙන් පවුලේ අයගේ ප්‍රසාදය හිමිවන බවක් පෙන්වයි. ළඟම ඥාතියකුගේ අසනීපයක් සුවවන ලකුණු පෙන්නුම් කරයි.

අය 06 - වැය 07

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා


ධනු

තනතුරු ලාබයක්

මෙතෙක් පැවැති කරදර බාධා කීපයක් මගහැරී යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවස්ථාන වල ගමන් කරයි. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් හදිසි වියදම් කීපයක් දැරීමට සිදුවන සතියකි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසෙන බවක් පෙන්වයි. රැකියා ස්ථානය සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබෙන අතර, මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති තනතුරු ලාභයකටද හිමිකම් ඇති කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. පවුලේ පැවැති ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ.

අය 08 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා


වෘෂභ

පාදයේ ආබාධයක්

පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර ලැබීම් වලට ඉඩකඩ ඇති සතියකි. අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමට මඟ සැලසේ. එහෙත් ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුකරයි. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට අවස්ථාව සැලසෙන සතියක් වන අතර නිතර දරුවන් වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. සති අන්තය වන විටදී යටපත් වූ පාදයේ ආබාධයක් නැවත මතුවිය හැකියි. වෙහෙස ඇති කටයුතු කීපයක් යෙදෙන කාලයකි.

අය 08 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා


කන්‍යා

දරු ලාබ හිමිකම්

වැඩි වගකීම් ප්‍රමාණයක් තමා පිට පැවරෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබෙන සතියකි. එහෙත් නොසිතූ කටයුත්තක් හේතුවෙන් හදිසි මුදල් වැයවීමකට කටයුතු සැලසේ. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි. රැකියා ස්ථානයේ සිදුවන වෙනස්වීම් කීපයක් හේතුවෙන් ගැටලු කීපයක් ඇතිකරයි. සතිය මැද කාලයේදී අලුත් දේපල මිලදී ගැනීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. දරුලාබ බලාපොරොත්තුවෙන් සිටින අයට සුබදායක කාලයක් වන අතර, කෑමෙන් බීමෙන් පරිස්සමි විය යුතු බවක්ද පෙන්නුම් කරයි.

අය 07 - වැය 03

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා


මකර

රැකියා ලාබ

වෙහෙස ගෙනදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. යොදාගත් සැලසුමක ප්‍රමාදතාවයක් සිදුකරන සතියකි. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. පියපස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන සතියකි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙලක් වෙනස් කිරීමට සිදුවන සතියකි. අලුත් රැකියා හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් වේ. සති අන්තයේදී හදිසි තීරණයක් හේතුවෙන් තැන්පත් ධනය වැයවීමක් සිදුවීමට ඉඩ ඇත.

අය 06 - වැය 07

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා


මිථුන

පවුලේ දානමය පින්කමක්

ශාරිරික වෙහෙස ගෙන දෙන සතියක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 3,4,5 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. දරුවකුගේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබෙන සතියකි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති තීරණයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙනේ. හදිසි දේපල ගනුදෙනුවකට අත ගැසීමට මග සැලසෙන බවක් පෙන්නුම් කරයි. පවුලේ දානමය පින්කමකට මග සැලසෙන අතර, හදිසි පරිත්‍යාගයක්ද කිරීමට ද අවස්ථාව උදාකරයි. සති අන්තයේදී රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා වෙහෙසීමට සිදුවන බවක් පෙන්වයි.

අය 07 - වැය 03

ජය අංකය - 02

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා


තුලා

දරුවකුගේ විදෙස් ගතවීමක්

ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් ගැටලු කීපයකට මුහුණ පෑමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියක් වන අතර මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති බලාපොරොත්තු කීපයක් ඉටුකර ගැනීමට ද මග සැලසේ. එහෙත් ශාරිරික වෙහෙස මහන්සිය ගෙන දෙන අන්දමේ ඇවිදිලි වැඩි කරන කටයුතු කීපයක් යෙදේ. වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට දවසින් වැඩි කාලයක් ගතකිරීමට සිදුවෙයි. දරුවකුගේ විදෙස් ගතවිමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණුූ පෙන්නුම් කරයි.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා


කුම්භ

දුර ගමනක්

සැනසිලිදායක ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. අලුත් කටයුතු කීපයක් ඇරඹීමට මග සැලසෙන සතියකි. එහෙත් ගේ දොර කටයුතු ක්‍රමවත් ලෙස සකසා ගැනීමට වෙහෙසක් දැරිය යුතු බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. අලුත් හිත මිත්‍රයන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙන කාලයකි. නිතර ආගම දහමට ලැදිව කටයුතු කරයි. දුරගමනක් හේතුවෙන් වැඩපිළිවෙලක වෙනසක් සිදුකරයි. මුදල් පරිහරනයේදී වෙනදාට වඩා සැලකිලිමත් වන්න. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. සති අන්තයේදි පැරණි හිතවතකු තමා සොයාගෙන එන බවක් පෙනේ.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - ඉරිදා


කටක

ප්‍රභූ ඇසුරක්

සතිය ආරම්භයත් සමඟ ඇතිවන නොසන්සුන්කාරී බව හේතුවෙන් වැඩකටයුතු කීපයක් අතරමග නවතා දැමීමට සිදුවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. අලුත් රැකියා හිමිකම් ඇති කාලයක් වුවත් ඒවා මඟ හැරී යන අවස්ථාද ඇති කරයි. හදිස්සි වී තීරණ ගැනීම හේතුවෙන් නොසිතූ ගැටලු කීපයකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. මව්පස ඥාතියකුගෙන් හදිසි දේපල ලැබීමක් හිමිකරයි. නිතර ප්‍රභූ අය හා ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙන්වයි. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් ගත කරයි. දරුවන්ගේ වගකීම් පැහැර හැරීමක් සිදුවන සතියකි.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා


වෘශ්චික

හිතවතකුගේ උපකාරයක්

යොදාගත් සැලසුමකට බාධාගෙන දෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12 යන භාවස්ථාන වල ගමන් කරයි. පැරණි හිතවත්කමක් අලුත්වන කාලයක් වන අතර, හිතවතකුගේ උදව් උපකාරයක්ද හිමිවන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී පරම්පරාගත උරුම හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. හදිසි වී තීරණ ගැනීමෙන් වැළැකී සිටීම යහපත් කරයි. නිතර ගේ දොර කටයුතු පිළිබඳ වෙහෙසෙන සතියක් වන අතර ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන්ද වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. සති අන්තයේදී ණය ගනුදෙනුවක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවේ.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා


මීන

විවාහ යෝජනාවක් කල්දමයි

විශේෂ කටයුත්තකට අත ගැසීමට අවස්ථාව සැලසෙමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමියන්ගේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවස්ථාන වල ගමන් කරයි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත. එමෙන්ම විවාහ යෝජනාවක් කල්දැමීමට සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සතිය මැද කාලයේදී දේපල ගනුදෙනුවක් හේතුවෙන් මත ගැටුමක් ඇතිකර ගනී. නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු සැලසෙන බවක් පෙනේ. නිතර වැටීම් තැලීම් වලට ඉඩ ඇති කාලයක් බැවින් උස් ස්ථාන සම්බන්ධ කටයුතු, වාහන ගමන් ආදියෙන් වැළැකී සිටීම යහපත් කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.