ජූලි 23 ජූලි 29 දක්වා

ජූලි 23, 2021

මේෂ- අතමිට සරු කරයි 

 

මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථාන වල ගමන් කරයි. විශේෂ සැලසුමක් වෙනුවෙන් අත ගැසීමට කටයුතු සූදානම් වන සතියක් වන මෙතෙක් කර ගෙන ආ වැඩපිළිවලකට පවුලේ අයගේ සහය ද හිමිවන බවක් පෙන්නුම් කරයි. නිතර ආගමික සහය පතන කාලයක් වන අතර ඒ සඳහා දුර පළාතකට ද යාමට කටයුතු සැලසෙනු ඇත. පවුලේ අය වෙනුවෙන් හැකි හැම අයුරකින්ම සහය දක්වන කාලයකි. වෙනදාට වඩා අතමිට සරුවන බවක් පෙන්නුම් කරන අතර වියදම් කිරීමේදී කල්පනාකාරී වන්න‍‍. දේපල ගනුදෙනුවකටද මග සැලසෙන සතියකි .

අය 08 - වැය 06

ජය අංකය - 05

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

සිංහ -ස්නායු ආබාධයක්

මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථාන වල ගමන් කරයි. නොදැන කරන කටයුත්තක් හේතුවෙන් නොසිතූ අවුලක් ඇති කරයි. එමෙන්ම වෙනදාට වඩා කේන්ති යන කාලයක් වන අතර අසල්වැසියකු සමඟ බහින් බස් වීමක් ද ඇති කරයි. ස්නායු ආබාධයක් බෙල්ලේ අමාරුවක් හේතුවෙන් පීඩා විදින සතියකි. වියහියදම් වැඩි වන කාලයක් වන අතර පවුලේ කෙනකු වෙනුවෙන් අමතර මුදලක් ද වැය කිරීමට සිදුවේ. කලබලකාරී ගති පැවතුම් තමා පාඩු සුදු කරයි. යටපත් වූ සෙම් අමාරුවක් නැවත මතු විය හැකියි. පදිංචි ස්ථානයෙන් පිට වාසයටද කරුණු සැලසේ.

අය 06 - වැය 07

ජය අංකය - 02

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - සඳුදා

 

ධනු -පවුලේ උත්සවයක්

ලැබිම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3,4 යන භාවස්ථාන වලයි. ගේ දොර කටයුතු සම්බන්ධ අමතර වෙහෙසීම් වැඩි කරන සතියක් වන අතර පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවේ. සතිය මැද කාලයේදී පවුලේ උත්සව අවස්ථාවකට කටයුතු සූදානම් වන බවක් පෙනේ. අත් වැරදීමක් සිදුවිය හැකි කාලයක් බැවින් ඒ් පිළිබඳ අවධානයෙන් පසුවන්න. පාදයේ වළලු කර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාලයකි. හදිසි මුදල් ලාභයකට ද හිමිකම් ඇති අතර එදිනෙදා කටයුතු සම්බන්ධ කල්පනාකාරී වන්න.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

ධනු -පවුලේ උත්සවයක්

ලැබිම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3,4 යන භාවස්ථාන වලයි. ගේ දොර කටයුතු සම්බන්ධ අමතර වෙහෙසීම් වැඩි කරන සතියක් වන අතර පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවේ. සතිය මැද කාලයේදී පවුලේ උත්සව අවස්ථාවකට කටයුතු සූදානම් වන බවක් පෙනේ. අත් වැරදීමක් සිදුවිය හැකි කාලයක් බැවින් ඒ් පිළිබඳ අවධානයෙන් පසුවන්න. පාදයේ වළලු කර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාලයකි. හදිසි මුදල් ලාභයකට ද හිමිකම් ඇති අතර එදිනෙදා කටයුතු සම්බන්ධ කල්පනාකාරී වන්න.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ- ගේ දොර අලුත්වැඩියාවක්

වැඩ කටයුතු අධික කරන සතියක් වන අතර මේ සතියේ සඳුගේ ගමන 8,9,10,11 යන භාවස්ථාන වල ගමන් කරයි. අඹුසැමි බහින් බස්වීමක් දුර දිග යන කාලයකි. තමාගෙන් වගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් දෝෂාරෝපනයට ලක් කරයි. සතිය මැද කාලයේදී වරින් වර මතු කරන කොන්දේ අමාරුවක් හේතවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. ඒදිනෙදා ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. ඇසුරු කරන අයකු නිසා කරදරයට පත් වීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න. සති අන්තයේදී ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් මෙන්ම වැඩ කටයුතු ද අධික කරයි.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

කන්‍යා -විදෙස් ඥාතියකුගෙන් උපකාරයක්

අවිවේකී සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. දරුවකු වෙනුවෙන් අමතර කාලයක් මෙන්ම ශ්‍රමයක් ද වැය කිරීමට සිදුවන සතියකි.

තමාගේ ශරීර සෞඛ්‍ය වෙනුවෙන් සැලකිලිමත් විය යුතු කාලයක් වන අතර විවධ පරීක්ෂණ වෙනුවෙන් ද මුදල් වැය වීම් වැඩි කරයි.

සතිය මැද කාලයේදී විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියක් වන අතර මෙතෙක් ප්‍රමාද වූ විවාහ උත්සවයක් කටයුතු සැලසුම් වන කාලයකි.

අය 06 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

මකර -දරුවකුගේ අසනීපයක්

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියක් වන අතර මේ සතියේ සඳු ගමන් කරන්නනේ 12,1,2,3 යන භාවස්ථාන වලයි. ගේ දොර ඉදිකිරීමක් සම්බන්ධ ගැටලුවකට මුහුණ පාන අතර සහෝදර මතභේදයක් නිසා සිත් කලකිරීමක් ද ඇති කරයි. වෙනදාට වඩා වෙහෙසකාරී බවක් ඇති කරන සතියකි. හදිසි ගමනක් වෙනුවෙන් කටයුතු සූදානම් වන බවක් පෙනේ.පැවැති ගනුදෙනුවකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. දරුවකුගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුවීමට ඉඩඇත. ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු අතර කලබලකාරී බව හේතුවෙන් වැටීම් තැලීම් වැනි හදිසි අනතුරුදායක බවක් ඇති කරයි.

අය 08 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - සඳුදා

 

මිථුන- ගනුදෙනුවකින් නිදහස්

අවිවේකී සතියක් වන මේ සතියේ මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8 9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. අලුත් ව්යා පාර කටයුත්තකට අත ගැසීමෙන් නොසිතූ ගැටලු කීපකට මුහුණ පෑමට සිදුවෙයි.

එමෙන්ම ශාරීරික වෙහෙස ගෙන‌දෙන අන්දමේ කටයූතු කීපයක් ද සැලසීමට ඉඩ ඇත. සතිය මැද කාලයේදී දරුවකුගේ අධ්‍යාපන කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නොසිතූ ලෙස ණය ගනුදෙනුවකින් නිදහස් වීමට මග සැලසේ. උරහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම‌ට සිදුවෙන කාලයක් වන අතර ළඟින් ඇසුරු කරන අයකු නිසා නොසිතූ කරදරයකට ද පත් වීමට ඉඩ ඇත.

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා -අලුත් ඥාති සබඳතා 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර පවුලේ කටයුතු සුබදායක ලෙස කරගෙන යාමට අවස්ථාව සැලසෙන සතියකි. මේ සතියේ සඳු‌ගේ ගමන 3,4,5,6 යන භාවස්ථාන වල සිදුවනු ලබයි.

අලුත් ඥාති සබඳතා වලට කටයුතු සැලසෙන කාලයක් වන අතර චුර ගමන් වලට ද හේතු යෙදේ. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. නිතර ගුප්ත කටයුතු වලින් පිහිට පතන කාලයකි. දරුවකුගේ සුබ සිද්ධිය වෙනුවෙන් අලුත් පියවර කීපයක් ගැන‍ිමට අවස්ථාව සැලසේ. යටපත් වූ සමේ රෝගී තත්වයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.

අය 08 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

කුම්භ -මුදල් ගනුදෙනුකින් ගැටලු

මෙතෙක් කරගන ආ කටයුතු කීපයක් අතර මග නවතා දැමීමට සිදුවන සතියක් වන අතර සඳුගේ ගමන මේ සතියේ 11,12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. විශේෂ කෙනෙකුගේ ඇසුරට තටයුතු යෙදෙන සතියකි. මුදල් ගනුදෙනුවකින් තමාට නොසිතූ ගැටලුවකට මුහුණ පෑමට සිදුවෙයි. නිතර ආගමික සහන පතන කාලයකි. සතිය මැද කාලයේදී සහෝදර සිත් නොහොඳ කමකට මග සැලසේ.නිතර විනෝදයට බරව කටයුතු කරන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරයි. නිතර යන ඒන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. සති අන්තයේදී යටිබඩේ හට ගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

කටක - ඥාතියකු පිළිබඳ සිත්තැවුලක්

වගකීමකින් නිදහස සැලසෙමින් සතිය ආරම්කරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 6,7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුල‌ට අලුත් සාමාජිකයෙක් ඒක් වීමෙන් මෙතෙක් පැටලී තිබූ කරදර කීපයකින් නිදහස් වීමට අවස්ථාව සැලසේ. මවගේ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගතවී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

වාහන ගමන් වැඩි කරන කාලයක් වන අතර එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී වීම වැදගන් වේ. සතිය මැද කාලයේදී හදිසි කැපීම් කෙටීම් වැනි අනතුරුදායක තත්වයකට මුහුණ පෑමට සිදුවෙයි. දුර ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන සතියකි.

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - ඉරිදා

 

වෘශ්චික-වාහන ගනුදෙනුවක්

හදිසි ගනුදෙනුවකට මග සැලසෙමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 2,3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියක් වන අතර හිතවතකු වෙනුවෙන් අමතර මුදලක් ද වැය කිරීමට සිදුවන බවක් පෙනේ. අලුත් රැකියා ලාබ පෙන්වන කාලයකි. නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට ‌හේතු ඇති කරයි.

වාහන ගනුදෙනුවක් හේතුවෙන් අමතර මුදලක් හිමි කරන කාලයකි. පවුලේ වැඩිහිටියකු නිසා නොසිතූ ලෙස මානසික අසහනයක් ඇති කරයි. සති අන්තයේදී තරඟ විභාගයක් වෙනුවෙන් සූදානම් වීමට සිදුවේ.

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මීන-ගුප්ත කටයුතු වලින් පිහිට

වෙනදාට වඩා වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. නොසිතූ ලෙස පවුලේ අයගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදුවන කාලයකි. පැවැති වෙළඳ ව්‍යාපාරයක් අතර මග නවතා දැමීමට සිදුවන බවක් පෙනේ. වරින් වර ගුප්ත කටයුතු වලින් පිහිට පැතීමට සිදුවේ. දරුවකුගේ විශේෂ ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන සතියකි. විවාහය පිළිබඳ යෝජනා ස්ථිර වීමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.සති අන්තයේදී කලකින් නොදුටු හිතවතකු හමුවීමට මඟ සැලසේ. ධානමය පින්කමකට සහභාගිවීමට කටයුතු සැලසෙන බවක් පෙනේ.

අය 07 - වැය 06

ජය අංකය - 03

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.