නොවැම්බර් 26 සිට දෙසැම්බර් 02 දක්වා

නොවැම්බර් 26, 2021

මේෂ

රැකියාවේ ස්ථාන මාරුවක්

හිතාමතා කටයුතු කීපයක් අතපසු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවස්ථානවල ගමන් කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වීමෙන් අලුත් බලාපොරොත්තු කීපයක් ඇති කරයි. මව්පස ඥාතියකුට අපල සහගත සතියකි.

රැකියාවේ ස්ථාන මාරුවක් හිමිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. සතිය මැද කාලයේ දී තම වාසිය වෙනුවෙන් ගන්නා තීරණයක් නිසා පවුලේ අය අතර අර්බුදකාරී බවක් ඇති කරයි. දේපල ගනුදෙනුවක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවන කාලයකි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා


සිංහ

උගත් දෙයින් ප්‍රයෝජන

ආර්ථික අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ගමන් කරන්නේ 1, 2, 3 යන භාවස්ථානවලයි. පවුලේ කෙනකු වෙනුවෙන් හදිසි වියදමක් ද දැරීමට සිදුවේ. එමෙන්ම ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුකරයි. වාහන ගනුදෙනුවක් සම්බන්ධ කටයුතු කීපයක් සාර්ථක වන ලකුණු පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි. සතිය මැද කාලයේ දී උගුරේ හටගන්නා අසනීපකාරී බවක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. සති අන්තයේ දී අඹුසැමි විශ්වාස බිඳ වැටීමක් හේතුවෙන් ආරවුල්කාරී බවක් ඇති කරයි. විශේෂ පුද්ගලයකුගේ ඇසුරට අවස්ථාව සැලසෙන සතියකි.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - රතු

සුබ දවස - බ්‍රහස්පතින්දා


ධනු

නව සැලසුමක්

මානසික අවිවේකය ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9, 10, 11 යන භාවස්ථානවලයි. පවුලේ ඇතිවන ගැටලුකාරී තත්ත්වයක් දුරදිග යන කාලයකි. කේලාම් බස් හේතුවෙන් ඥාතියකුගේ දුරස්වීමක් සිදුකරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට සිදුවන සතියකි. වෙනදාට වඩා දරුවන් පිළිබඳ සැලකිලිමත් වන්න. එහෙත් සතිය මැද කාලය වන විට දී හදිසි ලැබීමකට හිමිකම් ඇති කරයි. නිතර ආගම දහමට ලැදිව කටයුතු කරන බවක් පෙනේ. මෙතෙක් පැවැති අසනීප තත්ත්වයකින් සුවය ලැබීමට හේතු ඇති කරයි. සතිය අන්තයේ දී අලුත් දේපලක් සම්බන්ධ නව සැලසුමක් ඇතිකර ගනී.

අය 07 - වැය 03

ජය අංකය - 07

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා


වෘෂභ

ගුප්ත කටයුතුවලින් පිහිට

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරගත හැකි සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරන කාලයකි. දරුවන් පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු බවක් පෙනේ.

නිතර නිවසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන සතියකි. මවගේ අසනීපකාරී බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට අත ගැසීමට අවස්ථාව උදාකරයි. වරින් වර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ. හදිසි උත්සවයකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා


කන්‍යා

දේපල ගැටලුවක්

තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරයි. නොකල වරදකට දඬුවමක් හිමිකරන සතියකි. නොසිතූ ලෙස තමාට චෝදනා අපවාදවලට ලක්වීමට සිදුවේ.

සතිය මැද කාලයේ දී විදෙස් සැලසුමකට අත ගැසීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන කාලයක් වන අතර හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතවීමක්ද සිදුකරයි. පරම්පරා ගත දේපළක් පිළිබඳ මතභේදකාරී බවක් ඇතිවන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත.

අය 06 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - ඉරිදා


මකර

ගුප්ත කටයුතුවලින් පිහිට

හදිසි මුදල් වැයවීම්වලට හේතු ඇති කරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ වැඩිහිටියකුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට දවසින් වැඩි කාලයක් ගත කරයි. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. පවුලේ ආගමික සැලසුමකට ද කටයුතු උදාකරයි. සතිය මැද කාලයේ දී මෙතෙක් තමා සතුව තිබූ දෙයක් අහිමිවන අන්දමේ කටයුත්තක් සිදුකරයි. සති අන්තයේ දී තැන්පත් ධනය වැයවන මාර්ග කීපයක් යෙදෙන බවක් පෙන්වයි.

අය 06 - වැය 07

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - සිකුරාදා


මිථුන

සෙම් රෝග

අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරයි. හදිසි තීරණයක් හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස්කිරීමට සිදුවන සතියකි.

පවුලේ වැඩිමහල් සහෝදරයකු සමඟ ඇතිවන ගැටලුවක් දුරදිග යයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ජලයෙන් පමණක් නොව කෑමෙන් බීමෙන්ද පරිස්සම් විය යුතු බවක් පෙනේ. සතිය මැද කාලයේ දී හදිසි ආදායම් මාර්ග යෙදුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොකරයි. පෙම් සබඳතාවයකට මෙතෙක් පවුලේ අයගෙන් පැවැති විරෝධතාවය මඟහැරී යයි.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා


තුලා

නීති ගැටලුවක්

ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා ශාරීරික වෙහෙස මහන්සිය ඇතිකරන සතියක් වන අතර පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගෙන කටයුතු කිරීමට ද සිදුවෙයි. යටපත් වූ උදරාබාධයක් නැවත මතුවන කාලයක් වන අතර හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට ද සිදුවනු බවක් පෙනේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. අවිවාහකයන්ට යහපත් කාලයක් වන අතර ප්‍රමාද වූ මංගල යෝජනාවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - ඉරිදා


කුම්භ

දේපල ගැටලුවක් නිරවුල්

මෙතෙක් පැවැති අවිවේකී බව මඟහැරී යන කාලයක් වන අතර මේ සතියේ කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. දේපලක් සම්බන්ධ පැවැති ගැටලුකාරී බවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. ගේ දොර කටයුතු ක්‍රමවත් ලෙස කර ගැනීමට වෙහෙසක් දැරිය යුතු සතියකි. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇතිකරයි. පවුලේ උත්සව අවස්ථාවක් කල්දැමීමට සිදුවන කාලයක් වන අතර, අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමටද මඟ සැලසේ. සති අන්තයේ දී රැකියා ස්ථානය සම්බන්ධ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුවීමට ඉඩ ඇත.

අය 07 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා


කටක

අඹුසැමි ගැටලුවක්

වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2, 3, 4 යන භාවස්ථානවලයි. හදිස්සි වී ගන්නා තීරණයක් හේතුවෙන් ගැටලු කීපයක් මතුකරයි. වෙනදාට වඩා නිදහසේ කටයුතු කිරීමට සිතන කාලයකි.

දරුවකුගේ හිතුවක්කාර වැඩ පිළිවලක් තමාට අසහනකාරී බවක් ඇති කරයි. සතිය මැද කාලයේ දී වරින් වර ඇති කරන දණහිසේ අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සහෝදර බහින් බස්වීමක් දුරදිග යා හැකි සතියකි. නිකරුණේ කරන වියදම් වැඩි වන බවක් පෙනේ. අඹු සැමි ගැටලුවක් හේතුවෙන් සිත්තැවුලක් අත් කරයි.

අය 08 - වැය 07

ජය අංකය - 02

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - සිකුරාදා


වෘශ්චික

දරුවකු පිළිබඳ සතුටක්

වගකීම් බහුල කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගන්නා කාලයක් වන අතර, දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් ද අසන්න ලැබේ. මුදල් සම්බන්ධ කටයුතුවලට අත ගැසීමේ දී වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. සතිය මැද කාලයේ දී එදිනෙදා කටයුතු සම්බන්ධ පරිස්සම් විය යුතු කාලයක් වන අතර හදිසි වැටීම්, තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට සිදුවෙයි. සති අන්තයේ දී අඹුසැමි විශ්වාසය බිඳවැටෙන සිදුවීමක් සිදුවීමට ඉඩ ඇති අතර හිත මිතුරු ඇසුරේදී කල්පනාකාරී වන්න.

අය 08 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - ඉරිදා


මීන

ගේ දොර අලුත්වැඩියාවක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගනිමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6, 7, 8 යන භාවස්ථානවල ගමන් කරයි. ගේදොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියකි. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට මඟ සැලසෙන බවක් පෙනේ. ගනුදෙනුවක් විසඳා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවේ. සතිය මැද කාලයේ දී කලකින් නොදුටු හිතවතකු හමුවීමට මඟ සැලසේ. ප්‍රමාද වූ තීරණ කීපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට සුබදායක බවක් පෙන්නුම් කරයි. සති අන්තයේ දී අතක ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන අතර තමාගේ ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් ද පෙන්වයි.

අය 07 - වැය 06

ජය අංකය - 03

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.