ජනවාරි 29 සිට පෙබරවාරි 04 දක්වා

ජනවාරි 29, 2021

හිතවතකුගේ කරදරයක්

නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වෙමින්, උදා වන මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. මෙතෙක් පැවැති අනවශ්‍ය වියදම් කීපයක් මඟහැරී යන කාලයකි. පවුලේ කෙනකු වෙනුවෙන් ඇප කැපවී කටයුතු කිරීමට සිදුවන ලකුණු පෙනේ. මඟතොට දී හමුවන හිතවතකුගේ කරදර සහිතයි. ගේ දොර කටයුතු කෙරෙහි වෙනදාට වඩා උනන්දුවක් දක්වනු ලබන කාලයකි.

සතිය මැද කාලයේදී පවුලට අලුත් ඥාතියකු එක්වීමෙන් ගැටලුකාරි බවක් ඇති කරයි. විදෙස් ලැබීමකට බාධාකාරි වන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත.

අය 06 වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

 

නීති ගැටලුවක්

වෙනදාට වඩා සිත කලබලකාරි බවක් ඇති කරන සතියක් වන අතර සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි. වැඩිහිටි උපදෙස් මත කටයුතු නොකිරීමෙන් නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. එමෙන්ම පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. සතිය මැද කාලය දරු ලාබ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට හැකිවන කාලයකි. දරුවෙකුගේ හිතුවක්කාර කටයුත්තක් හේතුවෙන් සිත් කලකිරීමක් ඇති කරයි. සති අන්තයේදී පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා

 

අලුත් බැඳීම්

අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ සුහදතාවට කටයුතු සැලසෙන සතියකි. එමෙන්ම අලුත් බැදීම් ඇතිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. මව්පස ඥාතියෙකුගෙන් උපකාරයක් හිමිවිය හැකි කාලයකි. යටපත් වූ කකුලේ ආබාධයක් නැවත මතුවිය හැකියි.

විදෙස්ගත හිතවතකුගෙන් උපකාරයක් හිමිවිය හැකි කාලයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි. දරුවකු පිළිබඳ සතුටට පත් විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරයි.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

ආගමික සැලසුමක්

තැන තැන ඇවිදිලි ඇති කරමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථානවල ගමන් කරයි. තනතුර මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පවුලේ කෙනෙකු පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවක් පෙනේ.

කල්ගත වූ ණය මුදලකින් නිදහස්වීමට මඟ සැලසේ. විදෙස් ඥාතියෙකු සමඟ එකතු වී කරන කටයුත්තකට බාධාගෙන දෙන අන්දමේ සිදුවීම් කීපයක් සිදුකරයි. වෙනදාට වඩා වාහන ගමන් පිළිබඳ කල්පනාකාරි වන්න. සති අන්තයේදී ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් අති කරයි.

අය 08 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

අමතර ආදායම්

තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇතිකරන සතියක් වන අතර සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. හදිසි ගනුදෙනුවකට අත ගැසීමට හැකිවන කාලයකි. සහෝදර මතභේදයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. සතිය මැද කාලයේදි මවගේ හෝ මව්පස ඥාතියෙකුගේ අසනීපයක් හේතුවෙන් සිත් කලකිරීම් අතිකරයි. අමතර ආදායම් මාර්ග හිමිවන කාලයකි. ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සති අන්තයේදී නිතර නිවසට යන එන කෙනෙකු නිසා කරදරකාරි බවක් ඇතිවීමට ඉඩ ඇත.

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වාහන ගනුදෙනුවක්

විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. අවිවේකී වුවත් පවුල් කටයුතු ක්‍රමවත්ව කරගෙන යෑමට හැකිවන කාලයකි. සතිය මැද කාලයේදි විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි. වාහන ගමන් පිළිබඳ කල්පනාකාරි වන්න. දරුවකුගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙන බවක් පෙනේ. වගකීම් බහුල වන කාලයක් වන අතර, පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් සිදුකරයි. සති අන්තයෙදි වාහන ගනුදෙනුවක් හේතුවෙන් නොසිතූ ලාබයක් හිමිවීමට ඉඩ ඇත.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - ඉරිදා

 

 

දරුවකුගේ විශේෂ දියුණුවක්

පවුලේ දියුණුව වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට කටයුතු සැලසෙන සතියක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 2,3,4,5 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. නිතර නිවසට යන එන කෙනෙකු පිළිබඳ කල්පනාකාරි වන්න. පවුලේ මත ගැටුමකට තුඩුදෙන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි.

ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදු වන සතියකි. දරුවෙකුගේ විශේෂ දියුණුවක් දැකිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ නිතර අවධානයෙන් පසුවන්න. එමෙන්ම මේ කාලය තුළදී උස් ස්ථාන සම්බන්ධ කටයුතු වලින් වැළැකී සිටීම යහපත් කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

තැන්පත් ධනය වැයවීමක්

අවිවේකි ලෙස සතිය උදාවන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, හදිසි ලාබයකටද හිමිකම් ඇති බවක් පෙනේ. පවුලේ අය සමඟ ආගමික සහනපතා දුර පළාතකට යාමට සිදු වේ. සැලසුම් සහගත කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථා උදා කරයි. සතිය මැද කාලයේදි තැන්පත් ධනය වැඩි වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි කාලයකි. එමෙන්ම යටපත්වු කොන්දේ අමාරුවක් නැවත ඇති විය හැකි කාලයක් බැවින් එදිනෙදා කටයුතු වලදි කල්පනාකාරි වන්න.

අය 08 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

අමතර ලැබීම්

හදිසි තීරණයක් සාර්ථක කරන කාලයක් වන අතර සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතු කාලයකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. වරින්වර හටගන්නා උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේදි දුරදිග සිතා බලන්න. සතිය මැද කාලයේදි රැකියාවට අමතර ලැබීම්වලට ඉඩකඩ ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු පිළිබඳ පැවැති උනන්දුව වැඩි වන බවක් පෙනේ. සති අන්තවේදී අලුත්වාහනයක් මිලදී ගැනීමට හෝ වාහන හුවමාරුවක් සම්බන්ධ බලාපොරොත්තු ඉටු කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

නොගැළපෙන ඇසුරක්

වෙනදාට වඩා අවිවේකී සතියක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 1,2,3,4 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර වගකීම් බහුල කාලයක් වන අතර, පවුලේ කෙනෙකු සමඟ මතභේදකාරි බවක් ද ඇති කර ගන්නා කාලයක් බව පෙනේ. සතිය මැද කාලයේදී යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.

නීති ගැටළුවකට මැදිවීමට ඉඩ ඇති කාලයකි. විදෙස් ඥාතියෙකු පිළිබඳ සිත් කලකිරෙන අන්දමේ පුවතක් අසන්න ලැබේ. සති අන්තයේදී නොගැලපෙන ඇසුරක් හේතුවෙන් පවුලේ දෝෂාරෝපනයට ලක්වීමට ඉඩ ඇත.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

දතක ආබාධයක්

වගකීම බහුල කරමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ හිත සුව පිණිස කරන කටයුතු කීපයක් සාර්ථක කරන සතියකි. එමෙන්ම නිතර ශාරිරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අසල්වැසි සුහදතාවට බාධා ගෙන දෙන කාලයකි. නීති කටයුත්තකට පැටලීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න.

සතිය මැද කාලයේදී වරින්වර ඇතිකරන දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. විවාහ අපේක්ෂිතයන්ට මෙතෙක් බාධාගෙන දුන් කටයුතු කීපයකින් නිදහස්වීමට මඟ සැලසේ.

අය 06 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - සඳුදා

 

හදිසි විදෙස්ගතවීමක්

අවිවේකී සතියක් වන අතර සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථානවල ගමන් කරයි. අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට යහපත් කාලයකි. තීන්දු තීරණ ගැනීමේදි වැඩිහිටි අවවාද පිළි ගැනීම යහපත් කරයි. දවසේ වැඩි කාලයක් දරුවකුගේ කටයුතු කෙරෙහි යෙදවීමට සිදුවේ. උසස් අධ්‍යාපන කටයුතු වලින් විශේෂ ජයග්‍රහණයක් බලාපොරොත්තු විය හැකි කාලයකි.

රැකියාවේ කටයුතු කෙරෙහි සිත් කලකිරීමක් ඇතිවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති විදෙස්ගත වීමක් පිළිබද බලාපොරොත්තුවක් ඉටු වන ලකුණු පෙනේ.

අය 07 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.