නොවැම්බර් 05 සිට නොවැම්බර් 11 දක්වා

නොවැම්බර් 5, 2021

මේෂ-ආර්ථික ප්‍රතිලාභ

මේෂ ලග්න හිමි ඔබට මේ සතිය ආරම්භය තරමක් දුර‌ට සැනසිලිදායක බවක් පෙන්නුම් කරන අතර සඳු ග්‍රහයා මේ සතියේ 7,8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ ඥාති හිතවතුන්ගේ හමු වීමක් සිදුකරන කාලයකි. වෙනදාට වඩා ආර්ථික අතින් ප්‍රති ලාභ හිමිකරන බවක් පෙන්නුම් කරයි. එහෙත් සතිය මැද කාලය වන විටදී මෙතෙක් යටපත් වෙමින් පැවැති යටි බඩේ වේදනාවක් නැවත මතුවිය හැකි බවක් පෙනේ. ආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සංවිධානය වෙමින් පවතින කාලයකි. පවුලේ කෙනකු වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන සතියකි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - රතු

සුබ දවස - බදාදා

 

සිංහ -ආර්ථික ගැටලු මග හැරේ

පවුලේ කටයුතු වෙනුවෙන් ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථාන වල ගමන් කරයි. ආර්ථික අතින් පැවැති ගැටලු කීපයක් මඟ හැරී යන කාලයක් වන අතර පවුලේ සතු‌ට සමාදානයට ද හේතු ඇති කරන බවක් පෙන්වයි. සතිය මැද කාලය වන විටදී යටි බඩේ හට ගන්නා ආබාධ තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත වීමක් පවා සිදුවීමට ඉඩ ඇත. එමෙන්ම අලුත් දේපල මිලදී ගැනීමක් සම්බන්ධ පැවැති බාධා කීපයක් මග හැරී යන කාලයකි. සති අන්තයේදී ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳී යාමක් සිදුවීමෙන් සිත්තැවුලක් ඇති කරයි.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - සඳුදා

 

ධනු -තනතුරු ලාභයක්

සැලසුම් සහගත ලෙස සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 11,12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. කලක් තිස්සේ සැලසුම් කරගෙන ආ කටයුතු කීපයක් සාර්ථක ලෙස ඉටු කර ගැනීමට මග සැලසේ. පවුලට අලුත් සාමාජිකයෙක් එක් වන ලකුණු පෙන්නුම් කරයි. ආගමික කටයුත්තක් වෙනුවෙන් දුර බැහැර ගමනකට මග සැලසේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇත කාලයකි. සති අන්තයේදී අලුත් ඥාති සබඳතාවයකට කටයුතු සැලසෙන කාලයක් බැවින් ඥාතීන් පිළිබඳ ඇසුරේදී කල්පනාකාරී වන්න. රැකියාවේ තනතුරු ලාභයකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

වෘෂභ- දුර බැහැර ගමන්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක ලෙස නිමාවට පත් කර ගනිමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 6,7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. අවිවාහක අයට මංගල යෝග මෙන්ම ආදර සබඳතා සාර්ථක කරන කාලයකි. වෙනදාට වඩා අතමි‌ට මුදල් ගැවසෙන සතියක් වන අතර පවුලේ කෙනකු වෙනුවෙන් හදිසි මුදලක් වැය කිරීමට ද අවස්ථාව සැලසේ.

තම වෙළද ව්‍යාපාරයක් වෙනුවෙන් අලුත් සැලසුම් කීපයක් ඇති කර ගන්නා අතර ශාරීරික වෙහෙසීම් ද වැඩි කරන බවක් පෙන්නුම් කරයි. දුර බැහැර ගමන් අධික කරන කාලයකි.

අය 09 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

කන්‍යා -විභාග ජයක්

තැන තැන ඇවිදිලි ඇති කරමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබට මේ සතිය උදාවන්නේ සඳු 2,3,4,5 යන භාවස්ථාන වල ගමන් කරමිනි. සතියෙන් වැඩි කාලයක් දරුවකු සම්බන්ධ ගැටලුවක් නිරවුල් කර ගැනිමට යෙදෙන බවක් පෙන්නුම් කරයි. එමෙන්ම වෙනදාට වඩා වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. තරග විභාගයකින් උසස් ලෙස ජය හිමිකරන සතියකි. සතිය මැද කාලයේදී පදිංචි ස්ථානය සම්බන්ධ මතභේදයකට මුහුණ පෑමට සිදුවෙයි. හදිසි වී තීරණ ගැනීමෙන් තමාට අවසිදායක බවක් ඇති කරයි. වෙනදා‌ට වඩා වැය පස අධික කරන සතියක් වන අතර මුදල් පරිහරණයේදී සැලකිලිමත් වන්න.

අය 07 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

මකර-තැන්පත් ධනය වැය වීමක්

පැරණි හිතවත්කමක් අලුත් වීමෙන් සතිය ආරම්භ කරන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10,11,12,1 යන භාවස්ථාන වලයි. නිතර පවුලේ වැඩිහිටියකු පිළිබඳ වෙහෙසීමට සිදුවන සතියකි . උරහිස ආශ්‍රිත හදිසි අනතුරකට මුහුණ පෑමට සිදුවෙයි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලිය යුතු බවක් පෙනේ. ලැබීම් අතින් යහපත් කාලයක් වුවත් වැය පස අධික වීමට ඉඩ ඇත. ළඟම ඥාතියකුගෙන් චෝදනාවක් එල්ල විය හැකි කාලයකි‍. සතිය මැද කාලය වන විටදී තැන්පත් ධනය වැයවීමක් සිදුවන බවක් පෙන්නුම් කරයි. සති අන්තයේදී අඹුසැමි මතභේදයක් දුර දිග යන කාලයක් බැවින් ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න.

අය 08 - වැය 07

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - ඉරිදා

 

මිථුන-වාහන ගනුදෙනුවක්

මිථුන ලග්න හිමියනට මේ සතිය ආරම්භය තරමක් දුරට සැනසිලිදායක බවක් දක්වන අතර මේ සතියේ සඳු ගමන් කරන්නේ 5,6,7,8 යන භාවස්ථාන වලයි. විදෙස්ගත හිතවතකුගෙන් උපකාරයක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. නිතර පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් ඇප කැප වී කටයුතු කිරිමට සිදුවන කාලයකි.

මෙතෙක් තමාට නැතිව තිබු දෙයක් නැවත හිමිවන ලකුණු පෙන්නුම් කරයි. රැකියා ස්ථානය සම්බන්ධ ඇතිව තිබූ ගැටලු කාරී බවක් මග හැරී යන කාලයකි. හදිස්සියෙන් සිදුවන වාහන ගනුදෙනුවකට අත ගැසීමට සිදුවන අතර නොසිතූ ලෙස වාසිදායක බවක් ද හිමිකරයි.

අය 08 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා -ගැටලුවකට නීති පහිට

සමාජ සේවා කටයුතු කෙරහි වැඩි කාලයක් යොදවමින් සතිය ආරම්භ කරන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 1,2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි‍. පවුලේ ඇතිවන ගැටලුවක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවේ. හදිසි ගනුදෙනුවකට අත ගැසීමට සිදුවන සතියකි.

සතිය මැද කාලයේදී නිතර හට ගන්නා වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ගමෙන් දුරස්ව වාසයට කරුණු සැලසෙන බවක් පෙන්නුම් කරයි. දරුවකු වෙනුවෙන් සතුටට ප ත් විය හැකි අන්දමේ කරුණු කීපයක් ඇති කරයි.

අය 06 - වැය 02

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

කුම්භ - මත ගැටුමක් සමතයකට

වංචා ප්‍රයෝගයකට හසු විය හැකි කාලයක් බැවින් එදිනෙදා කටයුතු වලදී පරිස්සම් වීම වැදගත් වන සතියක් වන අතර මේ සතියේ සඳුගේ ගමන 9,10,11,12 යන භාවස්ථාන වල සිදුවනු ලබයි. පවුලේ කටයුතු වෙනදාට වඩා සැනසිලිදායක අයුරින් ගත වන බවක් පෙන්නුම් කරයි. අසල් වැසියකු සමඟ ඇතිව තිබූ මත ගැටුමක් සමතයකට පත් වන ලකුණු පෙනේ. නිතර සහෝදර පක්ෂය වෙනුවෙන් උපකාර කිරීමට මග සැලසේ. රැකියාවේ කටයුතු සම්බන්ධ නව පියවර කීපයක් ගන්නා කාලයකි. සති අන්තයේදී පවුලේ බාල දරුවකුගේ අසනීපකාරී බවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 07 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - රතු

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කටක - සෙම් රෝග

නීති ගැටලුවකට මැදිවෙමින් සතිය ආරම්භ කරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 4,5,6,7 යන භාවස්ථාන වලයි. ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි. වෙනදාට වඩා අතමිට සරුවුවත් වැය පස අධික කරන බවක් පෙනේ.

පපුව ආශ්‍රිත හට ගන්නා සෙම් රෝග බහුල කාලයක් බැවින් සීතල ආහාර පාන ගැනීමෙන් මෙන්ම ජලය පරිහරණයෙන්ද පරිස්සම් විය යුතු කාලයකි. පිරිස් බලය ඇතිව කටයුතු කීපයක් සාර්ථකත්වයට පත් කර ගැනීමට මග සැලසේ. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසෙන කාලයකි.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - සඳුදා

 

වෘශ්චික-මුදල් ගනුදෙනුවක්

අවිවේකී වුවත් කටයුතු කීපයක් සාර්ථක ලෙස නිමාවට පත් කරගනිමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 12,1,2,3 යන භාවස්ථාන වලයි. මෙතෙක් අතරමග නවතා දමා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව සැලසෙන සතියකි. ළඟම හිතවතකු සමඟ මුදල් ගනුදෙනුවක කටයුතු සැලසෙන කාලයකි. දරු ලාභ හිමිකම් ඇති වෙනදාට වඩා පරිස්සම් විය යුතු බවක් පෙන්නුම් කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල හිමිකරන කාලයකි. එමෙන්ම පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් අලුත් පියවර කීපයක් ගැනීමට සිදුවේ. අලුත් ආදර සබඳතාවයකට මුල පිරෙන සතියකි.

අය 06 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

මීන- පරම්පරාගත දේපල හිමිකමක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවස්ථාන වල ගමන් කරයි.ආගමික වැඩ සටහනක් වෙනුවෙන් පදිංචි ස්ථානයෙන් පිට වැඩි කාලයක් ගත කිරීමට සිදුවෙයි. තමා සතුදෙයක් නැති වීමට ඉඩ ඇති බැවින් ගනුදෙනු වලදී මෙන්ම එදිනෙදා කටයුතු වලදී ද සැලකිලිමත් වන්න. අඹුසැමි විශ්වාසය පළුදු වන අන්දමේ කටයුත්තක් සිදුකරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියකි. පරම්පරා ගත දේපල හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු වන ලකුණු පෙනේ. වරින් වර ඇති කරන යටි බඩේ වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.

අය 06 - වැය 07

ජය අංකය - 04

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - සඳුදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.