මේ සතිය ඔබට කොහොමද

නොවැම්බර් 06 නොවැම්බර් 12 දක්වා
නොවැම්බර් 6, 2020

අසල්වැසි සිත් නොහඳකමක්

 

වෙනදාට වඩා සාමකාමී ලෙස කටයුතු සිදුවෙමින් පවතින වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. නොතේරුම් කම හේතුවෙන් වැරදීම් කීපයක් සිදුවිය හැකි කාලයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. විශේෂ කෙනකුගේ ඇසුරක් හේතුවෙන් මත ගැටුමක් ඇති කර ගනී. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයකි. එහෙත් පවුලේ කෙනකු වෙනුවෙන් හදිසි මුදලක් වියදම් කිරීමට සිදුවේ. සති අන්තයේදී වරින් වර ඇති කරන කොන්දේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. අසල්වැසි සිත් නොහදකමකට කටයුතු යෙදෙන කාලයකි.

 

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

දරුවෙකුගේ අසනීපයක්

 

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන කාලයක් වන අතර සඳුගේ ගමන 10,11,12,1 යන භාවස්ථාන වල සිදුවනු ලබයි. මෙතක් අහිමිව තිබූ දේපලක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කර ගත හැකි කාලයකි.

වනදාට වඩා ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. අලුත් වාහන මිලදී ගැනීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. ආගමික නායකයන්ගේ පිහිට පතන අතර නිතර ඒ් සම්බන්ධ වැඩ සටහන් වලට සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ. සතිය මැද කාලයේදී දරුවෙකුගේ අසනීපයක් හේතුවෙන් සිතේ

කනස්සල්ලක් ඇති කරයි. සති අන්තයේදී ගේ දොර අලුත් වැඩියාවක් කෙරෙහි සැලසුමක් ඇති කර ගනී.

 

අය 06 - වැය 03

ජය අංකය - 09

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - සිකුරාදා

 

අඹුසැමි මතභේදයක්

ලැබීම් අතින් යහපත් සතියක් වුවත් වැය පස අධික වන සතියක් වන මකර ලග්න හිමි ඔබෙග් සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. යොදාගත් වැඩකටයුතු කීපයකට අවහිරතා ඇති කරන කාලයකි. නිතර ඇසුරු කරන අයෙකු පිළිබඳ සිත් කලකිරීමක් ඇති කරයි. මුදල් ගනුදෙනු වලදී වනදාට වඩා කල්පනාකාරී වන්න. පවුලේ විශේෂ උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙන බවක් පෙනේ. සතිය මැද කාලෙය්දී අඹුසැමි මතෙභ්දයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වාහන හුවමාරුවකට කටයුතු සැලසෙන බවක් පෙනේ. පවුලේ වැඩිහිටියෙකු පිළිබඳ නිතර සැලකිලිමත් විය යුතු කාලයකි. මෙතෙක් පැවැති ආදායම් මාර්ගයකට අවහිරතා ඇති කරන සතියකි.

 

අය 08 - වැය 07

ජය අංකය - 05

ජය වර්ූණය - ලා රෝස

සුබ දවස - සඳුදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.